නරේන්ද්‍ර මෝඩි මහතා මෙවර ඉංදියාවේ අගමැති ධුරයට පත්වුයේ ජාතිවාදය උසුගැන්වීම හරහා බව පවසන සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාර මහතා, ''අපිට ඒකෙන් ඉගෙනගන්න තියෙන පාඩම ජනවර්ගික භේදය ඇවිස්සුවහොත් ඒ ඇවිස්සීමේ ප්‍රයෝජනය ගන්නේ දක්ෂිණාංශිකයා. ඒක හොඳට මතක තියාගන්න.'' යයි අවධාරණය කර සිටියි.

ඊයේ  (27) බොරැල්ල එන්.එම්. පෙරේරා කේන්ද්‍රයේ පැවති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළේය.

ඒ සම්බන්ධයෙන් අදහස් දක්වමින් ඔහු මෙසේ පැවසිය. 

'' අවසාන වශයෙන් මෝඩි දිනලා තියෙනවා. කොහොමද දිනුවේ. පොදු ජනතා බලවේගය බෙදලා. හින්දු, මුස්ලිම් වශයෙන් බෙදුවා. විශාල පොදු ජනතාවක් ඉන්නවා හින්දු ඒ වගේම විශාල පොදු ජනතාවක් ඉන්නවා මුස්ලිම්. මේ  පොදු ජනතා බලවේග එකතුවුණා නම් මෝඩි පරාජය වෙනවා. 

මෝඩිගේ තියෙන්නේ දක්ෂිණාංශික ප්‍රතිපත්තියක්. ඉහළ ව්‍යාපාරික පැළැන්තිය තමයි එයාගේ සංවර්ධන අවිය, සංවර්ධන යන්ත්‍රය. ඉහළ ව්‍යාපාරයන් එක්ක තමයි එයාගේ අර්ථික ප්‍රතිපත්තිය හදලා තියෙන්නේ. ඇමරිකාවත් එක්ක තමයි එයාගේ මිත්‍රත්වය තියෙන්නේ. ඒ නිසා මෝඩි දක්ෂිණාංශිකයෙක්. මේ දක්ෂිණාංශික  මෝඩිගේ ජයග්‍රහණය පුදුම සහගතයි. හේතුව  දීර්ඝ කාලයක් ඇති වුණු පොදු ජන කොටස්වල අහේනිය. 

අනෙක් පැත්තෙන් විශාල විරැකියාව. සමහරු කියන හැටියට සියයට හතක්. මේ විරැකියාව තත්වය ඉදිරියේ මෝඩියේ මේ ජයග්‍රහණය එකම එක සාධකයක් උඩයි තියෙන්නේ. එකක් මහා ව්‍යාපාරිකයින්ගේ මුදල්. දෙවෙනි සාධකය හින්දු වාදය. හින්දු මුස්ලිම් භේදය මැතිවරණ කොමිසමට පැමිණිලි කරලා තියෙනවා මම්තා බැනේජි මේ හින්දු මුස්ලිම් භේදය  අවුස්සලයි මෙයා මේ ඡන්ද ව්‍යාපාරය ගෙනියන්නේ  මේක ව්‍යාවස්ථා විරෝධී මේක නවත්තන්න නමුත් මැතිවරණ කොමිසම ඒක කරේ නැහැ. ''

වාසුදේව නානායක්කාර මහතා එම මාධ්‍ය හමුවේදී කල කතාව පහත පළවේ.

හැළියේ කිඹුල්ලු පැටව් ගහලා:


''ජනතා විමුක්ති පෙරමුණේ නායක සහෝදරවරුනි පළමුවෙන්ම මම හැලියේ කිඹුල්ලු ගැන කතාකරන්න කැමතියි. දෙවනුව ෂාෆි ෂිහාබ්ඩීන් දොස්තර මහත්තයා ගැන කතාකරන්න කැමතියි. ඔබට මතක ඇති දැනට වසරක පමණ පෙර ගලගොඩ අත්තේ ඥානසාර හාමුදුරුවෝ තැනින් තැන මේ මුස්ලිම්වරුන්ගෙන් ත්‍රස්ථවාදයක් මතුවෙනවායි කියාගෙන ගිය ව්‍යාපාරයට අතිරේකව ඉතා පැහැදිළිව කරුණු කාරණා සහිත ප්‍රකාශයක් විජයදාස රාජපක්ෂ ඇමතිතුමා පාර්ලිමේන්තුවේදී කරන්න යෙදුනා. 

