The Leader News
BREAKING
Top Ad
පුවත්

ඩිජිටල් බද්ද ගැන හරියටම දැනගන්න - විශේෂ සම්මන්ත්‍රණය අද සවස

T

The Leader Desk

February 27, 2025 • 7:05 AM

ඩිජිටල් බද්ද ගැන හරියටම දැනගන්න - විශේෂ සම්මන්ත්‍රණය අද සවස 

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ඩිජිටල් සේවා හරහා විදෙස් මුදල් උපයන පුද්ගලයින්ට බදු පැනවීම සම්බන්ධයෙන් රජය ගෙන ඇති තීරණයට එරෙහිව විශේෂ සම්මන්ත්‍රණයක් අද (27) සවස 5.00 ට කොල්ලුපිටිය අල්විස් පෙදෙස Riseup හිදී පැවැත්වේ.
  • වැරදි අවබෝධයක් සමාජගත වෙලා - අමාත්‍ය අනිල් ජයන්ත ප්‍රනාන්දු කෙසේවුවද කම්කරු අමාත්‍ය සහ ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය අනිල් ජයන්ත ප්‍රනාන්දු පවසන්නේ, ඩිජිටල් සේවා හරහා විදෙස් මුදල් උපයන පුද්ගලයින්ට බදු පැනවීම සම්බන්ධයෙන් වැරදි අවබෝධයක් සමාජය තුළ දක්නට ඇති බවයි.
  • ඔහු ප්‍රකාශ කළේ, වෙනත් ක්ෂේත්‍රවලට සාපේක්ෂව ඩිජිටල් සේවා සඳහා බදු පැනවීමේදී යම් සහනයක් ලබාදී ඇති බවයි.
  • "දේශීය අදායම් පනතට සිදුකරන ලද සංශෝධනවලදී සේවා අපනයනය සම්බන්ධයෙන් 15%ක බදු පැනවීමට අදාළව සමාජයේ යම් කතිකාවතක් පැනනැගිලා තියනවා.
අකුරු ප්‍රමාණය (Font Size):

 

ඩිජිටල් සේවා හරහා විදෙස් මුදල් උපයන පුද්ගලයින්ට බදු පැනවීම සම්බන්ධයෙන් රජය ගෙන ඇති තීරණයට එරෙහිව විශේෂ සම්මන්ත්‍රණයක් අද (27) සවස 5.00 ට කොල්ලුපිටිය අල්විස් පෙදෙස Riseup හිදී පැවැත්වේ.  

මෙම අළුත් ඩොලර් බද්ද සම්බන්ධයෙන් මේවනවිට සමාජ මාධ්‍ය ඔස්සේ දැඩි විරෝධයක් එල්ලවෙමින් තිබේ.



වැරදි අවබෝධයක් සමාජගත වෙලා -  අමාත්‍ය අනිල් ජයන්ත ප්‍රනාන්දු

කෙසේවුවද කම්කරු අමාත්‍ය සහ ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය අනිල් ජයන්ත ප්‍රනාන්දු පවසන්නේ, ඩිජිටල් සේවා හරහා විදෙස් මුදල් උපයන පුද්ගලයින්ට බදු පැනවීම සම්බන්ධයෙන් වැරදි අවබෝධයක් සමාජය තුළ දක්නට ඇති බවයි.

ඔහු ප්‍රකාශ කළේ, වෙනත් ක්ෂේත්‍රවලට සාපේක්ෂව ඩිජිටල් සේවා සඳහා බදු පැනවීමේදී යම් සහනයක් ලබාදී ඇති බවයි.

"දේශීය අදායම් පනතට සිදුකරන ලද සංශෝධනවලදී සේවා අපනයනය සම්බන්ධයෙන් 15%ක බදු පැනවීමට අදාළව සමාජයේ යම් කතිකාවතක් පැනනැගිලා තියනවා. වැඩිපුර හා අලුතෙන් බද්දක් ගහලා කියන අදහස. ඇත්තටම අපි අදායම් බදු නීතිය යටතේ ආදායම් බදු ගෙවීමට සෑම තැනැත්තෙක්ම යටත් වෙනවා. නමුත් අපි තනි පුද්ගලයෙක් ගත්තොත් ඔබ ලංකාව ඇතුළත දී උපයන ආදායමක් තියනවනම් ඒ ආදායම ලංකාව ඇතුළෙන්ම උපයා ගත්තත්, පිටරටකින් උපයාගත්තත්, ලංකාව ඇතුළට ඒක ආපහු අරගෙන එනවා නම් ලංකාව යටතේ තමයි ඒ ආදායම තියෙන්නේ.

එහෙනම් ඔබ ආදායම් බද්දට යටත්. එහෙනම් මාසයකට ඔබේ ආදායම රුපියල්වලින් 150,000කට වඩා අඩුනම් අප්‍රේල් මාසයේ ඉදලා ඔබ කිසිම ආදායම් බද්දක් ගෙවන්න අවශ්‍ය වෙන්නේ නැහැ. මොන ක්ෂේත්‍රයන් උපයා ගත්තත්. හැබැයි 150,000ට වඩා වැඩි වෙනවනම් ඒ පළමු 85,000ක වගේ ප්‍රමාණයෙන් 6%කුත් ඊළඟ 43,000න් 18%කුත් ඒ විදිහට 43,000 කාණ්ඩවලින් 24%, 30%, 34% වෙනකන් බදු ගෙවීමකට යටත් වෙනවා.

මේ ඩිජිටල් සේවාව පිටරටකට සපයන එකෙන් ඔබට ලැබෙන්නේ මාසෙට 150,000 නම් බදු ගෙවන්න ඕන නැහැ. 200,000ක් නම් ලැබෙන්නේ ඔබ බද්දට යටත් වෙන්නේ පළවෙනි 150,000 නිදහස් වෙනවා. දෙවනි 50,000 තියෙන්නේ අර 85,000ට යටින්. ඒ නිසා දෙවනි 50,000ට ඔයාට ගෙවන්න වෙන්නේ 6%ක්. ඒ කියන්නේ ඔබ ගෙවිය යුතු බද්ද වෙන්නේ රුපියල් 3000ක්.

සාමාන්‍ය පුරවැසියෙක් ආදායම් බදු ගෙවනවා 36%ක් දක්වා වෙනකන්. නමුත් මේ ඩිජිටල් සේවා සපයන කෙනාට උපරිමයෙන් ගෙවන්නේ 15%යි. ඒ නිසා මේක වැරදි විදිහට අර්ථකතනය කරලා අලුතින් බදු පනවනවා කියන තර්කය මතු කරලා සමාජයේ වැරදි අදහසක් මතු කරලා සමාජය නොසන්සුන්කාරි තත්ත්වයක් ඇති කරලා තියනවා. ඒක වැරදි. ඒ 15% යෙදීමෙන් ඇත්තටම ඩිජිටල් සේවා සපයන අයට ආසාධාරණයකට වඩා වෙලා තියෙන්නේ අනිකුත් පුරවැසියන්ට සාපේක්ෂව සාධාරණයක්."

සබැඳි පුවත් :
අලුත් බද්ද නිසා IT වෘත්තිකයින් රට හැර යාමේ අවදානමක් !

රජය නිකුත් කළ බද්දෙන් උණ්ඩියල් මුදලාලිලා පෝසත් වෙනවා - youtube වලටත් මේ බද්ධ ක්‍රියාත්මකයි - දිලිත් ජයවීර

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...