චමරි අතපත්තු සහ විශ්මි ගුණරත්න රැස් කළ ලකුණු 101 මත ශ්රී ලංකාව කොළඹ ආර්.ප්රේමදාස ක්රීඩාංගණයේ නවසිලන්තය ට එරෙහිව අද පැවති තරගයේ පළමුව පන්දුවට පහර දෙමින් කඩුලු හයක් දැවී ලකුණු 258ක් ලබා ගත්තා.
මේ ආරම්භක කඩුලු සබඳතාවේ අත්තිවාරම මත ශ්රී ලංකා ඉනිම ගොඩනගමින් හසිනි පෙරේරා හා හාෂිතා සමරවික්රම තෙවැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 72කින් ලකුණු 58ක් එක් කළ අතර නිලක්ෂිකා සිල්වා හා පියුමි වත්සලා 6 වැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 30කින් ලකුණු 35ක සබඳතාවක් පිහිටුවූවා.
නිලක්ෂිකා ද සිල්වා පන්දු 26කින් ඇගේ සිවු වැනි අර්ධ ශතකය ලබා ගැනීමෙන් පසුව නොදැවී ලකුණු 55ක් රැස් කරගත් අතර පන්දු 28ක ඇගේ ඉනිම හතරේ පහර 7ක් සහ හයේ පහරකින් වර්ණවත් වී තිබුණා. ඊට කළින් අතපත්තු හතරේ පහර 7ක් එල්ල කරමින් පන්දු 72කින් ලකුණු 53ක් ලබා ගත්තා.
ශ්රී ලංකාව අවසාන ඕවර 10දී ලකුණු 80ක් ඔවුන්ගේ ඉනිමට එක් කර ගැනීමට සමත් වුනා.
කාසියේ වාසිය දිනාගෙන පළමුව පන්දුවට පහර දීමට තීරණය කළ ශ්රී ලංකා නායිකා චමරි අතපත්තු ඇයගේ ඉනිම ආරම්භ කළේ දෙවැනි පන්දුව ට ම හතරේ පහරක් එල්ල කරමින්. සන්සුන් මෙන්ම පරීක්ෂාකාරීව ශ්රී ලංකා ඉනිම ආරම්භ කළ අතපත්තු සහ විශ්මි ගුණරත්න ‘පවර් ප්ලේ’ ඕවර 10 අවසන් වන විට ලකුණු 52ක් ලකුණු පුවරුවට එක්කර තිබුනේ 2025 කාන්තා ක්රිකට් ලෝක කුසලානයේ මෙතෙක් කොළඹදී පැවති තරගවල කඩුල්ලක් බිඳ නොවැටී ‘පවර් ප්ලේ’ ක්රීඩාව අවසන් කළ පළමු කණ්ඩායම බවට පත්වෙමින්.
අතපත්තු සහ ගුණරත්න ආරම්භක කඩුල්ල වෙනුවෙන් ඕවර 23.1ක් ඇතුළ ලකුණු 101ක් රැස් කිරීමට සමත් වූ අතර මෙය කාන්තා ක්රිකට් ලෝක කුසලාන තරගාවලියන්හි ශ්රී ලංකාවේ දෙවැනියට හොඳම ආරම්භක සබඳතාව වුනා. මීට පෙර ආරම්භක කඩුල්ල වෙනුවෙන් තිබූ හොඳම සබඳතාව වූයේ ලකුණු 103. එයට ද අතපත්තු දායකව සිටි අතර අනෙක් පිතිකාරිනිය වූයේ යශෝදා අවන්තිකා මෙන්ඩිස්. මේ දෙදෙනාගේ මේ දක්ෂතාව වාර්තා වී තිබුනේ 2013 ලෝක කුසලානයේ පෙබරවාරි 1 වැනිදා බ්රබෝන් හිදී එංගලන්තය ට එරෙහිව පැවති තරගයේ.
මෙවර ආරම්භක කඩුලු සබඳතාව බිඳ වැටුනේ නවසිලන්ත නායිකා සොෆී ඩිවයින් විසින් ශ්රී ලංකා නායිකා චමරි අතපත්තු දවාලමින්. 24 වැනි ඕවරයේ ඩිවයින්ගේ පළමු පන්දුවට චමරි දුන් උඩ පන්දුව ‘ඩීප් පොයින්ට්’ ස්ථානයේදී මැඩී ග්රීන් විසින් රැක ගැනීමත් සමග අතපත්තුගේ ඉනිම ලකුණු 53කට අවසන් වුනා. අතපත්තු එසේ වාර්තා කළේ ඇගේ 20 වැනි ජාත්යන්තර එක්දින අර්ධ ශතකය.
මුළු ලකුණු ප්රමාණය 125ක් ලෙස සටහන්ව තිබියදී 29 වැනි ඕවරයේ දෙවැනි කඩුල්ල බිඳ වැටෙමින් ගුණරත්න දැවී ගියා. රෝස්මරි මෙයාගේ පන්දුව කෙලින්ම කඩුල්ලේ ගැටීමෙන් ගුණරත්න දැවී යන විට ඇය ලකුණු 42ක් රැස් කරගෙන සිටියා. පන්දු 83ක ඇයගේ ඉනිමට හතරේ පහර 3ක් ඇතුළත්ව තිබුණා.
හසිනි පෙරේරා සහ හාෂිතා සමරවික්රම තෙවැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 58ක් එක් කරමින් සිටියදී බ්රී ඉලිං එම සබඳතාව බිඳ දැමුවේ සමරවික්රම දවාලමින්. කඩුලු රකින ඉසබෙලා ග්රේස් අතට උඩ පන්දුවක් දෙමින් සමරවික්රම 41 වැනි ඔ්වරයේ දැවී යන විට රැස් කරගෙන සිටියේ පන්දු 31කින් ලකුණු 26ක්.
කවීශා ඩිල්හාරි ලකුණු 4කට දැවී ගිය අතර හසිනි පෙරේරා ද ඉලිංගේ ගොදුරක් බවට පත්වෙමින් ලකුණු 44කට දැවී ගියා. පන්දු 61කට මුහුණ දුන් හසිනි හතරේ පහර හයක් එල්ල කළා.
ශ්රී ලංකාව මේ තරගය සඳහා වෙනස්කම් දෙකක් සිදු කරමින් මල්කි මදාරා සහ පියුමි වත්සලා යන වේග පන්දු යවන්නියන් කණ්ඩායමට කැඳවා තිබුණා. ඒ, උදේශිකා ප්රබෝදනී සහ දෙව්මි විතානගේ වෙනුවට. නවසිලන්තය එක වෙනසක් පමණක් සිදු කරමින් ලී ටාහුහු වෙනුවට ආරම්භක පන්දු යවන බ්රී ඉලිං කණ්ඩායමට නම් කර තිබුණා.
(සටහන : වර්නන් ගුණසේකර)
ජ්යෙෂ්ඨ මාධ්යවේදී
gunasekera33@gmail.com