BREAKING
සුරේෂ් සලේගේ වෛද්‍ය මණ්ඩලයට අධිකරණයෙන් නොතීසි●ක්‍රිෂ් ගනුදෙනුව: ඉන්දීය අධ්‍යක්ෂවරුන්ට වරෙන්තු නිකුත් කිරීම අධිකරණය ප්‍රතික්ෂේප කරයි●වනාතවිල්ලුව පුපුරන ද්‍රව්‍ය නඩුවේ විත්තිකරුවන් දෙදෙනෙක් වරද පිළිගැනීමට සැරසෙයි●ශ්‍රී ලංකා ටෙලිකොම් AI සතිය: ආයතනික විවාදයක්●තුන් අවුරුද්දක් පරණ ප්‍රශ්නයක් විසඳන්න ආණ්ඩුව තවත් මාස තුනක් ඉල්ලයි●රියදුරු බලපත්‍ර අර්බුදය: විසඳුම් සහ දින 45ක පරීක්ෂණයක්●ක්‍රිස්ටිආනෝ රොනාල්ඩෝ පෘතුගාල කඳවුර හැර යයි: පුහුණුකරු සමග මතභේදයක්●ඉන්දීය හොකී නිලධාරී ගුරින්දර් සිං ලිංගික චෝදනා මැද පලායයි●විදේශ ආයෝජන සහ ප්‍රතිපත්ති ස්ථාවරත්වය: නවතම ඇමෙරිකානු වාර්තාව●ලයනල් බෝපගේ ලියයි: සාමූහිකව හිමි ලෝකයක්●
Top Ad
පුවත්

රන්ජන් දෙන ආතල් : මාංචු දාන්න හදන පොලිස් නිලධාරියට 'හග්' එකක් !

T

The Leader Desk

January 4, 2020 • 3:28 PM

රන්ජන් දෙන ආතල් : මාංචු දාන්න හදන පොලිස් නිලධාරියට 'හග්' එකක් !

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • තමා අත්අඩංගුවට ගෙන මාංචු දැමීමට සැරසෙන පොලිස් නිලධාරියා සිප වැළඳ ගන්නා (හග්) ආකාරය දැක්වෙන ජායාරුපයක් මේවනවිට එජාප මන්ත්‍රී රන්ජන් රාමනායකගේ FB පිටුවේ පලවී ඇත.
  • ''මිනිස්සුන්ට ප්‍රශ්ණ ඇතිවෙනකොට සාමාන්‍යයෙන් ඒව කියන්නෙ ජනමාධ්‍යවේදීන්ට හා මහජන නියෝජිතයින්ට.
  • මේක හෙලා දැකිය යුතුයි පක්‍ෂ බේදයකින් තොරව.
අකුරු ප්‍රමාණය (Font Size):


එම ජායාරුපය සම්බන්ධයෙන් සිය FB පිටුවේ සටහනක් පළකර ඇති ජනප්‍රිය සමාජ මාධ්‍ය ක්‍රියාකාරිකයකු වන නුවන් නිරෝධ අල්විස් මෙසේ සඳහන් කරයි.

රංජන් මාර ආතල් දෙන්නේ. මාංචු දාන්න හදන පොලීසියේ පොරව හග් කරනවා කියහන්කෝ. අම්මපා මූ දෙන ආතල් ???

Screen Shot 2020 01 04 at 8.51.22 PM

                                       


'රන්ජන් අත්අඩංගුවට ගැනීම මුලික අයිතිවාසිකම් කඩකිරීමක්' -කලම්බු ටෙලිග්‍රාෆ් කර්තෘ කියයි 

මේ අතර රන්ජන් රාමනායක අත්අඩංගුවට ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් 'අදහස් දක්වා ඇති කලම්බු ටෙලිග්‍රාෆ්' කර්තෘ ජේෂ්ඨ මාධ්‍යවේදී උවිඳු කුරුකුලසූරිය, යම් යම් පොලිස් නිලධාරීන් විසින් ලබා දුන්නාය කියන තොරතුරු ගබාඩකළ ඉලෙක්ට්‍රොනික දත්ත ගබඩා සෙවීමට පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායකගේ නිවාස පරික්ෂා කිරීමත් අනතුරුව ඔහුව අත්අඩංගුවට ගැනීමත් සම්පූර්ණයෙන්ම මුලික අයිතිවාසිකම් කඩකිරීමක් මෙන්ම අකටයුතු නාදකයින්ගේ ආරක්‍ෂාවටත් (විස්ල්බ්ලෝවර් ප්‍රොටෙක්ශන්) තර්ජනයක් බව අවධාරණය කර සිටියි. 

