The Leader News
BREAKING
Top Ad
ක්‍රීඩා

අංක 18 කමිසයෙන් 18 වැනි IPL කිරුළ දිනාගත් කෝලි ටෙස්ට් ක්‍රිකට් අගය කරයි

T

The Leader Desk

June 4, 2025 • 11:50 AM

අංක 18 කමිසයෙන් 18 වැනි IPL කිරුළ දිනාගත් කෝලි ටෙස්ට් ක්‍රිකට් අගය කරයි

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • රෝයල් චැලෙන්ජර්ස් බෙන්ගාලුරු (RCB) කණ්ඩායම ලකුණු හයකින් පන්ජාබ් කිංග්ස් පැරදවීමෙන් පසුව කෝලි IPL කුසලානය ඔසවද්දී මුළු සමාජ මාධ්‍යය ලෝකය ම උන්මාදයෙන් පිරී ගිය අතර ඉන්දියාවේ සතර කොණෙන් සුභ පැතුම් ගලා ආවා.
  • මුම්බායි ඉන්ඩියන්ස් පිලේ සචින් ටෙන්ඩුල්කාර් පවා අංක 18 කමිසය පැළඳ සිටි විරාට් කෝලි වෙනුවෙන් විශේෂ පෝස්ටුවක් බෙදා ගත්තා.
  • වැනි තරගාවලියේ කුසලානය අංක 18 දරණ ජර්සිය විසින් එසවීම හොඳට ගැලපෙනවා.
  • පන්ජාබ් කිංග්ස් කණ්ඩායමත් මේ තරගාවලියේ සටන්කාමී ක්‍රීඩාවක් කළා” යනුවෙන් ප්‍රකාශ කළා.
අකුරු ප්‍රමාණය (Font Size):

 

රෝයල් චැලෙන්ජර්ස් බෙන්ගාලුරු (RCB) කණ්ඩායම ලකුණු හයකින් පන්ජාබ් කිංග්ස් පැරදවීමෙන් පසුව කෝලි IPL කුසලානය ඔසවද්දී මුළු සමාජ මාධ්‍යය ලෝකය ම උන්මාදයෙන් පිරී ගිය අතර ඉන්දියාවේ සතර කොණෙන් සුභ පැතුම් ගලා ආවා. මුම්බායි ඉන්ඩියන්ස් පිලේ සචින් ටෙන්ඩුල්කාර් පවා අංක 18 කමිසය පැළඳ සිටි විරාට් කෝලි වෙනුවෙන් විශේෂ පෝස්ටුවක් බෙදා ගත්තා.

සතුටු කඳුලුවලින් පිරුණු කෝලිගේ මුහුණ දුටු ටෙන්ඩුල්කාර්, “RCB ඔවුන්ගේ පළමු IPL කිරුළ දිනා ගැනීම ගැන මගේ සුභ පැතුම්. 18 වැනි තරගාවලියේ කුසලානය අංක 18 දරණ ජර්සිය විසින් එසවීම හොඳට ගැලපෙනවා. ඔවුන් හොඳින් ක්‍රීඩා කළා. ශූරතාව ලැබීමට සුදුසුයි. පන්ජාබ් කිංග්ස් කණ්ඩායමත් මේ තරගාවලියේ සටන්කාමී ක්‍රීඩාවක් කළා” යනුවෙන් ප්‍රකාශ කළා.

එය කෝලිගේ වඩාත්ම කැපී පෙනෙන ඉනිමක් නොවූව ද 91,000කට වැඩි සෙනඟක ජය ඝෝෂා මැද පන්ජාබ් කිංග්ස් කණ්ඩායම කඩුලු 7 ට ලකුණු 184කට සීමා කිරීම සඳහා එම ඉනිම වැදගත් වුනා. RCB පිල කඩුලු 9කට ලකුණු 190ක් වාර්තා කළ අතර එම ඉනිමේ වැඩිම ලකුණුලාභියා වෙමින් කෝලි පන්දු 35කින් ලකුණු 43ක් ලබා ගත්තා.

