The Leader News
BREAKING
ඖෂධ 90කට උපරිම මිලක්: රෝගීන්ට සහනයක්ද?●ඩිජිටල් අපනයනයෙන් ඩොලර් බිලියන පහක ඉලක්කයක්●ඉරාන නෞකා ප්‍රශ්නය: 'ඇමෙරිකාවෙන් බලපෑමක් නෑ' - රජය කියයි●තිලීපන් පිළිරුව ඉවත් කිරීම: ලන්ඩනයේත් විරෝධතා●මඟුල් ගෙදර සිංදු කියන්න ගාස්තු ගෙවිය යුතු ද? විජිත පැහැදිලි කරයි●ඉතාලි කොකේන් ජාලය කොටුවෙයි: මෙරට සුපිරි ව්‍යාපාරිකයන්ටත් දැල එළෙයි●ඥානසාර හිමිට වසර 6ක සිරදඬුවමේ ඉතිරිය විඳින්න නියෝග●22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය දැන් ඉතින් සම්මතයි කියා අත් පා හකුලා ගනිමුද? - අවසන් කොටස●මහාචාර්ය ප්‍රණීත් අභයසුන්දරගෙන් ගුප්ත ශාස්ත්‍රකරුවන්ට දැඩි සදාචාරාත්මක අවවාදයක්●ඉන්දීය මැතිවරණ ප්‍රධානියා එළවන්න ‘කැරපොතු’ ව්‍යාපාරයෙන් දැවැන්ත විරෝධතා●
Top Ad
ක්‍රීඩා

ගාසා තීරයේ ආහාර පෝලිමේ සිටි ‘පලස්තීන පේලේ’ ඊශ්‍රායල් ප්‍රහාරයෙන් මිය යයි

T

The Leader Desk

August 11, 2025 • 3:40 PM

ගාසා තීරයේ ආහාර පෝලිමේ සිටි ‘පලස්තීන පේලේ’ ඊශ්‍රායල් ප්‍රහාරයෙන් මිය යයි

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ‘පලස්තීනයේ පේලේ’ ලෙසින් පලස්තීන පාපන්දු ලෝලීන්ගේ ඉමහත් ආදරයට ලක්ව සිටි 41 හැවිරිදි සුලෙයිමාන් අල්-ඔබීඩ්
  • “එයා වයස අවුරුදු 50 වනතුරු පලස්තීනය වෙනුවෙන් ගෝල් ලබා ගන්නයි බලාපොරොත්තු වුනේ.
  • ඇය මෙසේ කියන්නේ ඇයට දැන් ඉතිරිව තිබෙන එකම සිහිවටනය වන ඇගේ සැමියා ඛාඩාමාට් අල්-ෂාටි (Khadamat Al-Shati) ගාසා පාපන්දු කණ්ඩායමට ක්‍රීඩා කරද්දී පැළඳ සිටි අංක 10 සඳහන් නිල් හා සුදු කොට කලිසම දැඩිව ග්‍රහණය කරමින්.
  • මේ කණ්ඩායම්වල ක්‍රීඩා කරමින් ඔහු ගෝල් 100කට වැඩි ප්‍රමාණයක් ලබා ගත් අතර ඔහුගේ පාපන්දු දක්ෂතා හේතුවෙන් ඔබීඩ් ට බ්‍රසීලයේ පාපන්දු පුරාවෘත්තය වන පේලේගේ නම පටබැඳුනා.
අකුරු ප්‍රමාණය (Font Size):

(Suleiman al-Obeid) ආහාර ලබා ගැනීම පිණිස ගාසා තීරයේ පෝලිමක සිටියදී ඊශ්‍රායල් ප්‍රහාරයකින් මිය ගියා.

“එයා වයස අවුරුදු 50 වනතුරු පලස්තීනය වෙනුවෙන් ගෝල් ලබා ගන්නයි බලාපොරොත්තු වුනේ. නමුත් ඊශ්‍රායල් යුදටැංකි ෂෙල් වෙඩිල්ලක් දශකයකට කළින් ඒ සිහිනය බිඳ දැමුවා” යැයි ඔබීඩ්ගේ වැන්දඹුව ඩොආ අල්-ඔබීඩ් (Doaa al-Obeid) පවසනවා. ඇය මෙසේ කියන්නේ ඇයට දැන් ඉතිරිව තිබෙන එකම සිහිවටනය වන ඇගේ සැමියා ඛාඩාමාට් අල්-ෂාටි (Khadamat Al-Shati) ගාසා පාපන්දු කණ්ඩායමට ක්‍රීඩා කරද්දී පැළඳ සිටි අංක 10 සඳහන් නිල් හා සුදු කොට කලිසම දැඩිව ග්‍රහණය කරමින්.

“එයා ඉතිරි කරලා ගිය වඩාත්ම වටිනා වස්තුව තමයි මේ” යනුවෙන් ඇය කියන්නේ ඇගේ දරුවන් පස්දෙනා සමග කම්පා වෙමින්.

මේ වසර මුල එල්ල වූ බෝම්බ ප්‍රහාරයකින් ඔබීඩ්ගේ නිවස විනාශ වුනා. ඔවුන් දැන් වෙසෙන්නේ ගාසා නගරයේ සුන්බුන් අතර අටවා ගත් කූඩාරමක.

