The Leader News
BREAKING
Top Ad
පුවත්

යාපනය තිස්ස විහාරය ඉදිකිරීමට දෙමළ ජනතාවගේ ඉඩම් අත්පත් කර ගෙන ඇති බවට චෝදනාවක්

T

The Leader Desk

March 26, 2025 • 3:23 AM

 යාපනය තිස්ස විහාරය ඉදිකිරීමට දෙමළ ජනතාවගේ ඉඩම් අත්පත් කර ගෙන ඇති බවට චෝදනාවක්

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • එසේ ගම් බිම් හැර ගොස් ආරක්ෂක අංශවල අවසරය මත 2017දී නැවත එම ප්‍රදේශයට පැමිණි රවීන්ද්‍රන් ඇතුළු තවත් පිරිසකට තම ඉඩම් වෙත යාමට නොහැකිව ඇත්තේ එම ඉඩම්වල පාලනය යුද්ධ හමුදාව අත පැවතීම නිසාවෙනි.
  • "1990දී පරප්පු 20ක ඉඩමේ විහාරයක් තිබුණා.
  • "2017 මම එනකොට අපේ ගෙවල් දෙකක් තිබුණා ඒ ගෙවල් දෙක ම කැඩිලා තිබුණේ.
  • "තිස්ස විහාරය හදලා තියෙන ඉඩම ඇතුළේ තමයි මගේ ඉඩමත් තියෙන්නේ.
අකුරු ප්‍රමාණය (Font Size):

එසේ ගම් බිම් හැර ගොස් ආරක්ෂක අංශවල අවසරය මත 2017දී නැවත එම ප්‍රදේශයට පැමිණි රවීන්ද්‍රන් ඇතුළු තවත් පිරිසකට තම ඉඩම් වෙත යාමට නොහැකිව ඇත්තේ එම ඉඩම්වල පාලනය යුද්ධ හමුදාව අත පැවතීම නිසාවෙනි.


පරප්පු 20ක පැවති බෞද්ධ විහාරය



දශක තුනකට පෙර තමන්ට සිය මුල් ඉඩම් හැර යාමට සිදුවූ කාලයේදී ඒ ආශ්‍රිතව පරප්පු 20ක (පර්චස් 200ක් පමණ) පමණ භූමියක බෞද්ධ විහාරයක් තිබී ඇතැයි, පැවසූ රවීන්ද්‍රන් දැන් එය තම පුද්ගලික ඉඩම් ද අත්පත් කර ගනිමින් පරප්පු 150ක (අක්කර 09ක පමණ) භූමියක් දක්වා විශාල කර ඇත්තේ යුද්ධ හමුදාවේ සහායෙන් බව පැවසුවේය.

"1990දී පරප්පු 20ක ඉඩමේ විහාරයක් තිබුණා. හැබැයි තිස්ස විහාරය කියලා නෙමෙයි. බෞද්ධ පන්සලක් තිබුණේ, පොඩි වෙහෙරක් එක්ක. ඒ කාලේ කන්කසන්තුරේ වරායේ වැඩ කරපු අය, රේගුවේ වැඩ කරපු අය, ෆැක්ටරිවල වැඩ කරපු සිංහල අය ඒ පන්සලට ආවා.

"2017 මම එනකොට අපේ ගෙවල් දෙකක් තිබුණා ඒ ගෙවල් දෙක ම කැඩිලා තිබුණේ. අපි ගෙවල් අතඇරලා යනකොට පොඩි බෑග් එකක අතට අහුවුණ දේවල් විතරයි අරන් ගියේ. අපි ආපහු එද්දි අපිට ගෙවලුත් නැහැ, මුකුත් නැහැ.

"තිස්ස විහාරය හදලා තියෙන ඉඩම ඇතුළේ තමයි මගේ ඉඩමත් තියෙන්නේ. ඒ නිසා දැන් මගේ ඉඩමට යන්න බැරි වෙලා තියෙන්නේ," යැයි අයියතුරෛයි රවීන්ද්‍රන් පැවසීය.