ඒ ප්‍රකාශයේ අන්තර්ගත වූ ඒ කරුණු ගැන ප්‍රතිචාර දැක්වූ ආණ්ඩුවේ මුස්ලිම් මන්ත්‍රීවරු හා අනෙක් ඇමතිවරු කියාගෙන හිටියේ මේගොල්ලො හැලියේ කිඹුල්ලු දකිනවායි කියලා. දැන් මාස එකොළහක් දොළහක් යනකො‍‍ට හැළියේ කිඹුල්ලු පැටව් ගහලා. බොම්බ පිපිරීම බේරගන්න තිබුණා හැලියේ කිඹුල්ලු දැක්කනම්. හැලියේ කිඹුල්ලු දැක්කනම් මේ බෝම්බ පිපිරීමෙන් අපිට බේරෙන්න තිබුණා. 

එදත් මේ මුජිබර් රහුමන් මම මේ ජනවාර්ගික පදනමකින් කියනවා නෙවෙයි. ඒ මන්ත්‍රීවරයා තමයි ඉස්සරහටම පැනලා ඒ මුස්ලිම් ත්‍රස්ථවාදයක් ඇත්තේ නැහැ, මුස්ලිම් ප්‍රචන්ඩත්වයක් ඇත්තේ නැහැ. කණ්ඩායම් මෙහෙම ආයුධ සන්නද්ධ වෙන්නේ නැහැ මේවා ඔක්කොම බොරු කතා කියලා කියාගෙන හිටියේ. දැන් ඒ අය කොහොමද මේ තත්වයට උත්තර දෙන්නේ කියලා මම දැනගන්න කැමතියි.


දිවයින පුවත : ''වඳ කිරීම හරි ලේසි වැඩක්''


දෙවෙනි එක ෂාෆි ෂෙහාබ්ඩීන් දොස්තර මහත්තයා ගැන දිවයින පත්තරේ පළ වුණා ලොකු ප්‍රවෘත්තියක් ඒ කියන්නේ ගබ්සා  කිරීම් පිළිබඳව මෙච්චර සංඛ්‍යාවක් සැත්කම් කරලා තියෙනවා සිසේරියන් සැත්කම් ඒ සමගම ඒ මවුවරුන්ගේ කැමැත්ත නැතුව අහන්නෙත් නැතුව ඒ අයගේ දරුවන් ලැබීමේ හැකියාව නැතිකරලා තියෙනවා.

 වඳ කිරීමක් ඒක හරි ලේසි වැඩක් අපේ තිස්ස විතාරණ මහාචාර්ය තුමා අපට කියා දුන්නේ ඒක ඒ ගැබ්ගැනීම සිදුවෙන ඒ පැලෝපිය ටියුබ් එකේ ගැටක් දැම්මම මේ කාරණය ඉෂ්ඨ වෙනවා. මේකට වැඩි වෙලාවෙක් යන වැඩක් නෙවෙයි. අනිත් එක කරන ගමන් මේකත් කරලා දාන්න පුළුවන්. 

ඉතින් එහෙම ඒවා 8000 ක් කොහොමද කරන්නේ 4000ක් කොහොමද කරන්නේ කියලා මේ මරික්කාර්, මම නැවතත් කියනවා ඔහු ජනවාර්ගික මුස්ලිම්වරයෙක් නිසා නෙවෙයි නමුත් ඔහු තමයි හයියෙන්ම කෑගැහුවේ දොස්තර මහත්තයාට විරුද්ධව දිවයින පත්තරේ වැට්ච්ච වාර්තාවට විරුද්ධව ක්‍රියාකරන්න ඔනෙයි කියලා. කිවුවා මේ අපේ කථානායකතුමාට එතුමා කැඳවන්න ඔනෙයි මේ දිවයින කතෘවරයා මේක ලිවුවාය, මෙවැනි බොරු කතා ලියලා මේ රටේ ජනතාව අවුස්සලා මේ රටේ විශාල කෝලහලයක් අවුස්සන්න හදන ඒ ක්‍රියාදාමයට දිවයින පත්තරත් දායක වෙනවාය කියලා. 

