leader s

පෘතුගාල හා ලිවපූල් පාපන්දු ක්‍රීඩක ඩිඔගෝ ජෝටාගේ මරණයට හේතුව අධික වේගයෙන් රිය පැදවීම බව ස්පාඤ්ඤ පොලිසිය ප්‍රකාශ කරනවා.

 

28 හැවිරිදි ජෝටා ඔහුගේ සොහොයුරා වූ 25 හැවිරිදි ඇන්ඩෲ සිල්වා සමග ගමන් කරමින් සිටි ලැම්බෝගිනි මෝටර් රථය මහා මාර්ගයෙන් ඉවතට යාමෙන් දෙදෙනාම ජූලි 3 වැනි දින මරුමුවට පත්වුණා. ජෝටා මිය ගියේ ඔහු විවාහ වී සති දෙකකටත් අඩු කාලයකට පසුව බව දැනගත් විට පාපන්දු ලෝකය දැඩි කම්පනයට පත්වුණා.

cb782af7 1e8e 4b16 82e4 7a4a3a769def

 

දැන් පවත්වා ගෙන පරීක්ෂණයකදී වාහනයේ එක් රෝදයක් විසින් මාර්ගයේ ඉතිරි කර තිබෙන සලකුණු පරීක්ෂා කරමින් සිටින බවත් සියලු කාරණාවලින් පෙන්නුම් කරන්නේ මාර්ගයේ වේග සීමාවට වඩා ඉතාමත් වැඩි වේගයකින් වාහනය ධාවනය කරමින් තිබූ බවත් පොලිසිය පවසනවා.


මේ දක්වා සිදුකර තිබෙන සියලුම පරීක්ෂාවලින් පෙනී යන්නේ වාහනය පදවමින් සිටියේ ඩිඔගෝ ජෝටා යැයි පොලිසිය සඳහන් කරනවා.

 

ස්පාඤ්ඤයේ වේගී ගමන් සඳහා වන මහා මාර්ගවල වේග සීමාව ලෙස සාමාන්‍යයෙන් සඳහන් කර තිබෙන්නේ පැයට කිලෝමීටර් 120ක් (පැයට හැතැප්ම 75). අනතුර සිදුවූ සමෝරා පෙදෙසේ A-52 මාර්ගය වංගුවකට පිවිසෙන තුරු කෙළින් විහිදුනු මාර්ගයක්.

වාහනයක් පසුකර යාමේදී ලැම්බෝගිනියේ ටයරයක් පුපුරා ගොස් ඇති බවත් ඒ හේතුවෙන් සිදුවූ අනතුරේදී රථය ගිනිගත් බවත් පොලිසිය කළින් කියා තිබුණා.

Diogo Jota car crash dead 6269360
මාරක අනතුරට පැය කිහිපයකට පෙර, ජෝටා ඔහුගේ සහකාරිය වන රූට් කාඩෝසෝ සමග ජූනි 22 වැනිදා සිදුවූ විවාහයේ වීඩියෝවක් පෝස්ට් කර තිබුණා. මේ දෙදෙනාට දරුවන් තිදෙනෙකු සිටිනවා.

ගොන්ඩොමාර් නගරයේ සෙනසුරාදා පැවති ජෝටා හා ඔහුගේ සොහොයුරාගේ අවමංගල්‍යයට දේශපාලන නායකයින් මෙන්ම පෘතුගාලයේ හා ලිවපූල් පාපන්දු සමාජයේ සුපිරි ක්‍රීඩකයන් සහභාගි වුණා.

ජෝටාගේ ඛේදජනක මරණයෙන් පසුව ප්‍රථම වතාවට ඊයේ ලිවපූල් ක්‍රීඩකයන් නැවත පුහුණුවීම්වලට පැමිණියා. ප්‍රිමිය ලීග් ශූරයින් වන ලිවපූල් කණ්ඩායම තරග වාරයට පෙර ඔවුන්ගේ පුහුණුවීම් ආරම්භ කිරීම කල්දමා තිබුණා.

 

එම ක්‍රීඩා සමාජයේ සංකේතාත්මක ඇන්ෆීල්ඩ් ක්‍රීඩාංගණයේ සමරු ස්ථානයක් වෙන්කර තිබෙන අතර එහි මල් පොකුරු, කමිස, උර සළු හා පිංතූර රාශියක් ක්‍රීඩා ලෝලීන් හා ක්‍රීඩකයන් විසින් පසුගිය දිනවල තැන්පත් කර තිබෙනවා.

 

ලිවපූල් කණ්ඩායමේ තරග වාරයට පෙර පළමු මිත්‍ර තරගය යෙදී තිබෙන්නේ ප්‍රෙස්ටන් කණ්ඩායම සමග ඉරිදා. එහෙත් පිට ක්‍රීඩාංගණයක පැවැත්වෙන එම තරගය සඳහා ප්‍රවේශ පත් අලෙවි කිරීම එම තරගය පවත්වනවා ද යන්න පිළිබඳව අවසන් තීරණයකට එළඹෙන තුරු කල් දමා තිබෙනවා.

ඉන්පසු ලිවපූල් කණ්ඩායම මේ මාසය අවසන් වීමට පෙර ආසියානු සංචාරයක යෙදීමට නියමිතව තිබෙන අතර එහිදී ඔවුන් හොංකොං හිදී ඒ.සී.මිලාන් කණ්ඩායම සමගත් ජපානයේ යොකොහාමා මරිනොස් කණ්ඩායම සමගත් තරග කරනවා.

Double Blue Ball 2025: ආදි වෙස්ලිඅයිට්ස් ක්‍රීඩා සමාජයෙන් ලාස් වේගාස් තේමාව  කොටගත් උත්සවයක්(සටහන | වර්නන් ගුණසේකර)

ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී
This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

 

*web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්