The Leader News
BREAKING
Top Ad
විශේෂාංග

සුනාමිය නිසා ලියැවුණු භික්ෂුණී කතා වස්තුව | Saroj Pathirana

T

The Leader Desk

June 19, 2025 • 4:44 PM

සුනාමිය නිසා ලියැවුණු භික්ෂුණී කතා වස්තුව | Saroj Pathirana

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • සුනාමි ඛේදවාචකයේ වේදනාව සමනය කරන්න බුදු දහම උපකාරී වුණ හැටි ගැන බීබීසී ලෝක සේවය වෙනුවෙන් ගුවන් විදුලි විශේෂාංගයක් කරන්න මම ලංකාවට ආව.
  • ඒ වෙනකොට බීබීසී සංදේශයේ සේවය කෙරුවත් මගේ සංචාරයට සම්පූර්ණ අනුග්‍රහය දැක්වුවේ BBC World Service එකේ Heart & Soul වැඩසටහන - ( https://www.bbc.co.uk/ programmes/p02f8m86) (මේ Heart & Soul වැඩසටහන දැන් අන්තර්ජාලයේ නැහැ.
  • ඒකට හේතුව මහා නාහිමිවරුන්ගේ විරෝධය බවත්, ඊටත් වඩා කණගාටුව ලංකාවේ දස සිල් මාතාවන්ගේ සංගම් පවා තමන් වහන්සේ භික්ෂුණියක් විදියට පිළිගැනීම ගැන විරුද්ධ වීම බවත් ධම්මදීපනී හිමියන් මා එක්ක කිවුව.
  • එදා මම ලංකාවෙන් පිටවුණේ අනිවාර්යයෙන්ම මේ බරපතල ප්‍රශ්නය ලංකාවෙත්, ලෝකයෙත් අවධානයට යොමුකරනවා කියල එහිමියන්ට පොරොන්දු වෙලා.
අකුරු ප්‍රමාණය (Font Size):


සුනාමි ඛේදවාචකයේ වේදනාව සමනය කරන්න බුදු දහම උපකාරී වුණ හැටි ගැන බීබීසී ලෝක සේවය වෙනුවෙන් ගුවන් විදුලි විශේෂාංගයක් කරන්න මම ලංකාවට ආව.

ඒ වෙනකොට බීබීසී සංදේශයේ සේවය කෙරුවත් මගේ සංචාරයට සම්පූර්ණ අනුග්‍රහය දැක්වුවේ BBC World Service එකේ Heart & Soul වැඩසටහන - (https://www.bbc.co.uk/programmes/p02f8m86)

fgdrttt
(මේ Heart & Soul වැඩසටහන දැන් අන්තර්ජාලයේ නැහැ. කවුරු හරි බාගත කරගත් කෙනෙක් ඉන්නවා නම් පිටපතක් මටත් දෙනවද?)

මේ විශේෂාංගය වෙනුවෙන් තොරතුරු සොයමින් ඉන්න අතරේ මගේ මිත්‍ර මහාචාර්ය උදය මැද්දේගම මට තොරතුරක් දුන්න. ඒ, සුනාමිය වෙනුවෙන් විශේෂ වැඩ කොටසක් කරපු තලවතුගොඩ ධම්මදීපනී භික්ෂුණිය ගැන. (https://www.bbc.com/.../141228_tsunami_buddhist_counselling). මම එදා ඇය හැඳින්වූවේ 'මෙහෙණින් වහන්සේ' කියල.

බීබීසී හාර්ට් ඇන්ඩ් සෝල් වැඩසටහන එක්කම, ධ්ම්මදීපනී භික්ෂුණිය ගැන, සුනාමියෙන් පවුලේ දොළොස් දෙනෙක් අහිමිවුණ ප්‍රේමලාල් සල්වතුර ගැන  (https://www.youtube.com/watch?v=AanmIIX8Tnw), සුනාමි අනාථ දරුවන් 300ක් බලාගත් පොලිස් කාන්තාව වරුණි බෝගස්වත්ත ගැන, බද්දේගම සමිත හිමියන් ගැන වගේ වැඩසටහන් ගණනාවක් මම සංදේශය ඔස්සේත් ඉදිරිපත් කළා.

මේ වැඩසටහන් වෙනුවෙන් හමුවුණ වෙලාවේ තලවතුගොඩ ධම්මදීපනී භික්ෂුණිය මට බොහොම අනුවේදනීය කතාවක් කිවුව.

