රාමනාදන් හින්දු කාන්තා විද්‍යාලයේ සිටි අවුරුදු 15 ක ශිෂ්‍යාවක් සිය දිවි හානි කරගෙන තිබෙනවා.
ඇය ලිංගික අපයෝජනයට ලක් වන්නේ 2024 දෙසැම්බර් මාසයේ බවයි සඳහන් වෙන්නේ. ඉන්පසුව ඇය එම සිද්ධිය සිය දෙමාපියන් සමග බෙදා ගන්නවා. දෙමාපියන් එය පොලීසියට සහ විදුහල්පති තුමියට පැමිණිලි කරනවා.
මේ සම්බන්දයෙන් ඇති වන ආන්දෝලනය සහ ඉන් ඇතිවන පිඩාව නිසා ශිෂ්‍යාව සිය දිවි හානි කරගැනීමට මීට පෙර වතාවක් උත්සාහ කළ බව දෙමාපියන් යු ටියුබ් නාලිකාවකට දෙන ලද සාකච්චාවක සඳහන් කරනවා.
මේ අතර අදාළ ගණිත ගුරුවරයාට ඇප ලැබී නැවතත් ඔහු එම පාසලේ ඉගැන්වීමේ කටයුතු කරගෙන යනවා.
සිද්ධිය නිසා හටගත් පාසල්-ගුරු ශිෂ්‍ය පිඩාව නිසා සහ එහි අධ්‍යාපනය ලැබීමට තවදුරටත් ඇති සාමකාමී පරිසරය අහිමි වීම නිසා, ඇය කොටහේනේ විද්‍යාලයකට ඇතුලත් කෙරෙනවා.
ඒ අතරතුර ඇය ගණිත ටියුෂන් පන්තියකට යනවා. එම ටියුෂන් ගුරුවරයා, ජාතික ජන බලවේගය නියෝජනය කරමින් මැතිවරණයට තරග කළ සභිකයෙක්. ඔහු ඉහත කී රාමනාදන් හින්දු විද්‍යාලයේ ගණිත ගුරුවරයාගේ මිත්‍රයෙක්.
මේ ටියුෂන් ගුරුවරයා ළමුන් 150 කට ආසන්න ප්‍රමාණයක් සිටින සිය ටියුෂන් පන්තියේදී, මෙම ශිෂ්‍යාවගෙන් “ඔබ අර පොලිස් සිද්ධියට සම්බන්ධ ශිෂ්‍යාව නේදැයි විමසනවා.” සිය සමානයන් ඉදිරියේ ඇයව ලැජ්ජාවට පත් කරනවා. පෙර කි විද්‍යාලයෙන් ආරම්භව ඇය ලැජ්ජාවට පත් කිරීමේ සමාජ මෙවලම් තවදුරටත් ක්‍රියාත්මක වෙනවා. ඊට දින තුනකට පසු සිසුවිය සිය දිවි හානි කරගන්නවා.

දැන් මේ සම්බන්ධයෙන් ගොඩ නැගී ඇති අදහස් කිහිපයක් තිබෙනවා.
ඇයට එරෙහිව සහ ගුරුවරයා ආරක්ෂා කිරීම සඳහා ගොඩ නැගී ඇති කතිකාව:
ඇය මානසික රෝගී තත්වයකින් පෙළුණු බව. පීඩිතයන් සහ පීඩිකයන් රෝගීන් කිරීම හෝ ළමාකරණයට ලක් කිරීම අලුත් තත්වයක් නෙමෙයි.
ඇයට යුක්තිය ඉටු කිරීම සඳහා දක්වන අදහස් අතර;
1) පාසලේ බහුතරය උතුරු දෙමළ වීමත් මේ සිසුවිය කඳුකර දෙමළ වීමත් නිසා, ඇයට යුක්තිය ඉටු කිරීම විදුහල්පති තුමිය විසින් පමා කිරීම හෝ ගණන් නොගෙන සිටීමට හේතුවක් වී තිබිය හැකිය.
2) ටියුෂන් ගුරුවරයා ජාතික ජන බලවේගයට සම්බන්ධ නිසා, ආණ්ඩුව ඇයට යුක්තිය ඉටු කිරීම වෙනුවට, ටියුෂන් ගුරුවරයාත්, ඔහුගේ මිත්‍රයාත් ආරක්ෂා කිරීම. ඒ නිසා යුක්තිය පමා කිරීම.
මෙහිදී වැදගත් කාරණය නම්, අදාළ සිසුවියට ලිංගික හිරිහැරයක් සිදු වී යැයි ඇය සඳහන් කිරීම සහ ඒ සම්බන්ධයෙන් ඇයගේ දෙමාපියන් පොලීසියට පැමිණිල්ලක් කර තිබියදීත්, මේ ප්‍රශ්නය අනෙකුත් ප්‍රශ්න අතර තවත් ප්‍රශ්නයක් ලෙස මේ පෝල්රාජ් මන්ත්‍රී තුමිය සැලකීමයි. එම අසංවේදීතාවය කුමක්දැයි අනිවාර්යෙන්ම අපි ප්‍රශ්න කළ යුතුවේ.
ජනතාව මේ ආණ්ඩුවෙන් අපේක්ෂා කළ යමක් තිබේ. ළමුන් ආරක්ෂා කිරීමේ සහ ස්ත්‍රීන්ට ලිංගික අඩන්තේට්ටම් වලින් තොරව ජීවත් වීමට අදාළ කතිකාවට අසංවේදීව ගොඩ නැගුනු සමාජයක මෙවැනි ප්‍රශ්න මතු වූ විට, ඒවාට අසංවේදී වීම නැතහොත් ඒවා අනෙක් ප්‍රශ්න අතර එකක් ලෙස සැලකීම එම ජනතා අපේක්ෂාව නොවූ බව ආණ්ඩුව නොදන්නවා නොවේ.
ඒ නිසා, ආණ්ඩුව මේ සම්බන්ධයෙන් වග කිව යුතුය. කොළඹ නගරාධිපති අපේක්ෂිකා, Vraie Cally Balthazaar අදාළ සිසුවියට යුක්තිය ඉටු කිරීම සඳහා, විශේෂයෙන් තම කාලය සහ ශ්‍රමය වැය කරනු ඇතැයි අපගේ අපේක්ෂාවය.
*පසු සංස්කරණය: දෙමාපියන් පොලීසියට පැමිණිලි කර නැතැයි දෙමාපියන් සඳහන් කරනවා. නමුත් ඔහුව අදාල සිද්ධියට අත්අඩංගුවට ගෙන ඇප මත නිදහස් කරනු ලැබූ බව පොලීසිය සඳහන් කරනවා.
(සටහන | ගීතිකා ධර්මසිංහ )
දේශපාලන හා සමාජ ක්‍රියාකාරිනි
*පසු සංස්කරණය: දෙමාපියන් පොලීසියට පැමිණිලි කර නැතැයි දෙමාපියන් සඳහන් කරනවා. නමුත් ඔහුව අදාල සිද්ධියට අත්අඩංගුවට ගෙන ඇප මත නිදහස් කරනු ලැබූ බව පොලීසිය සඳහන් කරනවා.
දේශපාලන හා සමාජ ක්‍රියාකාරිනි
Geethika Dharmasinghe ගේ ෆේස්බුක් පිටුවෙන්..
සබැඳි පුවත් :
පාසල් සිසුවියකගේ මරණය: ලිංගික අතවර කළ බව කියන ගුරුවරයාට ස්ථාන මාරුවක්







