එම නිවේදනයේ සඳහන් වන පරිදි රජය ගෙන ඇති මෙම තීරණය හේතුවෙන් මාධ්‍ය නිදහස සීමා කෙරන බවත්, තොරතුරු දැනගැනීමේ ජනතාවගේ අයිතියට බාධා පැමිණෙන බවත්, මෙය රටේ ප්‍රජාතන්ත්‍රවාදී වටිනාකම්වලට ද හානිදායක බවත් එම සංගමය පවසයි.
තවත් කරුණු කිහිපයක් සඳහන් කර ඇති මෙම නිවේදනයෙන් අවසාන වශයෙන් අවධාරණය කර ඇත්තේ වහාම ක්‍රියාත්මක වන පරිදි මෙම තීරණය ඉල්ලා අස්කර ගන්නා ලෙස රජයෙන් සහ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවෙන් ඉල්ලා සිටින බවත්, සියලු ම මාධ්‍ය ආයතනවලට සහ මාධ්‍යවේදීන්ට කිසිදු බාධාවකින් තොරව කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවට සහභාගී වීමට අවස්ථාව ලබා දිය යුතු ය යන්න ඔවුන්ගේ අදහස බවයි.
මතු පළ වන්නේ වෘත්තීය වෙබ් මාධ්‍යවේදීන්ගේ සංගමය විසින් නිකුත් කරන ලැබ ඇති සම්පූර්ණ මාධ්‍ය නිවේදනය යි.
මාධ්‍ය නිවේදනය
මෙම තීරණය වහාම ඉල්ලා අස්කර ගන්න
රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව විසින් සංවිධානය කරන කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවට සහභාගී වීමට එම දෙපාර්තමේන්තුව මඟින් නිකුත් කරන මාධ්‍ය හැඳුනුම්පතක් අනිවාර්ය කිරීම සම්බන්ධයෙන් වෘත්තීය වෙබ් මාධ්‍යවේදීන්ගේ සංගමයේ අවධානය යොමුව තිබේ.
මෙම තීරණය මගින් මාධ්‍ය නිදහස සීමා කරන බවත්, තොරතුරු දැනගැනීමේ ජනතාවගේ අයිතියට බාධා පැමිණෙන බවත්, මෙය රටේ ප්‍රජාතන්ත්‍රවාදී වටිනාකම් වලට ද හානිදායක බවත් අප සංගමයේ අදහස ය.
මාධ්‍යවේදීන්, ප්‍රවෘත්ති වාර්තාකරණයේ සහ තොරතුරු බෙදා හැරීමේ වැදගත් කාර්යභාරයක් ඉටුකරන පිරිසකි. එසේම මාධ්‍යවේදීන් තොරතුරු ලබා ගැනීමට සහ එය ජනතාව අතර නිවැරදිව බෙදා හැරීමට කැපවී සිටින පිරිසකි. එබැවින්, රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ මෙම තීරණය අපගේ වෘත්තීය සගයින්ගේ වෘත්තීය කාර්යයට බාධාවක් මෙන්ම මාධ්‍ය නිදහසට එල්ල වූ බරපතළ තර්ජනයකි.
එබැවින්, වහාම ක්‍රියාත්මක වන පරිදි මෙම තීරණය ඉල්ලා අස්කර ගන්නා ලෙස රජයෙන් සහ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවෙන් අපි තරයේ ඉල්ලා සිටිමු. තව ද, සියලු ම මාධ්‍ය ආයතනවලට සහ මාධ්‍යවේදීන්ට කිසිදු බාධාවකින් තොරව කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවට සහභාගී වීමට අවස්ථාව ලබා දිය යුතු බව අපගේ හැඟීමයි.
ආචාරධාර්මික වෙබ් මාධ්‍ය සංස්කෘතියක් රට තුළ ගොඩ නැගීම වෙනුවෙන් පෙනී සිටින අප සියලු මාධ්‍යවේදීන්ගෙන් ද ඉල්ලා සිටින්නේ සැම විට ම ආචාර ධර්ම රැකෙන පරිදි සිය මාධ්‍ය වගකිමේ නියැළෙන ලෙස ය. එසේ ම ස්වාධීන මාධ්‍ය වාර්තාකරණය සහ තොරතුරු දැනගැනීමේ ජනතාවගේ අයිතිය වෙනුවෙන් වෘත්තීය වෙබ් මාධ්‍යවේදීන්ගේ සංගමය ඉදිරියටත් පෙනී සිටිනු ඇත.''

සබැඳි පුවත්
කැබිනට් මාධ්‍ය හමුවට හැඳුනුම්පත අනිවාර්ය කිරීම : වෘත්තීය ජනමාධ්‍යවේදීන්ගේ සංගමයේ විරෝධය
කැබිනට් මාධ්‍ය හමුවට කොන්දේසි පනවයි !



