The Leader News
BREAKING
Top Ad
Opinion

සම්මුති විසම්මුති : වීර කාව්‍ය, ග්‍රේතා තුන්බර්ග් සහ අපේ එළිපත්ත | සුනන්ද දේශප්‍රිය

T

The Leader Desk

June 13, 2025 • 11:12 AM

සම්මුති විසම්මුති : වීර කාව්‍ය, ග්‍රේතා තුන්බර්ග් සහ අපේ එළිපත්ත | සුනන්ද දේශප්‍රිය

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ළමා කාලය කසපහර ඇතුළු වධහිංසා වලින් පිරී තිබුණි.
  • වයස 27හි දී වහල් බන්ධනයෙන් පළා ගියාය.
  • දුම්රිය බිංගෙය ලෙස හැඳින්වා ගත් ආරක්ෂිත නිවාස ජාලයක් භාවිතා කරමින් භාවිතා කරමින් හැරියට් ට්බ්මන් ඇගේ පවුලේ අය සහ මිතුරන් ඇතුළුව වහල්භාවයට පත් වූ පුද්ගලයින් 70 ක් පමණ බේරා ගැනීම සඳහා අනතුරු දායක මෙහෙයුම් 13 ක් පමණ තනිව සිදු කළාය.
  • ඇය පසුව වහල් ක්‍රමය අහෝසි කිරීමේ සහ ස්ත්‍රීන්ට ඡන්ද අයිතිය ලබා ගැනීමේ ව්‍යාපාරයන්හි කැපී පෙනෙන ක්‍රියාකාරිනියක් බවට පත් විය.
අකුරු ප්‍රමාණය (Font Size):

ළමා කාලය කසපහර ඇතුළු වධහිංසා වලින් පිරී තිබුණි. වයස 27හි දී වහල් බන්ධනයෙන් පළා ගියාය. ඇය පළා ගියේ සිය ජීවිතය වෙනස් කර ගැනීමට පමණක් නොවේ.

දුම්රිය බිංගෙය ලෙස  හැඳින්වා ගත් ආරක්ෂිත නිවාස ජාලයක් භාවිතා කරමින් භාවිතා කරමින් හැරියට් ට්බ්මන් ඇගේ පවුලේ අය සහ මිතුරන් ඇතුළුව වහල්භාවයට පත් වූ පුද්ගලයින් 70 ක් පමණ බේරා ගැනීම සඳහා අනතුරු දායක මෙහෙයුම් 13 ක් පමණ තනිව සිදු කළාය. ඇය පසුව වහල් ක්‍රමය අහෝසි කිරීමේ සහ ස්ත්‍රීන්ට ඡන්ද අයිතිය ලබා ගැනීමේ ව්‍යාපාරයන්හි කැපී පෙනෙන ක්‍රියාකාරිනියක් බවට පත් විය.

හැරියට් ටබ්මන්

 

න්ගුයෙන් වැන් තෝයි වියට්නාමයේ දුගී පවුලක උපන්නේ මෙයට වසර 84කට පෙරය. යෞවනයකු ලෙස ඔහු ඇමෙරිකානු විජිතවාදීන් සිය රටෙන් පළවා හැරීම අරමුණ කරගත් ජාතික විමුක්ති පෙරමුණට බැදුණි. ඔහුට වසය 24ක් වූ විට වැන් ත්‍රොයි වෙත බරපතල වගකීමක් පැවරුණි. එනම් 1964 මැයි මාසයේදී දකුණු වියට්නාමයට පැමිණි ඇමෙරිකානු ආරක්ෂක ලේකම් රොබට් මැක්නමාරා සහ තානාපති හෙන්රි කැබට් ලොජ් ජූනියර් ඝාතනය කිරීමයි.


සැලසුම වූයේ  හමුදා ඔවුන්ගේ රථ පෙළපාලිය ගමන් කිරීමට නියමිත වූ විට කොං ලයි පාලම පුපුරවා හැරීමයි. සිය මෙහෙයුම සම්පූර්ණ කිරීමට පෙර වැන් ත්‍රොයි ඇමෙරිකානු ගැති දකුණු වියට්නාම් හමුදා විසින් අල්ලා ගැණුනි. වහාම වැන් ත්‍රොයිට මරණ දඩුවම නියම කරන ලදී.  ඔහුට වෙඩි තබා ඝාතනය කිරීම සූදානම් කරන ලද්දේ චයි හෝයා බන්ධනාගාරයේදී ය.

වැන් ත්‍රොයි  වියට්නාම් ජාතික විමුක්ති පෙරමුණෙහි ප්‍රසිද්ධියේ මරණ දඩුවමට නියම වූ පළමුවැන්නාය. අවසානය දක්වාම නොබියව සිටි වැන් ත්‍රොයිට වෙඩි තැබීම වාර්තා කිරීමට මාධ්‍යවේදීන් කැඳවා තිබුණි. ඔහු ඔවුන් අමතා සිය අවසන් වචන වාතලයට මුසු කලේ මෙසේය.

