The Leader News
BREAKING
ප්‍රවීණ ඡායාරූප මාධ්‍යවේදී තිලක් පෙරේරා දැයෙන් සමුගනී●විශ්‍රාමික වැටුප් අර්බුදය ගැන විපක්ෂ නායකගෙන් අනාවරණයක්●ඇත් ඝාතන නඩු සකසන දුර්වලතා ගැන මහාධිකරණයෙන් රතු එළියක්●විප්ලවය සහ පාලනය ගැන මිලින්දගෙන් අනතුරු ඇඟවීමක්●හරිත විදුලි ලිපිගොනු හිරවෙද්දී ඩීසල් මාෆියාවෙන් බිල ඉහළට●චීන යුවාන් ගිණුම් පියවීම: ආර්ථික ස්වාධීනත්වයට නව අභියෝගයක්ද?●ජාතික විදුලිබල පද්ධතියේ බිඳවැටීම: තාක්ෂණික ගැටලුවක්ද, කළමනාකරණ දුර්වලතාවක්ද?●මහජන බැංකුවේ දැවැන්ත ලාභය යට සැඟවුණු අවදානම●වසර 20ක ආර්ථික දැක්මක්: එජාප ‘හරිත පත්‍රිකාව’ කරළියට●සංවිධානාත්මක අපරාධ පනත ගැන නාමල් සහ හර්ෂණ පාර්ලිමේන්තුවේදී මුහුණට මුහුණ●
Top Ad
පුවත්

මංගලගේ ලිපියට පිළිතුරක්: ''ජනාධිපති ලේකම්ගේ ලිපිය 'යන්නේ කොහෙද මල්ලේ පොල්' කතාවක්''- මංගලගෙන් ට්විටර් පණිවිඩයක්!

T

The Leader Desk

May 1, 2020 • 4:23 AM

මංගලගේ ලිපියට පිළිතුරක්: ''ජනාධිපති ලේකම්ගේ ලිපිය 'යන්නේ කොහෙද මල්ලේ පොල්' කතාවක්''- මංගලගෙන් ට්විටර් පණිවිඩයක්!

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ''යන්නේ කොහෙද මල්ලේ පොල් ' කතාවක් බව හිටපු මුදල් අමාත්‍ය මංගල සමරවීර පවසයි.
  • හිටපු මුදල් ඇමතිවරයා එබව සඳහන් කර ඇත්තේ, ට්විටර් පණිවිඩයක් නිකුත් කරමිනි.
  • උද්ගතව ඇති අර්බුදය ව්‍යවස්ථානුකූලව විසඳීම සහ රාජ්‍ය වියදම් අනුමත කිරීම සඳහා පාර්ලිමේන්තුව යළි රැස්කරන ලෙස ඔහු එම ලිපිය මගින් ජනාධිපතිවරයාගෙන් ඉල්ලා තිබිණ.
  • එසේ, මංගල සමරවීර විසින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ වෙත යොමු කර තිබු ලිපියට පිළිතුරක් ජනාධිපති ලේකම්වරයා විසින් ඊයේ පස්වරුවේ (අප්‍රේල් 30 ) මාධ්‍ය වෙත මුදා හැර ඇත.
අකුරු ප්‍රමාණය (Font Size):

''යන්නේ කොහෙද මල්ලේ පොල් ' කතාවක් බව හිටපු මුදල් අමාත්‍ය මංගල සමරවීර පවසයි.

හිටපු මුදල් ඇමතිවරයා එබව සඳහන් කර ඇත්තේ, ට්විටර් පණිවිඩයක් නිකුත් කරමිනි.

කොරෝනා වසංගත තත්ත්වය හමුවේ රටත් ජනතාවත් මුහුණ දී සිටින අතිශයින් ම පීඩාකාරී අර්බුද මැද, අප්‍රේල්  30 දිනයෙන් ඔබ්බට රාජ්‍ය වියදම් අනුමත කිරීම ව්‍යවස්ථානුකූලව ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් පැනනැගී ඇති බරපතල මුල්‍ය අර්බුදය විසඳා ගැනීම සඳහා වූ යෝජනා ඇතුලත්ව ලිපියක් මංගල සමරවීර විසින් අප්‍රේල් 28 දා  පස්වරුවේ ජනාධිපතිවරයා වෙත යොමුකර තිබිණ.

