The Leader News
BREAKING
Top Ad
පුවත්

ජූඩ් ක්‍රිසන්ත ප්‍රනාන්දු පියතුමා කළ ප්‍රකාශය සිරිල් ගාමිණී පියතුමා විසින් ප්‍රතික්ෂේප කරයි

T

The Leader Desk

July 21, 2025 • 4:26 PM

ජූඩ් ක්‍රිසන්ත ප්‍රනාන්දු පියතුමා කළ ප්‍රකාශය සිරිල් ගාමිණී පියතුමා විසින් ප්‍රතික්ෂේප කරයි

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • නිලන්ත ජයවර්ධන ට මරණ දඩුවම දියයුතු යැයි ජාතික කතෝලික ජනසන්නිවේදන අධ්‍යක්ෂ ජූඩ් ක්‍රිසන්ත ප්‍රනාන්දු පියතුමා කළ ප්‍රකාශය කතෝලික සභාවේ මතය නොවන බවත් කොළඹ අගරදගුරු පදවියේ මාධ්‍ය ප්‍රකාශක සිරිල් ගාමිණී පියතුමා අද (21) පැවසූහ.
  • එම ප්‍රකාශය කිරීමට පෙර ජූඩ් ක්‍රිසන්ත ප්‍රනාන්දු පියතුමා “මගේ මතයට අනුව මරණ දඩුවම වුවත් දියහැකියි” යැයි පැවසූ බව කී සිරිල් ගාමිණී පියතුමා ‘පාස්කු ඉරුදින ත්‍රස්තප්‍රහාර’ සම්බන්ධයෙන් චෝදනා එල්ල වන පුද්ගලයන් නීතිය ඉදිරියට ඉදිරිපත් කළ යුතු යැයි කතෝලික සභාවේ ස්ථාවර බව ද සඳහන් කළහ.
  • එවැනි ඉල්ලීම් කළ බවට කරන ප්‍රකාශ සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කරන බවත් රාජ්‍ය පාලනයට මැදිහත්වීමට කාදිනල්හිමිපාණන්ට හෝ කතෝලික සභාව කිසිඳු අවශ්‍යතාවක් නොමැති බවත් පියතුමා පැවසූහ.
අකුරු ප්‍රමාණය (Font Size):

නිලන්ත ජයවර්ධන ට මරණ දඩුවම දියයුතු යැයි ජාතික කතෝලික ජනසන්නිවේදන අධ්‍යක්ෂ ජූඩ් ක්‍රිසන්ත ප්‍රනාන්දු පියතුමා කළ ප්‍රකාශය කතෝලික සභාවේ මතය නොවන බවත් කොළඹ අගරදගුරු පදවියේ මාධ්‍ය ප්‍රකාශක සිරිල් ගාමිණී පියතුමා අද (21) පැවසූහ.

සිරිල් ගාමිණී පියතුමා කොළඹ අගරදගුරු නිවසේදී විශේෂ මාධ්‍ය හමුවක් පවත්වමින් අද (21) එසේ පැවසූහ.

පුද්ගලයෙක් කුමන ආකාරයේ වරදක් කළත් කතෝලික සභාව මරණ දඩුවම නියම කරන ලෙස ප්‍රකාශ නොකරන බව කී සිරිල් ගාමිණී පියතුමා පැවසුවේ එම ප්‍රකාශය කළ ජූඩ් ක්‍රිසන්ත ප්‍රනාන්දු පියතුමා මහනුවර සිටින බැවින් එම මාධ්‍ය හමුවට සහභාගි නොවීමට නොහැකි වුවද එම ප්‍රකාශය පිළිබඳව කණගාටුව ප්‍රකාශ කරන ලෙස දැනුම්දුන් බවත්ය.

එම ප්‍රකාශය කිරීමට පෙර ජූඩ් ක්‍රිසන්ත ප්‍රනාන්දු පියතුමා “මගේ මතයට අනුව මරණ දඩුවම වුවත් දියහැකියි” යැයි පැවසූ බව කී සිරිල් ගාමිණී පියතුමා ‘පාස්කු ඉරුදින ත්‍රස්තප්‍රහාර’ සම්බන්ධයෙන් චෝදනා එල්ල වන පුද්ගලයන් නීතිය ඉදිරියට ඉදිරිපත් කළ යුතු යැයි කතෝලික සභාවේ ස්ථාවර බව ද සඳහන් කළහ.

නිලන්ත ජයවර්ධනට එරෙහිව ජනාධිපති විමර්ශන කොමිෂන් සභාවේ නිදේශ ක්‍රියාත්මක කර ඔහුට එරෙහිව අපරාධ නඩුවක් පිළිබඳව නීතිපතිවරයා කටයුතු කළ යුතු යන්න කතෝලික සභාවේ මතය බවත් සත්‍ය සොයාගැනීම සහ සාධාරණය ඉටුකිරීම කතෝලික සභාවේ ඉල්ලීම වන අතර වැරදිකරුවන්ට දඩුවම්දීම කතෝලික සභාවේ කරුණක් නොවන්නාක් මෙන්ම දඩුවම්දීම නීතියේ සහ අධිකරණයේ කටයුතුක්තක් බවත් පියතුමා කීහ.


විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවී සෙනෙවිරත්න සහ විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකර යන මහත්වරු අදාළ තනතුරුවට පත්කරන්නැයි අතිඋතුම් කාදිනල් හිමිපාණන් ජනාධිපතිවරයාගෙන් හෝ වෙනත් කිසිඳු පුද්ගලයෙක්ගෙන් කිසිඳු ඉල්ලීමක් කවදාවත් කර නොමැති බවත් ඉතාම පැහැදිළිව අවදාරණය කරන බවත් වර්තමාන හමුදාපතිවරයාට සේවා දිගුවක් දෙන ලෙස කාදිනල්හිමිපාණන් හෝ කතෝලික සභාව කිසිඳු  ඉල්ලිමක් කරනොමැති බවත් පියතුමා සඳහන් කළහ.


එවැනි ඉල්ලීම් කළ බවට කරන ප්‍රකාශ සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කරන බවත් රාජ්‍ය පාලනයට මැදිහත්වීමට කාදිනල්හිමිපාණන්ට හෝ කතෝලික සභාව කිසිඳු අවශ්‍යතාවක් නොමැති බවත් පියතුමා පැවසූහ.

කතෝලික සභාව යම් කාලයකදී කළ ප්‍රකාශයක් පාදකරගෙන මෙම ප්‍රකාශය නිර්මාණය වී ඇතැයි අනුමනා කරන බව කී සිරිල් ගාමිණී පියතුමා පැවසුවේ 2023 වසරේ ඔක්තෝබර් මස 9 වැනිදා හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ වෙත නිල වශයෙන් ‘පාස්කු’ ප්‍රහාරයේ පරීක්‍ෂණ පිළිබඳව ලිපියක් යොමු කළ අතර එම ලිපියෙන් එම ප්‍රහාර සිදුවූ අවස්ථාවේ සිට විමර්ශනය කළ අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ සිටි ඒ වන විට මාරුවීම කර තිබූ නිලධාරීන් නැවත පරීක්‍ෂණවලටට සම්බන්ධ කරන ලෙස කාදිනල්හිමිපාණන් ඇතුළු ‘පාස්කු ඉරිදා ප්‍රහාර පිළිබඳව කතෝලික ජාතික කමිටුව’ ඉල්ලීමක් කළ බව ද සඳහන් කළහ.

ගෝඨාභය රාජපක්‍ෂ මහත්මයා ස්ථාන මාරු කළ සීඅයිඩී නිලධාරීන් අතර විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවී සෙනෙවිරත්න සහ විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකර යන මහත්වරු ද සිටි බවත් ‘පාස්කු ප්‍රහාරය’ට සම්බන්ධ පරීක්‍ෂණයේදී සත්‍ය හෙළිදරව් කර ඊට සම්බන්ධ අයට විරුද්ධව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට සහ විමර්ශන ස්වාධිනව, විනිවිදභාවයෙන් සහ අවංකව කිරීම පමණක් එම ලිපියෙන් ඉල්ලා සිටි අතර  එය හැර වෙනත් කිසිඳු ඉල්පීමක් රජයෙන් හෝ ජනාධිපතිවරයා නොකළ බවත් පියතුමා කීහ.

‘පාස්කු ඉරිදා ප්‍රහාරය’ සම්බන්ධයෙන් එක ජනාධිපති විමර්ශන කොමෂන් සභාවක් පමණක් පැවැති අතර ජනාධිපති රනිල් වික්‍රමසිංහ පත්කළ ඉමාම් සහ ජයකොඩි අල්විස් ලෙස කමිටු දෙකෙන් එක කමිටුවක් ශානි අබේසේකර සහ රවී සෙනෙවිරත්නට චෝදනා එල්ල කර තිබූ බවත් එම කමිටු පත්කිරීමේදීම කතෝලික සභාව එම කමිටු දෙක සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කරන බව රනිල් වික්‍රමිසංහ ජනාධිපතිවරයාට ලිඛිතව දැනුම් දුන් බවත් සිරිල් ගාමිණී පියතුමා වැඩි දුරටත් සඳහන් කළහ.


ජාතික කතෝලික ජනසන්නිවේදන අධ්‍යක්ෂ ජූඩ් ක්‍රිසන්ත ප්‍රනාන්දු පියතුමා ඊයේ (20) විශේෂ මාධ්‍ය හමුවක් පවත්වමින් පැවසුවේ නිලන්ත ජයවර්ධන ට ජීවිතාන්තය දක්වා සිරදඩුවම හෝ මරණ දඩුවම හෝ දියහැකි බවයි.  

( lankadeepa.lk | යොහාන් භාසුර)


සබැඳි පුවත :

‘පාස්කු ප්‍රහාර’යේ විමර්ශන කළ නිලධාරීන් පත්කරන්න ඉල්ලීමක් කළා - ජූඩ් ක්‍රිසන්ත ප්‍රනාන්දු පියතුමා

 

  whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

ජූඩ් ක්‍රිසන්ත ප්‍රනාන්දු පියතුමා කළ ප්‍රකාශය සිරිල් ගාමිණී පියතුමා විසින් ප්‍රතික්ෂේප කරයි | The Leader