BREAKING
සුරේෂ් සලේගේ වෛද්‍ය මණ්ඩලයට අධිකරණයෙන් නොතීසි●ක්‍රිෂ් ගනුදෙනුව: ඉන්දීය අධ්‍යක්ෂවරුන්ට වරෙන්තු නිකුත් කිරීම අධිකරණය ප්‍රතික්ෂේප කරයි●වනාතවිල්ලුව පුපුරන ද්‍රව්‍ය නඩුවේ විත්තිකරුවන් දෙදෙනෙක් වරද පිළිගැනීමට සැරසෙයි●ශ්‍රී ලංකා ටෙලිකොම් AI සතිය: ආයතනික විවාදයක්●තුන් අවුරුද්දක් පරණ ප්‍රශ්නයක් විසඳන්න ආණ්ඩුව තවත් මාස තුනක් ඉල්ලයි●රියදුරු බලපත්‍ර අර්බුදය: විසඳුම් සහ දින 45ක පරීක්ෂණයක්●ක්‍රිස්ටිආනෝ රොනාල්ඩෝ පෘතුගාල කඳවුර හැර යයි: පුහුණුකරු සමග මතභේදයක්●ඉන්දීය හොකී නිලධාරී ගුරින්දර් සිං ලිංගික චෝදනා මැද පලායයි●විදේශ ආයෝජන සහ ප්‍රතිපත්ති ස්ථාවරත්වය: නවතම ඇමෙරිකානු වාර්තාව●ලයනල් බෝපගේ ලියයි: සාමූහිකව හිමි ලෝකයක්●
Top Ad
පුවත්

මහින්දගේ ඥාතීන් දෙදෙනාට පත්වීම් දුන්න සුදුසුකම් මෙන්න!

T

The Leader Desk

January 14, 2020 • 8:14 AM

මහින්දගේ ඥාතීන් දෙදෙනාට පත්වීම් දුන්න සුදුසුකම් මෙන්න!

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • අගමැති මහින්ද රාජපක්ෂගේ පවුලේ ඥාතීන් දෙදෙනෙකුට පත්වීම් ලබාදී ඇත්තේ දේශපාලන සුදුසුකම් මත හෝ ඥාතිකම නිසා
  • කෙසේවුවද එවැනි විවේචනවලට ප්‍රතිචාර දක්වා ඇති අගමැති මාධ්‍ය ඒකකයේ මෙහෙයවීම මත පවත්වාගෙන යන  වෙබ් අඩවියක් මෙසේ වාර්තාවක් පළකර ඇත.
  •   තිලක් වීරසිංහ – ඩියෙඩ්‍රි ලිවේරාගේ සුදුසුකම් මෙන්න ''ශ්‍රී ලංකා ගුවන්තොටුපොළ සහ ගුවන් සේවා සමාගමේ විධායක නොවන අධ්‍යක්ෂකවරුන් දෙදෙනෙකු ලෙස සිදු කළ පත්වීම් දෙකක් පසුගිය දිනවල දැඩි ලෙස කතාබහට ලක්විය.
  • ඒ ශ්‍රී ලංකා ගුවන්තොටුපොළ සහ ගුවන් සේවා සමාගමේ විධායක නොවන අධ්‍යක්ෂකවරයෙක් ලෙස පත් කළ තිලක් වීරසිංහ සහ ඩියෙඩ්‍රි ද ලිවේරා මහත්මියගේ පත්වීම් සමගය.
අකුරු ප්‍රමාණය (Font Size):

නොව ඔවුන්ගේ සුදුසුකම් සැලකිල්ලට ගනිමින් බව ආණ්ඩුව විසින් නඩත්තු කරන සමාජ මාධ්‍යය කිහිපයක්ම වාර්තාකර තිබේ.

මෙම පත්කිරීම් දෙක සම්බන්ධයෙන් විපක්ෂයේ සමාජ මාධ්‍යන්ටත් වඩා දැඩි විවේචනයක් එල්ල කර තිබුනේ ගෝඨාභය රාජපක්ෂගේ ජයග්‍රහණයට දායක වූ තරුණ කොටස්විම විශේෂ කාරණයකි.

කෙසේවුවද එවැනි විවේචනවලට ප්‍රතිචාර දක්වා ඇති අගමැති මාධ්‍ය ඒකකයේ මෙහෙයවීම මත පවත්වාගෙන යන  වෙබ් අඩවියක් මෙසේ වාර්තාවක් පළකර ඇත.

 

තිලක් වීරසිංහ – ඩියෙඩ්‍රි ලිවේරාගේ සුදුසුකම් මෙන්න

''ශ්‍රී ලංකා ගුවන්තොටුපොළ සහ ගුවන් සේවා සමාගමේ විධායක නොවන අධ්‍යක්ෂකවරුන් දෙදෙනෙකු ලෙස සිදු කළ පත්වීම් දෙකක් පසුගිය දිනවල දැඩි ලෙස කතාබහට ලක්විය.

