භාණ්ඩාගාර බැඳුම්කර සම්බන්ධ කරගෙන සේවක අර්ථසාධක අරමුදල (EPF) මගින් සිදු කරන ලද ප්‍රාථමික හා ද්විතීයික වෙළෙඳපොළ ගනුදෙනුවලදී, ලංකාවේ ප්‍රමුඛ පෙලේ සමාගම් 19ක් සමග සිදුකර ඇති ගනුදෙනු

හරහා රුපියල් බිලියන ගණනක පාඩුවක් රජයට සිදුව ඇතැයි මහ බැංකුව විසින් සිදුකළ වෝහාරික විගණන වාර්තාවක් (Forensic Audit Report) මගින් අනාවරණය වී ඇතැයි මහ බැංකුවේ අභ්‍යන්තර ආරංචිමාර්ග වලින් වාර්තාවේ.

2002 වසරේ සිට 2015 දක්වා ශ්‍රී ලංකා මහ බැංකුව විසින් සිදු කළ බැඳුම්කර ගනුදෙනු වලදී හා  EPF මුදල් ගනුදෙනුවලදී මුල්‍ය අවභාවිතාවක් සිදුව ඇත්දැයි සොයා බැලීමට පත්කල විද්වත් කමිටුවක් විසින් අදාල ගනුදෙනු විමර්ශනය කර ලබාදුන් වෝහාරික විගණන වාර්තාවල ඊට අදාල තොරතුරු රාශියක් සඳහන්ව ඇතැයි ඉහත ආරංචිමාර්ග වැඩිදුරටත් පවසයි.

ජනාධිපති විමර්ශන කොමිෂන් සභාවේ නිර්දේශ අනුව වෝහාරික විගණන හයක් සිදුවූ අතර ඉන් පහක වාර්තා මේවනවිට වත්මන් මුදල් ඇමති, අගමැති මහින්ද රාජපක්ෂ වෙත ලබාදී ඇත. අනෙක් වෝහාරික විගණනය ඒ සම්බන්ධයෙන් දැනට තිබෙන අධිකරණ ක්‍රියාමාර්ග අවසන් වූ පසුව ප්‍රකාශයට පත් කිරීමට නියමිතය. 


ඇත්ත හොරු කව්ද ? මංගල අසයි SAM3

එසේ මුදල් අමාත්‍ය, අගමැති මහින්ද රාජපක්ෂ වෙත ලබාදී ඇති වෝහාරික ගිණුම් පිළිබඳ වාර්තා 05 වහාම ජනතාව හමුවේ හෙළිදරව් කරන්නැයි හිටපු මුදල් අමාත්‍ය මංගල සමරවීර ආණ්ඩුවෙන් ඉල්ලා සිටියි.

මුදල් අමාත්‍ය ලෙස අගමැති මහින්ද රාජපක්ෂට මෙම වාර්තාව ප්‍රකාශයට පත්කිරීමේ බලයක් ඇතැයි ද මංගල සමරවීර මන්ත්‍රීවරයා පවසයි.

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් සිදු කළ බැඳුම්කර ගනුදෙනු වලට ද අදාල තොරතුරු රැසක් ද ඇතුලත් එම වෝහාරික විගණන වාර්තාව තුලින් ඇත්ත හොරු කව්රුන්දැයි ජනතාව හොඳින්ම අවබෝධකර ගත හැකිවනු ඇතැයි ද හිටපු මුදල් ඇමතිවරයා කියා සිටියි.


වෝහාරික විගණනයන් :Forensic Audit 
Central Bank of Sri Lankaශ්‍රී ලංකා  මහ බැංකුවේ මුදල් මණ්ඩලය විසින් විගණකාධිපතිවරයාගේ ද උපදෙස් ලබා ගනිමින්,
වෝහාරික විගණනයන් සිදුකර ඇත.


2015 පෙබරවාරි 01 සිට 2016 මාර්තු 31 දක්වා කාලසීමාව තුළ භාණ්ඩාගාර බැඳුම්කර නිකුත් කිරීම පිළිබඳ ව විමර්ශනය කිරීම, පරීක්ෂා කිරීම සහ වාර්තා කිරීම සඳහා පත් කරන ලද ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාව මගින් කරන ලද නිර්දේශයන් ද අනෙකුත් විගණන වාර්තා සහ ශ්‍රී ලංකා මහ බැංකුවේ නියාමන සහ නියෝජිත කාර්යයන් සම්බන්ධයෙන් කරන ලද අභ්‍යන්තර විමර්ශන වාර්තාවල අඩංගු වූ කරුණු ද සලකා ශ්‍රී ලංකා  මහ බැංකුවේ මුදල් මණ්ඩලය විසින් විගණකාධිපතිවරයාගේ ද උපදෙස් ලබා ගනිමින්, වෝහාරික විගණනයන් පැවැත්වීමට සැලසුම් යොදන ලදී. 

