The Leader News
BREAKING
Top Ad
ක්‍රීඩා

‘දෙවියන්ගේ නඩුකාරයා’ රඟපෑ ලිංගික ආකර්ෂණ චිත්‍රපටයෙන් මැරඩෝනා නඩුව ඇනහිටී

T

The Leader Desk

May 29, 2025 • 4:45 PM

‘දෙවියන්ගේ නඩුකාරයා’ රඟපෑ ලිංගික ආකර්ෂණ චිත්‍රපටයෙන් මැරඩෝනා නඩුව ඇනහිටී

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • එම නඩුව පිළිබඳ රූපවාහිනී වාර්තා චිත්‍රපටයක ලිංගික ආශාවන් පුබුද්දන අයුරින් පෙනී සිටීම නිසා නඩු විභාගය ඇනහිට තිබෙනවා.
  • ඇය කටයුතු කර ඇත්තේ අධිකරණයක විනිසුරුවරියක මෙන් නොව චිත්‍රපටයක නිළියක මෙන් යැයි ඇයට චෝදනා කර තිබෙනවා.
  • සිත් කළඹවන මේ මිනි රූපවාහිනී චිත්‍රපට මාලාවේ පූර්ව දර්ශනය ආරම්භ වන්නේ මකින්ටච් අඩි උස පාවහන් පැළඳ උඩඟු ලීලාවෙන් ඇවිදිමින් උසාවි ගොඩනැගිල්ලක් ලෙස පෙනෙන ස්ථානයක දොරටුවෙන් ඇතුළු වී ඉහළ මාලයන්ට යාම පිණිස විදුලි සෝපානයකට පිවිසෙන දසුනකින්.
  • මැරඩෝනාගේ මරණයේ අලුත් ප්‍රවෘත්ති විකාශයන් මෙන්ම ගිලන් රථයක් එවන ලෙසට ඉල්ලා කරන හදිසි ඇමතුමක උපුටාගත් කොටසක් ද චිත්‍රපටයේ ට්‍රේලරයට ඇතුළත්ව තිබෙනවා.
අකුරු ප්‍රමාණය (Font Size):

එම නඩුව පිළිබඳ රූපවාහිනී වාර්තා චිත්‍රපටයක ලිංගික ආශාවන් පුබුද්දන අයුරින් පෙනී සිටීම නිසා නඩු විභාගය ඇනහිට තිබෙනවා.

කොටස් හයකින් සමන්විත මිනි චිත්‍රපට මාලාවේ ට්‍රේලරය උසාවියේ පෙන්වීමෙන් පසුව ලජ්ජාවට පත් ‘දෙවියන්ගේ නඩුකාරයා’ යන නම පටබඳින ලද හුලිඑටා මකින්ටච් (Julieta Makintach) විනිසුරුවරිය නඩුවෙන් ඉවත් වුනා. ඇය කටයුතු කර ඇත්තේ අධිකරණයක විනිසුරුවරියක මෙන් නොව චිත්‍රපටයක නිළියක මෙන් යැයි ඇයට චෝදනා කර  තිබෙනවා.

47 හැවිරිදි මකින්ටච් මේ නඩුව පිළිබඳ ‘දේව යුක්තිය’ (Divine Justice) නමින් හැඳින්වෙන මිනි රූපවාහිනී චිත්‍රපට මාලාව රූගත කරමින් සදාචාරමය නීති ගණනාවක් උල්ලංඝනය කර තිබෙනවා.

xcbdhtt
සිත් කළඹවන මේ මිනි රූපවාහිනී චිත්‍රපට මාලාවේ පූර්ව දර්ශනය ආරම්භ වන්නේ මකින්ටච් අඩි උස පාවහන් පැළඳ උඩඟු ලීලාවෙන් ඇවිදිමින් උසාවි ගොඩනැගිල්ලක් ලෙස පෙනෙන ස්ථානයක දොරටුවෙන් ඇතුළු වී ඉහළ මාලයන්ට යාම පිණිස විදුලි සෝපානයකට පිවිසෙන දසුනකින්.

මැරඩෝනාගේ මරණයේ අලුත් ප්‍රවෘත්ති විකාශයන් මෙන්ම ගිලන් රථයක් එවන ලෙසට ඉල්ලා කරන හදිසි ඇමතුමක උපුටාගත් කොටසක් ද චිත්‍රපටයේ ට්‍රේලරයට ඇතුළත්ව තිබෙනවා. එය අවසන් වන්නේ මකින්ටච් මේසයක් මත ලියකියවිලි සූදානම් කරන දර්ශනයකින්.

