රාජ්‍ය ආයතනවල ප්‍රධානී තේරීමේදී යම් අඩුපාඩුවක් වී ඇත්නම් මහජනතාව කියනා දේ සොයා බලා නිසි ක්‍රියාමාර්ග ගැනීම බලධාරීන්ගේ වගකීම බවත් එය පෙන්වා දීමට මහජනතාවට අයිතියක් ඇති බවත් ආචාර්ය නාලක ගොඩහේවා පවසයි.

 ඔහු එබව සඳහන් කර ඇත්තේ සිය FB පිටුවේ සටහනක් තබමිනි.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් රාජ්‍ය ආයතන සඳහා සුදුසුකම් සහිත පුද්ගලයන් පත් කිරීම පිළිබඳ නිර්දේශ ඉදිරිපත් කිරීමට ජ්‍යෙෂ්ඨ රාජ්‍ය නිළධාරියෙකු වන සුමිත් අබේසිංහගේ ප්‍රධානත්වයෙන් යුතුව 06 දෙනෙකුගෙන් සමන්විත විශේෂඥ කමිටුවක් පත් කෙරුන අතර ආචාර්ය නාලක ගොඩහේවා ද එහි සාමාජිකයෙකි.

නාලක ගොඩහේවාගේ FB සටහනේ වැඩිදුරටත් මෙසේද සඳහන්වේ.

''ජනාධිපතිතුමා විසින් පත්කල ඉහල තනතුරු සඳහා සුදුසුකම් පරීක්ෂා කිරීමේ කමිටුව මේ වන විට බොහෝ ආයතන වල සභාපති තනතුරු සඳහා නිර්දේශ ලබා දී ඇත.

ආයතන ප්‍රධානීන් මිස ආයතන ඇතුලත සියලු තනතුරු සඳහා නිර්දේශ කරන්නේ විශේෂ කමිටුවකින් නොවේ. වරදක් ඇත්නම් එය පෙන්වා දීමට මහජනතාවට අයිතියක් ඇත.

ඉහල තනතුරු සම්බන්ධයෙන් වුවත් මේ කමිටුවල සාමාජිකයන් තමන්ගේ කාලය වැය කරගෙන ස්වේච්චාවෙන් වැඩ කරන අය මිස රජයේ නිලධාරීන් නොවන නිසා ඔවුන්ට කල හැක්කේ නිවැරදි මග පෙන්වා දීම පමනි. මෙතෙක් ඒ උපදෙස් වලින් සියල්ල නොවුනත් බහුතරය ක්‍රියාත්මක වු බව පෙනේ.

යම් අඩුපාඩුවක් වූ තැනක මහජනතාව කියනා දේ සොයා බලා නිසි ක්‍රියාමාර්ග ගැනීම බලධාරීන්ගේ වගකීමකි. එය ඉදිරියේදි සිදුවනු ඇතයි බලා සිටිමු. ''


Screen Shot 2019 12 29 at 4.56.02 PM

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්