The Leader News
BREAKING
අල්ලස් කොමිසමේ අලුත් ගමනට භාණ්ඩාගාරයෙන් තිරිංග වැටෙයිද?●ඩොලර් අර්බුදයට විසඳුම්: ආයෝජකයන්ට නව බදු සහනයක්●ඖෂධ 90කට උපරිම මිලක්: රෝගීන්ට සහනයක්ද?●ඩිජිටල් අපනයනයෙන් ඩොලර් බිලියන පහක ඉලක්කයක්●ඉරාන නෞකා ප්‍රශ්නය: 'ඇමෙරිකාවෙන් බලපෑමක් නෑ' - රජය කියයි●තිලීපන් පිළිරුව ඉවත් කිරීම: ලන්ඩනයේත් විරෝධතා●මඟුල් ගෙදර සිංදු කියන්න ගාස්තු ගෙවිය යුතු ද? විජිත පැහැදිලි කරයි●ඉතාලි කොකේන් ජාලය කොටුවෙයි: මෙරට සුපිරි ව්‍යාපාරිකයන්ටත් දැල එළෙයි●ඥානසාර හිමිට වසර 6ක සිරදඬුවමේ ඉතිරිය විඳින්න නියෝග●22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය දැන් ඉතින් සම්මතයි කියා අත් පා හකුලා ගනිමුද? - අවසන් කොටස●
Top Ad
ක්‍රීඩා

නිව්යෝක් වෙඩි තබන්නා චෝදනා කළ CTE නමැති මොළයේ රෝගය

T

The Leader Desk

July 31, 2025 • 11:44 AM

නිව්යෝක් වෙඩි තබන්නා චෝදනා කළ CTE නමැති මොළයේ රෝගය

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ඩොලර් බිලියනයක නඩුවක්, කොංග්‍රසයේ ඇසීමක්, ‘ඒ’ ලැයිස්තුගත චිත්‍රපටයක් සහ හිටපු ක්‍රීඩකයන්ගේ මරණ දැන්වීම් සහිත අවමඟුල්වල පෙරහරක් සමග දශක දෙකක් අමෙරිකානු පාපන්දු ජාතික ලීගය (NFL) වට කර ගෙන තිබූ මොළයේ ආබාධය දැන් අමෙරිකාවේ ජනප්‍රිය ක්‍රීඩාව ආක්‍රමණය කර තිබෙන්නේ මෙතෙක් වඩාත්ම ප්‍රචණ්ඩකාරී ආකාරයෙන්.
  •   උසස් පාසලේදී අමෙරිකානු පාපන්දු ක්‍රීඩා කළ 27 හැවිරිදි ෂේන් ටමුරා, පිටු තුනක ලිපියක සඳහන් කර තිබුනේ මරණයෙන් පසුව පමණක් සොයා ගැනෙන chronic traumatic encephalopathy (CTE) අසනීපය තමාට තිබෙන බව.
  • NFL ට එරෙහි ඔහුගේ දුක් ගැනැවිලි අතර මේ ලීගය CTE සහ අමෙරිකානු පාපන්දු ක්‍රීඩාවෙන් සිදුවිය හැකි හානිය සඟවමින් ක්‍රීඩකයන්ගේ ආරක්ෂාවට පෙර ඔවුන්ගේ ලාභයට ප්‍රමුඛත්වය දී තිබෙන බවට වන චෝදනාව ද තිබෙනවා.
  •   NFL ක්‍රීඩකයන්ගේ සියදිවි නසාගැනීම්වල සිත් සසල කරන ප්‍රවණතාවක් දෝංකාරය වෙමින් ටමුරා ඔහුගේ පපුවට වෙඩි තබා ගත්තේ ඔහුගේ රෝග විනිශ්චය නිවැරදි බවට තහවුරු කිරීමට උපකාරයක් ලෙස පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා ඔහුගේ මොළය සුරක්ෂිතව ලබා දෙමින්.
අකුරු ප්‍රමාණය (Font Size):


NFL හි මූලස්ථානයට නිවහන වී තිබෙන නිව්යෝක් නගරයේ අහස සූරන ගොඩනැගිල්ලේදී පුද්ගලයන් සිවු දෙනෙකු මරා දැමූ ලාස් වේගාස් කැසිනෝ සේවකයා ඔහුට තිබෙන මානසික රෝගයට හේතුව මේ ලීගය බවට චෝදනා කරන ලියුමක් ඔහුගේ පසුම්බියේ තබා ගෙන සිටියා.

 

උසස් පාසලේදී අමෙරිකානු පාපන්දු ක්‍රීඩා කළ 27 හැවිරිදි ෂේන් ටමුරා, පිටු තුනක ලිපියක සඳහන් කර තිබුනේ මරණයෙන් පසුව පමණක් සොයා ගැනෙන chronic traumatic encephalopathy (CTE) අසනීපය තමාට තිබෙන බව. “මගේ මොළය පරීක්ෂා කරන්න” යනුවෙන් ඔහු එම ලිපියෙන් අයැද තිබුනා. NFL ට එරෙහි ඔහුගේ දුක් ගැනැවිලි අතර මේ ලීගය CTE සහ අමෙරිකානු පාපන්දු ක්‍රීඩාවෙන් සිදුවිය හැකි හානිය සඟවමින් ක්‍රීඩකයන්ගේ ආරක්ෂාවට පෙර ඔවුන්ගේ ලාභයට ප්‍රමුඛත්වය දී තිබෙන බවට වන චෝදනාව ද තිබෙනවා.