සිය FB පිටුවේ සටහනක් තබමින් ඔහු එබව සඳහන් කර ඇත. එම සටහනේ මෙසේද දැක්වේ.

''මිනිස්සුන්ට ප්‍රශ්ණ ඇතිවෙනකොට සාමාන්‍යයෙන් ඒව කියන්නෙ ජනමාධ්‍යවේදීන්ට හා මහජන නියෝජිතයින්ට. ඒ තොරතුරු ගබඩාකරල තියාගැනීම ඒ අයගේ අයිතියක්. රන්ජන්ගෙ ගෙදර සෝදිසි කරන්නෙ ඔහුට යම් යම් පොලිස් නිලධාරීන් විසින් ලබා දුන්නාය කියන තොරතුරු ගබාඩකරපු ඉලෙක්ට්‍රොනික දත්ත ගබඩා හොයන්න. 

මේක සම්පූර්ණයෙන්ම මුලික අයිතිවාසිකම් කඩකිරීමක් ඒවගේම අකටයුතු නාදකයින්ගේ ආරක්‍ෂාවටත් (විස්ල්බ්ලෝවර් ප්‍රොටෙක්ශන්) තර්ජනයක්. 

Gota Av 2020.01. 4
මේ කරන්න හදන්නෙ ආණ්ඩුවේ වැරදි මාධ්‍යවේදීන්ටයි/ මහජන නියෝජිතයින්ටයි ලබදෙන එක වලක්වන්න මහජනයා වගේම අකටයුතු නාදකයින්ව බියට පත්කරන එක. මේක හෙලා දැකිය යුතුයි පක්‍ෂ බේදයකින් තොරව.

ඒත් අත්අඩංගුවට ගන්නෙ පාර්ලිමේන්තු මන්ත්‍රීලට දෙන පිස්තෝලෙ බලපත්‍රය අලුත් කරල නැති එකට අහුවෙන එකට. එක වෙන කේස් එකක්. ඒක වෙනම විසඳගන්න ඕනෙ. 

හැබැයි ගෝටව ගන්න නිතිපති දෙපාර්තමේන්තුව නිර්දේශකරෙත් ගිණි අවි ආඥා පනත යටතෙ ඇවන්ගාර්ඩ් එකේ තිබ්බ ලයිසන් නැති ගිණි අවි වලට. ඒක නැවැත්තුවෙ රනිල්! ''  


Screen Shot 2020 01 04 at 8.25.17 PM
IRAJ කියන කතාව !

ඒ අතර රන්ජන් රාමනායක අත්අඩංගුවට ගැනීම සාධාරණිකරණය කරලීම සඳහා, ඔහුගේ නිවසේ තිබී අසභ්‍ය වීඩියෝ CD හමුව ඇතැයි ආණ්ඩුවට පක්ෂපාත ඇතැම් මාධ්‍යවල පලවී ඇති වාර්තා සම්බන්ධයෙන් සිය FB පිටුවේ සටහනක් පළකර ඇති ජනප්‍රිය සමාජ මාධ්‍ය ක්‍රියාකරුවකු වන ඉරාජ් මෙසේ සටහනක් පළකර තිබේ.

තාමත් පරණ විදිහට DVD එකතු කරගෙන ළමා කතා සහ Cartoon බලන අහිංසක කොල්ලෝ ඉන්නවාද ?  ? ?
Please දැන්වත් Update වෙන්න තවත් අලුත් විදි ගොඩක් තියනවා ?‍♂️

Screen Shot 2020 01 04 at 8.48.48 PM
සබැඳි පුවත් :
රන්ජන් රාමනායක අත්අඩංගුවට : රජය අපහසුතාවයට පත්කරන බවට චෝදනා (ජයාරූප මෙන්න)

රන්ජන්ගේ නිවස වටලයි :අත්අඩංගුවට ගන්න ඉහල නියෝගයක් අපේක්ෂාවෙන්! (VIDEO)

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...