මේවාට කිවුවේ මිත්‍යා ප්‍රචාර මේ පත්තර විකුණගන්න ගෙනියන ඒවා මගින් ඇතිකරන භයානක ප්‍රථිපල නොතකා. නමුත් අදවෙනකොට තත්වය ටිකක් වෙනස් දැන් මරික්කාර් මන්ත්‍රීතුමා නැවත ප්‍රකාශයක් කළ යුතුයි මේ වෛද්‍යවරයා සම්බන්ධයෙන් මේ වෙනකොට සොයාගෙන ඇති තොරතුරුවලින් අපිට කියන්න බැහැ ඔහු මේ පිළිබඳ යම් වරදකාරයෙක්ද කියලා දැන් තමයි එන්නේ මවුවරු. මවුවරු 20 දෙනෙක් පමණ කුරුණෑගල ප්‍රදේශයකින් ලේඛණගත වෙලා හම්බවෙන්න එන්න ඉන්නවා අපිව.

 ඒ අය මම යොමුකරනවා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ඔය පැමිණිල්ල කරගෙන. සිසේරියන් සැත්කම කරා දරුවො ලැබුනේ නැහැ. දරුවො ලබන්න උවමනාව තිබුණා. මේක කොහොමද වෙන්න පුළුවන් කියන එක හොයා ගන්න පුළුවන්. 

අපේ තිස්ස විතාරණ මහචාර්යවරයා කිවුවා වගේ ඒක බොහොම ලේසි වැඩක්. පැලෝපියන් ටියුබ් බැඳලද නැද්ද? ක්ලිප් කරලද නැද්ද? ඉතින් මේවා හොයාගෙන යනකොට ඇත්තටම මවුවරුන්ගේ කැමැත්කත් නැතුව මේ වෛද්‍යවරයා මෙවැනි ක්‍රියාදාමයක නියැලුනාද නැද්ද? එහි යම් වර්ගවාදී සැලසුමක් තිබුණාද නැද්ද? මෙන්න මේවා එළිදරවු කර ගැනීම ඉතා වැදගත්. 

තවුහිද් සංවිධානයට මොහුගේ සම්බන්ධකමක් තිබුණත් මේවා හොයාගෙන යනවා. මොහු විශාල වත්කම් තියන පුද්ගලයෙක් බවට පත්වෙලා ඉතා ඉක්මනින් අපේ බදුර්දින් ඇමතිතුමා වගේම මෙතුමා ඉක්මනින්ම මුදල් සම්පත් හම්බකරගත්ත එක්කෙනෙක් වෙලා. ඒවායෙත් පසුබිම හොයාගෙන යනවා එකිනෙකට සම්බන්ධ නිසා.


''225ම එපා කියලා මතයක් හදන්නෙ යූඑන්පී එකෙන්''


දැන් මම කැමතියි කියන්න. පළමුවෙන්ම මේ 225 ම එපා. දේශපාලනයත් එපා. මේ අලුත් මතයක් මේ රටේ ගොඩනගන්නේ අද මහාචාර්ය තිස්ස විතාරණ සහෝදරයා කිවුවා වගේ මේ රටේ අසමත් වෙලා තියෙන්නේ අසාර්ථක වෙලා තිනේනෙ යූඑන්පී ආණ්ඩුව. දැන් යූඑන්පී ආණ්ඩුව අසමත් වුණාම  පාර්ලිමේන්තුවම එපා 225ම එපා කියලා මතයක් ගොඩනගන්න හදන්නෙත් යූඑන්පී එකෙන්. 

මේක යූඑන්පී එක හැංගිලා ඉඳගෙන ගොඩනගන්න හදන මතයක්. ඔවුන් අසමත්වෙලා තියෙනවා ඔවුන්ට විරුද්ධව ලොකූ ජනමතයක් කියෙනවා. පළාත්පාලන ඡන්දයෙන් අපි ඒක දැක්කා. ඉදිරියේදී එන්නාවූ ඡන්දයකින් වෙන්න පුළුවන් අවසාන ප්‍රතිඵලය ඔහු දකිනවා. 

ඒ නිසා මේ ඡන්ද ක්‍රමයම එපා. මේ පාර්ලිමේන්තුවත් එපා. මේ දේශපාලනයත් එපා කියන හඩක් යටින් නංවන්නට එක්සත් ජාතික පක්ෂය ක්‍රියාත්මක වෙලා තියන බව අපි කිව යුතුයි. 

