The Leader News
BREAKING
ජොලිබී ඕස්ට්‍රේලියාවට: බැදපු කුකුළු මස් හරහා අලුත් වන රාජ්‍ය තාන්ත්‍රික මිතුදම●උඩවලව අලි පරපුරේ සමාජ බැඳීම් බිඳවැටීමේ අවදානමක්●අධ්‍යාපන අත්තටු කොළඹට පමණක් නොව, ගමේ දරුවාටත් ලැබිය යුතුය●ෆේස්බුක් නීති විශාරදයින් සහ සැබෑ නීතිමය සත්‍යය | චන්දන ප්‍රසන්න●අපිට අපිව යළි යළිත් නිර්මාණය කර ගත හැකිය | චින්තන ධර්මදාස●දෙමළාගේ අයිතිය සඳහා අරගලය සිංහලෙන් කියා දෙන්නට වීරිය කළ සිවාජි අවසන් ගමන් යයි  ●සාෆ් පාපන්දු අවසාන ගැටුම හෙටයි: ඉන්දියාව පරදා ඵෙතිහාසික ජයක් ලබන්න පාකිස්තානය සමත් වේවිද?●අනුරගේ ලැම්බෝගිනි සහ සජිත්ගේ විට්ස් කාර් ආර්ථිකය●2027 අයවැය: ශ්‍රී ලංකාවට අවශ්‍ය ආර්ථික පරිවර්තනය කොහිද?●මතුපිටින් ජනප්‍රිය, ඇතුළතින් සමාජ විවේචනාත්මක 'එල්ලෙමු ද කැලණි පාලමේ?'●
Top Ad
පුවත්

කොරෝනා වෛරසය: මුදල් හා ටෙලර් මැෂීන් භාවිතයට බිය විය යුතු ද?

T

The Leader Desk

March 20, 2020 • 12:53 PM

කොරෝනා වෛරසය: මුදල් හා ටෙලර් මැෂීන් භාවිතයට බිය විය යුතු ද?

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • එම මතයට පදනම් වී ඇත්තේ, කොරෝනාවෛරසය වායුගෝලයට නිරාවරණය වීමෙන් පසු වුව ද දින කිහිපයක් ගත වන තුරු සජීවීව පවතින බවට පළ වී ඇති වාර්තාය.
  • කොළඹ පිහිටි ජාත්‍යන්තර අධ්‍යයන ආයතනයක නම හෙළි කිරීමට අකමැත්ත පළ කළ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යවරියක බීබීසී සිංහල සේවයට පැවසුවේ, තමන් ස්වයංක්‍රීය ටෙලර් යන්ත්‍රවලින් මුදල් ලබා ගැනීමෙන් පසු සිය බැංකු කාඩ්පත විෂබීජ නාශක දියරයකින් පිරිසුදු කරන බවය.
  • ඉතුරු සල්ලි විදිහට ආසාදිතයෙකුගේ මුදල් ලැබෙයි කියන බයක් ඒ අයට තියෙනවා," ඔහු ප්‍රකාශ කළේය.
  • මීට අමතරව, ඇණවුම් කර භාණ්ඩ ලබා ගැනීම හරහා කොරෝනාවෛරසය ආසාදනය විය හැකි බවට ද ඇතැම් පිරිස් තුළ බියක් පවතින බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි.
අකුරු ප්‍රමාණය (Font Size):

එම මතයට පදනම් වී ඇත්තේ, කොරෝනාවෛරසය වායුගෝලයට නිරාවරණය වීමෙන් පසු වුව ද දින කිහිපයක් ගත වන තුරු සජීවීව පවතින බවට පළ වී ඇති වාර්තාය.

කොළඹ පිහිටි ජාත්‍යන්තර අධ්‍යයන ආයතනයක නම හෙළි කිරීමට අකමැත්ත පළ කළ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යවරියක බීබීසී සිංහල සේවයට පැවසුවේ, තමන් ස්වයංක්‍රීය ටෙලර් යන්ත්‍රවලින් මුදල් ලබා ගැනීමෙන් පසු සිය බැංකු කාඩ්පත විෂබීජ නාශක දියරයකින් පිරිසුදු කරන බවය.

