The Leader News
BREAKING
ත්‍රස්ත විරෝධී පනතට එරෙහිව ගම්මන්පිල ශ්‍රේෂ්ඨාධිකරණයට යයි●අතීතකාමී හැඟීම් සමුදායක පාඨකයා ගිල්වා තබන "මුවන්පැලැස්සේ හිඟන කොල්ලා"●කාවන්තිස්ස ඛේදවාචකය: කඳුළු සැලීමෙන් ඔබ්බට පද්ධතිය හදන සටන●බන්ධනාගාරගත හිමිවරුන්ගේ සිවුරු ප්‍රශ්නයට බෞද්ධ කොමසාරිස්ගේ අනුමැතිය පතයි●කාවන්තිස්සට වෙඩි තැබූ නිශ්චිත සාක්ෂි කෝ?●නව ත්‍රස්ත පනතට එරෙහිව SLWJA ශ්‍රේෂ්ඨාධිකරණයට●කොළඹ වරායේ ඩොලර් බිලියන ගනුදෙනුව අත්හැරියේ ඇයි?●විලාසිතා ලෝකයේ සදාචාරාත්මක පසුබෑම: අලුත් වාර්තාවකින් හෙළිදරව්වක්●වරාය නගරයේ අනුමැති ගැන පාර්ලිමේන්තු කාරක සභාවෙන් ප්‍රශ්න●ලිංගික අතවර චෝදනාවට සුරංජිත් සිල්වා ඕස්ට්‍රේලියාවේදී වරදකරු වෙයි●
Top Ad
පුවත්

විපක්ෂය මර නින්දේ: ලේක්හවුස් හිටපු New Media ප්‍රධානියාට ප්‍රහාරයක් !

T

The Leader Desk

December 11, 2019 • 3:45 AM

 විපක්ෂය මර නින්දේ: ලේක්හවුස් හිටපු New Media ප්‍රධානියාට ප්‍රහාරයක් !

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • බ්‍රිතාන්‍යයේ නව මාධ්‍ය පිළිබඳ උපාධිධාරියෙක් : බ්‍රිතාන්‍යයේ නව මාධ්‍ය පිළිබඳ උපාධිධරයෙකු වන මධුක එහි රැකියාව අතහැර ශ්‍රී ලංකාවට පැමිණියේ පසුගිය රජයේ ආරාධනාව පරිදිය.
  • පසුව ඔහු ජාතික රූපවාහිනිය ඇතුළු මාධ්‍ය ආයතන කිහිපයක රැකියාව කළ අතර ලේක්හවුසියේ ඩිජිටල් සහ නව්‍ය මාධ්‍ය අංශයේ අධ්‍යක්ෂ තනතුරට පත් කෙරිණ. නොවැ 16 දා යහපාලන ආණ්ඩුව පරාජයට පත් වූ බැවින් මධුක 18 දිනයේම තම තනතුරින් ඉල්ලා අස්වීමේ ලිපිය ලේක්හවුස් බලධාරීන්ට යොමු කෙළේය.
  • ඉල්ලා අස්වීම බාර දුන් නමුත් ඔහු දෙසැම්බර් 31 දක්වා රැකියාවට යා යුතුය.
  • ඉල්ලා අස්වීම ක්‍රියාත්මක වන්නේ 31 න් පසුව ය.
අකුරු ප්‍රමාණය (Font Size):

මෙම පහරදීම සිදුව ඇත්තේ ඊයේ (10) සවස ලේක්හවුස් ආයතනය තුල දී ය. 

මැර ප්‍රහාරය එල්ල කර මරණ තර්ජන කර ඇත්තේ පොහොට්ටු පක්ෂයේ ලේක්හවුස් වෘත්තීය සමිතියේ සභාපති චන්දන බණ්ඩාර, ලේක්හවුසියේ සේවකයන් වන හේමන්ත ඩෙප්, ගයාන් බණ්ඩාර, චමීර ඇල්දෙනිය, නුවන් කොඩිකාර, ලේක්හවුස් දැන්වීම් අංශයේ සංජීව පද්මකුමාර, අනුර කුමාර ඇතුළු 15 දෙනෙකුගෙන් පමණ සමන්විත පිරිසක් විසින් බවට වාර්තාවේ.

