The Leader News
BREAKING
Top Ad
ක්‍රීඩා

බ්‍රයන් ලාරා ට ඇති ගෞරවය මල්ඩර්ගේ නව ලෝක වාර්තාවට හරස් වෙයි

T

The Leader Desk

July 9, 2025 • 11:56 AM

බ්‍රයන් ලාරා ට ඇති ගෞරවය මල්ඩර්ගේ නව ලෝක වාර්තාවට හරස් වෙයි

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • බ්‍රයන් ලාරාගේ ලෝක වාර්තාව බිඳ නොදැමුවේ තමා තුළ ඔහුට තිබෙන ගෞරවය නිසා බව දකුණු අප්‍රිකානු ක්‍රිකට් නායක විආන් මල්ඩර් (Wiaan Mulder) පවසනවා.
  •   දකුණු අප්‍රිකාව කඩුලු පහක් දැවී සටහන් කළ මුළු ලකුණු ප්‍රමාණය 626ක්.
  • ඔහු එංගලන්තය ට එරෙහිව ලකුණු 400ක් ලබා ගත්තා.
  • නමුත් බ්‍රයන් ලාරා ට එයාගෙ වාර්තාව ආරක්ෂිතව තියාගන්න ඉඩ දීම කළ යුතු දෙයක්.”   පෙර දින නොදැවී රැස්කර ගෙන සිටි ලකුණු 264 සිට පිතිකරණය ආරම්භ කළ මල්ඩර් පන්දු 297කින් ලකුණු 300 ට පිවිසෙමින් දෙවැනි දකුණු අප්‍රිකානු ත්‍රිත්ව ශතකලාභියා බවට පත්වුණා.
අකුරු ප්‍රමාණය (Font Size):

දකුණු අප්‍රිකාව සහ සිම්බාබ්වේ අතර බුලවේයෝ හි ක්වීන්ස් ක්‍රීඩා සමාජයීය ක්‍රීඩාංගණයේ පැවැත්වෙන ටෙස්ට් ක්‍රිකට් තරගයේ පන්දුවට පහර දෙමින් සිටි මල්ඩර්, හිටපු බටහිර ඉන්දීය කොදෙව් සුපිරි පිතිකරු බ්‍රයන් ලාරාගේ ලෝක වාර්තාගත ලකුණු ප්‍රමාණයට ලකුණු 33ක් අඩුවෙන් සිටියදී ඉනිම නතර කළා.
 
දෙවැනි ටෙස්ට් තරගයේ දෙවැනි දිනයේ දිවා ආහාරයේදී ඉනිම නතර කිරීමට පෙර මල්ඩර් නොදැවී ලකුණු 367ක් රැස් කළේ දකුණු අප්‍රිකානු වාර්තාවක් සහ ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාවේ පස්වැනියට වැඩිම ලකුණු සංඛ්‍යාව සටහන් කරමින්.
මල්ඩර්ගේ පාඩම...| Mahesh Hapugoda
 
දකුණු අප්‍රිකාව කඩුලු පහක් දැවී සටහන් කළ මුළු ලකුණු ප්‍රමාණය 626ක්.
 
“බ්‍රයන් ලාරා යනු පුරාවෘත්තයක්. ඔහු එංගලන්තය ට එරෙහිව ලකුණු 400ක් ලබා ගත්තා. එවැනි ශ්‍රේෂ්ඨ තත්ත්වයක් තියෙන කෙනෙකුට ඔහුගේ වාර්තාව තවදුරටත් රැකගෙන සිටීම විශේෂයෙන් වැදගත් වනවා” යනුවෙන් මල්ඩර් ක්‍රීඩාව අවසන් වීමෙන් පසුව කියා සිටියා. “මට මේ වගේ තවත් අවස්ථාවක් නැවත ලැබුනත් මම කරන්නේ අද කරපු දේ ම යි.”
 
මල්ඩර් දකුණු අප්‍රිකානු කණ්ඩායමේ පුහුණුකරු ෂුක්රී කොන්රෑඩ් (Shukri Conrad) සමග කතා කර තිබෙන අතර ඔහු ද මල්ඩර්ගේ තීරණය සමග එකඟ වී තිබෙනවා.