IPL තරගාවලිය ආරම්භයේ සිටම RCB මෙහෙයුම් දහඅටේ ම කෝලි ක්‍රීඩා කර තිබෙන අතර එම කණ්ඩායම මීට පෙර තෙවතාවක් අවසාන තරගයට පිවිසිය ද එහිදී ඔවුන් පරාජයට පත්වුණා.

kdm8o
කෙසේ වෙතත්, මේ ජයග්‍රහණය කොතරම් මිහිරි රසයක් ගෙන දුන්නත් එය තිබෙන්නේ ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාවට මට්ටම් පහක් පහළින් බව පසුගිය මාසයේ ටෙස්ට් ක්‍රීඩාවෙන් සමුගත් 36 හැවිරිදි හිටපු ඉන්දියා නායකයා අවධාරණය කළා.

“මම මේ RCB කණ්ඩායමට මගේ තරුණ කාලය, මගේ ක්‍රීඩාවේ හොඳම කාලය සහ මගේ පළපුරුද්ද ලබා දී තිබෙනවා. මට තියෙන හැම දෙයක්ම මම මේ කණ්ඩායමට දුන්නා. මේ දවස එයි කියලා මම කවදාවත් හිතුවේ නැහැ. අවසාන පන්දුව යැවුනු සැණින් මට දැනුනේ කියාගන්න බැරි සතුටක්” යනුවෙන් කෝලි පැවසුවා. ඉන්පසුවයි ඔහු ක්‍රිකට් ක්‍රීඩාවේ පැරණිතම හා දීර්ඝතම ආකෘතිය ආරක්ෂා කරමින් උද්වේගීව කතා කළේ.

“මේ උදාවෙලා තියෙන්නේ මගේ ක්‍රීඩා දිවියේ ඉතාමත්ම හොඳ අවස්ථාවක්. නමුත් එය තවමත් තියෙන්නේ ටෙස්ට් ක්‍රීඩාවෙන් ලෙවල් පහක් පහළින්. එතරම් ලොකුවටයි මම ටෙස්ට් ක්‍රීඩාව අගය කරන්නේ. මම ඒ තරමටයි ටෙස්ට් ක්‍රිකට්වලට ආදරය කරන්නේ.”

deccanherald 2025 06 03 5o0d2o6d file80x8uobu9qe1mv836och
“ඒ නිසා මම ක්‍රිකට් ක්‍රීඩාවට එන තරුණයන්ට තදින් කියා සිටින්නේ ටෙස්ට් ක්‍රීඩාවට ගෞරව කරන්න කියලයි. මොකද, ඔබ ටෙස්ට් ක්‍රීඩාවේ දස්කම් පෑවොත්, ලෝකයේ ඔබ යන ඕනෑම තැනක මිනිසුන් ඔබේ ඇස් දිහා බලා ඔබට අතට අත දී, ‘නියමයි ඔබ හොඳින් ක්‍රීඩා කළා’ කියාවි.”

“එබැවින් සමස්ත ක්‍රිකට් ලෝකයේ ගෞරවයක් දිනා ගැනීමට ඔබට උවමනා නම්, ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩා කරන්න. එයට ඔබේ හදවත සහ ආත්මය ලබා දෙන්න!”

vvirat2634823
අහමදාබාද් අහස ගිණිකෙළි සංදර්ශනයෙන් ආලෝකමත් වෙද්දී විරාට් කෝලිගේ මුහුණෙන් කඳුළු ගලා ගියා. ආරම්භයේ සිටම ක්‍රීඩා කර වසර 18කට පසුව IPL කිරුළ දිනා ගැනීමට අවස්ථාව ලැබීම නිසා ඔහු සිටියේ ඉතාමත් හැඟීම් බරව.

warnan Gunasekara(සටහන | වර්නන් ගුණසේකර)
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී
gunasekera33@gmail.comර

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

අංක 18 කමිසයෙන් 18 වැනි IPL කිරුළ දිනාගත් කෝලි ටෙස්ට් ක්‍රිකට් අගය කරයි | The Leader