කඩිනමින් සුදුස්සෙක් පත්කරන ලෙස ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටින්නේ යැයි නිදහස් හා සාධාරණ මැතිවරණයන් සඳහා ජනතා ක්‍රියාකාරීත්වය (පැෆ්රල්) නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.
එම පත් කිරීමේදී තොරතුරු දැනගැනීමේ අයිතියට ගරු කරන, මහජනයාගේ ගෞරවයට පාත්‍ර වූ, දූෂණ චෝදනා නොමැති ඊට ගැළපෙන අයෙක් පත් කරන්නයැයි පැෆ්රල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි ගේ අත්සනින් නිවේදනයක් නිකුත් කර ඇත.
තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම පිළිබඳ කොමිෂන් සභාවේ සභාපතිවරයා ඉවත් වී මාස තුනකට අධික කාලයක් ගතව ඇතත් ව්‍යවස්ථාදායක සභාව ඊට සුදුස්සෙකු නම් නොකිරීම හේතුවෙන් සමාජයට අතිමහත් ජයග්‍රහණයක් ලබා කර දුන් තොරතුරු කොමිෂන් සභාවේ ක්‍රියාවලියට මහත් බාධාවක් වී ඇතැයි පැෆ්රල් සංවිධානය පෙන්වා දෙයි.
දශක 03 කට ආසන්න කාලසීමාවක් සමාජය තුළ සංවාදයට ලක් වූ තොරතුරු දැනගැනීමේ අයිතිය 2016 අංක 12 දරන තොරතුරු දැන ගැනීමේ පනත ලෙසින් නෛතික රාමුවට එකතු වීම පුරවැසියන් ලද සුවිශාල ජයග්‍රහණයක්යැයි එම නිවේදනයේ අවධාරණය කරයි.
අල්ලස හා දූෂණය වැළැක්වීම වෙනුවෙන් උනන්දුවක් දක්වන සංවිධාන හා පුරවැසියන් තොරතුරු දැනගැනීමේ අයිතිය භාවිත කරමින් ලබාගත් තොරතුරු සමාජගත කිරීම හරහා මෙතෙක් නොවූ විරූ තොරතුරු සංස්කෘතියක් බිහිවී ඇතැයි එහි සඳහන් වේ.
මේ අතර එම කොමිෂන් සභාවට සම්පත්වල හිඟයක් පවතී නම් එයද මගහරවා ගැනීමට කඩිනමින් මැදිහත් වන ලෙස ජනාධිපතිවරයාගෙන් සහ ව්‍යස්ථාදායක සභාවෙන් ඉල්ලා සිටින්නේ යැයි පැෆ්රල් සංවිධානය වැඩිදුරටත් සඳහන් කරයි.
මෙම පුවතට අදාල තවත් විස්තර :
තොරතුරු කොමිසමේ සභාපති පුටුව මාස 3ක් හිස් ! - සභාපති පත්කිරීම බරපතල අර්බුදයක !
තොරතුරු කොමිසමට මාස තුනක් සභාපති කෙනෙක් නෑ; කොමිසම අඩපණ වෙලා! - මාධ්‍ය සංවිධාන ජනපතිට ලියති
තොරතුරු කොමිසමේ සභාපති ධූරයට කඩිනමින් සුදුස්සෙක් පත්කරන්න - පැෆරල්
T
The Leader Desk
July 9, 2025 • 8:40 PM

ලිපියට සවන් දෙන්න
පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)
- කඩිනමින් සුදුස්සෙක් පත්කරන ලෙස ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටින්නේ යැයි නිදහස් හා සාධාරණ මැතිවරණයන් සඳහා ජනතා ක්‍රියාකාරීත්වය (පැෆ්රල්) නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.
- එම පත් කිරීමේදී තොරතුරු දැනගැනීමේ අයිතියට ගරු කරන, මහජනයාගේ ගෞරවයට පාත්‍ර වූ, දූෂණ චෝදනා නොමැති ඊට ගැළපෙන අයෙක් පත් කරන්නයැයි පැෆ්රල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි ගේ අත්සනින් නිවේදනයක් නිකුත් කර ඇත.
- දශක 03 කට ආසන්න කාලසීමාවක් සමාජය තුළ සංවාදයට ලක් වූ තොරතුරු දැනගැනීමේ අයිතිය 2016 අංක 12 දරන තොරතුරු දැන ගැනීමේ පනත ලෙසින් නෛතික රාමුවට එකතු වීම පුරවැසියන් ලද සුවිශාල ජයග්‍රහණයක්යැයි එම නිවේදනයේ අවධාරණය කරයි.
- අල්ලස හා දූෂණය වැළැක්වීම වෙනුවෙන් උනන්දුවක් දක්වන සංවිධාන හා පුරවැසියන් තොරතුරු දැනගැනීමේ අයිතිය භාවිත කරමින් ලබාගත් තොරතුරු සමාජගත කිරීම හරහා මෙතෙක් නොවූ විරූ තොරතුරු සංස්කෘතියක් බිහිවී ඇතැයි එහි සඳහන් වේ.
අකුරු ප්‍රමාණය (Font Size):
The Leader • WhatsApp නිල සේවාව
අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න
නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.
The Leader • අප ගැන
Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.
Discussion (0)
Join the Conversation
Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.
Loading discussion...


