The Leader News
BREAKING
Top Ad
පුවත්

නිදහස් කළ ප්‍රශ්නගත බහාලුම් 323 ගැන රේගුවෙන් ප්‍රකාශයක්

T

The Leader Desk

June 8, 2025 • 9:12 AM

නිදහස් කළ ප්‍රශ්නගත බහාලුම් 323 ගැන රේගුවෙන් ප්‍රකාශයක්

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • රේගුවේ බහාලුම් නිදහස් කර ගැනීමට පවතින තදබදය සම්බන්ධයෙන්ද රේගු මාධ්‍ය ප්‍රකාශකවරයා අදහස් පළ කළේය.
  • කෙසේවෙතත් සිදු කිරීමට නියමිත විගණනයෙන් පසු එය සනාථ කරගත හැකි බවද ඔහු පැවසිය.
  • මේ බහාලුම් නිදහස් කිරීමේදි අපි අනුගමනය කරන ලද ක්‍රමවේදය නිසා අපි විශ්වාස කරනවා මේ බහාලුම්වල තිබුණේ ආනයනකරුවන් විසින් රේගුවට ප්‍රකාශ කරන ලද භාණ්ඩ පමණයි කියලා.
  • කෙසේ වෙතත් මේ සම්බන්ධව දැඩි කතා බහක් ඇති වෙලා තියෙන නිසාම ශ්‍රී ලංකා රේගුව මේ සඳහා පශ්චාත් නිශ්කාශන විගණනයක් සිදු කිරීමට තීරණය කරලා තියෙනවා.
අකුරු ප්‍රමාණය (Font Size):

මේ වසරේ ජනවාරි 17 සහ 18 යන දෙදින තුළ ආනයනික බහාලුම් 323ක් රේගු නිශ්කාෂණයට ලක් නොකර ශ්‍රී ලංකා රේගුව විසින් මුදා හරිනු ලැබූ බවට රජයට එරෙහිව එල්ලවී ඇති චෝදනාව සම්බන්ධයෙන් අද පැවති විශේෂ මාධ්‍ය හමුවකදී රේගු මාධ්‍ය ප්‍රකාශක, අතිරේක රේගු අධ්‍යක්ෂ ජනරාල් සීවලී අරුක්ගොඩ පැවසුවේ, අදාළ බහාලුම් නිදහස් කිරීමට පෙර ආනයන සටහන්වල සියලුම ලියකියවිලි පරීක්ෂා කර මෙම බහාලුම් නිදහස් කිරීමට පියවර ගත් බවයි.

රේගුවේ බහාලුම් නිදහස් කර ගැනීමට පවතින තදබදය සම්බන්ධයෙන්ද රේගු මාධ්‍ය ප්‍රකාශකවරයා අදහස් පළ කළේය.

පසුගියදා රාමනාදන් අර්චුනා මන්ත්‍රීවරයා පාර්ලිමේන්තුවේ සිදු කළ ප්‍රකාශය සම්බන්ධයෙන් අදහස් දැක්වූ රේගු මාධ්‍ය ප්‍රකාශක, අතිරේක රේගු අධ්‍යක්ෂ ජනරාල් සීවලී අරුක්ගොඩ කියා සිටියේ රේගුව විසින් අනුගමනය කළ ක්‍රියාමාර්ග හේතුවෙන් කිසිදු නීති විරෝධි දෙයක් අදාළ බහාලුම් තුළ අන්තර්ගතව නොතිබූ බවයි.

කෙසේවෙතත් සිදු කිරීමට නියමිත විගණනයෙන් පසු එය සනාථ කරගත හැකි බවද ඔහු පැවසිය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අතිරේක රේගු අධ්‍යක්ෂ ජනරාල් සීවලී අරුක්ගොඩ,

 

"ආනයනය කරපු මේ බහාලුම්වල තිබුණේ කර්මාන්ත සඳහා අවශ්‍ය අමුද්‍රව්‍ය, ප්ලාස්ටික්, නූල් වර්ග, රසායන ද්‍රව්‍ය, මෝටර් රථ අමතර කොටස්, සත්ව ආහාර, මැෂින් වර්ග, පලිබෝදනාශක, සිමෙන්ති, යකඩ පයිප් වර්ග, පොහොර, සිමෙන්ති, දැව වගේ දේවල් තමයි අඩංගු වෙලා තිබුණේ. මේ බහාලුම් ආනයනය කරලා තිබුණේ ඉන්දියාවෙන් සහ චීනයෙන් තමයි ගොඩක්ම. ඊට අමතරව ඉන්දුනිසියාව, හොංකොංග්, සිංගප්පූරුව, මැලේසියාව, ස්විස්ටර්ලන්තය, දකුණු කොරියාව, එක්සත් අරාබි එමීර් රාජ්‍යය වගේ රටවලිනුත් මේ බහාලුම් ආනයනය කරලා තිබුණා.

