එරෙහි තරගයද ලකුණු 26-24ක් ලෙස තියුණු ජයක් ලැබීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය.
ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායම මූලික වටයේ ක්‍රීඩා කළ සියලුම තරග ජයගෙන අපරාජිතව A කාණ්ඩයේ ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ අත්පත් කරගෙන සිටියි.
අද පැවති පළමු තරගයෙන් ශ්‍රී ලංකා කණ්ඩායම හොංකොං ලකුණු 19-24ක් ලෙස පරාජය කළේය.
ඉන් අනතුරුව සත්කාරක ඉන්දීය කණ්ඩායමද ලකුණු 24-05ක් ලෙස පහසුවෙන් පරාජය කළේය.
ආසියානු රග්බි සංගමය සංවිධානය කරන ආසියානු වයස 20 න් පහළ සත් සාමාජික රග්බි තරගාවලිය රටවල් 8 ක සහභාගීත්වයෙන් අද (9 වැනිදා) සහ ඉරිදා (10 වැනිදා) ඉන්දියාවේ බිහාර් ප්‍රාන්තයේ පැවැත්වේ.
ශ්‍රී ලංකාව, ඉන්දියාව, හොං කොං සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යය යන රටවල් ‘ඒ’ කාණ්ඩය යටතේ තරගාවලියට එක්ව සිටින අතර මැලේසියාව, උස්බැකිස්ථානය, චීනය සහ කසකස්ථානය යන රටවල් තරගාවලියට එක්ව සිටින්නේ ‘බී’ කාණ්ඩය යටතේය.
මූලික වටයේදී ලීග් ක්‍රමයට අනුව තරග පැවැත්වෙන අතර එහිදී සියලුම කණ්ඩායම් තමන් ඇතුළත්ව සිටින කාණ්ඩයේ සිටින සෙසු රටවල්වලට එරෙහිව තරග වදිනු ඇත. මූලික වටය අවසානයේ කාණ්ඩ දෙකේම මුල් ස්ථාන දෙක අතරට පැමිණෙන කණ්ඩායම් අවසන් පූර්ව වටයට සඳහා සුදුසුකම් ලබනු ඇත.
අවසන් පූර්ව වටයේදී ‘ඒ’ කාණ්ඩයේ පළමු වැනියා ‘බී’ කාණ්ඩයේ දෙවැනියාට එරෙහිවද, ‘බී’ කාණ්ඩයේ පළමු වැනියා ‘ඒ’ කාණ්ඩයේ දෙවැනියාට එරෙහිවද තරග බිමට පිවිසීමට නියමිතය. ඒ අතරේ සෙසු කණ්ඩායම් තරගාවලියේ 5 වැනි, 6 වැනි, 7 වැනි සහ 8 වැනි ස්ථාන වෙනුවෙන් තරග වදිනු ඇත.
| ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක ශාහිඩ් සුම්රි
මෙම තරගාවලියට සහභාගි වන ශ්‍රී ලංකා වයස 20 න් පහළ සත් සාමාජික රග්බි කණ්ඩායමේ නායකත්වය ශාහිඩ් සුම්රිට හිමිව තිබේ. කොළඹ ඉසිපතන විදුහලේ ආදි සිසුවකු වන සුම්රි, මේ වන විට මහනුවර ක්‍රීඩා සමාජයට ක්‍රීඩා කරමින් ශ්‍රී ලංකා රග්බි කණ්ඩායමද නියෝජනය කළ දක්ෂ ක්‍රීඩකයෙකි.
බම්බලපිටිය ශාන්ත පීතර විදුහලේ ආදි සිසුවෙක් වන පසිඳු බණ්ඩාර ශ්‍රී ලංකා වයස 20 න් පහළ සත් සාමාජික රග්බි කණ්ඩායමේ උප නායකත්වය දරන අතර සී.ආර්. ඇන්ඩ් එෆ්.සී. කණ්ඩායමට ක්‍රීඩා කරන ඔහුද ශ්‍රී ලංකා රග්බි කණ්ඩායම නියෝජනය කර ඇති දක්ෂ ක්‍රීඩකයෙකි.
ප්‍රවින පුහුණුකරු ශම්ලි නවාස් මෙම තරගාවලියේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ පුහුණුකරු ලෙස කටයුතු කරයි.
තරගාවලියට සහභාගි වන ශ්‍රී ලංකා සංචිතයට ක්‍රීඩකයන් 12 දෙනෙක් ඇතුළත්ව සිටින අතර අතිරේක ක්‍රීඩකයන් තිදෙනෙක්ද ඊට ඇතුළත්ව සිටිති.
ශ්‍රී ලංකා වයස 20 න් පහළ සත් සාමාජික රග්බි සංචිතය
ශාහිඩ් සුම්රි (නායක),
පසිඳු බණ්ඩාර (උප නායක),
ගයාන් පෙරේරා,
උදීෂ රත්නායක,
මහතීර් රේබන්,
ෆාහඩ් නසාර්,
රුෂේන් බණ්ඩාරනායක,
යෙහාන් බුලත්සිංහල,
කලිඳු සිල්වා,
ඉසුරු විතානගේ,
ජනිත් මාරසිංහ සහ
ජනිදු විජේරත්න
අතිරේක ක්‍රීඩකයෝ
දිනෙද වික්‍රමාරච්චි,
අබ්දුල්ලා ෆයිසර් සහ
ප්‍රනීත් සිල්වා
(මුලාශ්‍ර | adaderana + kelimandala)




