ප්‍රතිසංස්කරණය වෙනුවෙන් ආසියානු සංවර්ධන බැංකුවේ පූර්ණ සහය ලබා දෙන බව ආසියානු සංවර්ධන බැංකුවේ නියෝජියෝ පැවසුහ.
අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය සහ ආසියානු සංවර්ධන බැංකුවේ මෙරට අධ්‍යක්ෂ තකාෆුමි කදෝනෝ (Takafumi kadono) ඇතුළු නියෝජිතයින් අතර ඉකුත්දා (20) පාර්ලිමේන්තුවේ පැවති සාකච්ඡාවේදී ඔවුන් මේ බව ප්‍රකාශ කළහ.
නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ වෙනුවෙන් මේ වන විට ගෙන ඇති පියවර සහ ලබන වසරේ දී පාසල් අධ්‍යාපනය තුළ නව ප්‍රතිසංස්කරණය ක්‍රියාත්මක කරන ආකාරය සහ එහි ඇති අභියෝග පිළිබඳ අග්‍රාමාත්‍යවරිය මෙහිදී ආසියානු සංවර්ධන බැංකුවේ නියෝජිතයින් දැනුවත් කිරීමට කටයුතු කළාය.
නව විෂය මාලා සකස් කිරීම, අධ්‍යාපන ක්ෂේත්‍රයේ මානව සම්පත සංවර්ධනය කිරීම, යටිතල පහසුකම් සංවර්ධනය කිරීම ඇතුළු සාමාන්‍ය අධ්‍යාපනය, වෘත්තීය අධ්‍යාපනය, උසස් අධ්‍යාපනය මෙන්ම පූර්ව ළමාවිය සංවර්ධනය වෙනුවෙන් රජයේ ඉදිරි වැඩ පිළිවෙළ පිළිබඳ අගමැතිනිය මෙහිදී පැහැදිලි කළාය.
නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණය සම්බන්ධයෙන් ආසියානු සංවර්ධන බැංකුව සිය සතුට පළ කළ අතර ගුරු පුහුණුව, යටිතල පහසුකම් සංවර්ධනය, ඩිජිටල් තාක්ෂණය සංවර්ධනය ඇතුළු අධ්‍යාපන සංවර්ධනය වෙනුවෙන් ආසියානු සංවර්ධන බැංකුව සිය සහය ඉදිරියටත් ලබා දීමට කටයුතු කරන බව අවධාරණය කළේය.
එසේම දැනට ක්‍රියාත්මක ආසියානු සංවර්ධන බැංකුවේ මුල්‍ය පහසුකම් ලබාදීම අඛණ්ඩව ඉදිරියටත් ලබාදීමට කටයුතු කරන බව නියෝජිතයින් මෙහිදී සඳහන් කළහ.
ආසියානු සංවර්ධන බැංකුවේ නියෝජිතයින්, අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම් නාලක කලුවැව ඇතුළු අධ්‍යාපන අමාත්‍යංශයේ නිලධාරීන් මෙම අවස්ථාවට සහභාගී වුහ.
(සටහන | ජේ. මුණසිංහ)
සබැඳි ලිපියක් :
ලංකා රාජ්‍යයයේ අධ්‍යාපන අරමුණු | ආචාර්ය හරිශ් වල්පොල