දැන් මොකටද එක්සත් ජාතික පක්ෂය එහෙම කරන්නේ. මේ රටේ එක්තරා විදිහකට ඡන්ද නැති දේශපාලනය නැති එහෙත් දේශපාලන උවමනාවෙන් ඇති කරන ආණ්ඩු පාලන තන්ත්‍රයක් ඇති කිරීමට. දැන් දේශපාලනයක් ඔනෙ නැහැ. අපි ඔක්කොම එකතුවෙලා ආණ්ඩුවක් හදාගමු. ඒ ආණ්ඩුව මේ ඡන්ද නොතියා දිගටම යන ආණ්ඩුවක් හදාගමු. කවුරුත් එකඟවෙන වැඩපිළිවෙලක් හදාගමු. එතකොට දේශපාලනයත් නෑ ඡන්දත් නෑ අපිට හොඳට රට සංවර්ධනය කරගෙන යන්නත් පුළුවන්. 


මිලින්ද - බ්ලේක් හා ගෝඨා සන්ධානය !

Milinda
                                                            ''මෙච්චර කාලයක් 225ම එපා පාර්ලිමේන්තුවත් එපා කියාගෙන ආව ඒ සැබෑ මූලය දැන් අපිට පේනවා.'' 



මෙන්න මේ යෝජනාව තමයි දාන්නේ. දැන් මේ යෝජනාවේ න්‍යායාචාර්යවරයා ඊයේ එළියට ආවා 'දී අයිලන්ඩ්'  ඉරිදා පත්තරෙන්. මිලින්ද මොරගොඩ මහතා තමයි අර රොබට් බ්ලේක් හිටපු ඇමරිකන් තානාපතිවරයා මේ රටේ යුද්ධය තිබුණ සමයේ ඔහු ලංකාවට ආවා පහුගිය දවස්වල. දැන් කොම්පැණියක වැඩ. නමුත් ඔහුගේ දේශපාලන උනන්දුව අඩු නැහැ. ඔහුගේ සත්කාරකයා වුණේ මිලින්ද මොරගොඩ මහතා. 

ඒ බ්ලේක් කියන කෙනා මෙහේ හිටපු දිනවල සාකච්ඡා සභා කිහිපයක් පැවැත්වුවා. එහිදී ඔහු ප්‍රසංශාවකුත් කරලා තිබුණා ගෝඨාභය මහත්තයාට. ඒක එක්තරා ඇඟවීමක් ගෝඨාභය මහත්තයත් ඇතුළත් වූ එකතුවක් තමයි හැදෙන්න ඔන කියන අදහස. 

දැන් ගෝඨාභය මහත්තයා මේ පැත්තෙන් මතුවේගෙන එනවා අපේක්ෂකයෙක් හැටියට. එක්සත් ජාතික පක්ෂයට අපේක්ෂකයෙක් නැහැ. තාම මතුවෙලාවත් මතුවෙන්න හදලා වත් නැහැ. මේ තත්වය තුළ එක්තරා විදිහකට මේ මිලින්ද මොරගොඩ මහතා කියන්නේ දැන් ඉතින් පක්ෂ පාට බේද එපා. සියළු පක්ෂ හරහා සියළුදෙනා එක්තැන් කරපු ආණ්ඩු පාලනයක් අපි හදමු. ඒකෙන් රැඩිකල් පියවරයන්ට අපි යන්න ඔනේ. එහෙම නැත්නම් ආර්ථිකය ගොඩනගාගන්න බැහැ. 

මේ රටේ දැන් සමාජය කැබලි වෙලා සමාජයේ එකලස්භාවය නැති වෙලා. මේ තත්වය අපි නැවත ප්‍රකෘතිමත් කරගන්න නම් මේ ඡන්ද නැති පක්ෂ නැති  සියළුදෙනා එකතු වූ පොදු පාලනයක් හැදිය යුතුයි. දැන් ඔබට පේනවා මෙච්චර කාලයක් 225ම එපා පාර්ලිමේන්තුවත් එපා කියාගෙන ආව ඒ සැබෑ මූලය දැන් අපිට පේනවා. 

රොබට් බ්ලේක් මේ ලංකාවට කැඳවාගැනීමට සත්කාරකයා වූ මේ මිලින්ද මොරගොඩ මැතිතුමා එතුමා කියලා තියෙනවා මෙන්න මේ විදිහේ පියවරයන් අපි ගත යුතුයි. එහිදී පළවෙනි පියවර වශයෙන් ඔහු යෝජනා කරන්නේ පක්ෂ භේද අතර තිබෙන්නා වූ තත්වය යම් විදිහකට අවසන් කර ගන්නයි. ඒකේ අනික් විස්තරවලට මම යන්නේ නැහැ.