ඔබීඩ් සිය පාපන්දු දිවිය ඇරඹුවේ ඛාඩාමාට් අල්-ෂාටි කණ්ඩායමට ක්‍රීඩා කරමින්. පසුව ඔහු ඊශ්‍රායල පාලනය යටතේ තිබෙන බටහිර ඉවුරේ මාකාස් ෂබාබ් අල්-අමාරි (Markaz Shabab al-Amari) කණ්ඩායමට හා ගාසා ස්පෝට් (Gaza Sport) කණ්ඩායමට ක්‍රීඩා කළා. මේ කණ්ඩායම්වල ක්‍රීඩා කරමින් ඔහු ගෝල් 100කට වැඩි ප්‍රමාණයක් ලබා ගත් අතර ඔහුගේ පාපන්දු දක්ෂතා හේතුවෙන් ඔබීඩ් ට බ්‍රසීලයේ පාපන්දු පුරාවෘත්තය වන පේලේගේ නම පටබැඳුනා.

2007 වසරේදී පලස්තීනය වෙනුවෙන් ප්‍රථම වතාවට ජාතික පාපන්දු කණ්ඩායම නියෝජනය කළ ඔබීඩ්, රට වෙනුවෙන් තරග 24කට ක්‍රීඩා කරමින් දෙවතාවක් ගෝල් ලබා ගත්තා. 2010 බටහිර ආසියානු පාපන්දු සම්මේලන ශූරතාවලියේදී යේමනය ට එරෙහිව ඔහු වාර්තා කළ දර්ශනීය scissors පහර ද මෙයින් එක් ගෝලයක්.

එම වසරේදීම, මොරෙටේනියාව නමැති අප්‍රිකානු රටේ පැවති මිත්‍ර තරගයක් සඳහා යමින් සිටියදී ආරක්ෂක හේතුන් මත ජෝර්දාන දේශසීමාවේදී ආපසු හරවා යැවුනු පලස්තීන ජාතික පාපන්දු කණ්ඩායමේ සිටි ක්‍රීඩකයන් හය දෙනාගෙන් ඔබීඩ් ද කෙනෙක්.

2023 ඔක්තෝබරයේ සිට, පාපන්දු ප්‍රජාවේ 321ක් ඇතුළුව ක්‍රීඩාවට සම්බන්ධ පුද්ගලයන් 662 දෙනෙක් ඊශ්‍රායල ප්‍රහාරවලින් මිය ගොස් ඇතැයි පලස්තීන පාපන්දු සංගමය ප්‍රකාශ කර තිබෙනවා. ගාසා ක්‍රීඩා පහසුකම් බොහොමයක් දැන් විනාශ වෙලා.

ගාසා කලාපයට ඇතුළු වීමට ඊශ්‍රායලය ඉඩ දෙන මානව සුභ සාධන ආධාර ප්‍රමාණයේ දැඩි සීමාවන් නිසා උද්ගතව තිබෙන කුසගිනි අර්බුදයකට ගාසා තීරය මුහුණ දෙමින් සිටියදී, ආහාර ආධාර ලබා ගැනීමට උත්සාහ කරමින් සිටි පලස්තීනුවන් 1,300කට වැඩි ප්‍රමාණයක් මැයි මස අග සිට මේ දක්වා ඊශ්‍රායල හමුදා විසින් මරා දමා ඇති බව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කාර්යාලය පසුගිය මාසයේ නිවේදනය කළා.

ඊශ්‍රායල ප්‍රහාරවලින් මේ දක්වා මිය ගොස් සිටින පලස්තීනුවන් සංඛ්‍යාව 61,000ක් පමණ වනවා. මෙයින් බොහෝ දෙනා මරුමුවට පත්වුනේ ගුවන් ප්‍රහාර, කාලතුවක්කු ප්‍රහාර සහ වෙඩි ප්‍රහාරවලින්. නමුත් කුසගින්නෙන් මිය යන සංඛ්‍යාවත් දැන් දිනෙන් දින වැඩිවෙමින් තිබෙනවා.

ඔබීඩ් දිගටම ක්‍රීඩාවේ නියුතුව සිටියේ මේ සියලු දුෂ්කරතා මැද බව ඔහුගේ වැන්දඹුව පවසනවා.

“හැමදාම පුහුණු වූ ඔහු කවදාවත් එක දවසකටවත් එය නතර කළේ නැහැ. යුද්ධයේ අර්බුදය තිබියදීත් රොකට්, ෂෙල් වෙඩි ප්‍රහාර හා සමූහ ඝාතන අතරතුරත් එයා ගිහින් ක්‍රීඩා කළා. එයා එයාගෙ යාළුවෝ සහ ආදරණීයයන් එකතු කරගෙන සෙල්ලම් කළා” ඩොආ අල්-ඔබීඩ් සඳහන් කරනවා.

තමන් කේන්ද්‍රය කරගන්නේ ඔබීඩ්‌ගේ සාහසික මරණය නොව ඔහුගේ දායාදය බව පලස්තීන පාපන්දු ලෝලීන් කියනවා.

“ළමයින් එයාව හැඳින්වූයේ ‘පලස්තීනයේ ඔන්රී ‌සහ පේලේ’ කියලයි” යනුවෙන් ගාසා නගරයේ බාබර් කෙනෙකු පවසන්නේ ඔබීඩ්ව ප්‍රංශ පාපන්දු ශ්‍රේෂ්ඨයෙකු වන ටීඒරී ඔන්රී සමග සැසඳමින්.

“මේ ක්‍රීඩකයා ගැසලි මුවෙක් (ඇදහිය නොහැකි වේගයක්, කඩිසර බවක් හා ප්‍රසන්න පෙනුමක් තිබෙන මුවා). ඔහු පිටියට පිවිසුනාම ඔහු දෙස බලා සිටිමින් අපි වින්දනයක් ලැබුවා. සියලු පලස්තීන පාපන්දු ලෝලීන් නායක සුලෙයිමාන් අල්-ඔබීඩ්ගෙන් සතුටක් ලැබුවා!”

warnan Gunasekara(සටහන | වර්නන් ගුණසේකර)
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී
gunasekera33@gmail.com

 

 

  

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...