බ්‍රිතාන්‍යයේ නව මාධ්‍ය පිළිබඳ උපාධිධාරියෙක් :

බ්‍රිතාන්‍යයේ නව මාධ්‍ය පිළිබඳ උපාධිධරයෙකු වන මධුක එහි රැකියාව අතහැර ශ්‍රී ලංකාවට පැමිණියේ පසුගිය රජයේ ආරාධනාව පරිදිය. පසුව ඔහු ජාතික රූපවාහිනිය ඇතුළු මාධ්‍ය ආයතන කිහිපයක රැකියාව කළ අතර ලේක්හවුසියේ ඩිජිටල් සහ නව්‍ය මාධ්‍ය අංශයේ අධ්‍යක්ෂ තනතුරට පත් කෙරිණ. 

නොවැ 16 දා යහපාලන ආණ්ඩුව පරාජයට පත් වූ බැවින් මධුක 18 දිනයේම තම තනතුරින් ඉල්ලා අස්වීමේ ලිපිය ලේක්හවුස් බලධාරීන්ට යොමු කෙළේය. ඉල්ලා අස්වීම බාර දුන් නමුත් ඔහු දෙසැම්බර් 31 දක්වා රැකියාවට යා යුතුය. ඉල්ලා අස්වීම ක්‍රියාත්මක වන්නේ 31 න් පසුව ය. අද ඔහු ලේක්හවුසියට ගොස් ඇත්තේ ඒ අනුවය.

ලේක්හවුසියට ගිය ඔහු ‘රැස’ පුවත් පත් කර්තෘ මණ්ඩල අංශයේ සිටිය දී එහි කඩා වැදුනු ඉහත කී මැර පිරිස ඔහුව ඉන් එළියට ගෙන සීසීටීවී නොමැති වැසිකිළි ප්‍රදේශයකට ඇදගෙන ගොස් පහර දෙන අතරේ ‘තොට කටින් කතා කරලා වැඩක් නෑ මෙහෙම තමයි කතා කරන්න ඕනෑ’ යි බැන වැදී ඇති අතර ‘තෝ ආයිත් ලේක්හවුස් පැත්ත පළාතක ආවොත් මරා දමනවා‘ යි මරණ තර්ජන කර තිබේ.

බයිපාස් සැත්කමකට මුහුණ දී සිටින හෘද රෝගියෙක් :

රැස පුවත් පත් කාර්යාලයේ සිට වැසිකිළි ප්‍රදේශයට ඇද ගෙන යන ආකාරය සීසීටීවී කැමරා වල සටහන් වී ඇති අතර එවැනි සේයාරූ කිහිපයක් මෙහි දැක්වේ.

Maduka attak
මධුක තක්සල විවෘත බයිපාස් සැත්කමකට මුහුණ දී සිටින හෘද රෝගියෙකි. ප්‍රහාරයෙන් භීතියට පත්ව සිටින ඔහුගේ රෝගී තත්ත්වයද උත්සන්න වී ඇත. ප්‍රහාරය පිළිබඳ ඔහු කොටුව පොලිසියට පැමිණිලි කර ඇති අතර ලේක්හවුස් සාමාන්‍යාධිකාරී වරයාට ද ලිඛිතව පැමිණිලි කර තිබේ. මේ දක්වා කිසිවෙකු අත් අඩංගුවට ගෙන නැත.

මාධ්‍යවේදීන් බිය ගැන්වීමක් !

වත්මන් රාජපක්ෂ ආණ්ඩුව බලයට පත්වීමෙන් පසු සිළුම මාධ්‍ය මර්ධනයක් ක්‍රියාත්මක වෙමින් පවති. 

ජනාධිපතිවරණය ජයගෙන දිනකිහිපයක් තුලදී එනම් නොවැම්බර් මස 26 දහවල් newshub.lkවෙබ් අඩවි කාර්යාලයට කඩා වැදුන පොලිස් නිලධාරීන් හා සිවිල් ඇඳුමින් සැරසුන කණ්ඩායමක් ව්‍යාජ සෝදිසි වරෙන්තුවක් පෙන්වමින් එම කාර්යාලයේ පරිගණක යන්ත්‍ර පරික්ෂාවට ලක්කර තිබිණ.

