ඒඩීඑම්කේ සහ භාරතීය ජනතා පක්‍ෂයේ විරුද්ධ පක්ෂ ද යෝජනාවට සහාය පළ කළ තිබේ.
ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් සිදු කරනු ලබන අත් අඩංගුවට ගැනීම් හේතුවෙන් තමිල්නාඩු ධීවරයින් මුහුණ දෙන අභියෝග මෙම යෝජනාවෙන් අවධාරණය කර ඇත.
ප්‍රධාන අමාත්‍ය එම්.කේ. ස්ටාලින් සාකච්ඡාවට නායකත්වය දී ඇති අතර, තමිල්නාඩු ධීවරයින්ගේ අඛණ්ඩ දුක්ඛිත තත්ත්වය පෙන්වාදෙමින් ඔහු එකම විසඳුම කච්චතිව් යළි ලබා ගැනීම බව අවධාරනය කර තිබේ.
ශ්‍රී ලංකාව සමඟ ඇති කර ගත් ගිවිසුම සංශෝධනය කරන ලෙස ඔහු මධ්‍යම රජයෙන් ඉල්ලා ඇති අතර ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිත අග්‍රාමාත්‍යවරයා එහි නායකයන් සමඟ සාකච්ඡා කරන ලෙස ඉල්ලා තිබේ.
"කච්චතිව් ආපසු ලබා ගැනීමට සහ අපගේ ධීවරයින් නිදහස් කර ගැනීමට සියලු පියවර ගන්නා ලෙස මෙම සභාව මධ්‍යම ආන්ඩුවෙන් ඒකමතිකව ඉල්ලා සිටී" ස්ටාලින් ප්‍රකාශ කළේය.
ඉන්දියාවේ රාමනාධපුර රාජධානියේ කොටසක් ලෙස සැලකුනු කච්චතිව් දූපත පසු කාලයේ බ්‍රිතාන්‍ය පාලන සමයේදී අයිතිකරුවන් කවුදැයි අපැහැදිලි විය. පසුව 1974 දී ඉන්දියානු අගමැතිනි ඉන්දිරා ගාන්ධි යටතේ ද්විපාර්ශ්වික ගිවිසුමක් හරහා එය නිල වශයෙන් ශ්‍රී ලංකාවට භාර කෙරිණි. එතැන් පටන් එහි ආරක්ෂාව ශ්‍රී ලංකා නාවික හමුදාව භාරයේ පවතී ද්විපාර්ශ්වික ගිවිසුම භෞමික ආරවුල විසඳුවද, කච්චතිව් දූපත කලින් කලට ඉන්දීය දේශපාලනයේ උණුසුම් මාතෘකාවක් බවට පත් වේ.
කච්චතිව් දූපතට දේශපාලන ඉතිහාසයක් තිබියදීත්, එය වඩාත් ප්‍රසිද්ධ වන්නේ එහි තිබෙන ආගමික වැදගත්කම නිසාය. මෙම කුඩා දූපතේ දෙමළ ධීවරයින් විසින් ඉදිකරන ලද වසර 120ක් පැරණි ශාන්ත අන්තෝනි දේවස්ථානය පිහිටා තිබේ. නාවිකයින්ගේ අනුශාසක සාන්තුවරයා වන පාදුවාහි ශාන්ත අන්තෝනිට කැප වූ එය ඇදහිල්ලේ සහ එකමුතුකමේ සංකේතයක් ලෙස පවතී. සෑම වසරකම, ඉන්දියාවේ සහ ශ්‍රී ලංකාවේ වන්දනාකරුවන් දහස් ගණනක් දින දෙකක උත්සවයක් සඳහා මෙම දූපතට පැමිණෙති.
TN Assembly unanimously urges the centre to retrieve Katchatheevu
සබැඳි ලිපි :
කච්චතිව්: සීමා නැති දූපතක මංගල රාත්‍රිය | ශබීර් මොහොමඩ්
කච්චතිව්: දේශසීමා යා කරන මිත්‍රත්වයේ මංගල්‍යය



