The Leader News
BREAKING
Top Ad
පුවත්

SupremeSAT-1: අතුරුදන් වූ බව කී චන්ද්‍රිකාව තියෙන තැන සුප්‍රීම්සැට් සමාගම කියයි

T

The Leader Desk

August 8, 2025 • 5:04 PM

SupremeSAT-1: අතුරුදන් වූ බව කී චන්ද්‍රිකාව තියෙන තැන සුප්‍රීම්සැට් සමාගම කියයි

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • සහ අමාත්‍ය වසන්ත සමරසිංහ දැක්වූ පරස්පර විරෝධී අදහස් සම්බන්ධයෙන් SupremeSAT පුද්ගලික සමාගමේ සභාපති ආර්.එම්.
  • එම නිවේදනය මගින් අදාළ චන්ද්‍රිකාව සම්බන්ධයෙන් මතු වී ඇති කරුණු පිළිබඳව පැහැදිලි කිරීමක් කර ඇත.
  • SupremeSAT-1 චන්ද්‍රිකාව 'අතුරුදන් වෙලා' ද?
  • වසරේදී කක්ෂගත කළ බව කියන මෙම චන්ද්‍රිකාව 'අතුරුදන් වී ඇති' බවට දිගින් දිගට ම ජාතික ජන බලවේගයේ සාමාජිකයින් චෝදනා කළ අතර, බ්‍රහස්පතින්දා ද අමාත්‍ය වසන්ත සමරසිංහ පාර්ලිමේන්තුවේදී ඒ බව පැවසීය.
අකුරු ප්‍රමාණය (Font Size):

සහ අමාත්‍ය වසන්ත සමරසිංහ දැක්වූ පරස්පර විරෝධී අදහස් සම්බන්ධයෙන් SupremeSAT පුද්ගලික සමාගමේ සභාපති ආර්.එම්. මනිවන්නන් නිවේදනයක් නිකුත් කර තිබේ.

එම නිවේදනය මගින් අදාළ චන්ද්‍රිකාව සම්බන්ධයෙන් මතු වී ඇති කරුණු පිළිබඳව පැහැදිලි කිරීමක් කර ඇත.

SupremeSAT official Statement Sinhala version page 0002
SupremeSAT-1 චන්ද්‍රිකාව 'අතුරුදන් වෙලා' ද?

2012 වසරේදී කක්ෂගත කළ බව කියන මෙම චන්ද්‍රිකාව 'අතුරුදන් වී ඇති' බවට දිගින් දිගට ම ජාතික ජන බලවේගයේ සාමාජිකයින් චෝදනා කළ අතර, බ්‍රහස්පතින්දා ද අමාත්‍ය වසන්ත සමරසිංහ පාර්ලිමේන්තුවේදී ඒ බව පැවසීය.

කෙසේ වෙතත්, අදාළ චන්ද්‍රිකාව කක්ෂගත වී ඇත්තේ කොහේ ද යන්න පිළිබඳව සුප්‍රීම්සැට් සමාගම සිය නිවේදනයේ සඳහන් කර තිබිණි.

 

SupremeSAT-1 චන්ද්‍රිකාව 'මේ වන විටත් 87.5° නැගෙනහිර කක්ෂයේ නිවැරදිව සක්‍රීය ලෙස පවතින' අතර 'මූලික දියත් කිරීමේ සිට ම චන්ද්‍රිකාව විද්‍යානුකූලව ස්ථානගත කර ඇති,' බව සුප්‍රීම්සැට් පුද්ගලික සමාගම පවසයි.


එහි සභාපති ආර්.එම්. මනිවන්නන්ගේ නම සහිතව නිකුත් කර ඇති අදාළ නිවේදනය මගින් එම සමාගම පෙන්වා දී ඇත්තේ, 'අපගේ සමාගම සිදු කළ මෙම ආයෝජනය පිළිබඳව 2012 වසරේ සිට ම පොදු ජනතාව නොමග යවමින්, පටු ග්‍රාම්‍ය දේශපාලන වාසි වෙනුවෙන් සාවද්‍ය මතවාදයන් දශකයකට පසුව', 'දත්ත වාර්තා සමගින් ම තහවුරු කර' ඇතත්, තවමත් ඇතැම් පුද්ගලයින් 'අසත්‍ය පැවසීම හා ආයතනික ගිණුම් පිළිබඳව බොරු දත්ත සැපයීම පිළිකුළෙන් යුතුව හෙළා දකින,' බව ය.

