BREAKING
සුරේෂ් සලේගේ වෛද්‍ය මණ්ඩලයට අධිකරණයෙන් නොතීසි●ක්‍රිෂ් ගනුදෙනුව: ඉන්දීය අධ්‍යක්ෂවරුන්ට වරෙන්තු නිකුත් කිරීම අධිකරණය ප්‍රතික්ෂේප කරයි●වනාතවිල්ලුව පුපුරන ද්‍රව්‍ය නඩුවේ විත්තිකරුවන් දෙදෙනෙක් වරද පිළිගැනීමට සැරසෙයි●ශ්‍රී ලංකා ටෙලිකොම් AI සතිය: ආයතනික විවාදයක්●තුන් අවුරුද්දක් පරණ ප්‍රශ්නයක් විසඳන්න ආණ්ඩුව තවත් මාස තුනක් ඉල්ලයි●රියදුරු බලපත්‍ර අර්බුදය: විසඳුම් සහ දින 45ක පරීක්ෂණයක්●ක්‍රිස්ටිආනෝ රොනාල්ඩෝ පෘතුගාල කඳවුර හැර යයි: පුහුණුකරු සමග මතභේදයක්●ඉන්දීය හොකී නිලධාරී ගුරින්දර් සිං ලිංගික චෝදනා මැද පලායයි●විදේශ ආයෝජන සහ ප්‍රතිපත්ති ස්ථාවරත්වය: නවතම ඇමෙරිකානු වාර්තාව●ලයනල් බෝපගේ ලියයි: සාමූහිකව හිමි ලෝකයක්●
Top Ad
පුවත්

චාමර සම්පත් ගේ හෙළිදරව්වෙන් පසු නිමෝදිගේ නම ඉවතට !

T

The Leader Desk

October 9, 2025 • 5:31 AM

චාමර සම්පත් ගේ හෙළිදරව්වෙන් පසු නිමෝදිගේ නම ඉවතට !

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ඉදිරියේදී කැමරුන් රාජ්‍යයේ පැවැත්වීමට නියමිත ලෝක වෙළඳ සංවිධානයේ වාර්ෂික සමුළුවට සහභාගි වන ශ්‍රී ලාංකික නියෝජිත පිරිසට අයත්ව සිටිවෙළඳ අමාත්‍යංශයේ මහජන සම්බන්ධතා නිලධාරීනි නිමෝදි වික්‍රමසිංහගේ නම ඊයේ හදිසියේම ජනාධිපති ලේකම් කාර්යාලය විසින් ඉවත් කොට ඇති බව වාර්තා වෙයි.
  • අනතුරුව හදිසියේම අදාළ නිලධාරිණියගේ නම යෝජිත නාමලේඛනයෙන් ජනාධිපති කාර්යාලය විසින් ඉවත් කර ඇතැයි දැනගන්නට තිබේ.
  • මේ කැමරුන් සංචාරය සඳහා අමාත්‍යංශ නිලධාරින් තිදෙනෙකු සහ නිලධාරිනියන් හයදෙනෙකුගේ නම් අනුමැතිය සඳහා ජනාධිපති ලේකම් කාර්යාලට යවා තිබූ බවද සඳහන්ය.
අකුරු ප්‍රමාණය (Font Size):


ඇයට අමතරව තවත් නිලධාරීන් දෙදෙනෙකුගේ නම්ද එම නාම ලේඛනයෙන් ඉවත් කොට ඇතැයි වාර්තාවේ.

මෙම සමුළුවට සහභාගි වන ශ්‍රී ලාංකික නියෝජිත පිරිසගේ නාම ලේඛනය වෙළඳ වාණිජ සමුපකාර සහ ආහාර සුරක්ෂිතතා අමාත්‍ය වසන්ත සමරසිංහ විසින් අනුමැතිය සඳහා ජනාධිපති ලේකම් කාර්යාලයට යවා තිබිණි.

එහෙත් මෙකී මහජන සම්බන්ධතා නිලධාරිනිය මෙම ගමනට සහභාගී වන්නේ කුමන හේතුවක් මතදැයි පසුගියද විපක්ෂයේ මන්ත්‍රී චාමර සම්පත් දසනායක, පාර්ලිමේන්තුවේදී ප්‍රශ්න කරනු ලැබීය.

අනතුරුව හදිසියේම අදාළ නිලධාරිණියගේ නම යෝජිත නාමලේඛනයෙන් ජනාධිපති කාර්යාලය විසින් ඉවත් කර ඇතැයි දැනගන්නට තිබේ.

මේ කැමරුන් සංචාරය සඳහා අමාත්‍යංශ නිලධාරින් තිදෙනෙකු සහ නිලධාරිනියන් හයදෙනෙකුගේ නම් අනුමැතිය සඳහා ජනාධිපති ලේකම් කාර්යාලට යවා තිබූ බවද සඳහන්ය.

 
ජනාධිපති කාර්යාලයට යවන ලද නාම ලේඛනය මතු පළවේ.

WhatsApp Image 2025 10 09 at 7.45.24 AM

 

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...