උපසම්පදාව ලබල අවුරුදු ගණනාවක් ගත වෙළත් ලංකාවේ භික්ෂුණීන් වහන්සේ දහස් ගණනකට අඩුම ගානේ ජාතික හැඳුනුම්පතවත් ගන්න දෙන්නේ නැහැ කියල භික්ෂුණීන් වහන්සේ එදා බොහොම කණගාටුවෙන් මා එක්ක කීව. ඒකට හේතුව මහා නාහිමිවරුන්ගේ විරෝධය බවත්, ඊටත් වඩා කණගාටුව ලංකාවේ දස සිල් මාතාවන්ගේ සංගම් පවා තමන් වහන්සේ භික්ෂුණියක් විදියට පිළිගැනීම ගැන විරුද්ධ වීම බවත් ධම්මදීපනී හිමියන් මා එක්ක කිවුව.

එදා මම ලංකාවෙන් පිටවුණේ අනිවාර්යයෙන්ම මේ බරපතල ප්‍රශ්නය ලංකාවෙත්, ලෝකයෙත් අවධානයට යොමුකරනවා කියල එහිමියන්ට පොරොන්දු වෙලා. (https://www.youtube.com/watch?v=-cQbh3wvVKg)

මේ සංවාදය සිද්ද වුණේ 2014 දී. මම හිතන්නේ ඒ වෙනකොටත් භික්ෂුණීන් වහන්සේලා තමන්ට වෙන අසාධාරණය ගැන අධිකරණයටත් ගිහින් තිබුන.

එදා ඉඳල මම භික්ෂුණීන් වහන්සේලාට වෙන මේ අසාධාරණය ගැන විශේෂාංගයක් කරන්න අවස්ථා කිහිපයකදිම උත්සහ කළත් විශේෂාංග ගැන තීන්දු කරන බීබීසී ලෝක සේවයේ සංස්කාරක මණ්ඩලයක් මට මතක විදියට මගේ යෝජනාව තෝරාගත්තේ 2017දී. නමුත් විවිධ හේතු නිසා 2017 ඉඳල 2019 දක්වාම මේ විශේෂාංගය සකස් කරන්න ලංකාවට එන්න මට අවසර ලැබුණේ නැහැ.

xfgetgh
අන්තිමට 2014 ධම්මදීපනී භික්ෂුණිය පෙන්නලා දීපු කරුණක් ගැන මම මේ විශේෂාංගය කරන්නේ 2019 දී - https://www.bbc.co.uk/news/world-asia-49979978 ඒ වැඩසටහනම මම සංදේශය වෙනුවෙනුත් සම්පාදනය කළා - https://www.bbc.com/sinhala/sri-lanka-49569327
පුරුෂාධිපත්‍යය හමුවේ ශ්‍රී ලංකාවේ භික්ෂුණීන් වහන්සේ මුහුණ දීල ඉන්න ශෝචනීය ඉරණම ගැන මම දන්නා තරමින් ඒ වනතුරු ලංකාවේ ප්‍රධාන ධාරාවේ මාධ්‍යවලවත්, ජාත්‍යන්තර මාධ්‍යවලවත් අවධානයට ලක්වෙලා තිබුණේ නැහැ.

ඉතින් ජුනි 16 වෙනිදා ලංකාවේ ශ්‍රේෂ්ඨාධිකරණය දුන්න ඓතිහාසික තීන්දුව දැනගන්න ලැබුණම, මට දැනුනේ අසීමිත සතුටක්. ඒ තීන්දුවත්, බීබීසී වාර්තාවත් අතර කිසිම සම්බන්ධයක් නැතත්, හඬක් නොතිබුණ කාන්තාවන් පිරිසකට තමන්ට වුණ අසාධාරණය ගැන ලෝකයට කියන්න අවස්තාවක් දෙන්න ලැබීම ගැනත් මට නිහතමානී සතුටක් දැනෙනව.

ඉනාමළුවේ සුමංගල මහා නාහිමියන්ගේ ප්‍රධානත්වයෙන් භික්ෂුණී ශාසනය යළි ආරම්භ කළාට පස්සේ මහනාහිමිවරු සහ දස සිල් මාතාවන් බිඳ දමන්න උත්සහ කරපු භික්ෂුණී ශාසනය යළි පිහිටෙවුවේ ශ්‍රේෂ්ඨාධිකරණය කියල මට හිතෙනවා.

ශ්‍රේෂ්ඨාධිකරණයට වගේම ඒ වෙනුවෙන් මහන්සි වුණ හැම දෙනාටමත් ස්තුතියි.

Saroj Pathirana(සටහන | සරෝජ් පතිරණ)
බීබීසී හිටපු ජ්‍යෙෂ්ඨ සම්පාදක

sarojpathi@gmail.com
(Saroj Pathirana ෆේස්බුක් පිටුවෙන්...)
2025 ජුනි 18

මෙම සටහනට අදාළ පුවතක් :

ලංකාවේ භික්ෂුණී සාසනයේ අයිතිවාසිකම් නැවත ලබා දෙන ඓතිහාසික තීන්දුවක්

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...