ආන්දෝලනයට ලක්වූ මහ බැංකු බැඳුම්කර සිද්ධීන් හා භාණ්ඩාගාර බැඳුම්කර සම්බන්ධ කරගෙන

සේවක අර්ථසාධක අරමුදල මගින් සිදු කරන ලද ප්‍රාථමික හා ද්විතීයික වෙළෙඳපොළ ගනුදෙනු සම්බන්ධයෙන් සිදුකළ 

වෝහාරික විගණන වාර්තා (Forensic Audit Report) ප්‍රකාශයට පත්කරන්නේ ද? නැද්ද ? යන කාරණය නීතිපතිවරයාගේ උපදෙස් අනුව සිදුකරනු ලබන බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.

කෙසේවුවද හිටපු මුදල් අමාත්‍ය මංගල සමරවීර පවසන්නේ, මුදල් අමාත්‍ය, අගමැති මහින්ද රාජපක්ෂ වෙත ලබාදී ඇති වෝහාරික ගිණුම් පිළිබඳ වාර්තා 05 වහාම ජනතාව හමුවේ හෙළිදරව් කරන්න ලෙසයි.

මුදල් අමාත්‍ය ලෙස අගමැති මහින්ද රාජපක්ෂට මෙම වාර්තාව ප්‍රකාශයට පත්කිරීමේ බලයක් ඇතැයි ද මංගල සමරවීර මන්ත්‍රීවරයා පවසයි.

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් සිදු කළ බැඳුම්කර ගනුදෙනු වලට ද අදාල තොරතුරු රැසක් ද ඇතුලත් එම වෝහාරික විගණන වාර්තාව තුලින් ඇත්ත හොරු කව්රුන්දැයි ජනතාව හොඳින්ම අවබෝධකර ගත හැකිවනු ඇතැයි ද හිටපු මුදල් ඇමතිවරයා කියා සිටියි.

බැඳුම්කර බෝලය දැන් තියෙන්නේ අගමැති මහින්ද රාජපක්ෂ අතේ යයි හිටපු කෝප් කමිටු සභාපති, සුනිල් හඳුන්නෙත්ති මන්ත්‍රීවරයා පසුගිය ද ප්‍රකාශකර තිබිණ.

 

මොනවද මේ වෝහාරික විගණන වාර්තා (Forensic Audit Report )?

2015 පෙබරවාරි 01 සිට 2016 මාර්තු 31 දක්වා කාලසීමාව තුළ භාණ්ඩාගාර බැඳුම්කර නිකුත් කිරීම පිළිබඳ ව විමර්ශනය කිරීම, පරීක්ෂා කිරීම  සහ වාර්තා කිරීම සඳහා පත් කරන ලද ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාව මගින් කරන ලද නිර්දේශයන් ද  අනෙකුත් විගණන වාර්තා සහ ශ්‍රී ලංකා මහ බැංකුවේ නියාමන සහ නියෝජිත කාර්යයන් සම්බන්ධයෙන් කරන ලද අභ්‍යන්තර විමර්ශන වාර්තාවල අඩංගු වූ කරුණු ද සලකා ශ්‍රී ලංකා  මහ බැංකුවේ මුදල් මණ්ඩලය විසින් විගණකාධිපතිවරයාගේ ද උපදෙස් ලබා ගනිමින්, වෝහාරික විගණනයන් සිදුකරනු ලැබිය.

මෙම විගණන කටයුතු සිදු කිරීම සඳහා අමාත්‍ය මණ්ඩල උපදේශක ප්‍රසම්පාදන කමිටුවක් මගින් රජයේ ප්‍රසම්පාදන මාර්ගෝපදේශවලට අනුකූල ව, ගෝලීය පරිචයක් සහ ජාත්‍යන්තර පළපුරුද්දක් සහිත විගණන සමාගම් තෝරා ගනු ලැබූ අතර, එම විගණන කණ්ඩායම් සම්පූර්ණයෙන් ම විදේශීය සාමාජිකයින්ගෙන් සමන්විත විය.

මෙම ප්‍රසම්පාදනය සඳහා වූ අමාත්‍ය මණ්ඩල උපදේශක ප්‍රසම්පාදන කමිටුවේ නිරීක්ෂකයෙකු වශයෙන් විගණකාධිපතිතුමාගේ නියෝජිතවරියක්ද කටයුතු කරන ලදී.

මේ වන විට ඊට අදාල විගණනයන් පහක් අවසන් කර ඇති අතර, විගණන කණ්ඩායම් විසින් අවසන් වාර්තා මුදල් මණ්ඩලයට ඉදිරිපත් කර ඇති අතර මෙම විගණන වාර්තාවල ඇති සොයා ගැනීම්වල ස්වභාවය සලකා බලා මෙම වාර්තා අදාළ අධිකාරීන් වෙත ඉදිරිපත් කිරීම ද, විශේෂයෙන් ම ඒවා ප්‍රසිද්ධ කළ යුතු ද යන්න පිළිබඳව මුදල් මණ්ඩලය විසින් නීතිපතිවරයා ගෙන් උපදෙස් ලබා ගෙන ඇත.

