The Leader News
BREAKING
Diginote : තෙල් අවදානම, අත්අඩංගුවේ මරණ සහ කාඩ්පත් අර්බුදය●සංගක්කාරගේ ගුවන්තොටුපොළ සිදුවීමෙන් අප උගත යුතු පාඩම●ලූවර් සහ මෙට් පරදා බිහාර් කෞතුකාගාරය ලොව මුල් දහයට●තරාදියේ වැරදි බරට නයින්වෙල්ස් රෝහලට පාරිභෝගික අධිකාරියෙන් දඩයක්●ගෝලීය උෂ්ණ කුණාටු හමුවේ මව්කුස අනතුරේ●ඇමරිකානු නිදහසට පදනම දැමූ බෙන්ජමින් ෆ්‍රෑන්ක්ලින් කොළඹදී කතාබහට●ඩොලර් ලක්ෂ හතක නැව් රක්ෂණය ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉවතට●කිංස්බරි සීසීටීවී අර්බුදය: සරත් වීරසේකරගෙන් රු. මිලියන 100ක එන්තරවාසියක්●යුරෝපයේ රුසියානු විරෝධී හඬ බාල කරන්නැයි පෙන්ටගනයෙන් උපදෙස්●සංගක්කාරගේ පාස්පෝට් අර්බුදය: රයන්එයාර් හෙළි කළ තිත්ත ඇත්ත●
Top Ad
Opinion

සරෝජනී පෝල්රාජ් ඇමැතිනියගේ ප්‍රකාශය, යහපත් ආණ්ඩුකරණයක ප්‍රතිචාරයක් විය නොහැකිය | Geethika Dharmasinghe

T

The Leader Desk

May 9, 2025 • 8:01 AM

සරෝජනී පෝල්රාජ් ඇමැතිනියගේ ප්‍රකාශය, යහපත් ආණ්ඩුකරණයක ප්‍රතිචාරයක් විය නොහැකිය | Geethika Dharmasinghe

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ඇය ලිංගික අපයෝජනයට ලක් වන්නේ 2024 දෙසැම්බර් මාසයේ බවයි සඳහන් වෙන්නේ.
  • මේ සම්බන්දයෙන් ඇති වන ආන්දෝලනය සහ ඉන් ඇතිවන පිඩාව නිසා ශිෂ්‍යාව සිය දිවි හානි කරගැනීමට මීට පෙර වතාවක් උත්සාහ කළ බව දෙමාපියන් යු ටියුබ් නාලිකාවකට දෙන ලද සාකච්චාවක සඳහන් කරනවා.
  • සිද්ධිය නිසා හටගත් පාසල්-ගුරු ශිෂ්‍ය පිඩාව නිසා සහ එහි අධ්‍යාපනය ලැබීමට තවදුරටත් ඇති සාමකාමී පරිසරය අහිමි වීම නිසා, ඇය කොටහේනේ විද්‍යාලයකට ඇතුලත් කෙරෙනවා.
  • මේ ටියුෂන් ගුරුවරයා ළමුන් 150 කට ආසන්න ප්‍රමාණයක් සිටින සිය ටියුෂන් පන්තියේදී, මෙම ශිෂ්‍යාවගෙන් “ඔබ අර පොලිස් සිද්ධියට සම්බන්ධ ශිෂ්‍යාව නේදැයි විමසනවා.” සිය සමානයන් ඉදිරියේ ඇයව ලැජ්ජාවට පත් කරනවා.
අකුරු ප්‍රමාණය (Font Size):

ඇය ලිංගික අපයෝජනයට ලක් වන්නේ 2024 දෙසැම්බර් මාසයේ බවයි සඳහන් වෙන්නේ. ඉන්පසුව ඇය එම සිද්ධිය සිය දෙමාපියන් සමග බෙදා ගන්නවා. දෙමාපියන් එය පොලීසියට සහ විදුහල්පති තුමියට පැමිණිලි කරනවා.

මේ සම්බන්දයෙන් ඇති වන ආන්දෝලනය සහ ඉන් ඇතිවන පිඩාව නිසා ශිෂ්‍යාව සිය දිවි හානි කරගැනීමට මීට පෙර වතාවක් උත්සාහ කළ බව දෙමාපියන් යු ටියුබ් නාලිකාවකට දෙන ලද සාකච්චාවක සඳහන් කරනවා.  
 


මේ අතර අදාළ ගණිත ගුරුවරයාට ඇප ලැබී නැවතත් ඔහු එම පාසලේ ඉගැන්වීමේ කටයුතු කරගෙන යනවා.  

සිද්ධිය නිසා හටගත් පාසල්-ගුරු ශිෂ්‍ය පිඩාව නිසා සහ එහි අධ්‍යාපනය ලැබීමට තවදුරටත් ඇති සාමකාමී පරිසරය අහිමි වීම නිසා, ඇය කොටහේනේ විද්‍යාලයකට ඇතුලත් කෙරෙනවා.