ඒ අතර සිංහල සංවිධානයකින් පොලිස්පතිවරයා වෙත කරන ලද පැමිණිල්ලක් සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භකර ඇති අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සයිබර්' අපරාධ විමර්ශන අංශය (cyber crime Text Uyabgodadivision) විසින් ඊට අදාලව කටඋත්තරයක් ලබාගැනීම සඳහා 'voicetube.lk' වෙබ් අඩවියේ කතුවරිය වන තුෂාරා විතාරණ වෙත නොවැම්බර් 28දා  රහස් පොලිසියේ 4වැනි තට්ටුවට කැඳවා ප්‍රශ්න කළේය.

'සයිබර්' අපරාධ විමර්ශන අංශය විසින් ඇයව කැඳවීමේ හේතුව නිශ්චිතව ප්‍රකාශ වී නැතත්, එම ඒකකය විසින් නොවැම්බර් 26 දා  ‘ද ලීඩර්’ විකල්ප රූපවාහිනී ප්‍රවෘත්ති මාලාව ඉදිරිපත් කළ මාධ්‍යවේදී නීතිඥ ධනුෂ්ක සංජය කැඳවා පැය 08කට වැඩි කාලයක් පුරා ප්‍රශ්නකර තිබිණ.

මාධ්‍යවේදීන් ස්වයං-වාරණයක !

මෙම දේශපාලන වටපිටාව සම්බන්ධයෙන් 'අනිද්දා' පුවත්පතට මහාචාර්ය ජයදේව උයන්ගොඩ විසින් සැපයු දේශපාලන විග්‍රහයක මෙසේ සඳහන්වේ. 

''දේශපාලන විචාරකයකුට ‘ස්වයං-වාරණයේ’ යෙදීමට සිදුවීම සෑමවිටම මිහිරි අත්දැකීමක් නොවේ. ‘මගේ බුද්ධිමය විශ්වාසය මත මා මේ ලියන්නට යන දෙයින් මට හිරේ විලංගුවේ වැටෙන්නට සිදු වේවිද?, පැහැර ගනු ලැබීමට හෝ අතුරුදහන් වීමට හෝ මා ලක්විය හැකිද? පොලිසියට කටඋත්තරයක් දෙන්නට සිදුවේවිද?, ගෙදර වටේ නාඳුනන මෝටර් සයිකල්කරුවන් කැරකෙන තත්ත්වයක් ඇතිවේවිද? යනාදි විවිධාකාර බියක්, සංශයක්, විචිකිච්ඡුාවක් නොමැතිව දේශපාලන විවරණයේ යෙදී සිටි කාලය දැන් අවසානයකට පැමිණ තිබේද? යන අවිනිශ්චිතතාව මගේ පමණක් නොව, අප රටේ තවත් ලේඛකයන්ගේද සිත්වල මේ දිනවල හොල්මන් කරනු නැතැයි සිතිය නොහැකිය.''

ජනාධිපතිවරණයෙන් පසුව මාධ්‍යවේදීන් හා මාධ්‍ය ආයතන මෙවැනි තර්ජනයකට මුහුණදෙමින් සිටියදී විපක්ෂයේ නායකයින් ඒ සම්බන්ධයෙන් මුනිවත රකිමින් නිහඬව සිටීම ඛේදජනක තත්වයකි. 

 

මුලාශ්‍රය - ලංකාඊනිව්ස්


සබැඳි පුවත් :
ගෝඨාභයගේ සම්ප්‍රාප්තියෙන් පසු ‘පරෙස්සමෙන් ලිවීම’ -මහචාර්ය ජයදේව උයන්ගොඩ
‘‘මාධ්‍යවේදීන් බිය ගන්වන්න එපා‘‘ - RSF ජනපතිට කියයි 
මාධ්‍ය දඩයමක්? : 'වොයිස් ටියුබ්' කතුවරිය හතරවැනි තට්ටුවට කැඳවයි!!

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...