"වෛරස් ආසාදනය වුණ කෙනෙක් ටෙලර් මැෂීන් එකක් පාවිච්චි කළොත් වෛරසය තවත් කෙනෙකුට බෝවෙන්න පුළුවන් කියල හිතෙන නිසා මම කාඩ් එක පිරිසුදු කරනවා," ඇය පැවසීය.

''ලෝක සෞඛ්‍ය සංවිධානය පවසන්නේ මෙතෙක් සිදුකර ඇති අධ්‍යයනයන්ට අනුව එම වෛරසය පැය කිහිපයක් හෝ දින කිහිපයක් දක්වා සජීවීව පැවතීමේ හැකියාවක් ඇති බවයි ''

මේ අතර, ඇතැම් පුද්ගලයින් ඉතිරි මුදල් ලබා ගැනීමට මැළිකමක් දක්වන බව පානදුර ප්‍රදේශයේ සිල්ලර වෙළෙදසලක හිමිකරුවෙකු බීබීසී සිංහල සේවයට පැවසීය.

"සමහර අය සල්ලි ගාණට දෙනවා. ඉතුරු සල්ලි ගන්න කැමති නෑ ඒ අය. ඉතුරු සල්ලි විදිහට ආසාදිතයෙකුගේ මුදල් ලැබෙයි කියන බයක් ඒ අයට තියෙනවා," ඔහු ප්‍රකාශ කළේය.

මීට අමතරව, ඇණවුම් කර භාණ්ඩ ලබා ගැනීම හරහා කොරෝනාවෛරසය ආසාදනය විය හැකි බවට ද ඇතැම් පිරිස් තුළ බියක් පවතින බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි.

 

නව කොරෝනාවෛරසය වායුගෝලයේ සජීවීව පවත්නා කාලය:

කොවිඩ් - 19 රෝගයට හේතු වන නව කොරෝනාවෛරසය වායුගෝලයට නිරාවරණය වීමෙන් පසු සජීවීව පවතින කාලය නිශ්චිත වශයෙන් තහවුරු කරගෙන නොමැත.

කෙසේ වෙතත්, ලෝක සෞඛ්‍ය සංවිධානය පවසන්නේ මෙතෙක් සිදුකර ඇති අධ්‍යයනයන්ට අනුව එම වෛරසය පැය කිහිපයක් හෝ දින කිහිපයක් දක්වා සජීවීව පැවතීමේ හැකියාවක් ඇති බවය.

කොරෝනාවෛරසය සජීවීව පැවතීමේ කාලය තීරණය වන්නේ, සාධක කිහිපයක් මතය.

    # අදාළ ස්ථානයේ මතුපිට ස්වභාවය

    # උෂ්ණත්වය

    # පරිසරයේ ආර්ද්‍රතාව

මේ සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යංශයේ මහජන සෞඛ්‍ය පිළිබද නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය පබා පළිහවඩනගෙන් අපි විමසීමක් කළෙමු.

a paba paiha

''අපේ රටේ පවතින උෂ්ණත්වය නිසා
වෛරස් වැඩි වෙලාවක් වායුගෝලයට
නිරාවරණය වෙලා සජීවීව තියෙන්නේ නැහැ,"
- වෛද්‍ය පබා පළිහවඩන

"තම තමන්ගේ පිරිසුදුකම ගැන සැලකිලිමත් වීම ඉතා හොද දෙයක්. හැබැයි මුදල් සංසරණයෙන් හෝ ඒටීඑම් කාඩ් භාවිතය හරහා වෛරසය ආසාදනය වන බවට මෙතෙක් තහවුරු වෙලා නැහැ. වෛරසයක් ආසාදනය වෙන්න ලොකු මාත්‍රාවක් ශරීරගත වෙන්න ඕන. ඒ නිසා අනියත බියක් ඇති කර ගන්න අවශ්‍ය නැහැ. අපේ රටේ තියෙන උෂ්ණාධික තත්ත්වය නිසා වෛරස් වැඩි කාලයක් සජීවීව තියෙන්නේ නෑ," වෛද්‍ය පබා පළිහවඩන පැවසීය.