 


“ඔබ මාධ්‍යවේදීන් නිසා සිදුවන්නේ කුමක්ද යන්න පිළිබඳව ඔබ හොඳින් දැනුවත් විය යුතුය. අපේ රටට ආක්‍රමණ එල්ල කළේ ඇමරිකානුවන්, ගුවන් යානා සහ බෝම්බ යොදාගෙන අපේ ජනතාව මරා දැමුවේ ඔවුන්... මම කවදාවත් මගේ ජනතාවගේ කැමැත්තට විරුද්ධව ක්‍රියා කර නැහැ. මම පියවර ගෙන ඇත්තේ ඇමරිකානුවන්ට එරෙහිවයි.” පූජකයෙක් පැමිණ ඔහුට පවි සමා කර ගන්නා ලෙස කීවේය. "මම කිසිම පාපයක් කර නැහැ. පව් කළේ ඇමරිකානුවන්." යැයි කී ඔහු පූජකයා ප්‍රතික්ෂේප කලේය. පළමු වෙඩිල්ල වැදුණූ වැන් ත්‍රොයි "වියට්නාමය දිනේවා!" යැයි කෑ නැඟු හඩ කුණාටුවක් බවට පත් විය. වැන් ත්‍රොයි වියට්නාමයෙහි මෙන්ම ලොව පුරා විප්ලවවාදී පරම්පරාවක් කරා විප්ලවයේ ජීව ගුණය ගෙන ආවේය.

 

උපවාසය ඇරඹීමට පෙර තිලීපන් නල්ලූර් කන්දසාමි කෝවිල් භූමියේ රැස්ව සිටි ජනයා අමතයි - 1987 සැප්තැම්බර් 15

 

මෙයට වසර 61කට පෙර රාසයියා පාර්තිපන් නම් දරුවකු යාපනයේ උරුම්පිරායි හි උපත ලද්දේය. ඔහු තුන් හැවිරිදි වියෙහි දී මව මිය ගියේය. ගුරුවරයකු වූ පියා දියවැඩියාවෙන් මියෑදුණි.

යෞවන වියෙහිම ඔහු දෙමළ ඊළාම් විමුක්ති කොටි සංවිධානයට බැදුණි. ඔහු ඉන්පසු තිලීපන් නම් විය. ඔහු 1987 සැප්තැම්බර් 15 වනදා යාපනය නල්ලුර් කන්දසාමි කෝවිල අසල මාරාන්තික උපවාසයක් ආරම්භ කලේ ඉන්දු ලංකා ගිවිසුමට සහ ඉන්දීය හමුදාවට විරුද්ධවය. මරණය අබියස සිට ඉන් දින 12කට පසු තිලීපන් සිය අවසන් පැතුම තලයට මුසු කළේය.

“ තවත් ටික දිනකින් මා මියයාවි ..එහෙත් නුඹලාගේ අයිතිය වෙනුවෙන් සටන් කරන විමුක්තිකාමීන් දහසකගේ උපත මාගේ මරණය සමගම සිදුවනු ඇත.”

තිලීපන් දෙමළ සන්නද්ධ අරගලයේ ධජයක් බවට පැමිනුණි. ඊළාම් අරගලය තුල මිය ගිය දෙමළ සන්නද්ධ නායකයින්ගෙන් තිලීපන් තරම් මෙරට පරසිදු නමක් ඇත්තේ ප්‍රභාකරන්ට පමණක් විය හැකිය.

 

ග්‍රේතා ටින්ටින් එලියනෝරා තුන්බර්ග්


ග්‍රේතා ටින්ටින් එලියනෝරා තුන්බර්ග් ස්වීඩනයේ කලාකාමී මාපිය යුවලකට දාව මෙයට වසර 21කට පෙර ඉපදුනි. ලමා කාලයේ සිටම පරිසර විනාශය ගැන කණස්සලට පත් ඇය වසය 15 දී දේශගුණික විපර්යාස වැළැක්වීමේ ‘දේශගුණය සඳහා පාසල් වර්ජනය” ව්‍යාපාරයේ ආරම්භිකාව බවට පත් විය.

 

 ඇය සැම සිකුරාදාවකම පාසල් නොගොස් ස්වීඩන පාර්ලිමේන්තුව ඉදිරිපිට විරෝධතාවයක යෙදුනේ ‘පැරිස් දේශගුණික ගිවිසුම” ට අනුව ස්වීඩනය සිය කාබන් පා සළකුණ අවම කර ගත යුතුය යන ඉල්ලීම උඩය. ලොව පුරා ව්‍යාප්ත වූ “ අනාගතය සඳහා සිකුරාදා” නම් දේශගුණිය සුරැකීමේ ව්‍යාපාරය ඇරඹුවේද ඇයයි. එමගින් ඇය ලොව පුරා නව දේශගුණික තරුණ නායක නායිකාවන්ගේ පරම්පරාවකටම ආදර්ශය බවට පත් විය.