'පුද්ගලික සමාගමක් ලෙසින් අප සතුව පවතින පුද්ගලික සමාගම් ගිණුම් හා එහි දත්ත වාර්තා අපගේ නිසි නියෝජනයක් හා පිළිගත් දත්ත වාර්තා නොමැතිව, ඉතාමත් සාවද්‍ය ලෙස, ජනතාව නොමග යන අයුරින් විකෘති කර ජනගත කිරීම ඉතාමත් පිළිකුල්සහගත' බවත්, 'කිසිදු විෂයානුබද්ධ දැනුමක්, අවබෝධයක් නොමැතිව පමණක් නොව සරල සාමාන්‍ය දැනුමක්වත් නොමැතිව මෙවන් ප්‍රකාශ සිදු කිරීම පිළිබඳව බලවත් අප්‍රසාදය පළ කරන' බව ද එම නිවේදනයේ සඳහන් වෙයි.

අගමැතිනිය ඉදිරිපත් කළ දත්ත සහ වසන්තගේ 'නිවැරදි කිරීම'

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ පුත් රෝහිත රාජපක්ෂගේ අධීක්ෂණය යටතේ ක්‍රියාත්මක වූ බව කී 'සුප්‍රීම් සැට් සන්නිවේදන චන්ද්‍රිකා ව්‍යාපෘතිය' සඳහා ශ්‍රී ලංකා රජයේ කිසිදු මුදලක් වැය කර නොමැති බවත්, එම ව්‍යාපෘතියෙන් ශ්‍රී ලංකාවට රුපියල් මිලියන දහස් ගණනක ආදායමක් ලැබී ඇති බවත් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය බදාදා (අගෝ: 06) පාර්ලිමේන්තුවට දැනුම් දුන්නා ය.

අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය ඉදිරිපත් කළ ආදායම් දත්තවලට අනුව 2015 වසරේ සිට 2023 මුල් භාගය දක්වා මෙම ව්‍යාපෘතියෙන් රුපියල් මිලියන 343,909ක ආදායමක් ලැබී ඇති බව ය.

ඇය ඉදිරිපත් කළ ආදායම් දත්ත අනුව වාර්ෂිකව ලබා ඇති බව කී ආදායම් මෙසේ ය.

* 2015/2016 - රු. මිලියන 19617

* 2016/2017 - රු. මිලියන 28133

* 2017/2018 - රු. මිලියන 29106

* 2018/2019 - රු. මිලියන 34169

* 2019/2020 - රු. මිලියන 42960

* 2020/2021 - රු. මිලියන 62545

* 2021/2022 - රු. මිලියන 87789

* 2023 පළමු මාස 6 - රු. මිලියන 39590

කෙසේ වෙතත්, අමාත්‍ය වසන්ත සමරසිංහ බ්‍රහස්පතින්දා (අගෝ:07) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේ, අග්‍රාමාත්‍යවරිය ඉදිරිපත් කළ දත්තවල වරදක් ඇති බව ය.

ඒ අනුව, වාර්ෂික ආදායම් පහත පරිදි විය යුතු බව ඔහු පැවසීය.

* 2015/2016 - රු. මිලියන 19.167

* 2016/2017 - රු. මිලියන 28.133

* 2017/2018 - රු. මිලියන 29.1

* 2018/2019 - රු. මිලියන 34.1

* 2019/2020 - රු. මිලියන 42.9

* 2020/2021 - රු. මිලියන 62.0

* 2021/2022 - රු. මිලියන 87.0

* 2023 පළමු මාස 6 - රු. මිලියන 39.5

දශම තිත අතහැර දත්ත ඉදිරිපත් කරල !

ඔහු ඉදිරිපත් කළ දත්ත අනුව පෙනී යන්නේ, අග්‍රාමාත්‍යවරිය දශම තිත අතහැර දත්ත ඉදිරිපත් කර ඇති බව ය.

"අගමැතිතුමිය නම් උත්තර දෙන්නෙ, ඒක හරියට බලල ඒ තහවුරුව අරගෙන කියන්න ඕනෙ. ඒ නිසා පිළිතුරු ලබා දීම වැරැද්දක් නිලධාරීන් කරල තියෙනවා," වසන්ත සමරසිංහ පැවසීය.


''ඒක අපේ වරදක් නෙවෙයි, අදාළ නිවැරදි දත්ත අපි දුන්නා ''

මේ අතර, අග්‍රාමාත්‍යවරිය සිය පැහැදිලි කිරීමේදී දශම තිත නොමැතිව සංඛ්‍යා දත්ත ඉදිරිපත් කර ඇතැයි පෙනී යන බව සුප්‍රීම්සැට් සමාගමට අනුබද්ධ සුප්‍රීම් මාධ්‍ය ජාලයේ ප්‍රධාන විධායක නිලධාරී කංචන කොඩිතුවක්කු බීබීසී සිංහල වෙත පවසා තිබිණ.

