BREAKING
සුරේෂ් සලේගේ වෛද්‍ය මණ්ඩලයට අධිකරණයෙන් නොතීසි●ක්‍රිෂ් ගනුදෙනුව: ඉන්දීය අධ්‍යක්ෂවරුන්ට වරෙන්තු නිකුත් කිරීම අධිකරණය ප්‍රතික්ෂේප කරයි●වනාතවිල්ලුව පුපුරන ද්‍රව්‍ය නඩුවේ විත්තිකරුවන් දෙදෙනෙක් වරද පිළිගැනීමට සැරසෙයි●ශ්‍රී ලංකා ටෙලිකොම් AI සතිය: ආයතනික විවාදයක්●තුන් අවුරුද්දක් පරණ ප්‍රශ්නයක් විසඳන්න ආණ්ඩුව තවත් මාස තුනක් ඉල්ලයි●රියදුරු බලපත්‍ර අර්බුදය: විසඳුම් සහ දින 45ක පරීක්ෂණයක්●ක්‍රිස්ටිආනෝ රොනාල්ඩෝ පෘතුගාල කඳවුර හැර යයි: පුහුණුකරු සමග මතභේදයක්●ඉන්දීය හොකී නිලධාරී ගුරින්දර් සිං ලිංගික චෝදනා මැද පලායයි●විදේශ ආයෝජන සහ ප්‍රතිපත්ති ස්ථාවරත්වය: නවතම ඇමෙරිකානු වාර්තාව●ලයනල් බෝපගේ ලියයි: සාමූහිකව හිමි ලෝකයක්●
Top Ad
පුවත්

බැසිල්ගෙන් විමල්ට කැපිල්ලක් ! - මුල්ම නොරිස්සුම වාසුගෙන්!!

T

The Leader Desk

November 25, 2019 • 3:10 AM

බැසිල්ගෙන් විමල්ට කැපිල්ලක් ! - මුල්ම නොරිස්සුම වාසුගෙන්!!

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • විමල් විරවංශ අමාත්‍යවරයාට ලැබුන අමාත්‍ය ධුරය සම්බන්ධයෙන් කිසිඳු ලෙසකින් සැහීමකට පත්විය නොහැකිබව සමාජ මාධ්‍ය ඔස්සේ අදහස් දක්වා ඇති ජාතික නිදහස් පෙරමුණේ ක්‍රියාකාරීන්, ඒ සම්බන්ධයෙන් බැසිල් රාජපක්ෂ වෙත දොස් පවරා තිබෙනු දක්නට ඇත.
  • ජයසුන්දර ජනාධිපති ලේකම් ලෙස නම් කර ඇත්තේ බැසිල් රාජපක්ෂ විසින් බවත් එය විමල් වීරවංශට රිදවීමට කළ ක්‍රියාවක් බවත් එම පක්ෂ ක්‍රියාකාරීන් සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය කරමින් සිටියි.
  • පසුගිය කාලය පුරාම විමල් වීරවංශ අමාත්‍යවරයාට හිතවත් සමාජ මාධ්‍ය ඔස්සේ බැසිල් රාජපක්ෂගේ ඇතැම් ක්‍රියාවන් දැඩි ලෙස විවේචනය කර තිබිණ.
  • කෙසේ වෙතත් කෙටි කාලයකට හෝ කථානායක ධුරයේ කටයුතු කිරීම අලුත් අත්දැකීමක් වනු ඇතැයිද ඔහු කියා සිටියේය.
අකුරු ප්‍රමාණය (Font Size):

විමල් විරවංශ විසින් ''ආර්ථික ඝාතකයා'' ලෙස හැඳින්වූ පි.බී. ජයසුන්දර ජනාධිපති ලේකම් ලෙස නම් කර ඇත්තේ බැසිල් රාජපක්ෂ විසින් බවත් එය විමල් වීරවංශට රිදවීමට කළ ක්‍රියාවක් බවත් එම පක්ෂ ක්‍රියාකාරීන් සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය කරමින් සිටියි.

පසුගිය කාලය පුරාම විමල් වීරවංශ අමාත්‍යවරයාට හිතවත් සමාජ මාධ්‍ය ඔස්සේ බැසිල් රාජපක්ෂගේ ඇතැම් ක්‍රියාවන් දැඩි ලෙස විවේචනය කර තිබිණ.

ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් විරවංශ අමාත්‍යවරයාට නිසි පිළිගැනීමක් ලබා නොදීම සම්බන්ධයෙන් විපක්ෂයේ ක්‍රියාකාරීන් ද විවිධාකාරයේ අදහස් සමාජ මාධ්‍ය ඔස්සේ පළකර ඇති අතර එවැනි පොස්ටුවක් පහත පළවේ.
PHOTO 2019 11 24 21 15 45

''චමල් කතානායක කරලා මට ඇමතිකම දෙන්න තිබුනා'' - වාසු කනස්සල්ලෙන් 

මේ අතර කොළඹදී පැවති මාධ්‍ය හමුවක් අමතමින් පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාර පැවසුයේ, සත්‍ය වශයෙන්ම කල යුතුව තිබුනේ චමල් රාජපක්ෂට කතානායක ධුරය දී එම ඇමැති ධුරය තමන්ට ලබාදීම බවයි. 

ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණය පවත්වන තෙක් මාස තුන හතරක කෙටි කාලයක් සඳහා පාර්ලිමේන්තුවේ කථානායක ධුරය භාර ගැනීමට තමන් සූදානම් බව එහිදී සඳහන් කළ  මන්ත්‍රීවරයා, නමුත් තමන් නියෝජනය කරන දේශපාලන දහරාව ඇත්තේ එහි නොවන නිසා දීර්ඝකාලීනව එම ධුරයේ කටයුතු කිරීමට තමන් සූදානම් නැතැයිද පැවසීය.

කෙසේ වෙතත් කෙටි කාලයකට හෝ කථානායක ධුරයේ කටයුතු කිරීම අලුත් අත්දැකීමක් වනු ඇතැයිද ඔහු කියා සිටියේය.

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...