අගමැති ආරක්ෂක මණ්ඩලයට නොයාම :


ඊළඟට මම පෙන්වන්න කැමතියි එක පැත්තකින් ඇමරිකානු එක්සත් ජනපදයේ උවමනාවක් තියෙනවා ලංකාවේ ස්ථානගත වෙන්න ඒක රහසක් නෙවෙයි. ඒකත් නැගෙනහිර කලාපයේ ස්ථානගතවෙන්න. ඒකත් ඇමරිකාවෙන් එන තොරතුරුවලින් ඒක ඔප්පුවෙලා තියෙනවා.

 ඊළඟට මේ රටේ මේ බෝම්බ පිපිරවීමක් ඇති වුණා. මේ අපේ රනිල් වික්‍රමසිංහ මහත්තයාට එන්න දුන්නේ නැහැලු ආරක්ෂක මණ්ඩලය. එතුමා නමුත් කාටවත් ඒක කිවුවේ නැහැ. මට ආරක්ෂක මණ්ඩලයට එන්න දුන්නේ නැහැ ආරාධනය කළේ නැතෙයි කියලා. හේතුව ජනාධිපතිතුමා කිවුවා ආරක්ෂක මණ්ඩලයේ කතාකරන ඒවා පත්තරවලට දෙනවාය කියලා. ඒක නිසා මෙයාව ගෙන්නන්න බැහැ. 

දැන් එයාව ආරක්ෂක මණ්ඩලයට ගෙන්නුවේ නැහැයි කියලා එයා කොහෙවත් කිවුවේ නැහැනේ. දැන් මට ආරාධනා කරන්නේ නැහැ. මේක වැරදි  මම අගමැති  මට ආරධානා කරන්න ඔන. ඔන්න ලංකාවේ මොනවා හරි වුණොත් ආරක්ෂාවට හානි වෙන ඔන්න මම නැහැ. එහෙම  කිවුවද? එහෙම කිවුවේ නැහැ. 

එහෙම කියන්නේ නැතුව ඔහුව නොකැඳවීම භාර අරගෙන හිටියා. එතකොට ආරක්ෂක මණ්ඩලයට ලැබුන තොරතුරු ලැබුනා නම් ඒ තොරතුරු ගැන මේ අගමැතිවරයා දැනගෙන හිටියේ නැහැයි කියලාද කියන්නේ. මේ පොලිස්පතිතුමා දැනගෙන හිටියා නම් හිටපු ඒ පොලිස්පතිතුමා හා අගමැතිතුමා අතර තියෙන සම්බන්ධය කවුරුත් දන්න රහසක්. ඒ නිසා මම හිතන්නේ දැන් අගමැතිතුමා මේ කෝලහලයට හේතුව  උඩ තිබුණු පිපිරීම දැනගෙන හිටියා. ඒ ගැන ඔහු කා ගැනවත් අණතුරු අඟවලා කාවවත් ඒ පිළිබඳ යොමු කරේ නැහැ.


ඇමරිකාවට තියෙන උනන්දුව !


දැන් ඊලඟට මම පෙන්වන්න හදන්නේ ඇමරිකාවට තියෙන උනන්දුවත් ලංකාවට මැදිහත්වෙන්න. ඒකට මැදිහත් වෙන්න නිමිත්තක් ඔනේ. දැන් කෝලහාලේ ඇවිලුනා නම් ලංකාවේ කොච්චර දුරදිග යන්න පුළුවන්ද කියලා අපි කාටත් හිතාගන්න පුළුවන්. ඇයි? මේ තිබුණු ආයුද ප්‍රමාණය. මේ දැනුත් හසුවෙන විවිධ ජාලයන් මේ කෝලාහලය ඇවිලුනා නම් ලේසි පහසු තත්වයක් ඇතිවෙන්නේ නැහැ ලංකාවේ. 

ලංකාවේ භයානකම ලේ වැගිරීම සිද්ධ වෙනවා විශාල කෝලහලයක්. ඒවගේම විශාල සරණාගතයින් ප්‍රමාණයක් වැඩි වෙනවා නැගෙනහිර පළාතේ තමන්ගේ ආරක්ෂාව පතාගෙන යන. ඒ වගේම අයිඑස්අයිඑස් සංවිධානය එබඳු කෝලහල තත්වයක් යටතේ සෘජුව මැදිහත් වෙන්නත් තිබුණා. එම සෘජුව මැදිහත්වෙන්න ඉඩ තිබෙනවාත් සමගම ඔන්න එනවා ඇමරිකන් හමුදාව මේ අයිඑස්අයිඑස් සංවිධානය මෙල්ල කරන්න. 