රවීන්ද්‍රන් මෙන් තිස්ස විහාරය ඉදිකර ඇති භූමිය තුළ තම ඉඩම් පිහිටා තිබීම හේතුවෙන් ඒවාට ඇතුළුවීමට තහංචි වැටී ඇති පිරිසක් මාර්තු 20 වැනි දා කොළඹදී මාධ්‍ය හමුවක් පවත්වමින් අවධාරණය කළේ ආණ්ඩුව මැදිහත්ව තම ඉඩම් නිදහස් කළ යුතු බවයි.

f0081640 0979 11f0 9000 798e679aeda3.jpgතිස්ස විහාරයේ ඉදිකිරීම් දැක්වෙන සැලැස්ම

ජනපති සහ අගමැති ලේකම් වාර්තා කැඳවයි


2018දී එවකට ආණ්ඩුකාර රෙජිනොල්ඩ් කුරේ විසින් පැරණි පන්සල පැවති භූමියේ විහාරස්ථානයක් ඉදිකිරීම සදහා මුල් ගල් තබනු ලැබ ඇති අතර කොවිඩ් වසංගතය හේතුවෙන් සංචරණ සීමා පනවා තිබුණු 2021 වසරේදී යුද්ධ හමුදාව පන්සල අවට දෙමළ ජනයාගේ ඉඩම් ද අත්පත් කරගනිමින් තිස්ස විහාරය පුළුල් කර ඇති බවට එම ඉඩම් අහිමි ව ඇති ජනයා චෝදනා කරති.

පැරණි විහාරය තිබූ භූමිය මෙන් ම වර්තමානයේදී පෞද්ගලික ඉඩම් අත්පත් කරගනිමින් තිස්ස විහාරය ඉදිකර ඇති භූමියේ දළ සිතියමක් ද බීබීසී සිංහල වෙත ඉඩම් අහිමි වූ ජනතාව විසින් ලබා දෙන ලදී.

තම භූමියේ අනවසරයෙන් බෞද්ධ විහාරයක් ඉදිකිරීම සම්බන්ධව අදාළ බලධාරීන් දැනුවත් කර ඇතත් එම විහාරය ඉදිකිරීම නතර නොකරන ලද බව මෙ මම තමන්ට නිසි විසඳුමක් නොලැබුණ බව ද එම පිරිස් මාධ්‍ය වෙත පවසා තිබිණි.

"ප්‍රාදේශීය සභාව මේ ප්‍රශ්නය ගැන ජනාධිපතිටයි, අගමැතිටයි ලිඛිතව දැනුම් දීලා තියෙනවා. ඒකට 2022දී ජනාධිපති ලේකම් සහ අගමැති ලේකම් බෞද්ධ කටයුතු අමාත්‍යංශයට දැනුම් දීලා තිබුණා ඉදිකිරීම් නවත්තලා වාර්තාවක් දෙන්න කියලා. ඒ ලියුමේ පිටපතක් ප්‍රාදේශීය සභාවට එවලා තිබුණා," යැයි තිස්ස විහාරය ඉදිකිරීම නිසා තම ඉඩම අහිමි වී ඇති පත්මනාදන් සාරුජන් බීබීසී සිංහල වෙත පැවසීය.

දැනට දින දෙකකට පමණ ඉහතදී ද විහාර භූමියේ ඉදිකරන ලද නව ගොඩනැගිල්ලක් විවෘත කළ බව ඔහු තවදුරටත් පැවසුවේය.

ඉඩම් නිදහස් කර දෙන් මෙන් 2023 වසරේ සිට සෑම පොහොය දිනයක ම ඔවුහු විහාරය අසල විරෝධතාවක ද නිරත වෙති.

"තිස්ස විහාරය හදලා තියෙන ඉඩම ඇතුළේ තමයි මගේ ඉඩමත් තියෙන්නේ. ඒ නිසා දැන් මගේ ඉඩමට යන්න බැරි වෙලා තියෙන්නේ" - අයියතුරෛයි රවීන්ද්‍රන්
ඡායාරූප ශීර්ෂ වැකිය, "තිස්ස විහාරය හදලා තියෙන ඉඩම ඇතුළේ තමයි මගේ ඉඩමත් තියෙන්නේ. ඒ නිසා දැන් මගේ ඉඩමට යන්න බැරි වෙලා තියෙන්නේ" -

de167e70 095d 11f0 97d3 37df2b293ed1.jpg අයියතුරෛයි රවීන්ද්‍රන්



මැදිහත්කරුවෙකු ලෙස මැදිහත් වෙන බව ඇමති කියයි


ඉඩම් අහිමි වී ඇති දෙමළ ජනයාගෙන් කිහිප දෙනෙකු පසුගිය දිනක බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය මහාචාර්ය හිනිදුම සුනිල් සෙනවි හමුවී තම ගැටලුව පිළිබඳව සාකච්ඡා කර තිබිණි.

