leader s

ශ්‍රී ලංකාවෙන් සොයා ගත් විශාලතම සමුහ සුසානයේ කැනීම් සම්බන්ධයෙන් විශේෂඥ වාර්තා මත පදනම්ව තිරණයකට එළඹෙන තෙක් සමුහ සුසානය විවෘතව තබා ගන්නා ලෙස අධිකරණය නියෝග කර තිබේ.

උතුරු පළාත් මහාධිකරණය විසින් ජුනි 02 වැනිදා එම නියෝගය ලබා දී ඇත්තේ මන්නාරම සතොස සමුහ සුසානය වසා දැමීම තහනම් කරන ලෙස ඉල්ලා ජ්‍යෙෂ්ඨ නීතිඥ කේ.එස් රත්නවේල්, නීතිඥ වී. එස්. නිරන්ජන් හා නීතිඥ රනිතා ඥානරාජා ගොනු කළ නඩුවක් විභාගයට ගත් අවස්ථාවේදීය.

මන්නාරම සතොස සමුහ මිනීවලේ කැනීම් කටයුතු බාරව සිටි අධිකරණ වෛද්‍ය නිලධාරියා මන්නාරම් අධිකරණයට දැනුම් දී තිබුනේ එම වලේ කටයුතු තවදුරටත් කරගෙන යාමේ අවශ්‍යතාවක් නැති බවයි.

දින 152ක කැනීම් අවසානයේ ගොඩගන්නා ලද ඇටසැකිලි 342ක් ඇතුළු ජීව විද්‍යාත්මක හා ජීව විද්‍යාත්මක නොවන සාම්පල විමර්ශන කටයුතු සඳහා ප්‍රමාණවත් බවට ඔහු නිගමනය කර තිබේ.

“එබැවින් මහේස්ත්‍රාත් අධිකරණය විසින් දක්වා ඇති විමර්ශන ඉලක්ක සපුරා ගැනීම සඳහා දැනට තිබෙන දත්ත කට්ටලය ප්‍රමාණවත් බැවින් එම පරිශ්‍රයේ තවදුරටත් ක්ෂේත්‍ර මැදිහත්වීමක් අවශ්‍ය නොවන බව අපි නිගමනය කරමු,” යි දොස්තර ඩබ්. ආර්. ඒ සමින්ද රාජපක්ෂ 2024 නොවැම්බර් 2 දා අධිකරණයට ලියා යවා ඇත.

 

එම වාර්තාව මත පදනම්ව මන්නාරම සතොස සමුහ සුසානය වසා දැමීමට මැයි මස 8 දා දෙනලද මහේස්ත්‍රාත් නියෝගය අත්හිටුවන ලෙස ඉල්ලා සිටිමින් ජ්‍යෙෂ්ඨ නීතිඥ කේ.එස් රත්නවේල්, නීතිඥ වී. එස්. නිරන්ජන් හා නීතිඥ රනිතා ඥානරාසා මහාධිකරණයේ නඩුවක් ගොනු කර තිබුනේ නීතිපති හා අතුරුදහන් වූ තැනැත්තන් පිළිබඳ කාර්යාලය (OMP) වග උත්තරකරුවන් කරමිනි.

 

එම නඩුව ජුනි 02 වැනිදා වව්නියා මහාධිකරණයේ විභාගයට ගත් අවස්ථාවේ විනිසුරු එම්.එම්.එම් මිහාල්  නියම කර ඇත්තේ විශේෂඥ වාර්තා මත පදනම්ව තීරණයකට එළඹෙන තෙක් කැනීම් වල වසා නොදමන ලෙසයි.

අතුරුදහන් වූ තැනැත්තන් පිළිබඳ කාර්යාලයේ (OMP) විධායක අධ්‍යක්ෂ නීතිඥ ජෙගනාදන් තට්පරන් හා  අතුරුදහන් වූ තැනැත්තන් පිළිබඳ කාර්යාලයේ මන්නාරම් ශාඛාවේ ප්‍රධානී රස්කා මුබාරක් එදින අධිකරණය හමුවේ පෙනී සිටියහ.