අධිකරණ නීති උල්ලංඝනය කරමින් උසාවිය තුළ නිත්‍යනුකූල බලයක් නැති පටිගත කිරීමක් සිදුකළ බවයි මේ විස්මිත සිනමා පටයෙන් පෙන්නුම් කරන්නේ.

චිත්‍රපටයේ එක් පිටපතකට අනුව, මැරඩෝනාගේ මරණය සහ ඔහුගේ ජීවිතය අත්හැරීමට සිදුවීම සම්බන්ධ එක්තරා වැදගත්  වේදනාකාරී අවස්ථාවන් මකින්ටච් මේ චිත්‍රපටයෙන් යළි නිර්මාණය කරනවා.

පොලිසිය විසින් මීට දින කිහිපයකට ඉහත සිදුකළ වැටලීමකදී භාරයට ගත් විවිධ සාක්ෂි කොටස්වලින් එකකි මේ ට්‍රේලර පූර්ව දර්ශනය.

අඟහරුවාදා පැවති නඩු විභාගය අපහාස කිරීම්, දෝෂාරෝපණය කිරීම්, කෑගැසීම් හා කඳුළුවලින් සංකේතවත් වුණා.

දැඩි වචන හුවමාරුවකදී පැමිණිල්ලේ නීතිඥවරයා, මකින්ටච් ක්‍රියාකර තිබෙන්නේ විනිශ්චයකාරවරියක මෙන්‌ නොව නිළියක මෙන් බවට චෝදනා කළා.

“මැරඩෝනා පිළිබඳවත්, නඩුව ගැනත්, නඩුව දිගහැරෙන හැටි ගැනත් මකින්ටච් කතා කළා” යනුවෙන් නීතිඥවරයා කියා සිටියා.

“ඇගේ ප්‍රධාන නිළි භූමිකාව සහ චිත්‍රපටයෙන් කේන්ද්‍රීය වූ ඇගේ පෙනුම ඇයට සම්පූර්ණයෙන් බලපා තිබෙනවා.”

cbdfggg
“ඇය මාස තුනක් තිස්සේ අපේ මූණ ට ම බොරු කියා තිබෙනවා. මකින්ටච් විනිසුරුවරිය අපක්ෂපාත නැතැයි අභියෝග කරන ලෙසට මම උසාවියෙන් දැඩිව ඉල්ලා සිටිනවා.”

ට්‍රේලරය අධිකරණයේ පෙන්වද්දී, විත්තියේ නීතිඥවරයා ඔහුගේ අසුනින් වහාම නැගිට එය වැදගැම්මකට නැති දෙයක් යැයි කෑගැසුවා.

මැරඩෝනාගේ දියණිය Gianinna Maradona ඔහුව සන්සුන් කිරීමට උත්සාහ කිරීමෙන් පසුව ඇය සහ මැරඩෝනාගේ කළින් සහකාරිය වූ Veronica Ojeda ඉකිබිඳින්නට පටන් ගත්තා.

තම හිස නමාගෙන, තොල් හපාගෙන වාඩිවී සිටි මකින්ටච්, නඩුවේ විනිසුරුවන් තිදෙනාගෙන් කෙනෙකු ලෙසින් තමාගේ ඉවත් වීම හැරෙන්නට වෙනත් විකල්පයක් තමන්ට නැතැයි අවසානයේ කියා සිටියා.

gdrreh

ඇය ඉවත් කිරීම ආජන්ටිනාවේ අධිකරණ පද්ධතියට සිදුවූ මහත් ලජ්ජාවක් වන අතර මේ හේතුවෙන් ලොව පුරා පාපන්දු ලෝලීන් නරඹමින් සිටි නඩු විභාගයක පීලි පැනීමක් සිදුවීම ට ද ඉඩ තිබෙනවා.

මේ නඩුව දිගටම පවත්වා ගෙන යනවාද එසේත් නැත්නම් එය සම්පූර්ණයෙන්ම අහෝසි කර නැවත ආරම්භ කරනවාද යන්න පිළිබඳව අධිකරණය මේ සතිය තුළ තීරණය කිරීමට නියමිතයි.

warnan Gunasekaraසටහන | වර්නන් ගුණසේකර)
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී
gunasekera33@gmail.com

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...