ඒ අතරතුර ඇය ගණිත ටියුෂන් පන්තියකට යනවා. එම ටියුෂන් ගුරුවරයා, ජාතික ජන බලවේගය නියෝජනය කරමින් මැතිවරණයට තරග කළ සභිකයෙක්. ඔහු ඉහත කී රාමනාදන් හින්දු විද්‍යාලයේ ගණිත ගුරුවරයාගේ මිත්‍රයෙක්.

මේ ටියුෂන් ගුරුවරයා ළමුන් 150 කට ආසන්න ප්‍රමාණයක් සිටින සිය ටියුෂන් පන්තියේදී, මෙම ශිෂ්‍යාවගෙන් “ඔබ අර පොලිස් සිද්ධියට සම්බන්ධ ශිෂ්‍යාව නේදැයි විමසනවා.” සිය සමානයන් ඉදිරියේ ඇයව ලැජ්ජාවට පත් කරනවා. පෙර කි විද්‍යාලයෙන් ආරම්භව ඇය ලැජ්ජාවට පත් කිරීමේ සමාජ මෙවලම් තවදුරටත් ක්‍රියාත්මක වෙනවා. ඊට දින තුනකට පසු සිසුවිය සිය දිවි හානි කරගන්නවා.
 

දැන් මේ සම්බන්ධයෙන් ගොඩ නැගී ඇති අදහස් කිහිපයක් තිබෙනවා.

ඇයට එරෙහිව සහ ගුරුවරයා ආරක්ෂා කිරීම සඳහා ගොඩ නැගී ඇති කතිකාව:

ඇය මානසික රෝගී තත්වයකින් පෙළුණු බව. පීඩිතයන් සහ පීඩිකයන් රෝගීන් කිරීම හෝ ළමාකරණයට ලක් කිරීම අලුත් තත්වයක් නෙමෙයි.
ඇයට යුක්තිය ඉටු කිරීම සඳහා දක්වන අදහස් අතර;

1) පාසලේ බහුතරය උතුරු දෙමළ වීමත් මේ සිසුවිය කඳුකර දෙමළ වීමත් නිසා, ඇයට යුක්තිය ඉටු කිරීම විදුහල්පති තුමිය විසින් පමා කිරීම හෝ ගණන් නොගෙන සිටීමට හේතුවක් වී තිබිය හැකිය.

2) ටියුෂන් ගුරුවරයා ජාතික ජන බලවේගයට සම්බන්ධ නිසා, ආණ්ඩුව ඇයට යුක්තිය ඉටු කිරීම වෙනුවට, ටියුෂන් ගුරුවරයාත්, ඔහුගේ මිත්‍රයාත් ආරක්ෂා කිරීම. ඒ නිසා යුක්තිය පමා කිරීම.
 
 
මෙහිදී වැදගත් කාරණය නම්, අදාළ සිසුවියට ලිංගික හිරිහැරයක් සිදු වී යැයි ඇය සඳහන් කිරීම සහ ඒ සම්බන්ධයෙන් ඇයගේ දෙමාපියන් පොලීසියට පැමිණිල්ලක් කර තිබියදීත්, මේ ප්‍රශ්නය අනෙකුත් ප්‍රශ්න අතර තවත් ප්‍රශ්නයක් ලෙස මේ පෝල්රාජ් මන්ත්‍රී තුමිය සැලකීමයි. එම අසංවේදීතාවය කුමක්දැයි අනිවාර්යෙන්ම අපි ප්‍රශ්න කළ යුතුවේ.
ජනතාව මේ ආණ්ඩුවෙන් අපේක්ෂා කළ යමක් තිබේ. ළමුන් ආරක්ෂා කිරීමේ සහ ස්ත්‍රීන්ට ලිංගික අඩන්තේට්ටම් වලින් තොරව ජීවත් වීමට අදාළ කතිකාවට අසංවේදීව ගොඩ නැගුනු සමාජයක මෙවැනි ප්‍රශ්න මතු වූ විට,  ඒවාට අසංවේදී වීම නැතහොත් ඒවා අනෙක් ප්‍රශ්න අතර එකක් ලෙස සැලකීම එම ජනතා අපේක්ෂාව නොවූ බව ආණ්ඩුව නොදන්නවා නොවේ.
WhatsApp Image 2025 05 08 at 6.51.22 PM 
ඒ නිසා, ආණ්ඩුව මේ සම්බන්ධයෙන් වග කිව යුතුය. කොළඹ නගරාධිපති අපේක්ෂිකා, Vraie Cally Balthazaar අදාළ සිසුවියට යුක්තිය ඉටු කිරීම සඳහා, විශේෂයෙන් තම කාලය සහ ශ්‍රමය වැය කරනු ඇතැයි අපගේ අපේක්ෂාවය.

*පසු සංස්කරණය: දෙමාපියන් පොලීසියට පැමිණිලි කර නැතැයි දෙමාපියන් සඳහන් කරනවා. නමුත් ඔහුව අදාල සිද්ධියට අත්අඩංගුවට ගෙන ඇප මත නිදහස් කරනු ලැබූ බව පොලීසිය සඳහන් කරනවා.

geethika d(සටහන | ගීතිකා ධර්මසිංහ )
දේශපාලන හා සමාජ ක්‍රියාකාරිනි 
 
 
The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...