The Leader News
BREAKING
Top Ad
පුවත්

නාමල්ගේ නීති උපාධි සහතිකයට මැතිසබය ඇවිළෙයි

T

The Leader Desk

November 19, 2025 • 10:12 AM

නාමල්ගේ නීති උපාධි සහතිකයට මැතිසබය ඇවිළෙයි

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • එසේම එම වෙබ් අඩවි පළ කර ඇති තොරතුරු වාර්තා තමා සභාගත කරන බවද ඔහු සඳහන් කළේය.
  • අමාත්‍යවරයා මෙසේ පැවසුවේ කතානායකවරයාගේ අවසරය ඇතිව ප්‍රකාශයක් කරමිනි.
  • එම උපාධි සහතිකය නිකුත් කරල තියෙන්නේ 2009 සැප්තැම්බර් 15.
  • ඔහු ඉල්ලා අස්වී දින පනස් හතරකට පස්සේ තමයි උපාධි සහතිකයේ උපකුලපති ලෙස අත්සන් කරන්නේ.
අකුරු ප්‍රමාණය (Font Size):


එසේම එම වෙබ් අඩවි පළ කර ඇති තොරතුරු වාර්තා තමා සභාගත කරන බවද ඔහු සඳහන් කළේය.

අමාත්‍යවරයා මෙසේ පැවසුවේ කතානායකවරයාගේ අවසරය ඇතිව ප්‍රකාශයක් කරමිනි.

නලින්ද ජයතිස්ස මෙසේද පැවසීය.

"මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා එංගලන්තයේ නීති උපාධිය ගත් ආකාරය ගැන වෙබ් සයිට් ගණනාවක ලිපි පළවෙලා තියෙනවා. එම උපාධි සහතිකය නිකුත් කරල තියෙන්නේ 2009 සැප්තැම්බර් 15. නමුත් ඒ උපාධි සහතිකයට අත්සන් කරපු උප කුලපතිවරයා ජුලි විසිතුන් වැනිදා ඉල්ලා අස්වෙලා තියෙනවා. ඔහු ඉල්ලා අස්වී දින පනස් හතරකට පස්සේ තමයි උපාධි සහතිකයේ උපකුලපති ලෙස අත්සන් කරන්නේ. මේ නිසා ඒ උපාධි සහතිකය ගැන මාධ්‍ය ප්‍රශ්න කරනවා.

සිටි යුනිවර් සිටි ලන්ඩන් ආයතනය නීති විද්‍යාලයේ ලියාපදිංචි වෙලා තියෙන්නේ 2009 ඔක්තෝබර් 15. නමුත් මේ ආයතනයෙන් උපාධිය ගත්තා යැයි කියන නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා ශ්‍රී ලංකා නීති විද්‍යාලයට ඇතුළත් වීමට ඉල්ලලා තියෙන්නේ 2009 සැප්තැම්බර් 25. අයදුම්පත දැම්මට පස්සේ නීති විද්‍යාලයේ එක බාර අරගෙන තියෙනවා. අයදුම්පත භාර දෙනකොට නීති විද්‍යාලය එම විශ්ව විද්‍යාලය පිළිඅරගෙන තිබුණේ නෑ. මේ ගැනත් ඒ වාර්තා වල අවධානය යොමු කරලා තියෙනවා. උපාධි සහතිකයේ සඳහන් වන අන්දමට ඔහුට තියෙන්නේ තුන්වෙනි පන්තියේ උපාධියක්. තුන්වෙනි පන්තියේ උපාධියක් අරගෙන එක්සත් රාජධානියේ නීතිඥ මණ්ඩලයට ඇතුළත් වෙන්න බැහැ කියලා සඳහන් වෙලා තියෙනවා. මේ සියලු ලියැකියවිලි මම සභාගත කරනවා.

පාර්ලිමේන්තුවේ ගරුත්වය ආරක්ෂා කිරීම සඳහා නාමල් රාජපක්ෂ මන්ත්‍රීතුමා මේ ගැන ප්‍රකාශයක් කරාවි කියලා බලාපොරොත්තු වෙනවා."

ශ්‍රී ලංකා පොදු ජනපෙරමුණේ මන්ත්‍රී ඩී.වී චානක,

''21 රැස්වීම දැනගෙන මේ අය නයාට භූමි තෙල් ගහලා වගේ ඉන්නේ. දැන් ඔය අලුත් මඩක් පටන් අරගෙන තියෙනවා. එදත් මෙයාලා ඔය නීති උපාධිය ගැන කතා කළා. ඔබතුමාලා උසාවියටත් ගියානේ. නඩුවක් දාලා තියෙනවා. නලින්ද ඇමතිතුමා කියන්නේ සරල කාරණයක්. හොර වෙබ් සයිට් හදාගෙන මඩ ගහනවා. ඔබතුමා ඔය කරුණු ටික සී අයිඩියට වාර්තා කරන්න. නාමල් මන්ත්‍රීතුමාගෙන් ප්‍රකාශයක් ගත්තා. නමුත් අද වෙනතුරු අධිකරණයට කරුණු වාර්තා කරල නැහැ.ෆේල් වෙනකොට මඩ ගහන එක එච්චර හොඳ නැහැ.''

(lankadeepa)

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...