The Leader News
BREAKING
Top Ad
Opinion

අමාරු විදියට හුරුවෙමු! | Mahesh Hapugoda

T

The Leader Desk

September 26, 2025 • 11:07 AM

අමාරු විදියට හුරුවෙමු! | Mahesh Hapugoda

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ඇත්තටම කායික දඬුවම් වලටත් වඩා මෙතන තියෙන්නේ මානසික දඬුවම්.
  • වික්ටෝරියන් අදහස් තියන ගුරුවරු.
  • එහෙනම් දැන් කරන්න දෙයක් ඇත්තෙම නැද්ද?
අකුරු ප්‍රමාණය (Font Size):

ඇත්තටම කායික දඬුවම් වලටත් වඩා මෙතන තියෙන්නේ මානසික දඬුවම්. කායික හෝ මානසික දඬුවම් හරහා කරන්නේ අනෙක් ළමයි හෝ ගුරුවරුන් ඉස්සරහා අදාල ළමයා (වරදක් කරා යැයි සිතන දරුවා) ලැජ්ජාවට පත්කිරීම (humiliation).

ඔය කොන්ඩේ බාගෙට කැපීම, ගවුමේ වාටිය ලෙහීම, අඩු තැන්වලට රෙදි කෑලි එල්ලීම වගේ දේවල් අයිති වෙන්නේ ඔන්න ඔය ලැජ්ජාකරණය සම්බන්ද පැත්තට.
 
emotional abuse and child custody
මම නම් හිතන්නේ මේ ලැජ්ජාව හරහා පෞරුෂ ඇඳවැටීමක් වෙනවා කියන එක. හෝ ගොඩක්ම ශක්තියක් නැති කෙනෙක් රෝගී පවා වෙන්න පුළුවන් කියන එක. ඒ නිසා අත තියන්න දෙන්න හොඳ නැහැ දරුවන්ගේ ඇඟට හෝ ඇඳුමට. හෝ වෙනයම් මොකක් හෝ විදියක ලැජ්ජා කිරීමකට. අපි ඕව කාල ඇවිල්ල තියෙන්නේ. ඒ නිසා මෙතැනින් එහාට යන්න දෙන්න හොඳ නැහැ. යුගයක් ඉවර කරන්න කාලය හරි.  
අනික ගොඩක් ඉන්නේ වැඩවසම් මනසක් සහිත ගුරුවරු. වික්ටෝරියන් අදහස් තියන ගුරුවරු. ඒ නිසා නියාමනයක් අවශ්‍යයි. කලින් හිටපු වැඩවසම් පාලකයින්ට මේවා අවශ්‍ය උනේ නැහැ. දැක්ක උනත් ඇස් කන් පියාගෙන හිටිය.

එහෙනම් දැන් කරන්න දෙයක් ඇත්තෙම නැද්ද? තියනවා. ඒ තමයි වචනය.
 
be57i678
වචනය තමයි වැදගත්. වචනය හරහා නිවැරදි කරන්න හෝ වෙනස්කරන්න උත්සාහ කරන්න ඕනි. සහ ආදරය මුසුවෙච්ච වචනය. සමාජ ප්‍රගමණය වෙනුවෙන් වෙනස්වීම. ආසියාවේ වෙනස. අපි කොහොමද පරක්කුවෙලා හරි ඒ දියුණු තැනට යන්නේ. මේ සියල්ල එක්ක දේවල් දුවා දරුවන්ට කියලදෙන්න ඕනි.
කෝටුව ගන්න එක ලේසියි. වාටි ලිහන එක ලේසියි. වචනය හරහා ගමන් කරන එක අමාරුයි.

අමාරු විදියට හුරුවෙමු!

Mahesh Hapugoda 1 1(ආචාර්ය මහේෂ් හපුගොඩ)
සමාජ හා දේශපාලන විශ්ලේෂක
hapugoda@gmail.com

(Mahesh Hapugoda ගේ ෆේස්බුක් පිටුවෙන්...)

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...