ඔහු මෙම අදහස් පළ කළේ ''දේවි කුසුමාසන'' සිනමා නිර්මාණය සම්බන්ධයෙන් CNL SRILANKA youtube නාලිකාවේ ඉදිරිපත් කළ අදහස් දැක්වීමක දී ය.
එහි දී වැඩි දුරටත් අදහස් දැක්වූ වෛද්‍ය අජිත් අමරසිංහ පවසන්නේ ඉතිහාස පුවතක් පාදක කරගනිමින් සිනමා නිර්මාණයක් කිරීමේ දී තිර රචක සහ අධ්‍යක්ෂක දෙපළගේ අභිමතය පරිදි ප්‍රෙක්ෂක ආකර්ෂණය දිනා ගැනීම සඳහා යම් යම් වෙනස්කම් කළ ද ඒවායෙහි අසතය කරුණු අන්තර්ගතව තිබේ නම් එම අසත්‍ය කරුණු මොනවා ද යන්න ප්‍රේක්ෂක ප්‍රජාවට තෝරා බේරා දීම: ඉතිහාසඥයින්නේ මෙන් ම ඉතිහාසය හදාරන්නන්ගේ වගකීමක් බවයි.
ඔහු මෙම විඩියෝ තුළින් මෙම කරුණු ඉදිරිපත් කරන්නේ ද යට කී කරුණු පාදක කරගෙන යැයි හෙතෙම අවධාරණය කරන්නේ ය.
මතු පළ වන්නේ රාජකීය ආසියාතික සංගමයේ ශ්‍රී ලංකා ශාඛාවේ යාවජීව සාමාජික විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ දැක්වූ අදහස් අන්තර්ගත සම්පූර්ණ වීඩියෝව යි.
(සටහන - ජයසිරි අලවත්ත)
සබැඳි ලිපියක් :
සැබෑ ඉතිහාසය විකෘති කරන දේවි කුසුමාසන (1 වෙනි කොටස) | අජිත් අමරසිංහ



