බටලන්ද කොමිෂන් සභා වාර්තාවේ දැක්වෙන කරුණු සම්බන්ධයෙන් මෙන්ම එම කොමිසමේ නිර්දේශ සම්බන්ධයෙන් රනිල් වික්‍රමසිංහ එහිදී සුවිශේෂී හෙළිදරව්වක් කිරීමට නියමිතය.
සභා නායක අමාත්‍ය බිමල් රත්නායක විසින් අද (14) පෙරවරුවේ පාර්ලිමේන්තුවේ දී බටලන්ද කොමිෂන් සභා වාර්තාව සභාගත කළේය.
එහිදී ඇමති බිමල් රත්නායක පවසා සිටියේ අදාළ වාර්තාව සම්බන්ධයෙන් දින දෙකක විවාදයක් සිදුකරන බවය.
මෙම බටලන්ද වාර්තාව ගැන කටයුතු කිරීමට ජනාධිපති ප්‍රමුඛ කැබිනට් මණ්ඩලය විසින් ප්‍රතිපත්තිමය තීරණයක් ගෙන ඇති බවද එහිදී අමාත්‍ය බිමල් රත්නායක පැවසීය.
ඒ අනුව මෙම වාර්තාව නීතිපතිවරයා වෙත යොමු කිරීමට තීරණය කර තිබේ.
මෙම කොමිෂන් සභා වාර්තාව පිළිබඳව ඉදිරි කටයුතු කිරීම සඳහා උපදෙස් යෝජනා කිරීමටත් ජනාධිපතිවරයා විසින් විශේෂ කමිටුවක් පත් කිරීමටත් තීරණය කර ඇත.
සුදුසු අවස්ථාවක මේ පිළිබඳව පාර්ලිමේන්තුවේ දින 2ක විවාදයක් පැවැත්වීමටත් පියවර ගන්නා බව ඇමති බිමල් රත්නායක වැඩිදුරටත් පැවසීය.
සබැඳි ලිපි :
බටලන්ද වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරයි
'බටලන්ද වාර්තාව' පාර්ලිමේන්තු එනවට මම කැමති ඇයි ? | Sanjeewa Batuwatta