ග්‍රේතා ක්‍රමයෙන් සමාජ සාධාරණත්ව ජන අරගලයන්ට සිය දායකත්වය දීමට පටන් ගත්තාය. 2020–2021 වසරයන්හි පැනනැගි ඉන්දියානු ගොවීන්ගේ විරෝධතාවයට ඇයගේ සහාය නිසා ගොවීන්ගේ විරෝධතාවලට විරුද්ධ වූ මෝඩිවාදී හින්දුත්ව ජාතිකවාදීන් විසින් දිල්ලියේ දී ඇයගේ පඹයකු පුළුස්සා දමන ලදී.

ඇය ගාසාහි ජන ඝාතනය සහ පලස්තීන ජනයාගේ අයිතිය උදෙසා සිය දායකත්වය සැපයීම නිසා යුදවාදී ඊශ්‍රාලයේද මුග්ද පාලකයකු වන ඩොනල්ඩ් ට්‍රම්ප්ගේද වෛරයට පාත්‍ර විය. “නිදහසේ නෞකා” සමූහය සමඟ එක්ව සමුදුරු තරණයට ඇය පා තැබුවේ මාරක විරෝධතා නොසළකාය. ගාසා ජන ඝාතනයට පමණක් නොව පලස්තීන ජනයාගේ ඉඩම් කොල්ලයට ද ඇය විරෝධය පළ කරයි. එම වීර කාව්‍ය දැන් අපි අකුරක් නෑර දනිමු.

 

දැන් මේ කතාවත් අහන්න,

ග්‍රේතා ඊශ්‍රායල් අනීතික අත්අඩංගුවෙන් මුදා හැරුණු ජුනි 10 දින නීති විරෝධී ලෙස යාපනයෙහි දෙමළ ජනයාගේ ඉඩම්හි ඉදි කරන ලද විහාරයක් කරා ලක්ෂයක් බොදු බැතිමතුන් ගෙන යාමට උත්සාහ දැරෙමින් තිබුණි. තිස්ස විහාරය නම් මෙම බෞද්ධ ස්තූපය ගොඩ නගා ඇත්තේ තායියිඩි දෙමළ ජනයාගේ ඉඩම් බලයෙන් කොල්ල කෑමෙනි. මෙම ඉඩම් කොල්ලයට විරෝධය පෑම නතර කිරීමට ජාතික ජන බලවේගයේ ආණ්ඩුවේ පොලීසිය ඉඩම් හිමියන් ඇතුළු දෙමළ ජාතිකයින් 27 දෙනෙකුට එරෙහිව වාරණ නියෝගයක් පණවන ලදී. එම විරෝධතාව නතර කිරීම පිණිස වතුර විදින පොලිස් වාහන ඇතුළු බළඇණියක් යොදවා තිබුණි.

 250512protedt

තිස්ස විහාරයට අයත් ඉඩම් ඇත්තේ වෙන තැනක ය. මේ ඉඩම් දෙමළ ගොවීන්ගේ නීත්‍යනුකූල ඉඩම් බව උතුරු පළාතෙහි ආණ්ඩුකාරවරයා පිළිගෙන තිබේ. යාපනය නගර මධ්‍යයේ පිහිටා ඇති නාග විහාරයට දෙමළ ජනයාගෙන් විරෝධයක් නැත. නොනැවත සිංහල ජනතාව දහස් ගණනින් එහි යති.

පසුගිය දින කිහිපයෙහි ග්‍රේතා, රිමා හුසෙන් ඇතුළු “ නිදහසේ නෞකා” සමුදුරු තරණය ගැන ඔබ කොතෙක් අසන්නට දකින්නට කියවන්නට ඇත්ද?

බලහත්කාරයෙන් දෙමළ ජනයාගේ ඉඩම් කොල්ලකා ගොඩ නැගූ තිස්ස විහාරය රැක ගැනීමට අන්ත ජාතිවාදීන් සමඟ පොලිසිය එක් වූ බවට එක් ජනමාධ්‍යයක හෝ වාර්තා කළේ දැයි මෙනෙහි කරන්න. එක් විරෝධතා පුවරුවක්වත් නෑ නේද?

ග්‍රේතා සාධාරණත්ව අරගලය එකිනෙකට සම්බන්ධ කළේය. අප එසේ නොකරන්නේ ඇයි?



රෙහානා පතීමා නිරුවත පෙන්වීයැයි චෝදනාවෙන් නිදහස්! - (සුනන්ද දේශප්‍රිය)(සටහන | සුනන්ද දේශප්‍රිය)
ප්‍රවීන දේශපාලන විචාරක හා ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී
sunandadeshapriya@gmail.com

(උපුටා ගැනීම - srilankabrief.org)


සම්මුති විසම්මුති : සබැඳි ලිපි


සම්මුති විසම්මුති : ජාතික මාධ්‍ය ප්‍රතිපත්තිය කුමක් ද ඇයි ද කා සඳහා ද? | සුනන්ද දේශප්‍රිය

සම්මුති - විසම්මුති : අපූරු දවසක්, හිම දිය වූ කඳු පිරිසිදු කිරීම | සුනන්ද දේශප්‍රිය

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...