“ඒ පුරාවෘත්තය (ලාරා) එයාගෙ වාර්තාව තියා ගත්තාවේ කියලා ඔහු මට කීවා. මගේ ඉරණම කුමක් වේවිද කියා මම කවදාවත් දන්නේ නැහැ. නමුත් බ්‍රයන් ලාරා ට එයාගෙ වාර්තාව ආරක්ෂිතව තියාගන්න ඉඩ දීම කළ යුතු දෙයක්.”
 
පෙර දින නොදැවී රැස්කර ගෙන සිටි ලකුණු 264 සිට පිතිකරණය ආරම්භ කළ මල්ඩර් පන්දු 297කින් ලකුණු 300 ට පිවිසෙමින් දෙවැනි දකුණු අප්‍රිකානු ත්‍රිත්ව ශතකලාභියා බවට පත්වුණා. ඔහු දෙවැනියට වේගවත්ම ත්‍රිත්ව ශතකලාභියා බවට ද පත්වූයේ 2007/08 වසරේ චෙන්නායි හි දකුණු අප්‍රිකාව ට එරෙහිව පන්දු 278කින් ත්‍රිත්ව ශතකයක් වාර්තා කළ ඉන්දියාවේ විරෙන්ද්‍ර සෙවාග් ට පසුපසින් සිටිමින්.
මල්ඩර්ගේ පාඩම...| Mahesh Hapugoda
 
මල්ඩර් මීට කළින් වාර්තා වී තිබූ වැඩිම දකුණු අප්‍රිකානු පෞද්ගලික ලකුණු සංඛ්‍යාව වූ 2012 වසරේ ලන්ඩනයේ ඕවල් ක්‍රීඩාංගණයේදී එංගලන්තය ට එරෙහිව හෂිම් අම්ලා නොදැවී ලබා ගත් ලකුණු 311 අභිබවා ගියා.

පන්දු 334කට මුහුණ දුන් මල්ඩර් හතරේ පහර 49ක් සහ හයේ පහර 4ක් එල්ල කළා.

හිටපු එංගලන්ත නායක මයික් බර්ලී (Mike Brearley) මෙන් තමා ද පිතිකරණයේ යෙදී සිටින විට පන්දු අතරේ තමා ට ම සිංදු කියාගත් බව මල්ඩර් පැවසුවා.

බර්ලී සම්භාව්‍ය සංගීතය ඔහුට මුමුනා ගනිද්දී, මල්ඩර් කියන්නේ අප්‍රිකානු සංගීතය ඔහුට පසුගිය වසරේ බංග්ලාදේශයේදී ඔහුගේ පළමු ටෙස්ට් ශතකය ලබා ගැනීමට උපකාරී වූ බවයි. වර්තමානයේ බුලවේයෝ හිදී ඔහු තෝරා ගත්තේ Cranberries නමැති රොක් සංගීත කණ්ඩායමේ Zombie ගීතය.
 
 
මේ ගීතය අයර්ලන්ත ක්‍රීඩා ලෝලීන් විසින් 2023 රග්බි ලෝක කුසලාන තරගාවලියේදී ගායනා කරනු ලැබූ අතර දකුණු අප්‍රිකාව ලෝක කුසලානය දිනා ගැනීමෙන් පසුව පුහුණුකරු රාසී ඉරාස්මස් (Rassie Erasmus) ට ප්‍රණාමය පිණිස දකුණු අප්‍රිකානු රග්බි ක්‍රීඩා ලෝලීන් එම ගීතය තෝරා ගත්තා. ඔස්ට්‍රේලියාව ට එරෙහිව ලෝඩ්ස් ක්‍රීඩාංගණයේදී දකුණු අප්‍රිකාව මෑතකදී ලෝක ටෙස්ට් ක්‍රිකට් කිරුළ දිනා ගත් මොහොතේදී ද එම ගීතය ෂුක්රී කොන්රෑඩ් වෙනුවෙන් පාවිච්චි කෙරුණා.

(සටහන | වර්නන් ගුණසේකර)
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී
gunasekera33@gmail.com

සබැඳි ලිපියක් :

මල්ඩර්ගේ පාඩම...|  Mahesh Hapugoda


The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...