උද්ගතව ඇති අර්බුදය ව්‍යවස්ථානුකූලව විසඳීම සහ රාජ්‍ය වියදම් අනුමත කිරීම සඳහා පාර්ලිමේන්තුව යළි රැස්කරන ලෙස ඔහු එම ලිපිය මගින් ජනාධිපතිවරයාගෙන් ඉල්ලා තිබිණ.

එසේ, මංගල සමරවීර විසින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ වෙත යොමු කර තිබු ලිපියට පිළිතුරක් ජනාධිපති ලේකම්වරයා විසින් ඊයේ පස්වරුවේ (අප්‍රේල් 30 ) මාධ්‍ය වෙත මුදා හැර ඇත.

 

මංගලගේ ට්විටර් සටහන : අභිනව පාර්ලිමේන්තුව කැඳවන දිනය කවද්ද?  

ජනාධිපති ලේකම්වරයාගේ එම පිළිතුරු ලිපියට ඊයේ (අප්‍රේල් 30) පස්වරුවේ වහාම ප්‍රතිචාර දක්වා ඇති මංගල සමරවීර හිටපු මුදල් අමාත්‍යවරයා සිය ට්විටර් ගිණුමේ මෙසේ සඳහන් කර තිබේ.

''අතිගරු ජනාධිපතිතුමාට මා විසින් යවන ලද ලිපියට ලේකම් පි.බී. එහි ඇති වැදගත් ව්‍යවස්ථාමය ප්‍රශ්න මග හරිමින් “කොහෙද යන්නේ - මල්ලේ පොල්” පන්නයේ ප්‍රතිචාරයක් ලබා දී ඇත.

150 (3) වගන්තිය ප්‍රකාරව ජනාධිපතිවරයාට හිතෙන පරිදි කටයුතු කිරීමට හිස් චෙක්පතක් නොලැබන බව මම නැවත කියමි. ඔහුට මුදල් වෙන් කළ හැක්කේ “අභිනව පාර්ලිමේන්තුව රැස්වීමට කැඳවූ දිනයේ සිට” මාස 3 ක් ඉකුත් වන තෙක් පමණි. අභිනව පාර්ලිමේන්තුව කැඳවිය යුතු දිනය කුමක්ද?''

mangala twite

 

ව්‍යවස්ථාවේ සඳහන් වන්නේ කුමක් ද ?

SL Act 150 3

 

ජනාධිපති ලේකම් කියන්නේ කුමක් ද ?

මංගල සමරවීර හිටපු මුදල් අමාත්‍යවරයා විසින් ජනාධිපතිවරයා වෙත ඉදිරිපත් කර තිබු ලිපිය හිටපු කතානායක, හිටපු විපක්ෂ නායක ඇතුළු විපක්ෂයේ පක්ෂ නායකයින් කිහිප දෙනෙකුද යොමු කර තිබීම හේතුවෙන් ජනාධිපති ලේකම්ගේ පිළිතුරු ලිපිය ඔවුන්ටද,  පිටපත් සහිතව  යොමු කර ඇත.

අදාළ ලිපිය මගින් පෙන්වා දෙන්නේ මංගල සමරවීර විසින් යොමු කළ ලිපිය වැරදි තොරතුරු රාශියක් මත පදනම් වී ඇති බවයි.

නව ලිබරල්වාදී සමාජ ආර්ථික දර්ශනය ප්‍රතිපත්තිය කොට ගත් හිටපු මුදල් අමාත්‍ය මංගල සමරවීර, මැතිවරණය පවත්වා ජනතා ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් තහවුරු කිරීමට ප්‍රමුඛත්වය නොදෙන්නේ මන්දැයි ජනාධිපතිවරයා කණස්සල්ල පළ කරන බව ද ජනපති ලේකම්වරයා සිය ලිපියේ දක්වා තිබේ.

 

නිරීක්ෂණ 7 ක් යටතේ කරුණු සඳහන් කරමින් ජනාධිපති ලේකම්වරයා හිටපු මුදල් ඇමතිවරයාට යොමුකර ඇති ලිපිය මෙසේය:

ගරු මංගල සමරවීර මැතිතුමනි,

උද්ගතව ඇති අර්බුදය ව්‍යවස්ථානුකූලව විසඳීම සඳහා සහ රාජ්‍ය වියදම් අනුමත කිරීම සඳහා පාර්ලිමේන්තුව යළි රැස්කරන මෙන් ඉල්ලීම.