මෙන්න මෙහෙමයි සීන් එක හදලා තිබුනේ. නමුත් සීන් එක වැරදිලා දැන් කෝලහලය ඇති වුණේ නැහැ. දිගන උත්සාහ කළා. කවුද උත්සාහ කළේ? දිගන කෝලහලය ඇති කරන්න ඝාතනය සැලසුම් කළා මේවා ඔක්කොම එකිනෙකට සම්බන්ධයි. ඒ නිසා ඝාතනය වැළැක්වෙනකොට කෝලහලය හරහා ලංකාවට අයිඑස්  කණ්ඩායම්වල මැදිහත්වීම මර්ධනය කරන්න ඇමරිකන් හමුදාව ගෙන්වා ගැනීමේ සැලැස්ම මේ සැලැස්ම  තුළ තිබුණාය කියන එකයි අපි කියා හිටින්නේ. 

දැන් අපි බලන්න ඔන මේක සත්‍යයක්ද ජාත්‍යන්තර වශයෙන් කියලා. දැන් අර තිස්ස මහාචාර්ය සහෝදරයා කිවුවා වගේ  සල්මාන් රජතුමා කියලා තියෙනවා දැන් කොමියුනිස්ට්වාදය නවත්වන්න වලක්වන්න අපිට කිවුවා ඇමරිකාව වහබිවාදයත් ත්‍රස්ථවාදයත් සංවිධානය කරන්න කියලා. ඒක මම දැක්කා පත්තරේක ලියවිල්ලක තිබුණා අයුබ්ගේ. ඔහු කියලා තිබුණා මොන මූලයෙන්ද ඒක හොයාගත්තේ කියලා. පෙරේදා පත්තරෙන්. 


කොමියුනිස්ට්වාදයට විරුද්ධව වහබිවාදය:


එතකොට ඇමරිකාවයි සවුදි ආරාබියාවයි ළඟම මිත්‍රයෝ. ඒ දෙගොල්ල එකට වැඩ කරන්නේ. එතකොට ඇමරිකාවට උවමනායි කොමියුනිස්ට්වාදයට විරුද්ධව වහබිවාදය ඒ වගේම කොමියුනිස්ට් පාලනයට විරුද්ධව කවුරුද් දන්නවා ත්‍රස්ථවාදය බින් ලාඩන් ගැන කිවුවා. එතකොට මේවා එන්නේ කොහෙන්ද කියන එක ඒවායේ මූලයන් අපිට පැහැදිළි. 

ඉතින් ඒ නිසා අපි තේරුම්ගන්න ඔන මේ වෙලාවේ ගල්ෆ් ප්‍රදේශයේ තිබෙන උනුසුමත් ඉරාණයේ හොරමස් මුහුදු තීරුවට ඇමරිකන් යුද නැව් යමින් තියෙනවා. ඉරානය ඊට විරෝධය පළකරමින් තිබෙනවා. ඊළඟට චීනයත් එක්ක විශාල ආරවුලක් යනවා, රේගු බදු පිළිබඳව රේගු බදු වැඩිකරමින් යනවා. මේ දෙගොල්ල අතරේ විශාල වෙළෙඳ යුද්ධයක් ආරම්භ වෙලා තියෙනවා. ඒ තත්වය යටතේ දකුණු චීන මුහුදට ඇමරිකන් නාවුක බලය හෙමිහිට සේන්දු කරමින් තිබෙනවා. 

මේ තත්වය යටතේ ලොකු උනුසුමක් තියෙනවා චීන මුහුදු කළාපයෙත් මේ මැදපෙරදිග කළාපයේත්. මේ තත්වය යුද්ධෙකට යනවා කියලා අපි කියනවා නෙවෙයි. නමුත් මේ තත්වය ඇති වී තිබෙන්නේ ඇමරිකාව හා සවුදි ආරාබියාව එකතුවී ‌ගෙනියන්නාවූ වැඩ පිළිවෙල තුළ. මේ තත්වය යම් ආකාරයකට වඩාත් බරපතල් වෙනවා නම් ලංකාව භෞතික පිහිටීම අතින් අත්‍යාවශ්‍යයි  ඇමරිකන් හමුදාවලට. 

