දකුණු ආසියානු කායවර්ධන සහ පිසික් ක්‍රීඩා තරඟාවලිය ජුනී මස 10 සිට 15 වැනිදා දක්වා භූතානයේ තිම්පු නුවර දී පැවත්වේ.
මෙම තරගාවලිය සදහා ශ්‍රි ලංකාව වෙනුවෙන් අශේන් මදුරසිංහ කිලෝග්‍රෑම් 85 ට වැඩි බර පංතිය යටතේ තරග වැදීමට නියමිත වේ.
මීට අමතරව ජාත්‍යන්තර විනිසුරුවන් දෙපලක් වන ජගත් සමරසේකර සහ ජනක සමරසිංහ දකුණු ආසියානු කායවර්ධන සහ පිසික් ක්‍රීඩා සංගමයේ වාර්ශික සමුළුවේ විධායක කමිටු රැස්වීම සඳහා සහභාගීවීමට නියමිතය. එසේම දකුණු ආසියානු කායවර්ධන සහ පිසික් තරඟාවලිය විනිශ්චයටද ඔවුන් එක්වේ.
භූතාන කායවර්ධන සංගමය එරට ජාතික ඔලිම්පික් කමිටුවේ පූර්ණ අනුග්‍රහය යටතේ මෙම තරඟාවලිය පවත්වනු ලබයි. මේ සඳහා ලෝක කායවර්ධන සහ පිසික් ක්‍රීඩා සංගමයේ (WBPF) ආසියානු කායවර්ධන සහ පිසික් ක්‍රීඩා සංගමයේ (ABBF) සහ දකුණු ආසියානු කායවර්ධන සහ පිසික් ක්‍රීඩා සංගමයේ (SABPF) පූර්ණ අවසරය ලබා දී ඇත.

(සටහන | සමීර මදුසංක හේවා ගමගේ )
madusanka8816@gamil.com