මෙම විගණන කටයුතු සිදු කිරීම සඳහා යහපාලන ආණ්ඩුව සමයේ දී අමාත්‍ය මණ්ඩල උපදේශක ප්‍රසම්පාදන කමිටුවක් මගින් රජයේ ප්‍රසම්පාදන මාර්ගෝපදේශවලට අනුකූල ව, ගෝලීය පරිචයක් සහ ජාත්‍යන්තර පළපුරුද්දක් සහිත විගණන සමාගම් තෝරා ගනු ලැබූ අතර, එම විගණන කණ්ඩායම් සම්පූර්ණයෙන් ම විදේශීය සාමාජිකයින්ගෙන් සමන්විත විය. SAM text261

මෙම ප්‍රසම්පාදනය සඳහා වූ අමාත්‍ය මණ්ඩල උපදේශක ප්‍රසම්පාදන කමිටුවේ නිරීක්ෂකයෙකු වශයෙන් විගණකාධිපතිවරයාගේ නියෝජිතවරියක්ද කටයුතු කරන ලදී.

අදාළ විගණන සේවාවන් ප්‍රසම්පාදනය කිරීමේ ප්‍රගතිය සම්බන්ධයෙන් 2019 ජනවාරි 14 දින මහ බැංකුව විසින් නිකුත් කරන ලද නිවේදනයේ ද සඳහන් පරිදි මෙම ක්‍රියාවලිය පහත සඳහන් පරිදි විගණනයන් 5කින් සමන්විත විය.  

එම විගණනයන්හි විෂය පථය සකස් කිරීමේ දී විගණකාධිපතිවරයාගේ හා නීතිපතිවරයාගේ උපදෙස් සඳහා  යොමු කර තිබිණ.


   1- 2002 ජනවාරි 01 දින සිට 2015 පෙබරවාරි 28 දින දක්වා කාලය ඇතුළත රාජ්‍ය ණය දෙපාර්තමේන්තුව විසින් කරන ලද භාණ්ඩාගාර බැඳුම්කර නිකුත් කිරීම

    2- 2002 ජනවාරි 01 දින සිට 2015 පෙබරවාරි 28 දින දක්වා කාලය ඇතුළත නිකුත් කරන ලද/ගනුදෙනු කරන ලද භාණ්ඩාගාර බැඳුම්කර සම්බන්ධ කරගෙන සේවක අර්ථසාධක අරමුදල මගින් සිදු කරන ලද ප්‍රාථමික හා ද්විතීයික වෙළෙඳපොළ ගනුදෙනු

    3- 1998 ජනවාරි 01 දින සිට 2017 දෙසැම්බර් 31 දින දක්වා කාලය ඇතුළත සේවක අර්ථසාධක අරමුදල මගින් ලැයිස්තුගත කළ හා ලැයිස්තුගත නො කළ කොටස්වල කරන ලද ගනුදෙනු

    4- 2015 පෙබරවාරි 01 දින සිට 2016 මාර්තු 31 දින දක්වා කාලය ඇතුළත රාජ්‍ය ණය දෙපාර්තමේන්තුව විසින් කරන ලද භාණ්ඩාගාර බැඳුම්කර නිකුත් කිරීම හා ලැබුණු මුදල් මහා භාණ්ඩාගාරයට සම්ප්‍රේෂණය කිරීම

    5- තෝරා ගත් ප්‍රාථමික වෙළෙඳුන් සම්බන්ධයෙන් 2009 ජනවාරි 01 දින සිට 2017 දෙසැම්බර් 31 දින දක්වා කාලය ඇතුළත රාජ්‍ය ණය දෙපාර්තමේන්තුවේ අධිකාරී/බැංකු නො වන මූල්‍ය ආයතන අධීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයා විසින් කරන ලද අධීක්ෂණ හා නියාමන කාර්යභාරය පිළිබඳව


ශ්‍රී ලංකා මහ බැංකුව මෙම විගණනයන් සියල්ල 2019 ඔක්තෝබර් මැද වන විට අවසන් කිරීමට බලා‍පොරොත්තුව සිටි නමුත්,  2019 අප්‍රේල් මස ඇති වූ  ත්‍රස්ත ක්‍රියා හේතුවෙන් හා විගණනයන් සඳහා අවශ්‍ය දත්ත ලබා ගැනීමේ දී මුහුණ පෑ අභියෝග හේතුවෙන් ද, (ඇතැම් තොරතුරු බාහිර ආයතනයන් වෙතින් ලබා ගැනීමට සිදුවීම නිසා) එම විගණනයන් අවසන් කිරීමට අමතර කාලයක් ගතව තිබිණ. 

