The Leader News
BREAKING
Top Ad
පුවත්

බටලන්ද වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරයි

T

The Leader Desk

March 14, 2025 • 7:31 AM

බටලන්ද වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරයි

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • එම වාර්තාව නීතිපතිවරයාට යොමු කරන බවත් කොමිෂන් වාර්තා පිළිබඳව ඉදිරි තීරණ ගැනීම සඳහා ජනාධිපති කමිටුවක් පත් කිරීමටත්, දෙදින විවාදයක් පැවැත්වීමටත් තීරණය කෙරුණු බව සභානායකවරයා පාර්ලිමේන්තුවට දැනුම් දුන්නේය.
  • බටලන්ද කොමිෂන් වාර්තාව මෙසේ සභාගත වුයේ එම වාර්තාව ජනාධිපති චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග ට ලබා දී අවුරුදු 27කට පසුව ය.
  • එවක ජනාධිපති චන්ද්‍රකා බණ්ඩාරනායක ගේ මැතිවරණ පාඨයක් ලෙස ඉදිරිපත් වූ ‘දූෂණයට – භිෂණයට එරෙහිව’ මැතිවරණ පොරොන්දුවේ ප්‍රධාන පොරොන්දුවක් වූයේ එක්සත් ජාතික පක්ෂ රජය යටතේ සිදු වූවායැයි පැවැසෙන වඳ හිංසා සහ ඝාතනවලට තමන් යුක්තියක් ඉටු කරන බවය.
  • බටලන්ද කොමිසමේ වාර්තාව 1995 සැප්තැම්බර් 20 දින ජනාධිපතිනියට ලබා දිය යුතු බවට කොමිසමේ නියෝගයේ සදහන් වූවත්, එම වාර්තාව හිටපු ජනාධිපතිනියට භාරදෙන්නේ නියමිත දිනයට අවුරුදු 3කට ආසන්න කාලයට පසුව, එනම් 1998 මැයි 05 වන දින ය.
අකුරු ප්‍රමාණය (Font Size):


එම වාර්තාව නීතිපතිවරයාට යොමු කරන බවත් කොමිෂන් වාර්තා පිළිබඳව ඉදිරි තීරණ ගැනීම සඳහා ජනාධිපති කමිටුවක් පත් කිරීමටත්, දෙදින විවාදයක් පැවැත්වීමටත් තීරණය කෙරුණු බව සභානායකවරයා පාර්ලිමේන්තුවට දැනුම් දුන්නේය.




බටලන්ද කොමිෂන් වාර්තාව මෙසේ සභාගත වුයේ එම වාර්තාව ජනාධිපති චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග ට ලබා දී අවුරුදු 27කට පසුව ය.

එවක ජනාධිපති චන්ද්‍රකා බණ්ඩාරනායක ගේ මැතිවරණ පාඨයක් ලෙස ඉදිරිපත් වූ ‘දූෂණයට – භිෂණයට එරෙහිව’ මැතිවරණ පොරොන්දුවේ ප්‍රධාන පොරොන්දුවක් වූයේ එක්සත් ජාතික පක්ෂ රජය යටතේ සිදු වූවායැයි පැවැසෙන වඳ හිංසා සහ ඝාතනවලට තමන් යුක්තියක් ඉටු කරන බවය.

ඒ පොරොන්දුව අනුව චන්ද්‍රිකා ජනාධිපති ධුරයට පත්වී කෙටි කාලයකින් බටලන්ද වඳකාගාරය සහ එම ප්‍රදේශයේ සිදු වූවා යැයි පැවැසෙන ඝාතන සහ වඳහිංසා සම්බන්ධයෙන් පරීක්ෂණයක් පැවැත්වීමට ජනාධිපති කොමිෂන් සභාවක් පිහිටුවා තිබිණි.

1995 දෙසැම්බර් මස 15 දන දරණ අධිකාර පත්‍රයට අනුව, 1990 පෙබරවාරි මස 20 දින හෝ ඊට ආසන්නයේදී උප පොලිස් පරීක්ෂක රෝහිත ප්‍රියදර්ශණ අතුරුදහන්වීමට අදාල අවස්ථානූ ගත කරුණු සහ ඒ අතුරුදහන්වීමට වගකිව යුතු පුද්ගලයන්, 1990 පෙබරවාරි 24 දින හෝ ඊට ආසන්නයේදී උප පොලිස් පරීක්ෂක අජිත් ජයසිංහ අත්අඩංගුවට ගැනීම සහ රඳවා තබා ගැනීමට අදාළ කරුණු සහ එකී අත්අඩංගුවට ගැනීම රඳවා තබාගැනීම ගැන වගකිවයුතු පුද්ගලයන්, 1988 වර්ෂයේ ජනවාරි 01 දින සිට 1990 වර්ෂයේ දෙසැම්බර් 31 දක්වා කාලය තුළ එවකට පැවැති එක්සත් ජාතික පක්ෂ රජය, රාජ්‍ය පොහොර සමාගමට අයත් බටලන්ද නිවාස සංකීර්ණයේ නිත්‍යානූකූල නොවන ආකාරයට පුද්ගලයන් රඳවා තබා ගැනීම සහ අමානුෂික වඳ හිංසා පැමිණවීම සම්බන්ධයෙන් වගකිව යුත්තෝ කවුද යැයි සෙවීම කොමිසමට පැවරුණු වගකීම් ය.