ඒ නිසා මේ කෝලහලය මේ පිපිරීම්  මේ විදිහට ඇති වෙන්නට ඉඩ සලස්වලා සවුදියේ මෙහෙයුමෙන් මේ රටේ වහබිවාදයත් ඒ වගේම මේ ත්‍රස්ථවාදයත්  ඊට පිළිතුරු වශයෙන් ඇමරිකාව ගෙන එන  තමන්‌ගේ හමුදා බලයත් මේවා එකිනෙකට සම්බන්ධ වෙන ආකාරයට සැලසුම් කරපු ඒ මුළු වැඩපිළිවෙල අද පරාජය වෙලා තිබෙනවා.


මෝඩි දිනුවේ කොහොමද ? 


ඒකයි මම කියන්නේ අවසාන වශයෙන් මෝඩි දිනලා තියෙනවා. කොහොමද දිනුවේ. පොදු ජනතා බලවේගය බෙදලා. හින්දු, මුස්ලිම් වශයෙන් බෙදුවා. විශාල පොදු ජනතාවක් ඉන්නවා හින්දු ඒ වගේම විශාල පොදු ජනතාවක් ඉන්නවා මුස්ලිම්. මේ  පොදු ජනතා බලවේග එකතුවුණා නම් මෝඩි පරාජය වෙනවා. 

මෝඩිගේ තියෙන්නේ දක්ෂිණාංශික ප්‍රතිපත්තියක්. ඉහළ ව්‍යාපාරික පැළැන්තිය තමයි එයාගේ සංවර්ධන අවිය, සංවර්ධන යන්ත්‍රය. ඉහළ ව්‍යාපාරයන් එක්ක තමයි එයාගේ අර්ථික ප්‍රතිපත්තිය හදලා තියෙන්නේ. ඇමරිකාවත් එක්ක තමයි එයාගේ මිත්‍රත්වය තියෙන්නේ. ඒ නිසා මෝඩි දක්ෂිණාංශිකයෙක්. මේ දක්ෂිණාංශික  මෝඩිගේ ජයග්‍රහණය පුදුම සහගතයි. හේතුව  දීර්ඝ කාලයක් ඇති වුණු පොදු ජන කොටස්වල අහේනිය. 

අනෙක් පැත්තෙන් විශාල විරැකියාව. සමහරු කියන හැටියට සියයට හතක්. මේ විරැකියාව තත්වය ඉදිරියේ මෝඩියේ මේ ජයග්‍රහණය එකම එක සාධකයක් උඩයි තියෙන්නේ. එකක් මහා ව්‍යාපාරිකයින්ගේ මුදල්. දෙවෙනි සාධකය හින්දු වාදය. හින්දු මුස්ලිම් භේදය මැතිවරණ කොමිසමට පැමිණිලි කරලා තියෙනවා මම්තා බැනේජි මේ හින්දු මුස්ලිම් භේදය  අවුස්සලයි මෙයා මේ ඡන්ද ව්‍යාපාරය ගෙනියන්නේ  මේක ව්‍යාවස්ථා විරෝධී මේක නවත්තන්න නමුත් මැතිවරණ කොමිසම ඒක කරේ නැහැ. 

අපි ඒකෙන් ඉගෙනගන්න තියෙන පාඩම ජනවර්ගික භේදය ඇවිස්සුවහොත් ඒ ඇවිස්සීමේ ප්‍රයෝජනය ගන්නේ දක්ෂිණාංශිකයා. ඒක හොඳට මතක තියාගන්න.

ලංකාවේ සිංහල බෞද්ධ ඉස්ලාමීය දෙමළ හින්දු ආදී වශයෙන් ඉන්නා වූ ජනයා ශ්‍රී ලාංකීය ජාතියක් හැටියට අන්න ඒ පදනමේ ජාතිකවාදයක් උඩ ලංකාවේ අධිරාජ්‍යවාදයට විරුද්ධව මේ රටේ ජනතාව ඒකරාශී කිරීම පුළුවන්. එබඳු ඒකරාශී වීමක් තුළ තමයි ලංකාවේ ලාංකීය ජාතිය හැදෙන්නේ.