ඔබ විසින් 2020-04-28 දින ඉහත මැයෙන් අතිගරු ජනාධිපතිතුමා වෙත අමතන ලද ලිපිය හා සම්බන්ධවයි.

එම ලිපියේ අන්තර්ගත කරුණු, වැරදි තොරතුරු රාශියක් ගොනුකර සකස් වී ඇති බව නීරීක්ෂණය වන බවත් හා හිටපු මුදල් අමාත්‍යවරයා වශයෙන් එවැනි ලිපියක් ඉදිරිපත් කිරීම කනගාටුදායක කරුණක් බවත් ඔබ වෙත දන්වන ලෙස අතිගරු ජනාධිපතිතුමා මා වෙත උපදෙස් දී ඇත.

එම ලිපියේ අන්තර්ගත කරුණු රැසක් අධ්‍යයනය කිරීමේදී පහත සඳහන් නිරීක්ෂණයන්ට එළඹීමට ද සිදු විය.

  1. ඔබ දන්නා පරිදි 2015 බලයට පත් වූ රජයට දින 21කින් අයවැයක් ඉදිරිපත් කිරීමට හැකිවූයේ 2015 වර්ෂය සඳහා 2014 ඔක්තෝබර් මස විසර්ජන පනත හා අදාළ අයවැය ඇස්තමේන්තු සම්මත වී තිබූ පරිසරයක් තුළ බව සදහන් නොවීම.

  2. 2015 සිට 2019 දක්වා ඔබ හා ඔබට පෙර සිටි මුදල් ඇමතිවරයා විසින් පරිපූරක ඇස්තමේන්තු රාශියක් සෑම වර්ෂයකම ඉදිරිපත් කළ අතර අයවැය යෝජනා සඳහා අදාළ නීති කෙටුම්පත්ද පාර්ලිමේන්තුව විසින් නීතිමය තත්ත්වයන්ට පත්කර නොතිබුන බව.

  3. 2019 සඳහා අනුමත විසර්ජන පනත හා අයවැය ඇස්තමේන්තු තිබියදීත් නොගෙවූ බිල්පත් ප්‍රමාණය රුපියල් බිලියන 182ක් වූ අතර ඒ හිඟ මුදල් පොහොර, ඖෂධ, වැඩිහිටි සහන හා විවිධ ඉදිකිරිම් සඳහා එම භාණ්ඩ හා සේවා සැපයුම්කරුවන්ට නොගෙවා තිබුණ බව සඳහන් නොවීම

  4. රු.බි. 211ක විදේශ ණය ලබාගෙන අනුමත ප්‍රතිපාදන නොමැතිව ඒවා වියදම් කර තිබුණද රාජ්‍ය ගිණුම්වලට ඇතුළත් නොකර ඇති බව

  5. ජාතික ආදායමේ වර්ධනය සියයට 5ක සිට සියයට 2.5 දක්වා වාර්ෂිකව දුර්වලවීම, රාජ්‍ය ණය හා අයවැය හිඟයන් වැඩිවීම ගැන හිටපු මුදල් අමාත්‍යවරයා වශයෙන් පැහැදිලි කිරීම් ලිපියේ ඇතුලත් කර නොතිබීම,

  6. හම්බන්තොට වරාය වැනි ජාතික වත්කම් විකුණා දැමුවද, එයින් ලද විදේශ මුදල් වලින් විදේශ ණය නොපියවීම ගැනද, ETI වැනි මූල්‍ය සමාගම් කඩාවැටී තැන්පත්කරුවන් අසරණභාවයට පත්වීම ගැනද කිසිදු සඳහනක් නැති බව

  7. පාර්ලිමේන්තුව විසුරුවන අවස්ථාවක විසර්ජන පනතක් සම්මත වී නැත්නම් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 150(3) යටතේ ජනාධිපතිවරයාට අතුරු සම්මත ගිණුමක් මගින් අලුත් පාර්ලිමේන්තුවක් රැස්වී මාස3ක කාලයක් සඳහා වියදම් කිරීමේ බලය පැවරී ඇති බවත් එය මීට පෙරද විසර්ජන පනතක් සම්මත වීමට පෙර පාර්ලිමේන්තුව විසුරුවා හැර ඇති සෑම අවස්ථාවකදීම ක්‍රියාත්මක කර ඇති අයවැය නීති රාමුව බව විශේෂයෙන් හිටපු මුදල් අමාත්‍යවරයා වශයෙන් ඔබ දන්නා බව නොහැඟවීම.