බටලන්ද කොමිසමේ වාර්තාව 1995 සැප්තැම්බර් 20 දින ජනාධිපතිනියට ලබා දිය යුතු බවට කොමිසමේ නියෝගයේ සදහන් වූවත්,  එම වාර්තාව හිටපු ජනාධිපතිනියට භාරදෙන්නේ නියමිත දිනයට අවුරුදු 3කට ආසන්න කාලයට පසුව, එනම් 1998 මැයි 05 වන දින ය.

දින 127ක් පුරා එනම් 1996 ජනවාරි 16 දින කොමිෂන් සභාවේ ප්‍රසිද්ධ රැස්වීම් ආරම්භ කර, කොළඹ අලුත්කඩේ මහාධිකරණ සංකීර්ණයේ අංක 2 මහාධිකරණය තුළ කැඳවා තිබිණි.

කොමිසමේ දී සාක්ෂිකරුවන් 82 දෙනෙකු ගෙන් ප්‍රශ්න කර තිබුණු අතර, එවක විපක්ෂනායකවරයා ලෙස කටයුතු කළ රනිල් වික්‍රමසිංහ, ජෝසප් මයිකල් පෙරේරා, ජෝන් අමරතුංග ගෙන් ද කොමිෂන් සභාව ප්‍රශ්ණ කර තිබිණි.

කොමිෂණ් වාර්තාවේ සඳහන් වන පරිදි ‘ විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ කොමිෂන් සභාව කැඳවන තුරු කොමිෂන් සභාවට නොපැමිණ සිටයේය.’ යනුවෙන් සදහන් කර ඇත. බටලන්ද කොමිසමේ සියලු ලිඛිත වාර්තා වෙළුම් 28 කින් යුක්ත ඇති අතර පිටු 6,780කින් සමන්විත වාර්තාවක් වේ.

එම කොමිෂන් සභාවේ මුල් අවධියේදී ලේකම්වරයා ලෙස ශ්‍රී ලංකා පරිපාලන සේවයේ හිටපු නිලධාරියෙකු වූ නීතිඥ එස්. ගුණවර්ධන කටයුතු කර, ඉල්ලා අස්වී  තිබුණු අතර පසුව ශ්‍රී ලංකා පරිපාලන සේවයේ නිලධාරියෙකු වූ ජී. කේ. ජී. පෙරේරා කොමිසමේ ලේකම්වරයා වශයෙන් කටයුතු කර තිබිණි.

එවකට රජයේ නීතිඥ යසන්ත කෝදාගොඩ, ජනාධිපති නීතිඥ ආර්.අයි. ඔබේසේකර, අභියායචනාධිකරණයේ විනිසුරු ඩී. ජයවික්‍රම, මහාධිකරණ විනිසුරු එන්.ඊ.දිසානායක, රජයේ නීතිඥ සරත් ජයමාන්න සාක්ෂකරුවන්ගේ සාක්ෂි විමර්ෂණය කිරීමට පත් කර තිබිණී.

කොමිෂන් සභාවට අවශ්‍ය විමර්ෂණයන් කිරීමට නියෝජ්‍ය පොලිස්පති ටී. වී. සුමනසේකර, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී එස්. සී. පතිරණ, පොලිස් අධිකාරී එච්. එච්. එම්. ආර්. ප්‍රේමරත්න ගේ ප්‍රධානත්වයෙන් යුත් පොලිස් නිලධාරීන් කණ්ඩායම් දෙකක් කොමිෂන් සභාවට සහය වී ඇත.

(උපුටා ගැනීම් | අනිද්දා පුවත්පත)


සබැඳි ලිපි :

'බටලන්ද කොමිසම් වාර්තාව' යනු කුමක් ද? එහි අඩංගු මොනවාද? කොමිසමේ වාර්තාවට අනුව අනීතික ක්‍රියා සඳහා වගකිවයුත්තෝ කවුරුන් ද?

'බටලන්ද වාර්තාව' පාර්ලිමේන්තු එනවට මම කැමති ඇයි ? | Sanjeewa Batuwatta

බටලන්ද වාර්තාව සහ රනිල් ?

ආයිත් ඉන්නේ රනිල්...| Mahesh Hapugoda

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...