The Leader News
BREAKING
Top Ad
ක්‍රීඩා

2025 IPL කිරුළ රෝයල් චැලෙන්ජර්ස් බැංගලූරු පිලට

T

The Leader Desk

June 4, 2025 • 4:30 AM

 2025 IPL කිරුළ රෝයල් චැලෙන්ජර්ස් බැංගලූරු පිලට

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ඉතිහාස‌යේ පළමු වරට IPL කිරුළ පැළඳීමට රෝයල් චැලෙන්ජර්ස් බැංගලූරු පිල මෙවර සමත් විය.
  • කෙසේවෙතත් පංජාබ් නායකයාගේ තීරණයට සටන්කාමී ඉනිමකින් පිළිතුරු ලබා දීමට රෝයල් චැලෙනජර්ස් බැංගලූරු පිල මෙහිදී සමත් වූයේ සිය පන්දු වාර 20 තුළ කඩුළු 9කට ලකුණු 190 ක තරගකාරී ලකුණු පුවරුවක් නිර්මාණය කරලීමට සමත්වීමත් සමගිනි.
  • එහිදී රෝයල් චැලෙන්ජර්ස් බැංගලූරු පිලේ ඉහළම ලකුණු ලාභියා වූ සුපිරි ඉන්දීය පිතිකරු විරාට් කෝලි පන්දු 35කදී ලකුණු 43 ක් ලැබීමට සමත්විය.
  • කෙසේවෙතත් T20 තරග රටාව සැලකීමේ දී මෙය තරමක මන්දගාමී ඉනිමක් ලෙසින් හැඳින්විය හැකි අතර ඊට කිසිදු හයේ පහරක් ඇතුළත් නොවීමද විශේෂත්වයකි.
අකුරු ප්‍රමාණය (Font Size):

ඉතිහාස‌යේ පළමු වරට IPL කිරුළ පැළඳීමට රෝයල් චැලෙන්ජර්ස් බැංගලූරු පිල මෙවර සමත් විය.

අවසාන මහා තරගයේ කාසිය වාසිය හිමිකර ගත් පංජාබ් කිංග්ස් නායක ශ්‍රීයර්ස් අයියර් පළමුව පන්දු යැවීමට තීරණය කළේය.

කෙසේවෙතත් පංජාබ් නායකයාගේ තීරණයට සටන්කාමී ඉනිමකින් පිළිතුරු ලබා දීමට රෝයල් චැලෙනජර්ස් බැංගලූරු පිල මෙහිදී සමත් වූයේ සිය පන්දු වාර 20 තුළ කඩුළු 9කට ලකුණු 190 ක තරගකාරී ලකුණු පුවරුවක් නිර්මාණය කරලීමට සමත්වීමත් සමගිනි.

එහිදී රෝයල් චැලෙන්ජර්ස් බැංගලූරු පිලේ ඉහළම ලකුණු ලාභියා වූ සුපිරි ඉන්දීය පිතිකරු විරාට් කෝලි පන්දු 35කදී ලකුණු 43 ක් ලැබීමට සමත්විය.

කෙසේවෙතත් T20 තරග රටාව සැලකීමේ දී මෙය තරමක මන්දගාමී ඉනිමක් ලෙසින් හැඳින්විය හැකි අතර ඊට කිසිදු හයේ පහරක් ඇතුළත් නොවීමද විශේෂත්වයකි.

කෙසේ නමුදු රෝයල් චැලෙන්ජර්ස් ඉනිමේ අවසාන භාගයේ දී ජිටේෂ් ශර්මා 24 (10) හා රොමාරියෝ ෂෙපර්ඩ් 17 (9) දියත් කළ ප්‍රවේගකාරී පිතිහරඹය, රෝයල් චැලෙන්ජර්ස් පිලට ලකුණු 190ක තරගකාරී ලකුණු පුවරුවක් නිර්මාණය කරලීමට ඉහළ දායකත්වයක් ලබාදුනි.  

පන්දු යැවීමේ දී පංජාබ් කිංග්ස් පිල වෙනුවෙන් ආර්දීප් සිං හා කයින් ජෙමිසන් කඩුළු 3 බැගින් දවා ගැනීමට සමත්වූහ.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ පංජාබ් කිංග්ස් පිලට සිය පන්දු වාර 20 අවසානයේ දී ලබා ගත හැකි වූයේ කඩුළු 7ක් දැවී ලකුණු 184 ක් පමණි.

පංජාබ් කිංග්ස් පිල වෙනුවෙන් ශෂන්ක් සිං පන්දු 30කදී හයේ පහර හයක් ද සමඟින් ලකුණු 61 ලබා ගැනීමට සමත් වුවද එය රෝයල් චැලෙන්ජර්ස් පිලේ ලකුණු 190 ක ඉලක්කය අභිබවා යාමට තරම් ප්‍රමාණවත් නොවීය.

ඒ අනුව අවසාන මහා තරගය ලකුණු 06 කින් ජයගෙන 2025 IPL ශූරතාවය තමන් සතු කර ගැනීමට රෝයල් චැලෙන්ජර්ස් බැංගලූරු පිල සමත් විය.

ඒ අනුව, වසර 18ක් පුරා පැවති ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලිය තුළ රෝයල් චැලෙන්ජර්ස් බෙංගලූරු කණ්ඩායම ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියක අවසන් තරගයට සුදුසුකම් ලැබුවේ, වසර 11කට පසුව ය.

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...