කෙසේ වෙතත්, "යම් කිසිවෙකුට සැකයක් පවතින්නේ නම් ඒටීඑම් කාඩ් පිරිසුදු කිරීම වරදක් නෙවෙයි. අපේ රටේ පවතින උෂ්ණත්වය නිසා වෛරස් වැඩි වෙලාවක් වායුගෝලයට නිරාවරණය වෙලා සජීවීව තියෙන්නේ නැහැ," යනුවෙන් ඇය වැඩිදුරටත් පැවසුවාය.

 

ලෝක සෞඛ්‍ය සංවිධානයේ උපදෙස්:

මේ අතර, ඇණවුම් කළ භාණ්ඩ ලබා ගැනීම හරහා වෛරසය ආසාදනය වීමේ සම්භාවිතාව අවම මට්ටමක පවතින බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි.

වෛරසය ආසාදනය වූවන් භාණ්ඩ බෙදා හැරීමේ කටයුතුවල නිරත නොවන හෙයිනුත්, භාණ්ඩ බෙදා හැරීම විවිධ උෂ්ණත්වයන් යටතේ සිදුවීමත්, ඒ සදහා කාලයක් ගත වන හෙයිනුත් වෛරසය ආසාදනය වීම අවම මට්ටමක පවතින බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ අදහසය.

"ඔබේ දෑත් ඇල්කොහොල් මිශ්‍ර පිරිසුදුකාරකයකින් හෝ සබන් යොදා හොදින් සෝදන්න. නොසේදූ අත්වලින් ඇස්, මුඛය සහ නාසය ස්පර්ශ කිරීමෙන් වළකින්න,"

"යම් ස්ථානයක වෛරසය ඇතැයි ඔබට සැකයක් පවතී නම් සාමාන්‍ය විෂබීජ නාශකයක් යොදාගෙන එම ස්ථානය පිරිසුදු කරන්න," යනුවෙන් ලෝක සෞඛ්‍ය සංවිධානය උපදෙස් දී තිබේ.

එවැනි අවස්ථාවක "ඔබේ දෑත් ඇල්කොහොල් මිශ්‍ර පිරිසුදුකාරකයකින් හෝ සබන් යොදා හොදින් සෝදන්න. නොසේදූ අත්වලින් ඇස්, මුඛය සහ නාසය ස්පර්ශ කිරීමෙන් වළකින්න," යනුවෙන් ලෝක සෞඛ්‍ය සංවිධානය උපදෙස් දී ඇත.

(කුමුදු චම්පික - ජයවර්ධන BBC සිංහල)

අවධානයට ලක්විය යුතු පුවත් :

ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් බරපතල ප්‍රකාශයක් : හෙට සිට 27 වනදා දක්වා නිවසේ සිට රාජකාරී කරන්න 

නව කෙරෝනා වෛරසයට පැය ගණනාවක් වාතයේ ද දින ගණනාවක් පෘෂ්ඨය ද පැවතිය හැකියි! 

ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් ශ්‍රී ලංකාව අයත් කලාපයට අනතුරු ඇගවීමක්:

#fightcorona : කොරෝනා වෛරසයේ ඉරණම ඇත්තේ ඔබේ දෑත්හිය : අත් සේදීමේ දී කළ යුතු හා නොකළ යුතු දේ !

සමාජ මාධ්‍ය ඔස්සේ ලැබෙන උපදෙස් නිවැරදි ද? 

'නිරෝධායනය ගැන මේ ටිකත් දැනගන්න

#fightcorona : ''ආණ්ඩුවට බැනලා වැඩක් නැහැ, කොරෝනා පාලනය කිරීමට එක්සත්ව සටන් කරමු'' - මංගල (වීඩියෝ)

කටකතාවලට රැවටෙන්න එපා !

කොරෝනාවෛරසයෙන් ආරක්ෂා වන්නේ කෙසේද ?  

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...