 අද අධිරාජ්‍යවාදය නිසා අධිරාජ්‍යවාදීන්ගේ මෙහෙයුම් නිසා යූඑන්පී බලය නිසා මේ රටට වෙච්ච විපත බලාගන්න එක අමාරුවක් නෙවෙයි. ආයිත් ඉලක්කම් අපි කියන්න ඔන නැහැ. අවුරුදු දහයක් මහින්දගේ පාලනය මේ රටේ ඇති කරපු වෙනස  යුද්ධය අවසන් කිරීමත් එක්ක වර්ධනය යටිතල පහසුකම් ඒ වගේම මිනිස්සුනගේ එදිනෙදා තිබුණු ආදායම් මට්ටම ඒක පුද්ගල ආදායම මේ ඔක්කොම එකට ගත්තම ඒ කාලයේ ඉඳලා මේ අවුරුදු හතරක කාලය තුළ ඇති වෙච්ච පරිහානිය ඔනම අන්ධයෙකුට පවා පේනවා. 

ඒ නිසා මේවා විස්තර කරන් ඔන නැහැ මේ තත්වය යටතේ අපිට ජාතිකවාදය තියෙන්නේ ලාංකික ජාතිකවාදයක් අපිට සිංහල බෞද්ධ ජාතිකවාදය නෙවෙයි ඉන්දියාවේ හින්දුන්වාදය, ඊට වඩා වෙනස් අපේ. අනිත් එක අපේ ජාතිකවාදය යූඑන්පී එකට ගන්න බැහැ අතට. 


''සෝෆා ගිවිසුමෙන් ලංකාවේ ස්වෛරීභාවය ඉවරයි''


ඇයි යූඑන්පී එක ඇමරිකාවත් එක්ක ගෙනියන එකඟත්වය උඩ ලසඳා කුරුකුලසූරිය කියන ඒ කතෘවරිය අද ලිපියක් ලියලා තියෙනවා අයිලන් පත්තරේ ඒකේ තියෙන්නේ ලංකාවේ ස්වෛරීභාවය ඉවරයි මේ සෝෆා ගිවිසුම අත්සන් කළොත්.  සෝෆා ගිවිසුම කියන්නෙ හමුදාවන්‌ගේ තත්වය පිළිබඳ ගිවිසුම. මේක අත්සන් කළොත් ලංකාවේ ස්වෛරීභාවය ඉවරයි. එබඳු ඉතා දීර්ඝ කරුණු සහිත ලිපියක්.

 ඒ නිසා එක්සත් ජාතික පක්ෂයට බැහැ අධිරාජ්‍ය විරෝධී වෙන්න. අධිරාජ්‍ය විරෝධී ශ්‍රී ලාංකීය ජාතිත එක්සත් කම උඩ තමයි අපේ ජාතිකවාදය යන්නේ. අපේ වමේ බලවේග ජාතිකවාදී බලවේග අපි එකට එකතුකරගෙනයි යන්නේ ප්‍රජාතන්ත්‍රවාදී බලවේග අපි එකට එකතුකරගෙනයි යන්නේ.  මේ එකතුව තුළ ජාතිකවාදී බලවේග අපි හසුරුවාගන්නේ අධිරාජ්‍ය විරෝධී ශ්‍රී ලාංකීය ජාතික බලවේගයක් හැටියට. 

ඒ වගේම එක්සත් ජාතික පක්ෂය මෝඩි කළා වගේ අද මෙහේ මුස්ලිම්වරු අතර සිංහල බෞද්ධයින් අතර මේ ඇති කරන්න හදන භේදය මේ කෝලාහලය ඇත්තවශයෙන්ම මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය නැති කිරීමට ගෙනියන උපායක්. ඒ වගේම මේ රටේ දේශපාලනය  මේ තියෙන ව්‍යාස්ථාව පිටතට ඇදගැනිමට ගෙනියන උපායක්. මේ රටේ අරාජික තත්වයක් ඇති කිරීමට ගෙනියන උපායක්. ඇමරිකන් හමුදා ගෙන්වා ගැනීමට ගෙනියන උපායක්.

 මේවා සියල්ලම හරිආකාරව අවබෝධ කරගෙන අපේ පොදුජන පෙරමුණ නැගිටිය යුතුයි. අපේ පොදුජන පෙරමුන තවම නැගිටලා නැහැ. පොදුජන පෙරමුණ නැගිටලා මෙන්න මේ ජාතික කොඩියත් එක අතින් අරගෙන අනිත් අතින් මේ රටේ සුබසාධනය කොඩියත් අරගෙන මේ ආණ්ඩුවට විරුද්ධව ඡන්දයක් ඉල්ලන ඒ මහා ගැම්ම ව්‍යාපාරය තවම ආරම්භ වෙලා නැහැ. අන්න ඒක ගැන අපේ පොදුජන පෙරමුණට අපේ විවෘත ආයාචනාව කරමින් මා නිහඩ වෙනවා.''

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්