 

මේ බහාලුම් නිදහස් කිරීමේදි අපි අනුගමනය කරන ලද ක්‍රමවේදය නිසා අපි විශ්වාස කරනවා මේ බහාලුම්වල තිබුණේ ආනයනකරුවන් විසින් රේගුවට ප්‍රකාශ කරන ලද භාණ්ඩ පමණයි කියලා. මේ භාණ්ඩ නිදහස් කිරීමේ ආනයන සටහන්වල සියලුම ලියකියවිලි පරීක්ෂා කරලා තමයි මේ බහාලුම් නිදහස් කිරීම සිදු කළේ.

පහුගිය කාලේ අපිට චෝදනා නගලා තිබුණා. ආයුද තියෙන්න පුළුවන් කියලා. නැත්නම් රත්‍රං තියෙන්න පුළුවන් කියලා. එහෙම නැත්නම් මත්ද්‍රව්‍ය තියෙන්න පුළුවන් කියලා... ඉතිං අපි තෝරාගන්න මේ ක්‍රමවේද  අනුගමනය කරපු නිසා අපිට විශ්වාසයෙන් කියන්න පුළුවන් මේ බහාලුම්වල ඔය කියන කිසිම දෙයක් තිබුණේ නෑ කියන එක.

කෙසේ වෙතත් මේ සම්බන්ධව දැඩි කතා බහක් ඇති වෙලා තියෙන නිසාම ශ්‍රී ලංකා රේගුව මේ සඳහා පශ්චාත් නිශ්කාශන විගණනයක් සිදු කිරීමට තීරණය කරලා තියෙනවා. ඒ සඳහා පශ්චාත් නිගමන අංශයෙන් මේ වන විටත් විගණනයක් සිදුකරමින් යනවා. ඒ වගේම මුදල් අමාත්‍යංශ ලේකම්තුමා විසින් පත්කරන ලද ඉහළ පෙළේ කමිටුවක් මගින් මේ සමස්ත ක්‍රියාදාමයම විමර්ශනයට ලක් කරලා තියෙනවා. රේගු අධ්‍යක්ෂ ජනරාල්වරයා ඇතුළු සියලුම නිලධාරීන් මේ කමිටුවට ගිහිල්ලා විස්තර ලබා දීලා තියෙනවා. ඒ වගේම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවටත් අපි විස්තර ලබා දීලා තියෙනවා ඒ නිසා අපිට කිසිම සැකයක් නැහැ.

ඒ වගේම මේ බහාලුම් නිදහස් කර ගැනීමේ ක්‍රියාවලියේදී වෙන කිසිම පාර්ශ්වයකින් අණක් හෝ බලපෑමක් සිදුවුණේ නෑ. ඒක මට බොහොම ස්ථීරවම කියන්න පුළුවන්.

2025 ජනවාරි මස 18 වැනිදා නිදහස් කරපු බහාලුම් ගැනනේ මේ කතා බහ ඇති වුණේ. එදින නිදහස් කරපු බහාලුම් අතර ආනයනයකරුවන් 180 දෙනෙක් හිටියා. රේගු සටහන් අංක 234ක් අපිට මේ ආනයනකරුවන්ගෙන් ලැබුණා. ඒ තුළින් අපි බහාලුම් 309ක් තමයි නිදහස් කරලා තියෙන්නේ. බහාලුම් 371ක් තිබුණා. එයින් 62ක්ම අපේ දත්ත පද්ධතිය මගින් ඔටෝ නිදහස් වෙච්ච ඒවා. එතකොට මේ කමිටුව මගින් 309යි අපි නිදහස් කළේ.

 

එතකොට ඒ ආනයනකරුවන්ට අදාළ සියලු විස්තර අපි සතුව තියෙනවා. ඔවුන්ගේ නම් ලිපිනය, ඔවුන්ගේ සමාගමක් නම් එම සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩලය කවුද, මේවා නිශ්කාශනය කළේ කවුද කියන සියලු විස්තර අපි ගාව තියෙනවා. ඒ වගේම බහාලුම් අංකත් අපි සතුව තියෙනවා. මේ සියලු විස්තර අපි අවශ්‍ය තැන්වලට සපයලා තියෙනවා.

 

අපි අවදානම් කළමනාකරණ ක්‍රමවේදයක් හරහා තමයි තෝරගන්නේ මොනවාද පරීක්ෂා කළ යුත්තේ මොනවාද පරීක්ෂා නොකළ යුත්තේ කියලා. මම කළින් කියුවා වගේම 60%ක ප්‍රමාණයක් අපි පරීක්ෂා නොකර යවනවා. පරීක්ෂා නොකර බහාලුමක් නිදහස් කරනවා කියන එක රේගුවට අලුත් දෙයක් නෙමෙයි. ඒක එදාත් සිද්ධ වුණා, අදත් සිද්ධ වෙනවා ඉදිරියටත් සිද්ධ වෙනවා. මේ අවදානම මත තමයි අපි තීරණය ගන්නේ."



මෙම පුවතට අදාල තවත් විස්තර :

කන්ටේනර් 323ක් බලපෑමට පිට කරලා නැහැ - විෂයබාර අමාත්‍ය බිමල් රත්නායක

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

නිදහස් කළ ප්‍රශ්නගත බහාලුම් 323 ගැන රේගුවෙන් ප්‍රකාශයක් | The Leader