මෙම ගැටලුව ඍජු ලෙස තම අමාත්‍යංශයට අයිති නොවුණ ද මෙම ගැටලු විසඳා ගැනීමට මැදිහත්කරුවෙකු ලෙස සිය දායකත්වය ලබා දිය හැකි යැයි එම ජනතාවට දැනුම් දුන් බව අමාත්‍යවරයා බීබීසී සිංහල වෙත පැවසුවේය.

"මම කිව්වා මේකේ පන්සලක් තියෙන නිසා, බුද්ධ ශාසන අමාත්‍යංශයට මේකේ කොටසක් අයිති නිසා. මම කිව්වා ඒ අයට එයාලගේ සමස්ත ගැටලුව මට ලියලා ඉදිරිපත් කරන්න මම ඒක මැදිහත්කරුවෙකු හැටියට මේ ප්‍රශ්නය විසඳන්න මැදිහත් වෙන්නම් කියලා.

"මම කිව්වා දිස්ත්‍රික්ක සම්බන්ධීකරණ කමිටුවට මේක ඉදිරිපත් කරන්න, අපිට මේක ඉදිරිපත් කරන්න, මම එතකොට ප්‍රාදේශීය සභාව සහ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය වගේ මේවගේ අයිතිය තියෙන ආයතන එක්ක කතා කරලා, ඒ ආයතනවල නිර්දේශ ගෙන්න ගෙන, මැදිහත්කරුවෙක් ලෙස මැදිහත් වෙන්නම් මේ ප්‍රශ්නය විසඳන්න කියලා," යැයි අමාත්‍ය මහාචාර්ය හිනිදුම සුනිල් සෙනවි බීබීසී සිංහල වෙත පැවසීය.


යුද්ධ හමුදාව මොකද කියන්නේ?


යාපනය, තයියට්ටි තිස්ස විහාරයේ කටයුතු පිළිබඳව හමුදාවට එල්ලවන චෝදනා සම්බන්ධව බීබීසී සිංහල හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් වර්ණ ගමගේගෙන් කරුණු විමසීය.

ඕනෑ ම ආගමක නීත්‍යනුකූල කටයුත්තක් සඳහා යුද්ධ හමුදාවේ සහය ලබා දෙන බව හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය.

"ඕනෑ ම ආගමික කටයුත්තක් වෙනුවෙන්, බෞද්ධ වෙන්න පුළුවන්, මුස්ලිම් වෙන්න පුළුවන් මොකක් හරි ආගමික කටයුත්තකට අපෙන් උදව් ඉල්ලුවොත් නීත්‍යානුකූළව අපි ඒ හැම දෙනාට ම උදව් කරනවා."

නීති විරෝධීව ඉඩම් අත්පත් කර ගැනීමට හෝ ජනතාව අතර අසමගිය ඇති කිරීමට තුඩු දෙනු ලබන කිසිවකට යුද්ධ හමුදාව සම්බන්ධ නොවන බව හමුදා මාධ්‍ය ප්‍රකාශක, බ්‍රිගේඩියර් වර්ණ ගමගේ වැඩිදුරටත් සඳහන් කළේය.

| BBC සිංහල සේවය


ඡායාරූප මූලාශ්‍රය, පත්මනාදන් සාරුජන්

සබැඳි පුවත් :

විහාර හැදීමට ඉඩම් කොල්ලකෑම ගැන දෙමළ පිරිස් කොළඹදී සිංහලෙන්ම විස්තර කරති

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

යාපනය තිස්ස විහාරය ඉදිකිරීමට දෙමළ ජනතාවගේ ඉඩම් අත්පත් කර ගෙන ඇති බවට චෝදනාවක් | The Leader