සමාගමට අදාළ නිවැරදි දත්ත රජයට සපයා ඇති බවත්, ඒවා ඉදිරිපත් කිරීමේදී වරදක් වී ඇත්නම් එය සමාගම කළ වරදක් නොවන බවත් ඔහු කියා සිටියි.

'අගමැතිනිය ගිරවෙක් වගේ ලියල දෙන එක කියනවා ද?'

අමාත්‍ය වසන්ත සමරසිංහගේ ප්‍රකාශයට ප්‍රතිචාර දක්වමින් පාර්ලිමේන්තු මන්ත්‍රී ඩී.වී. චානක විමසා සිටියේ, "ඇමතිතුමා කියන්නේ අග්‍රාමාත්‍යතුමිය ගිරවෙක් වගේ ලියල දෙන එක කියනවා කියල ද?" යනුවෙනි.

"දැන් එතකොට කියන්නෙ අග්‍රාමාත්‍යතුමිය ගිරවෙක් වගේ ලියල දෙන එක කියනව කියල ද වසන්ත සමරසිංහ ඇමතිතුමා කියන්නෙ? කිසි ම තහවුරු කිරීමකින් තොරව දේවල් කියනව කියල ද කියන්නෙ? මේක තමයි අපිත් කිව්වෙ, මේ ආණ්ඩුවට කිසි ම වැඩක් බෑ කියල."

ඩී.වී. චානක මන්ත්‍රීවරය සඳහන් කළේ, සාමාන්‍යයෙන් අග්‍රාමාත්‍යවරියගෙන් පිළිතුරක් ඉල්ලූ විට ඇය අග්‍රාමාත්‍ය ලේකම්වරයා හරහා පිළිතුර ලබා ගැනීමේ නිසි ක්‍රමවේදයක් අනුගමනය කළ යුතු බව ය.

''චිචීගෙ රොකට් එක' ; 'සිරිකොත' එජාප ප්‍රචාරක මෙහෙයුමක ආරම්භයක්....

 '' කටකතාව වෙනුවට සත්‍යය අනාවරණය වීම අප ලැබු සෑබෑම ජයග්‍රහණයක් බව''  සුප්‍රීම් සැට් පුද්ගලික සමාගමේ සභාපති ආර්. එම්. මනිවන්නන් අද (08) නිකුත්කළ මාධ්‍ය නිවේදනයෙන් අවධාරණය කරයි.


දශකයකට අධික කාලයක් තිස්සේ ''චිචීගෙ රොකට් එක'' නමින් ආන්දෝලනයට ලක්වූ SupremeSAT-1 සම්බන්ධයෙන් විවේචනාත්මක ප්‍රහාරයක් දියත්කරනු ලැබුවේ එවකට විපක්ෂයේ සිටි එක්සත් ජාතික පක්ෂයයි. රනිල් වික්‍රමසිංහ එවකදී විපක්ෂ නායකවිය.

SupremeSAT චන්ද්‍රිකාව විශාල මුදල් නාස්තියක් බව පලමුවරයට රට හමුවේ ප්‍රකාශ කලේ එදා එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම් ව සිටි තිස්ස අත්තනායකයි.

ප්‍රකාශිත පරිදි මෙම රොකට්ටුව අභාවකශගත කරනු ලැබුවේ 2012. 11. 19 වෙනිදා ය.  රොකට්ටුව යවා මාසයක් යන්නත් කලින්  එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම් තිස්ස අත්තනායක මාධ්‍ය සාකච්ඡාවක් පවත්වමින්, රජයේ මුදල් ඩොලර් මිලියන 320 රොකට්ටුවට වියදම් කිරීම ගැන රාජපක්ෂ ආණ්ඩුවට දැඩි ලෙස චෝදනා කළේය.

bbc doc

 

තිස්ස අත්තනායක පමණක් නොව, එදා එම පක්ෂයේ නියෝජ්‍ය නායකවරයා වූ සජිත් ප්‍රේමදාස ද පාර්ලිමේන්තුව තුලත් ඉන් පිටතදීත් ''චිචිගෙ රොකට්ටුව'' ගැන විවේචනාත්මකව කරුණු දැක්විය.

 
හිටපු ඇමැති පාඨලී චම්පික රණවක 2014 දී රාජපක්ෂ ආණ්ඩුවෙන් ඉවත්වීමේ දී ''චිචිගෙ රොකට්ටුව'' පිලිබඳ කාරණය රාජපක්ෂවරුන්ට එරෙහිව ප්‍රධාන සාධකයක් කර ගනු ලැබිය.

මෙම රොකට්ටුව සඳහා රුපියල් මිලියන 460 ක මුදලක් ලංකා විදුලිබල මණ්ඩලයෙන් ලබාගෙන ඇතැයි ද චම්පික රණවක වරෙක චෝදනා කළේය.