 

NFL ක්‍රීඩකයන්ගේ සියදිවි නසාගැනීම්වල සිත් සසල කරන ප්‍රවණතාවක් දෝංකාරය වෙමින් ටමුරා ඔහුගේ පපුවට වෙඩි තබා ගත්තේ ඔහුගේ රෝග විනිශ්චය නිවැරදි බවට තහවුරු කිරීමට උපකාරයක් ලෙස පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා ඔහුගේ මොළය සුරක්ෂිතව ලබා දෙමින්.

නැවත නැවත හිසට පහර වැදෙන, ක්‍රීඩකයන් ප්‍රතිවාදී ක්‍රීඩකයන් සමග ගැටෙන ක්‍රීඩාවල සහ හමුදා සටන්වල සාමාන්‍ය දෙයක් වන දැඩි කම්පනය හා අනෙකුත් හිසේ ආබාධයන්ට සම්බන්ධ කර තිබෙන CTE නමැති මොළයේ රෝගය හිටපු NFL ක්‍රීඩකයන් 100කට වැඩි ප්‍රමාණයකට වැළඳී තිබෙන බවට සොයාගෙන ඇති අතර එය අමෙරිකා එක්සත් ජනපදයේ වැඩියෙන්ම බලගතු වෘත්තීය ක්‍රීඩා ලීගයට එල්ල වන සාංදෘෂ්ටික තර්ජනයක් ලෙස නැගිට තිබෙනවා.

 

මේ රෝගයේ තිබෙන අනතුර නිසා අමෙරිකාවේ සමහර ප්‍රාන්ත යොවුන් අමෙරිකානු පාපන්දු ක්‍රීඩාව තහනම් කිරීම පිළිබඳව සලකා බැලීමට යොමුව තිබෙනවා.

පුහුණුවීම්වල ක්‍රීඩකයන් ගැටෙන අවස්ථාවන් සීමා කරන ලෙසට විවිධ මට්ටම්වල ක්‍රීඩා කරන බොහෝ ලීගයන්ව පොලඹවා තිබෙන අතර ඉතාම හයියෙන් හිස වැදෙන මේ ක්‍රීඩාවෙන් වඩාත්ම ප්‍රචණ්ඩ අවස්ථා ඉවත් කෙරෙන කම්පන රීති හා අනෙකුත් නීති වෙනස් කිරීම් මාලාවක් ක්‍රියාත්මක කර තිබෙනවා.

දශකයකට වැඩි කාලයක ප්‍රතික්ෂේපනයකින් පසුව NFL බලධාරීන් 2016 වසරේදී කොංග්‍රසය ඉදිරියේ කළ ප්‍රකාශයකදී අමෙරිකානු පාපන්දු ක්‍රීඩාව හා CTE අතර තිබෙන සම්බන්ධතාව පිළිගත්තා. මේ දක්වා ඔවුන් විශ්‍රාමික ක්‍රීඩකයන්ගේ කම්පනවලට සම්බන්ධ ඉල්ලීම් නිරවුල් කිරීම පිණිස ඩොලර් බිලියන 1.4කට වැඩි මුදලක් ගෙවා තිබෙනවා.

cte k

 

CTE රෝගයට බඳුන් වූ පළමු හිටපු NFL ක්‍රීඩකයා වන්නේ අමෙරිකානු පාපන්දුවේ Hall of Fame ගෞරවනීය සමාජයට ඇතුළත් කෙරුනු Pittsburgh Steelers කණ්ඩායමේ මයික් වෙබ්ස්ට (Mike Webster). ඔහුට මේ රෝගය තිබෙන බවට විනිශ්චය කළ බෙනට් ඔමාලු (Bennet Omalu) නමැති අධිකරණ ව්‍යාධි විද්‍යාඥයාගේ පුරෝගාමී උත්සාහයන් විල් ස්මිත්ගේ (Will Smith) මොළය සෙලවීම (Concussion) යන 2015 වසරේ චිත්‍රපටයේ විස්තර කර දී තිබෙනවා.

එම ගෞරවනීය සමාජයේ Ken Stabler, Frank Gifford සහ Junior Seau යන ක්‍රීඩකයන්ට ද CTE රෝගය වැළඳී තිබෙන අතර Aaron Hernandez ක්‍රීඩකයා ද මීට ගොදුරු වී සිටිනවා. හිටපු NFL ක්‍රීඩකයන් 111 දෙනෙකුගේ මොළ සම්බන්ධයෙන් කරන ලද අධ්‍යයනයක් ඇසුරෙන් නිකුත් කෙරුනු 2017 වසරේ ලේඛනයකින්, 110 දෙනෙකු තුළ මේ රෝගයේ සාක්ෂි සොයා ගැනුනු බවට අනාවරණය වුනා.

 

NFT 1

දැනට, කෙනෙකුට CTE තිබෙන බවට ස්ථිර වශයෙන් තීරණය කළ හැක්කේ පශ්චාත් මරණ පරීක්ෂණයකදී මොළය පරීක්ෂා කිරීමෙන් පමණයි. ඒ අනුව, NFL මූලස්ථානයට වෙඩි තැබීමට ගොස් පුද්ගලයන් සිවු දෙනෙකු ඝාතනය කළ ෂේන් ටමුරා ට මේ රෝගය තිබුනු බවට කීමට හැකියාවක් නැහැ.


Double Blue Ball 2025: ආදි වෙස්ලිඅයිට්ස් ක්‍රීඩා සමාජයෙන් ලාස් වේගාස් තේමාව  කොටගත් උත්සවයක්(සටහන | වර්නන් ගුණසේකර)
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී

gunasekera33@gmail.com

සබැඳි පුවත් :

අමෙරිකානු පාපන්දු ලීගයෙන් පළිගන්න ගොස් සිවු දෙනෙකු මරා දැමූ තුවක්කුකරුට පාර වැරදිලා

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...