 

නීතිමය ක්‍රියාමාර්ගවලට අගතිගාමී නො වීමට ....

ඒ අනුව, ඉහත කී විගණන වාර්තා, එහි ඇමුණුම් සහ අනෙකුත් ඉදිරිපත් කර ඇති දෑහි අඩංගු කරුණු, අදාළ විමර්ශන සහ දැනට ආරම්භ කර ඇති සහ ඉදිරි නීතිමය ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් සාක්ෂි ලෙස යොදා ගැනීමට ප්‍රවණතාවක් ඇතැයි සලකන නිසා එම වාර්තා ලබා ගැනීමට ව්‍යවස්ථාපිත අධිකාරියක් ඇති පාර්ශ්වයන්ට පමණක්  ලබා දීමට ද, එසේ ලබාදීමේ දී අදාළ විමර්ශන සහ  දැනට ආරම්භ කර ඇති සහ ඉදිරි නීතිමය ක්‍රියාමාර්ගවලට අගතිගාමී නො වීමට වග බලා ගැනීම සඳහා විගණන වාර්තා ලබා ගන්නා පාර්ශ්වයන් ඒවායේ අන්තර්ගත කරුණු සම්බන්ධයෙන් රහස්‍යභාවය රැක ගත යුතු බවට ද නීතිපතිවරයා විසින් උපදෙස් දී ඇත.

මීට අමතරව, අදාළ විගණන වාර්තාවල කරුණු නීතිපතිවරයා විසින් සම්පූර්ණයෙන් ම සලකා බැලීමෙන් අනතුරු ව, අදාළ විමර්ශන සහ දැනට ආරම්භ කර ඇති සහ ඉදිරි නීතිමය ක්‍රියාමාර්ගවලට පටහැනි නො වනු ඇතැයි සැලකෙන, මහජන දැනගැනීම සඳහා ප්‍රසිද්ධ කළ හැකි කොටස් ශ්‍රී ලංකා මහ බැංකුවට දැනුම් දීමටත් නීතිපතිවරයා  එකඟත්වය පළ කර ඇත.

 

ආණ්ඩුව බරපතල අර්බුදයක : බරපතල අපරාධ රැසක් හෙළිවෙලා !!

ශ්‍රී ලංකා  මහ බැංකුවේ මුදල් මණ්ඩලය විසින් මෙම වෝහාරික විගණන වාර්තා ප්‍රකාශයට පත්කිරීම සම්බන්ධයෙන් නීතිපතිවරයාගේ උපදෙස් ලබාගෙන ඇත්තේ එම වාර්තා වලින් අනාවරණය වී ඇති කරුණු දේශපාලනික හා ආර්ථික වශයෙන් අතිශයින් බරපතල වීම හේතුවෙනි.

එම වාර්තාවලින් අනාවරණයවී ඇති බරපතල අපරාධයන්ට සම්බන්ධ කිහිපදෙනෙකු වත්මන් රාජපක්ෂ ආණ්ඩුවේද ඉහල තනතුරුවලට පත්කර ඇති අතර ආණ්ඩුවට සහය පළකරමින් සිටින ප්‍රධාන පෙළේ ප්‍රකෝටිපති ව්‍යාපාරිකයින් කිහිපදෙනෙකු ද මෙම අයතා ගනුදෙනුවලට සම්බන්ධ වී ඇතැයි පැවසේ.

භාණ්ඩාගාර බැඳුම්කර සම්බන්ධ කරගෙන සේවක අර්ථසාධක අරමුදල (EPF) මගින් සිදු කරන ලද ප්‍රාථමික හා ද්විතීයික වෙළෙඳපොළ ගනුදෙනුවලදී, ලංකාවේ ප්‍රමුඛ පෙලේ සමාගම් 19ක් සමග සිදුකර ඇති ගනුදෙනු හරහා රුපියල් බිලියන ගණනක පාඩුවක් රජයට සිදුව ඇතැයි ද මහ බැංකුව විසින් සිදුකළ වෝහාරික විගණන වාර්තා මගින් අනාවරණය වී ඇතැයි වාර්තාවේ.

 

සබැඳි පුවත් :

සමාගම් 19ක් EPF මුදල් අවභාවිත කරලා : වෝහාරික විගණන වාර්තාවෙන් හෙළිවේ!

මහ බැංකු හොරු කව්ද ? :'වෝහාරික විගණන වාර්තාව එළියට දාන්න' - මංගල ගෙන් අගමැතිට අභියෝගයක් !

ජනපතිට හා අගමැතිට කදිම අවස්ථාවක්: ''වෝහාරික වාර්තාවට අනුව බැඳුම්කර හොරුන්ට දඬුවම් දෙන්න" (Audio)

බැඳුම්කර හොරුන්ට දඬුවම් දෙන්න – සුනිල් හඳුන්නෙත්ති අගමැතිගෙන් ඉල්ලයි

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්