The Leader News
BREAKING
Top Ad
ක්‍රීඩා

වයිභව් සූර්යවංශි: ක්‍රිකට් ඉතිහාසයේ සහ IPL ඉතිහාසයේ වාර්තා බිඳ දැමූ 14 හැවිරිදි ක්‍රීඩකයා

T

The Leader Desk

April 29, 2025 • 9:45 AM

වයිභව් සූර්යවංශි: ක්‍රිකට් ඉතිහාසයේ සහ IPL ඉතිහාසයේ වාර්තා බිඳ දැමූ 14 හැවිරිදි ක්‍රීඩකයා

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ඔහු ජාත්‍යන්තර තලයේ නම් දැරූ පන්දු යවන්නන් අසරණ කරමින් පන්දු 38කදී ලකුණු 101ක් රැස් කළේ ය.
  • රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායමේ ආරම්භක පිතිකරුවෙකු වශයෙන් ලකුණු 209ක ඉලක්කයක් අතැතිව පිටියට පිවිසි වයිභව් සූර්යවංශි ටයිටන්ස් කණ්ඩායමේ රෂීඩ් ඛාන් හැර සියලු පන්දු යවන්නන්ට දැවැන්ත ප්‍රහරයක් එල්ල කළේ ය.
  • එම සුවිශේෂී ඉනිම පන්දු 38කදී ලකුණු 101ක් ලෙස අවසන් වන විට ඔහු වාර්තා තුනක් බිඳ හෙළා තිබිණි.
  • වයිභව් සුර්යවංශි සිය ශතකය රැස් කළේ, පන්දු 35කදී ය.
අකුරු ප්‍රමාණය (Font Size):


ඔහු ජාත්‍යන්තර තලයේ නම් දැරූ පන්දු යවන්නන් අසරණ කරමින් පන්දු 38කදී ලකුණු 101ක් රැස් කළේ ය.

වයිභව් සූර්යවංශි ඊයේ පිහිටවූ වාර්තා මොනවා ද?

රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායමේ ආරම්භක පිතිකරුවෙකු වශයෙන් ලකුණු 209ක ඉලක්කයක් අතැතිව පිටියට පිවිසි වයිභව් සූර්යවංශි ටයිටන්ස් කණ්ඩායමේ රෂීඩ් ඛාන් හැර සියලු පන්දු යවන්නන්ට දැවැන්ත ප්‍රහරයක් එල්ල කළේ ය.

එම සුවිශේෂී ඉනිම පන්දු 38කදී ලකුණු 101ක් ලෙස අවසන් වන විට ඔහු වාර්තා තුනක් බිඳ හෙළා තිබිණි.

එම වාර්තා මෙසේ ය:

2025 IPL Rajasthan Royals vs Lucknow Super Giants
*T20 තරගයකදී ශතකයක් රැස් කළ ළාබාලතම පිතිකරු (අවු:14)

*IPL තරගයකදී ඉන්දීය පිතිකරුවෙකු රැස් කළ වේගවත් ම ශතකය (පන්දු 35)

*IPL තරග ඉතිහාසයේ දෙවන වේගවත් ම ශතකය

 

IPL තරග ඉතිහාසයේ වේගවත් ම ශතකය බටහිර ඉන්දීය කොදෙව් ක්‍රීඩක ක්‍රිස් ගේල් රැස් කර ඇති අතර ඔහු ඒ සඳහා මුහුණ දුන් පන්දු සංඛ්‍යාව 30කි.

වයිභව් සුර්යවංශි සිය ශතකය රැස් කළේ, පන්දු 35කදී ය.

මේ අතර, IPL තරගයකදී ඉන්දීය පිතිකරුවෙකු රැස් කළ වේගවත් ම ශතක වාර්තාව පිහිටුවා තිබූ යූසුෆ් පතාන් (පන්දු 37) සිය වාර්තාව බිඳ හෙළීම පිළිබඳව වයිභව් සූර්යවංශිගේ ඉනිම අගය කර තිබිණි.

soor1
ඊට අමතරව, ලෝකයේ විශිෂ්ට ක්‍රිකට් ක්‍රීඩකයින් රැසක් ඔහුගේ ඉනිම අගය කර තිබිණි.

soorya1
මේ අතර, ලක්නව් සුපර් ජයන්ට්ස් කණ්ඩායමට එරෙහිව පැවති තරගයේදී රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම වෙනුවෙන් ආරම්භක පිතිකරු ලෙස පිටියට පිවිසි වයිභව් සූර්යවංශි තමන් මුහුණ දුන් පළමු පන්දුවට ම හයේ පහරක් එල්ල කිරීමට සමත් විය. ඒ, ෂර්දුල් තාකූර් එවන ලද පන්දුවකටයි.

එහිදී, සූර්යවංශි පන්දු 20කදී ලකුණු 34ක් රැස් කිරීමට සමත් වූ අතර ඔහුගේ ඉනිමට හයේ පහරවල් 3ක් සහ හතරේ පහරවල් දෙකක් ඇතුළත් විය.

සූර්යවංශි බිඳ දැමූ IPL වාර්තාව

ඉන්දීය ප්‍රීමියර් ලීග් තරගාවලිය සඳහා ක්‍රීඩා කළ ළාබාලතම ක්‍රීඩකයා බවට වන වාර්තාව තමන් සතු කර ගැනීමට වයිභව් සූර්යවංශි සමත් විය.

ඔහු එහිදී බිඳ දැමුවේ, 2019 IPL තරගාවලියේදී RCB කණ්ඩායම නියෝජනය කළ දඟ පන්දු ක්‍රීඩක ප්‍රයාස් රායි බර්මන්ගේ වාර්තාවයි.

ප්‍රයාස් රායි බර්මන් තම පළමු තරගය සඳහා ක්‍රීඩා කරන විට ඔහුගේ වයස අවුරුදු 16යි දින 154ක් වූ අතර වයිභව් සූර්යවංශි සිය පළමු IPL තරගය ක්‍රීඩා කරන විට වයස අවුරුදු 14යි දින 23ක් විය.

soor2
වයිභව් සූර්යවංශි කියන්නේ කවුද?

සෞදි අරාබියේ ජෙඩාහි පැවති IPL ක්‍රීඩක වෙන්දේසියේදී ඉතිහාසයේ අලෙවි වූ ළාබාලතම ක්‍රීඩකයා බවට පත්වෙමින් බිහාර් ප්‍රාන්තය නියෝජනය කිරීමට 13 හැවිරිදි වයිභව් සූර්යවංශි වරම් ලැබීය.

රාජස්ථාන් රෝයල්ස් සහ දිල්ලි කැපිටල්ස් කණ්ඩායම් දෙක අතර පැවති උණුසුම් ලංසු තැබීමකින් අනතුරුව වයිභව් සූර්යවංශි ඉන්දීය රුපියල් කෝටි 1.10කට මිල දී ගැනීමට රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායමට හැකි විය.

ඔහුගේ දක්ෂතාවය පිළිබඳ ක්‍රිකට් ක්ෂේත්‍රය තුළ අවධානයට යොමු වූයේ පසුගිය වසරේ පැවැති ඔස්ට්‍රේලියානු වයස අවුරුදු 19න් පහළ කණ්ඩායමට එරෙහිව ටෙස්ට් තරගයේදී පන්දු 58කදී ශතකයක් වාර්තා කිරීමට සමත් වීමත් සමගයි.

vai

 

සූර්යවංශි පසුගිය වසරේ ඉන්දියාවේ වයස අවුරුදු 19න් පහළ ආසියානු කුසලාන සංචිතයේ ද සාමාජිකයෙකු වූ අතර එහිදී ඔහු ලකුණු 176ක් රැස් කළේ පිතිකරණ සාමාන්‍ය 44ක් ලෙස රඳවා ගනිමින් ය.

තමන් හැදී වැඩුණු නැගෙනහිර ඉන්දියාවේ බිහාර් ප්‍රාන්තය වෙනුවෙන් ඔහු පළමු පෙළ ක්‍රිකට් තරග සඳහා සිය පළමු තරගයට ක්‍රීඩා කරන විට වයස අවුරුදු 12ක් විය.

බිහාර් කණ්ඩායම වෙනුවෙන් රංජි කුසලාන තරග 5කට ක්‍රීඩා කර ඇති සූර්යවංශි එහිදී ඔහු ලකුණු 100ක් ලබාගෙන ඇති අතර රැස් කළ වැඩි ම ලකුණු සංඛ්‍යාව 41ක් වේ.

 soor3

බිහාර් ප්‍රාන්තය වෙනුවෙන් ඔහු පළමු පෙළ ක්‍රිකට් තරග සඳහා සිය පළමු තරගයට ක්‍රීඩා කරන විට වයස අවුරුදු 12ක් විය

 

' ඔහු දිනපතා ම පන්දු 600ක් ක්‍රීඩා කරනවා'

ඉන්දීය මාධ්‍ය වාර්තා කරන පරිදි වයිභව් සූර්යවංශිගේ පියාවන සංජීව් සූරීයවංශි ගොවිතැන් කටයුතුවල නිරතවන අයෙකු වන අතර ඔහු සිය ඉඩම විකුණා සිය පුත්‍රයා ක්‍රිකට් ක්‍රීඩාව සඳහා යොමු කර තිබේ.

පැට්නාහි ක්‍රිකට් පුහුණුකරු මනීෂ් ඕජා ඉන්දීය මාධ්‍ය වෙත අදහස් දක්වමින් කියා සිටියේ වයිභව් සූර්යවංශි ක්‍රිකට් පුහුණුව සඳහා යොමු කරනු ලැබුවේ වයස අවුරුදු 8දී බව ය.

"අනෙක් පිතිකරුවන් දවසකට පන්දු 50කට මුහුණ දෙනවා නම් වෛභව් දිනපතා ම පුහුණුවීම්වලදී පන්දු 600කට මුහුණ දෙනවා. හයේ පහරක් එල්ල කරන විට ඔහුගේ පිත්තේ දෝලනය වන වේගය, ඔහුගේ ශරීරයේ පිහිටීම ගැන ඔබ දැකලා ඇති.

"වයිභව් වැඩිපුර කාලයක් ක්‍රීඩා කරන නිසා ඔහුගේ පියා කෑම පාර්සල් 10ක් හදාගෙන එනවා. ඒ පුහුණු කරන කාල සීමාවේදී වයිභව්ට පන්දු යවන්න එන පන්දු යවන්නන්ටත් එක්කයි," වයිභව් සූරීයවංශිගේ පළමු ක්‍රිකට් පුහුණුකරු වන මනීෂ් ඕජා පැවසුවේ ය.

 

sur
| BBC සිංහල සේවය


The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...