ඒ ශ්‍රී ලංකා ගුවන්තොටුපොළ සහ ගුවන් සේවා සමාගමේ විධායක නොවන අධ්‍යක්ෂකවරයෙක් ලෙස පත් කළ තිලක් වීරසිංහ සහ ඩියෙඩ්‍රි ද ලිවේරා මහත්මියගේ පත්වීම් සමගය.

Text 14 3තිලක් වීරසිංහ මහතා පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ විවාහ වූ ලිමිනි වීරසිංහගේ පියා වූ අතර, ඩියේඩ්‍රි ද ලිවේරා රෝහිත රාජපක්ෂ විවාහ වූ ටටියානා ජයරත්නගේ මව වීම මත විවේචනයට ලක් වුනා.

කෙසේ වෙතත්  මෙම දෙදෙනාම පත් කොට ඇත්තේ විධායක නොවන අධ්‍යක්ෂකවරුන්ගේ තනතුරු වලටය. ඒ සැලසුම්කරණයේදි උපදේශාත්මක සේවයක් සිදු කිරීමටය. මෙම විධායක නොවන අධ්‍යක්ෂකවරුන්ට වැටුපක් නොගෙවන අතර රුපියල් දස දහසක (10,000/=) ඉන්ධන දීමනාවක් පමණක් ගෙවයි. 

මෙරට සංචාරක ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම ව්‍යාවසායකයෙක් වන තිලක් වීරසිංහ මහතා සංචාරක හෝටල් ජාලයක හිමිකරුවෙක්ද වේ. ඒ මහතා සංචාරක ක්ෂේත්‍රයේ රජයේ උපදේශන කමිටු වල තනතුරු හෙබවු ප්‍රථම අවස්තාව මෙය නොවේ.

පසුගිය එජාප රජය විසින් 2017 වසරේදි, හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ විසින් මෙරට සංචාරක ව්‍යාපාරය නැංවීම උදෙසා විද්වත් කමිටුවක් පත් කළේය. තිලක් වීරසිංහ එම කමිටුවේද සාමාජිකයෙක් ලෙස කටයුතු කළේය.

එලෙස සංචාරක ක්ෂේත්‍රයේ පරිනත, අත්දැකීම් බහුල ව්‍යවසාකයෙක් වන තිලක් වීරසිංහගේ උපදේශාත්මක සේවය ලබා ගැනීමට නව රජය කටයුතු කර ඇත්තේ එවැනි පසුබිමකය.

ඩියඩ්‍රි ද ලිවේරා ගුවන් තොටුපොළ පරිපාලනය පිළිබඳ වැඩිම අත්දැකීම් හා පළපුරුද්ද හිමි ශ්‍රී ලාංකික කාන්තා ව්‍යවසායිකාවයි. ඇය මින්පෙර බොහෝ ගුවන් සමාගම් වල කළමණාකරණ සහ අධ්‍යක්ෂක තනතුරු ද‍රා තිබේ.

Exel holdings ආයතනයේ අධ්‍යක්ෂක වශයෙන්ද Jetwing Air සමාගමේ කළමණාකාරිණිය ලෙසද ඇය 1990 දශකයේ පටන් කටයුතු කර තිබේ.''

(උපුටා ගැනීම අවසන්)

මේ සම්බන්ධයෙන් ජනාධිපතිවරයා මෙතෙක් කිසිදු ප්‍රකාශයක් සිදුකර නොමැති නමුත් ඒ සඳහා විශේෂ පිළිතුරක් “තිලක් වීරසිංහ මහතාගේ සහ ඩියඩ්‍රි ද ලිවේරා මහත්මියගේ පත්වීම් ගැන මඩට පිළිතුරු“ නමින් අගමැති කාර්යාලය මගින් පවත්වාගෙන යනු ලබන mahinda.info වෙබ් අඩවිය විසින් ප්‍රකාශයට පත්කර ඇත.

කෙසේ නමුත් මෙම පත්වීම් දෙක සම්බන්ධයෙන් සමාජ මාධ්‍යයේ පළවූ විවේචනාත්මක පොස්ටුවක් පහත දැක්වේ.

Image may contain: 3 people, people smiling, text that says 'ht මින්පසු ඇමතිවරුන්ට මහජන මුදලින් සංග්‍රහ බෑ.. සියලු තනතුරුවලට පත්විය යුත්තේ සුදුස්සන් පමණයි. ජනපති නියෝගයක් නාමල්ගේ මාමණ්ඩියි රෝහිතගෙ නැන්දම්මයි නියම සුදුස්සොද සෑර් ...?'

සබැඳි පුවත් :

'නෑදෑකම්වලට, හිතවත්කම්වලට නාමයෝජනා නෑ' - ජනපතිගෙන් දැඩි ප්‍රකාශයක්

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...