අපරාධයක් සිදු වු ස්ථානයක් ලෙස අධිකරණය විසින් නම් කර තිබෙන ශ්‍රී ලංකාවේ මෑතදීම හමුවූ සමූහ සුසානයෙන් ප්‍රථම වතාවට මිනිස් ශේෂ නොවන මෙවලම් හමුව තිබේ.
තෙවැනි අදියරේ කැනීම් කටයුතු සිදුකළ හතරවැනි දිනය වන ජුනි 29 වැනිදා දහවල් වන විට සිද්ධුපත්ති සමුහ සුසානයෙන් පාසල් බෑගයක් බවට සැක කළ හැකි නිල් පැහැති ගමන් මල්ලක් සහ රෙදි කැබලි කිහිපයක් ද සමග කුඩා දරුවකුගේ බවට විශ්වාස කෙරෙන තවත් ඇටසැකිල්ලක්ද මතු කරගෙන ඇති බවයි කැනීම් කටයුතු වාර්තාකරණයේ යෙදී සිටින පළාත් බද වාර්තාකරුවන් පවසන්නේ.
මේ වන විට මතු කරගෙන ඇති මිනිස් අස්ථි 33 අතුරෙන් අවම වශයෙන් මිනිස් අස්ථි 10 ක් කුඩා දරුවන්ගේ බවට සැක කෙරෙන බව ඔවුහු වැඩි දුරටත් පවසති.
ඒ අතර වසය මාස 10 ට අඩු දරුවන් තිදෙනකුගේ අස්ථි ද වන බව කැනීම් කටයුතු මෙහෙයවන වෝහාරික පුරාවිද්‍යාඥ මහාචාර්ය රාජ් සෝමදේව දෙවැනි අදියරේ කැනීම් කටයුතු තාවකාලිකව නැවැත්වීමෙන් පසු ජාත්‍යන්තර මාධ්‍ය වෙත පවසා තිබුනි.
සැක සහිත භුමියේ පස් සාම්පල පරීක්ෂා කිරීම සදහා යාපනය අධිකරණ වෛද්‍ය නිලධාරි සෙල්ලයියා ප්‍රනවන් අධිකරණයෙන් ඉල්ලා තිබු අවසරය ලැබීමත් සමග ජුනි 29 වැනිදා කොළඹ සිට යාපනයට ගිය විද්‍යා සහ තාක්ෂණ අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන කාර්මික තාක්ෂණ ආයතනයේ (ITI) කණ්ඩායමක් කැනිම් භුමියේ පස් සාම්පල ලබා ගත් බව පළාත් බද වාර්තාකරුවෝ පවසති.
චෙම්මනි සුසානයෙන් සමූහ මිනීවලක් ලෙස නම්කරන ලෙස ඉල්ලමින් වින්දිතයන් වෙනුවෙන් පෙනී සිටින නීතිඥයන් ගොනු කළ නඩුව 2025 ජුනි 06 වැනිදා විභාගයට ගත් අවස්ථාවේ යාපනය අධිකරණ වෛද්‍ය නිලධාරි සෙල්ලයියා ප්‍රනවන් හා වෝහාරික පුරාවිද්‍යාඥ මහාචාර්ය රාජ් සෝමදේව අධිකරණයට දැනුම් දී තිබුනේ චෙම්මනියේ සිද්ධුපත්ති සමූහ සුසානය නීති විරෝධී හෝ රහසිගත හෝ අයුරින් සිරුරු වල දැමූ භූමියක් විය හැකි බවයි.
"මෙය අපරාධයක් සිදු වූ ස්ථානයකි. ඇතුලුවීම තහනම්. යාපනය මහේස්ත්‍රාත්ගේ අණ පරිදි" යනුවෙන් ඉංශ්‍රිසි හා දෙමළ බසින් පමණක් සදහන් පුවරු සිද්ධුපත්ති සමුහ සුසානය සමීපයේ සවිකර ඇති අයුරු මේ වන විට දැකගත හැකිය.
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් වොල්කර් ටර්ක් යාපනයේ චෙම්මනි, සිද්ධුපත්ති සමුහ සුසානය අසල දී ජුනි 25 වැනිදා ප්‍රකාශ කර තිබුනේ සමුහ මිනි වල සම්බන්ධයෙන් සත්‍යය හෙළි කිරීමට සමත් අධිකරණ වෛද්‍ය විශේෂඥතාවක් ඇති ස්වාධීන විශේෂඥයන් විසින් මෙහෙයවන පුළුල්, ශක්තිමත් පරීක්ෂණයක අවශ්‍ය බවයි.
සිද්ධුපත්ති සමූහ සුසානය එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස්වරයාට නිරීක්ෂණය කිරීමට ඉඩ සලසා දෙන බවට ප්‍රසිද්ධියේ පොරොන්දු දුන් ආණ්ඩුව එය වලකාලීම වෙනුවෙන් අසාර්ථක වූ පරිශ්‍රමයක්, සැලසුම් සහගතව දැරීමේ බරපතල චෝදනාවට ද මේ වන විට ලක්ව සිටී.
උතුරෙන් හමුවූ සිව්වැනි සමූහ මිනීවල පිහිටි සිද්ධුපත්ති සුසාන භුමියේ ඉදිකිරීම් කටයුත්තක් සිදු කිරීමට යෑමේදී 2025 වසරේ පෙබරවාරි 13 වැනිදා මිනිස් අස්ථියක් හමුව තිබු අතර එම අස්ථි කොටස් පරීක්ෂාව සඳහා යාපනයේ අධිකරණ වෛද්‍ය නිලධාරී සෙල්ලයියා ප්‍රනවන් සමග පැමිණි මහේස්ත්‍රාත් ඒ ඒ ආනන්දරාජා විසින් ඒවා මිනිස් සිරුරු කොටස් දැයි විමර්ශනය සඳහා අධිකරණ වෛද්‍ය නිලධාරියාට භාරදෙන ලෙස පෙබරවාරි 20 වැනිදා පොලිසියට නියෝග කර තිබුනි.
අධිකරණ නියෝග මත වෝහාරික පුරාවිද්‍යාඥ මහාචාර්ය රාජ් සෝමදේව සහ යාපනය අධිකරණ වෛද්‍ය නිලධාරි සෙල්ලයියා ප්‍රනවන්ගේ මෙහෙයවීමෙන් කැනීම් කටයුතු පළමු වරට ආරම්භ වුයේ මැයි 15 වැනිදායි.
මෙම පුවතට අදාල තවත් විස්තර :
චෙම්මනි ගැන රජයේ තීන්දුව: එජා මහකොමසාරිස් නිරීක්ෂණය ‘ගේට්ටුවෙන් එළියේ සිට’
තවත් ළමා ඇටසැකිල්ලක් චෙම්මනි සමූහ සුසානයෙන් සොයාගනී
චෙම්මනි සමූහ මිනීවලට ජාත්‍යන්තර මැදිහත්වීමක අවශ්‍යතාව UN පිළිගනී