ජනාධිපතිවරණයෙන් පසු අතිගරු ජනාධිපතිතුමා නව රජයක් පිහිටු වීමෙන් පසු අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ඇතිව ගරු අගමැතිතුමා විසින් ඔබ මුදල් අමාත්‍යවරයා වශයෙන් සිටි කාලයද ඇතුළත්ව ගෙවීමට තිබු රු.බි. 182ක ප්‍රමාණයක හිඟ බිල්පත් හා රු.බි 211 ප්‍රමාණයක විදේශ ණය ව්‍යාපෘති මුදල් ගිණුම්ගත කිරීමට නීතිපතිතුමාගේ අනුමැතිය ද ඇතිව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ යෝජනාව ප්‍රතික්ෂේප කිරීම තුළින් ජනාධිපතිවරණයේදී බහුතර ජනතාවගේ ජනවරම නොසලකා හැරීමද කනගාටුවට කරුණක් බව අතිගරු ජනාධිපතිතුමා ඔබ වෙත දන්වන ලෙස මා වෙත උපදෙස් දී ඇත.

එය 2015 දී පත්වූ ජනාධිපතිවරයාට පක්ෂව සිටි සුළුතර රජයට, විපක්ෂය සහය දුන් ආකාරයට බෙහෙවින් පටහැනිය.

මේ සියල්ලටම වඩා නව ලිබරල්වාදී සමාජ හා ආර්ථික දර්ශනයක් තුළ කටයුතු කරන ඔබ වැනි උගත් හා බුද්ධිමත් මෙන්ම හිටපු මුදල් අමාත්‍යවරයා වශයෙන් ආර්ථිකය කළමනාකරණය කළ ජ්‍යෙෂ්ඨ දේශපාලනඥයෙක්, මැතිවරණය පවත්වා ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් තහවුරු කිරීමට පුරෝගාමීත්වය නොදෙන්නේ ඇයිද යන්න පිළිබඳ අතිගරු ජනාධිපතිතුමා කනස්සල්ල පළ කරන බවද එතුමාගේ උපදෙස් පරිදි දැන්වීමට කැමැත්තෙමි.

මෙයට, විශ්වාසී, පී.බී. ජයසුන්දර, ජනාධිපති ලේකම්

 

මංගලව අත්අඩංගුවට ගන්න කියයි !Mahindananda

ජනාධිපතිවරයා වෙනුවෙන් ඔහුගේ ලේකම්වරයා එසේ ප්‍රතිචාර දක්වද්දී දැඩි ගෝඨාවාදියකු ලෙස සැලකෙන හිටපු රාජ්‍ය අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ පවසන්නේ, හිටපු මුදල් අමාත්‍ය මංගල සමරවීර වහාම අත්අඩංගුවට ගත යුතු බවයි.

 මංගල සමරවීර හිටපු ඇමතිවරයා විසින් රාජ්‍ය නිලධාරීන්, ජනතාව සහ රට නොමග යැවීමට කටයුතු කර ඇති බව ඔහු සඳහන් කරයි.

 

රෝහිත කියන මීටර් සියේ කතාව ???

ඒ අතර හිටපු රාජ්‍ය ඇමතිවරයකු වූ රෝහිත අබේගුණවර්ධන මෙසේ පවසයි.

 

රෝහිත අබේගුණවර්ධනගේ කතාවට සිය FB පිටුව හරහා ප්‍රතිචාර දක්වා ඇති  චාමිර බණ්ඩාර මෙවැනි සටහනක් පළකර ඇත.

post 11

සබැඳි පුවත් :

''මංගල වහාම අත්අඩංගුවට ගන්න' - මහින්දානන්ද කියයි :  ජනාධිපති 'මරාලයකින්' බේරා ගන්න උපදෙසක් දුන්නට මල පැනලා !  

මංගලගෙන් ජනපතිට විශේෂ ලිපියක් : ප්‍රජා අයිතිය පවා අහිමිවිය හැකි 'මරාලයකින්' බේරීමට උපදෙසක්!  

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

මංගලගේ ලිපියට පිළිතුරක්: ''ජනාධිපති ලේකම්ගේ ලිපිය 'යන්නේ කොහෙද මල්ලේ පොල්' කතාවක්''- මංගලගෙන් ට්විටර් පණිවිඩයක්! | The Leader