අවසර පත්‍රය ලබාදීම බලශක්ති අමාත්‍ය ඉංජිනේරු කුමාර ජයකොඩි ගේ නියෝගය අනුව තාවකාලිකව නවතා ඇත.
තාවකාලික බලපත්‍රය නිකුත් කිරීම අත්හිටුවීම සමග සුර්යය බලාගාර ඉදිකිරිම සදහා වන අවස්ථාව අහිමි වීම සිදුවේ.
ලංකා විදුලිබල මණ්ඩලයේ ආරංචි මාර්ග සදහන් කරන ලද්දේ සුර්යය බලාගාර ඉදිකිරිම නවත්වාලීම සදහා අමාත්‍යවරයා විසින් වාචිකව මෙසේ දැනුම් දුන් බවය.
අද (19) දහවල් පාර්ලිමේන්තුවේදී අජිත් පෙරේරා මන්ත්‍රීවරයා අසන ලද ප්‍රශ්නයක් සදහා පිළිතුරු ලබාදෙමින් බලශක්ති අමාත්‍යවරයා පැවසුයේ, සූර්ය බල ශක්තිය ලබා ගැනීම සීමා කිරීමට, අඩු කිරීමට හෝ නැවැත්වීමට රජයේ කිසිඳු අදහසක් නොමැති බවය.
වැඩිදුරටත් අදහසක් දක්වමින් ඇමතිවරයා “සුර්ය බලය සීමා කිරීම වෙනුවෙන් කිසිඳු කමිටුවක් පත්ව කරලත්ව නෑ. 70%ක පුනර්ජනනීය බලශක්ති ඉලක්කයක් කරා යන ගමනක අපි ඉන්නේ. ඒ නිසා, සූර්ය බලශක්තිය අපට අවශයයයි. අපි, තිබූ තත්ත්වය ක්‍රමවත්ව කිරීමේ වැඩපිලිවෙලක් සිදුකරගෙන යනවා. අපේ බලශක්ති ප්‍රතිපත්තියට අනුව මෙගා වොට් 2000ක් කඩිනමින් ජාතික විදුලි බල පද්ධතියට එකතු කිරීමත් අපේක්ෂාවක්. ඒ නිසා බොරු ප්‍රචාර කරන්න එපා. ඒ වහේම බොරු ප්‍රචාරවලට අහුවෙන්නත් එපා.” යනුවෙන් පාර්ලිමේන්තුවේදී සදහන් කළේය.
සුර්ය බලය නවතා දැමීම සදහා ගත් පියවරක් !!
එසේ ප්‍රකාශ කළ අමාත්‍ය ඉංජිනේරු කුමාර ජයකොඩි විසින්ම මෙවන් නියෝගයක් ලබාදීම තිබීම විමතිය දනවන කරුණක් බව බලශක්ති අමාත්‍යාංශ ආරංචි මාර්ග සදහන් කරයි.
සබැඳි ලිපියක් :
'සූර්ය බලශක්තිය සීමා කිරීමේ කිසිඳු අදහසක් නැහැ' - බලශක්ති අමාත්‍ය