"SupremeSAT" cost Rs 460mn obtained from CEB funds: Champika

සුසිල් ප්‍රේමජයන්ත එකල රාජපක්ෂ දේශපාලන කඳවුරේ ප්‍රබලයෙකි. ඔහු එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහලේකම් ද විය.  

'' සුප්‍රිම් සැට් යනුවෙන් යානාවක් මෙරට කිසිවකු හඳට යැව්වා කියා තමන් දැනුවත් වීමක් නැති බව එවකට විද්‍යා හා තාක්ෂණ ඇමතිවරයා වූ සුසිල් ප්‍රේමජයන්ත 2023 අගෝස්තු 25 පාර්ලිමේන්තුවේදී පැවසිය.

රෝහිත රාජපක්ෂ ගේ මූලිකත්වයෙන් අභ්‍යවකාශ ගතකළ බව කියන සුප්‍රිම් සැට් - 1ට අදාළ වන 2012 වසරේ දී තමන් විද්‍යා තාක්ෂණ අමාත්‍යවරයා ලෙස කටයුතු කළ බවත් එම වසරේදී එවන් යානාවක් යැව්වෙ නම් මේ වන විට සඳේ පස් පවා රැගෙන ආ යුතු කාලයක් ඉක්ම ගොස් ඇති බවත් මෙරටින් කිසිවකු සුප්‍රීම් සැට් යානාවක් යැවීමක් ගැන කියන්නේනම් එය ප්‍රබන්ධ කථාවක් බවත් ඔහු අවධාරණය කර සිටියේය.

චම්පික රණවක මෙන්ම සුසිල් ප්‍රේම ජයන්ත ද රාජපක්ෂ කඳවුරෙන් වෙන්වීමේදී ' චිචිගේ රොකට්ටුව' රාජපක්ෂවරුන්ට එරෙහිව ප්‍රධාන කාරණයක් ලෙස ඉස්මතු කර තිබිණ.

kjsldfjle
එපමණක් නොව ජනතා විමුක්ති පෙරමුණද 'චිචිගේ රොකට්ටුව' තමන්ගේ ප්‍රධාන දේශපාලන සටන් පාඨයක් කරගනු ලැබිය.

'චිචීගෙ රොකට්ටුව' ගැන තිස්ස අත්තනායකගේ පළමු හෙළිදරව්වෙ සිට අද ඊයෙ දක්වාම රාජපක්ෂවරුන්ට එරෙහි ප්‍රධාන සටන් පාඨයක් විය. 2015 මහින්ද රාජපක්ෂ පරාජය කිරීමට තරම් එය ප්‍රබල සටන් පාඨයක් විය.


කෙසේවුවද සුප්‍රීම් සැට් 1 නමින් සන්නිවේදන චන්ද්‍රිකාවක් සාර්ථකව දියත් කර ඇති බව හා ඒ සඳහා කිසිදු රාජ්‍ය අරමුදල්, සම්පත් හෝ අනුග්‍රහයක් කිසිදා භාවිතා නොකල පුද්ගලික ආයෝජනයක් බවට ආයෝජන මණ්ඩලය විසින් ම තහවුරු කිරීම සැබවින්ම සතුටුදායක පණිවුඩයක් බව SupremeSAT පුද්ගලික සමාගමේ සභාපති ආර්.එම්. මනිවන්නන් සිය නිවේදනය මගින් කියා සිටියි.


උපුටා ගැනීම් ; බීබීසී සිංහල + Chathuranga Amarathunga ගේ ෆේස්බුක් පිටුවෙන්...

සබැඳි පුවත් හා ලිපි :

'කටකතා වෙනුවට සත්‍යය අනාවරණය වීම අප ලැබූ ජයග්‍රහණයක්' - 'සුප්‍රීම් සැට්' සභාපතිගෙන් විශේෂ නිවේදනයක්

SupremeSAT-1: අගමැතිනියගේ දත්ත වැරදි බව ඇමති වසන්ත කියයි: වැරදුණේ කොතැන ද?

ඈවරයි දෑවරයි, චිචිගේ රොකට් චෝදනාවත් තුන් ඈවරයි...| Bulitha Kumara

'අතුරුදන් වූ බව කී' SupremeSAT-1 චන්ද්‍රිකාවෙන් රු. 343,909,000,000ක ආදායමක් ලැබී ඇතැයි අගමැතිනි පිළිගනී

ශ්‍රී ලංකාව, චීනයේ DSEL සමඟ අභ්‍යවකාශ ගවේෂණයට පිවිසෙයි

ශ්‍රී ලංකා ධජය අභ්‍යවකාශගත කළ චන්ද්‍රිකාව දැන් තියෙන තැන මෙන්න !


සුප්‍රීම් සැට් ගැන විශේෂ හෙළිදරව්වක්.

  

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...