කෙසේවුවද මේ වන විට අදාළ විගණනයන් පහ ම අවසන් කර, විගණන කණ්ඩායම් විසින් අවසන් වාර්තා මුදල් මණ්ඩලයට ඉදිරිපත් කර තිබේ.


මොකක්ද මේ වෝහාරික විගණන වාර්තා?  Forensic Audit Report

වෝහාරික විගණන වාර්තාවක් යනු සාමාන්‍ය විගණන වාර්තාවකට එහා ගොස්, අපරාධමය වරදක් සිදුවී ඇතිද යන්න පිළිබඳව අධිකරණමය ස්වරූපයේ විමර්ශනයක් කරන විගණන වාර්තාවකටය. සාමාන්‍ය විගණන වාර්තාවක මුල් කොටසේ සාමාන්‍යයෙන් විගණනයට ඇති සීමා පිළිබඳව කෙටි පරිච්ෙඡ්දයක් සඳහන් වෙයි. එහි සඳහන් වන්නේ මෙම විගණනයට අහවල් කරුණු උපයෝගී කරගෙන තිබෙන බවයි. 

ඇතැම් විගණන වාර්තාවල නිර්දේශ අතර සඳහන් වන්නේ විගණන වාර්තාවේ සීමාවෙන් එහාට අපරාධමය වරදක් සිදුවී ඇතිද යන්න විගණනයේ විෂය පථයට පිටින් සොයා බැලිය යුතු බවත්ය. බැඳුම්කර ගනුදෙනුව පිළිබඳව විගණකාධිපති දෙපාර්තමේන්තුව මීට පෙර නිකුත් කළ විගණන වාර්තාවලද එසේ සඳහන් වී තිබුණි.

 අපරාධමය වැරදි සිදුවී තිබේද ?

වෝහාරික විගණන වාර්තාවලින් කර ඇත්තේ ඒ සීමාවෙන් එහාට ගොස්, අපරාධමය වැරදි සිදුවී ඇතිද යන්නත් සොයා බැලීමය. 

කෙසේ වෙතත් මෙම වෝහාරික විගණන වාර්තා 2015 හා 2016 වසරවල සිදුවූ බැඳුම්කර ගනුදෙනුවලට පමණක් සීමා වී නැත. ඊට එහා ගොස් 2002 සිට බැඳුම්කර ගනුදෙනු පිළිබඳව සොයා බලා ඇත.

තීන්දුව නීතිපති අතේ !

මෙම වෝහාරික විගණන වාර්තා සම්බන්ධයෙන් ගනු ලබන ක්‍රියාමාර්ග කවරේදැයි theleader.lk මුදල් අමාත්‍යංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියකු ගෙන් කළ විමසීමේදී ඔහු පැවසුයේ, ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය නීතිපතිවරයාගේ උපදෙස් අනුව ක්‍රියා කරනු ලබන බවයි.

මෙම වෝහාරික විගණන වාර්තාවේ බැඳුම්කර ගනුදෙනු පිළිබඳ කරුණු ආර්ථික වශයෙන් සංවේදී රහස්‍ය කරුණු බව ඇත්තක් විය හැකිය. එහෙත් ජනතාවට අවශ්‍ය වන්නේ ඒ සංවේදී කරුණු දැනගැනීමට නොව, මහ බැංකු ගනුදෙනු වලදී වංචා සිදුවී ඇතිද යන්න දැනගැනීම බව හිටපු අමාත්‍ය මංගල සමරවීර පවසයි.

සබැඳි පුවත් :

මහ බැංකු හොරු කව්ද ? :'වෝහාරික විගණන වාර්තාව එළියට දාන්න' - මංගල ගෙන් අගමැතිට අභියෝගයක් !

ජනපතිට හා අගමැතිට කදිම අවස්ථාවක්: ''වෝහාරික වාර්තාවට අනුව බැඳුම්කර හොරුන්ට දඬුවම් දෙන්න" (Audio)

බැඳුම්කර හොරුන්ට දඬුවම් දෙන්න – සුනිල් හඳුන්නෙත්ති අගමැතිගෙන් ඉල්ලයි

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්