අභියාචනාධිකරණය අද අතුරු තහනම් නියෝගයක් නිකුත් කළේ ය.
ඒ, එම දේවාලයේ තාවකාලික භාරකරු වශයෙන් පත් කර තිබූ එස්.වී. චන්ද්‍රසිංහ විසින් ගොනු කර තිබූ පෙත්සමක් සලකා බැලීමෙන් අනතුරුවයි.
අභියාචනාධිකරණ වැඩබලන සභාපති විනිසුරු මොහොමඩ් ලෆාර් තාහීර් හමුවේ පෙත්සම සළකා බැලිනි.
පෙත්සම්කරු වෙනුවෙන් පෙනී සිටි නීතීඥ චාමර නානායක්කාරවසම් කරුණු දක්වමින් පෙන්වා දුන්නේ, බස්නායක නිලමේවරයා තෝරා ගැනීමේ නිලවරණය පැවැත්වෙන ආකාරය නීතියට පටහැනි බවයි.
එම කරුණු සළකා බැලීමෙන් අනතුරුව පෙබරවාරි 20 වැනිදා දක්වා බල පැවැත්වෙන පරිදි මෙම අතුරු තහනම් නියෝගය නිකුත් කෙරිණි.
මේ අතර සබරගමුව මහ සමන් දේවාලයේ තාවකාලික භාරකරු ලෙස එස්. වී. චන්ද්‍රසිංහ පත් කිරීමට බෞද්ධ කටයුතු කොමසාරිස්වරයා විසින් ගෙන තිබූ තීරණය ක්‍රියාත්මක කිරීම වළක්වාලමින් අභියාචනාධිකරණය පසුගිය පෙබරවාරි 3 වැනිදා තහනම් නියෝගයක් නිකුත් කළේ ය.
සබැඳි පුවත් :
සබරගමුව මහ සමන් දේවාලයේ තාවකාලික භාරකරුට අධිකරණ නියෝගයක්
රත්නපුර මහ සමන් දේවාල නව බස්නායක නිලමේ එන පෙර මඟට ඇත් දළ හරස් කළා වත් ද? | සුනිල් කන්නන්ගර
බෞ.කො ජනරාල් තුමාට “දෙයියන්නේ හාල්”කැවිල ද? | සුනිල් කන්නන්ගර
සබරගමුව මහ සමන් දේවාලයේ නිලවරණය වළක්වාලමින් අතුරු තහනම් නියෝගයක්.
T
The Leader Desk
February 10, 2025 • 4:21 PM

ලිපියට සවන් දෙන්න
පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)
- අභියාචනාධිකරණය අද අතුරු තහනම් නියෝගයක් නිකුත් කළේ ය.
- පෙත්සම්කරු වෙනුවෙන් පෙනී සිටි නීතීඥ චාමර නානායක්කාරවසම් කරුණු දක්වමින් පෙන්වා දුන්නේ, බස්නායක නිලමේවරයා තෝරා ගැනීමේ නිලවරණය පැවැත්වෙන ආකාරය නීතියට පටහැනි බවයි.
- එම කරුණු සළකා බැලීමෙන් අනතුරුව පෙබරවාරි 20 වැනිදා දක්වා බල පැවැත්වෙන පරිදි මෙම අතුරු තහනම් නියෝගය නිකුත් කෙරිණි.
- මේ අතර සබරගමුව මහ සමන් දේවාලයේ තාවකාලික භාරකරු ලෙස එස්.
අකුරු ප්‍රමාණය (Font Size):
The Leader • WhatsApp නිල සේවාව
අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න
නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.
The Leader • අප ගැන
Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.
Discussion (0)
Join the Conversation
Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.
Loading discussion...