අධිකරණ තීන්දුවෙන් පසු අතුරුදහන් වූ තැනැත්තන් පිළිබඳ කාර්යාලයේ (OMP) විධායක අධ්‍යක්ෂ නීතිඥ ජෙනගානදන් තට්පරන් යාපනයේදී මාධ්‍යවේදීන් හමුවේ කියා තිබුනේ නීතිඥයන් ඉදිරිපත් කළ තර්ක සලකා බැලු විනිසුරුවරයා සමුහ මිනි වළ සම්බන්ධයෙන් විශේෂඥ වාර්තා ලබා ගෙන ඒ මත පදනම්ව තීරණයකට එළඹෙන තෙක් වල වසා නොදැමිය යුතු බවට නියෝග කළ බවයි.

"මන්නාරම සමූහ මිනීවළ ප්‍රදේශයෙන් ප්‍රමාණවත් සාක්ෂි සම්පූර්ණයෙන්ම ලබා ගන්නා තුරු වසා දැමීම නිවැරදි දෙයක් නොවන බවට තර්ක ඉදිරිපත් උනා. මහාධිකරණය එය පරීක්ෂා කර තීන්දුව ප්‍රකාශයට පත් කළා. සමූහ මිනීවළ තාවකාලිකව වසා නොදැමිය යුතු බවත් අදාළ විශේෂඥ වාර්තා ලබා ගෙන එම වාර්තාව මත තීරණය ගත යුතු බවත්, සම්පූර්ණ වාර්තා ලබාගෙන තීරණ ගන්නා තුරු සමූහ මිනීවළ විවෘතව තබා ගත යුතු බවත්, අදාල රජයේ නිලධාරීන්ගේ උපදෙස් ලබා ගත යුතු බවටත් තීන්දු කළා."

 

කැනීම් වල විවෘතව තැබීමෙන් ප්‍රදේශයේ සිදු විය හැකි සෞඛ්‍ය උපද්‍රව වලක්වා ගැනීම වෙනුවෙන් පියවර ගන්නා ලෙසත් වව්නියා මහාධිකරණ විනිසුරුවරයා එදින මන්නාරම් මහේස්ත්‍රාත්වරයාට නිර්දේශ කර තිබුනි.

 

"ප්‍රදේශයේ සෞඛ්‍ය උපද්‍රව පිළිබඳ ගැටළුව සැලකිල්ලට ගනිමින්, කැණීම් පරිශ්‍රය වසා දැමීම හෝ ප්‍රදේශයේ සෞඛ්‍ය උපද්‍රව වළක්වා ගන්නා ආකාරයෙන් එය නඩත්තු කිරීම හෝ සම්බන්ධයෙන් පෙත්සම්කරුවන්ගේ සහ අදාළ විශේෂඥයන්ගේ සහභාගීත්වයෙන් විද්‍යාත්මක ක්‍රියා පටිපාටි අනුගමනය කරමින් පූර්වාරක්ෂාව සඳහා පියවර ගන්නා ලෙස මහේස්ත්‍රාත්වරයාට නියම කරමි," මහාධිකරණ විනිසුරු මිහාල්ගේ තීන්දුවේ සඳහන් වේ.

පළාත් බද වාර්තාකරුවන් පවසන්නේ ජුලි 05 වැනිදා මන්නාරම මහේස්ත්‍රාත් අධිකරණය යලි රැස්වු මොහොත් ඉහත නියෝගය ප්‍රකාරව මහේස්ත්‍රාත්වරයා, නීතිඥයන්, රජයේ නිලධාරීන් හා අතුරුදහන් වූ තැනැත්තන් පිළිබඳ කාර්යාලයේ නියෝජිතයන්ද සමග මන්නාරම සතොස සමුහ සුසානයේ කැනීම් වල  නිරික්ෂණයකට ලක් කළ බවයි.

එහිදී කැනීම් භුමියේ ඉවත් කළ පස් ගොඩ ගසා ඇති ස්ථානය, කැනීම් භුමියෙන් අස්ථි කොටස් ගොඩ ගත් ස්ථාන හා තවත් අස්ථි කොටස් තිබිය හැකි බවට විශ්වාස කෙරෙන අවශේෂ ස්ථාන පිළිබඳව ගත හැකි තීරණ සම්බන්ධයෙන් සාකච්ඡා වී තිබේ.

ඒ අනුව කැනීම් භුමියේ ඉවත් කළ පස් ගොඩ ගසා ඇති ස්ථානයේ සාක්ෂි ඉතිරිව පැවතිය හැකි හෙයින් එම පස් ඉවත් නොකිරීමටත්, කැනීම් භුමියෙන් අස්ථි කොටස් ගොඩ ගත් ස්ථානයේ තවත් සාක්ෂි පැවැතිය හැකි හෙයින් එම ස්ථානය වසා නොදැමීමටත් තිරණය කර තිබේ.

