The Leader News
BREAKING
Top Ad
ක්‍රීඩා

පිරිමින්ට එරෙහිව තරග කිරීමට බලකිරීම ගැන පාපන්දු ක්‍රීඩිකාවන්ගෙන් සමාව ඉල්ලනු!

T

The Leader Desk

May 2, 2025 • 2:16 PM

පිරිමින්ට එරෙහිව තරග කිරීමට බලකිරීම ගැන පාපන්දු ක්‍රීඩිකාවන්ගෙන් සමාව ඉල්ලනු!

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • උපතින් පිරිමින් වූ පුද්ගලයින්ට එරෙහිව තරග කිරීමට බල කරමින් ඒ පිළිබඳව පැමිණිලි කළහොත් දඬුවම් පමුණුවන බවට තර්ජනය කිරීම
  • කාන්තාවකගේ නෛතික නිර්වචනය ජීව විද්‍යාත්මක ලිංගිකතාව මත පදනම්ව ඇතැයි එංගලන්ත ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ප්‍රකාශ කිරීමෙන් පසුව ක්‍රියාත්මක වූ එංගලන්තයේ පාපන්දු සංගමය සංක්‍රාන්ති ලිංගික ක්‍රීඩිකාවන්ට කාන්තා පාපන්දුවේ සියලුම මට්ටම්වල ක්‍රීඩාව තහනම් කළා.
  • ඇය, පිරිමින් ලෙස උපත ලබන්නවුන් කාන්තා ක්‍රීඩාවන්ට යොදා ගැනීමට එරෙහිව දස වසරක් තිස්සේ සටන් කරන ඔලිම්පික් පිහිනුම් ශූරියක්.
  • සමානාත්මතාවේ පනත වසර ගණනාවක් තිස්සේ වැරදියට දක්වා ඇති බවට එංගලන්ත පාපන්දු සංගමය දෝෂාරෝපණයට ලක්ව සිටිනවා.
අකුරු ප්‍රමාණය (Font Size):

පිළිබඳව කාන්තාවන් හා තරුණියන්ගෙන් සමාව ඉල්ලා සිටිය යුතු තත්ත්වයට එංගලන්ත පාපන්දු බලධාරීන් පත්ව සිටිනවා.

කාන්තාවකගේ නෛතික නිර්වචනය ජීව විද්‍යාත්මක ලිංගිකතාව මත පදනම්ව ඇතැයි එංගලන්ත ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ප්‍රකාශ කිරීමෙන් පසුව ක්‍රියාත්මක වූ එංගලන්තයේ පාපන්දු සංගමය සංක්‍රාන්ති ලිංගික ක්‍රීඩිකාවන්ට කාන්තා පාපන්දුවේ සියලුම මට්ටම්වල ක්‍රීඩාව තහනම් කළා.

රැවුල තිබෙන ප්‍රතිවාදී ක්‍රීඩිකාවකගෙන් “ඔබ පිරිමියෙක් ද?” යනුවෙන් ප්‍රශ්න කළ, බාහිර ලෝකය හා එක්වීමේ හැකියාව හීන කරන මානසික තත්ත්වයකින් පෙළෙන 17 හැවිරිදි කෙල්ලෙකුට තරග හයක තහනමක් පැනවීම පිළිබඳව එංගලන්ත පාපන්දු සංගමය ඇගෙන් සමාව ගත යුතු බව ෂැරොන් ඩේවීස් පවසනවා. ඇය, පිරිමින් ලෙස උපත ලබන්නවුන් කාන්තා ක්‍රීඩාවන්ට යොදා ගැනීමට එරෙහිව දස වසරක් තිස්සේ සටන් කරන ඔලිම්පික් පිහිනුම් ශූරියක්.

මේ තීරණය ගැනීමට ප්‍රමාද වීම පිළිබඳව එංගලන්ත පාපන්දු සංගමය කෙරෙහි ඇයට තිබෙන්නේ දැඩි අප්‍රසාදයක්.

සමානාත්මතාවේ පනත වසර ගණනාවක් තිස්සේ වැරදියට දක්වා ඇති බවට එංගලන්ත පාපන්දු සංගමය දෝෂාරෝපණයට ලක්ව සිටිනවා.

තමන්ගේ පිරිමි හෝමෝන මට්ටම යම් තලයකට අඩුවෙන් අවම වශයෙන් මාස 12ක් පවත්වා ගෙන යන සංක්‍රාන්ති ලිංගික ක්‍රීඩිකාවන්ට දිගටම ක්‍රීඩාවේ නියැලීම සඳහා මීට පෙර අවසර ලබා දී තිබුණා. තමන්ගේ ටෙස්ටොස්ටරෝන් ප්‍රමාණය අඩු කර ගැනීමේ අවශ්‍යතාවෙන් පෙන්නුම් කරන්නේ තමන් කාන්තාවන් නොවන බවට මේ සියලු දෙනා හොඳින් දැන සිටි බව යැයි සංක්‍රාන්ති ලිංගික කාන්තා විරෝධීන් පෙන්වා දෙනවා.

2022 වසරේදී ‘එංගලන්ත සංක්‍රාන්ති රේඩියෝව’ (Trans Radio UK) නමැති ලෝකයේ ප්‍රථම වතාවට සංක්‍රාන්ති ලිංගික කාන්තාවන්ගෙන් පමණක් සමන්විත වූ කණ්ඩායමක් ඔවුන්ගේ පළමු තරගය Dulwich Hamlet Women කණ්ඩායමට එරෙහිව ක්‍රීඩා කළා.

dtw45| Trans Radio UK Team
පසුගිය සැප්තැම්බරයේදී Sutton United කාන්තා කණ්ඩායම Ebbsfleet United කණ්ඩායමට එරෙහි තරගය කල්දැමුවේ Blair Hamilton නමැති සංක්‍රාන්ති ලිංගික ගෝල් රකින්නිය සමග ගිවිසුම් අත්සන් කිරීම සම්බන්ධයෙන් හටගත් දොස් පැවරුමක් හේතුවෙන්.

st44| Blair Hamilton
2023 වසරේ නොවැම්බර් මාසයේදී දකුණු යෝක්ෂ ප්‍රදේශයේ Rossington Main Ladies පාපන්දු සමාජය අත්හැර ගිය Francesca Needham නමැති සංක්‍රාන්ති ලිංගික ක්‍රීඩිකාව, ප්‍රතිවාදීන් තමාට එරෙහිව ක්‍රීඩා කිරීම ප්‍රතික්ෂේප කිරීමෙන් පසුව තමා වෙනස්කම් කිරීම්වලින් පීඩා විඳි බව කියා සිටියා.

srt43f| Francesca Needham

warnan Gunasekara(සටහන | වර්නන් ගුණසේකර)
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී
gunasekera33@gmail.com

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...