ප්‍රධාන කැනීම් වලෙත්, තවත් අස්ථි කොටස් තිබිය හැකි බවට විශ්වාස කෙරෙන කුඩා ස්ථානවලත් රැදී පවතින ජලය සහ කුනු රොඩු ඉවත් කිරීමෙන් සාක්ෂි විනාශ නොවන බවට මන්නාරම සතොස සමුහ මිනීවලේ කැනීම් කටයුතු බාරව සිටි වෝහාරික විශේෂඥ සමින්ද රාජපක්ෂ ලබා දුන් සහතිකය අනුව එම ජලය සහ කුණුරොඩු ඉවත් කිරීමට මන්නාරම් මහේස්ත්‍රාත්වරයා නගර සභාවට එදින නියෝග කර තිබේ.

නඩුව මන්නාරම මහේස්ත්‍රාත් අධිකරණයේ දී  යලි කැදවීමට නියමිතව ඇත්තේ  ජුනි 12 වැනිදා යි.

සමූහ මිනී වලේ විශාලත්වය  

2018 වසරේ ඉදිකිරීම් කටයුත්තකදී හඳුනාගත් මන්නාරම සතොස සමුහ මිනී වල පසුව කළ කැනීම් වලදී බාල දරුවන් 28ක ඇතුළු මිනිස් සිරුරු කොටස් 376 ක් සොයාගෙන තිබුනි.

අපරාධයක් සිදුවූ ස්ථානයක් ලෙස තීන්දු කරමින් මන්නාරම සතොස සමුහ මිනීවලේ කැනීම් කටයුතු සිදුකෙරෙන බවයි වෝහාරික විශේෂඥ සමින්ද රාජපක්ෂ විමර්ශන කටයුතු සිදු කළ 190 වැනි දිනයේදී මාධ්‍යවේදීන්ට කියා තිබුනේ.

 

මන්නාරම සතොස සමූහ මිනීවලෙන් ගොඩගත් අස්ථි කොටස් හයක් පරීක්ෂා කළ ෆ්ලොරීඩාවේ, මියාමි හි පිහිටි බීටා ඇනලිටික්ස් ආයතනය විසින් නිගමනය කොට තිබුනේ ඒවා ක්‍රිස්තු වර්ෂ 1404 ත් 1635 ත් අතර සියවස් ගණනක කාල පරාසයකට අයත් බවයි.

 

එම නිගමනය දැඩි ලෙස ප්‍රතික්ෂේප කරන කැළණිය විශ්ව විද්‍යාලයට අනුබද්ධිත පුරාවිද්‍යා පශ්චාත් අධ්‍යයන අංශයේ මහාචාර්ය රාජ් සෝමදේව සමූහ මිනිවලේ කාලය පිළිබඳ විශ්වසනීය නිගමනයකට එළැඹිය හැකි මිනිස් අස්ථි කොටස් සමගින් ගොඩගෙන ඇති භාණ්ඩ සිය ගණනක් සම්බන්ධයෙන් 2019 ජූලි මාසයේ අලුතින් පරීක්ෂණ ආරම්භ කළේය.

ඒ වන විට  හමුවූ ඇටකටු අතරින් සමහරක ගැඹුරු කැපුම් තුවාල දැකගත හැකි වූ අතර එකට ගැටගසා තිබුණු ආකාරයක් දිස්වන අස්ථි කොටස් ද සමූහ මිනී වලෙන් සොයා ගෙන තිබුණි.

සබැඳි පුවත් :

ලොකුම සමූහ මිනීවලෙන් ගොඩගත් ඇටකටු පෙට්ටි 80ක් වැඩිදුර විශ්ලේෂණයට

ලංකාවේ හමුවූ විශාලතම සමූහ මිනීවලේ විමර්ශන වාර්තාවේ මූලික කටයුතු ඇරඹේ

ලංකාවේ ලොකුම සමූහ මිනීවල ගැන උසාවිය විමර්ශන වාර්තාවක් ඉල්ලයි

අලුත්ම සමූහ මිනීවලේ කැනීම් සඳහා ජාත්‍යන්තර මැදිහත්වීමක් ඉල්ලයි

 

*web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil