පෙනීසිටින බවත් සෞඛ්ය හා ජනමාධ්ය නියෝජ්ය අමාත්ය වෛද්ය හංසක විජේමුණි පැවසී ය.
නියෝජ්ය අමාත්යවරයා මෙම අදහස් පළ කළේ වෛද්ය සැපයීම් දේශීය ව මිල දී ගැනීම් සම්බන්ධව දැනුවත් කිරීම සඳහා කොළඹ ජාතික රෝහලේ ස්නායු ශල්ය අංශ ශ්රවණාගාරයේ දී පැවැති එක්දින වැඩමුළුවකට සහභාගි වූ අවස්ථාවේ දී ය.
මෙම වැඩමුළුව පැවැත්වූයේ රජයේ රෝහල් පද්ධතිය තුළ යම් යම් අවස්ථාවලදී ඇතිවන ඖෂධ හිඟයට විසදුම් සෙවීමට කටයුතු කිරීම මෙන් ම වර්තමාන ඖෂධ කළමනාකරණ පද්ධතිය වන “ස්වස්ථා” පද්ධතිය හරහා සිදුවන මිල දී ගැනීම් සහ එම කටයුතුවල දී පැන නගින ප්රායෝගික ගැටලුවලට විසදුම් සෙවීම මූලික කරගනිමිනි.
ඖෂධ මිලදී ගැනීමේ දී 2023 මාර්ගෝපදේශය පිළිපදින්න
රජයක් ලෙස මෙරට ජනතාවට අත්යාවශ්ය ඖෂධ රජයේ රෝහල් පද්ධතිය මගින් අඛණ්ඩ ව ලබා දීමට කටයුතු කරන අතර එම ඖෂධ යම් අවස්ථාවන්වල දී රජයේ රෝහල් පද්ධතිය තුළ නොමැති විටෙක රෝගී ප්රතිකාර සේවාවන් අඛණ්ඩ ව පවත්වා ගෙන යාම සදහා එම ඖෂධ පූර්ණ විනිවිදභාවයෙන්, කඩිනමින් කටයුතු කර ප්රාදේශීයව මිල දී ගැනීමට කටයුතු කරන ලෙසත්, එහි දී සෞඛ්ය අමාත්යාංශය අවංක නිලධාරීන් වෙනුවෙන් නිරතුරුවම පෙනීසිටින බව නියෝජ්ය අමාත්යවරයා රෝහල් බලධාරීන් හට අවධාරණය කළේ ය.
ඖෂධ දේශීය ව මිල දී ගැනීම් පිළිබඳව නිවැරදි අවබෝධයක් සමහර සෞඛ්ය ආයතනභාර නිලධාරීන්ට නොමැති බව මෙහි දී අවධාරණය කළ නියෝජ්ය අමාත්යවරයා, දේශීය මිල දී ගැනීම් සම්බන්ධව 2023 මාර්ගෝපදේශයක් සකස් කර ඇති බවත්, ඒ තුළින් රෝහලක් තුළ බාහිර රෝගී අංශයේ රෝගීන්ට, සායන රෝගීන්ට ඇතුළු විවිධ අවස්ථාවල ඖෂධ මිල දී ගැනීමේ ක්රියාවලිය සිදුවන ආකාරය පිළිබඳ පැහැදිලිව පෙන්වා දී ඇති බව පැවසී ය.
බොහෝ රෝහල් 2023 මාර්ගෝපදේශය අනුගමනය කර නැහැ
මේ සියල්ලටම නීතිමය රැකවරණය ලබා ගැනීම සඳහා නිසි කලට ඖෂධ සමාලෝචන කමිටු ඒ ඒ රෝහල්වල පැවැත්විය යුතුව තිබෙන බව ද සඳහන් කළ ඇමතිවරයා ඒ බව මාර්ගෝපදේශයේ සඳහන් බවත්, තමන් පෞද්ගලිකව සොයා බැලීමේ දී බොහෝ රෝහල්වල එම කටයුතු නිසි ආකාරයට සිදු නොවන තත්ත්වයක් පවතින බව පෙනී ගියේ යැයි ද පැවසී ය.
රෝහල් මට්ටමින් එක් එක් අංශ ගත් විට ඒ ඒ අංශවලට අවශ්ය ඖෂධ වර්ග තෝරාගෙන ඖෂධ අටසිය හැට ගණනක සහ ශල්ය උපකරණ දොළොස් දහස් ගණනකින් යුතු ජාතික ලැයිස්තුව සකස් කරන බවත්, ඒ සියල්ල විශේෂඥ වෛද්යවරුන්ගේ විද්යායතනවලින් විමසා මාර්ගෝපදේශයන්ට අනූව නම් කරන ලද ඖෂධ එම ලැයිස්තුවට ඇතුළත් කර තිබෙන බව මෙහි දී පෙන්වා දුන් නියෝජ්ය අමාත්යවරයා, සමහර විශේෂඥ වෛද්යවරු සහ වෛද්යවරුන් ඉන් එහා ගිය ඖෂධ නිර්දේශ කරන බවත්, එම ඖෂධ ලැයිස්තුවේ නොමැති වීම හේතුවෙන් එම ඖෂධ ද ඖෂධ හිඟය යන පැත්තට වැටෙන හෙයින් ඖෂධ හිඟය පිළිබඳ ගැටලුවේ දී එය ද ප්රධාන ගැටලුවක් වන බව ද වැඩිදුරටත් පැවසී ය.
පෞද්ගලික අංශයේ ඖෂධ සඳහා මිල නියාමනයක් මේ වන විට නොමැති බව පෙන්වා දුන් අමාත්යවරයා වත්මන් රජය බලයට පත්වීමෙන් පසු ඖෂධ මිල නියාමන යාන්ත්රණයක් සකස් කරමින් සිටින බවත්, ඉදිරියේ දී පෞද්ගලික ඔසුසැල්වල ඖෂධ ද මිල නියාමනයකට ලක් කරන බව ද පැවසී ය. මෙය සිදු කිරීමෙන් පසු ව ප්රාදේශීය මිල දී ගැනීමේ ක්රියාවලියට ද පහසුවක් වන බව ද ඔහු පැවසී ය.
මෙම වැඩමුළුව සඳහා සෞඛ්ය සේවා අධ්යක්ෂ ජනරාල් වෛද්ය අසේල ගුණවර්ධන, රාජ්ය ඖෂධ නීතිගත සංස්ථාවේ සභාපති විශේෂඥ වෛද්ය මනුජ් සී. වීරසිංහ, ශ්රී ලංකා රාජ්ය ඖෂධ නිෂ්පාදන සංස්ථාවේ සභාපති මහාචාර්ය ජයන්ත විජයබණ්ඩාර, ඖෂධ නියාමන අධිකාරියේ සභාපති විශේෂඥ වෛද්ය ආනන්ද විඡේවික්රම, කොළඹ ජාතික රෝහලේ වැඩබලන නියෝජ්ය අධ්යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්ය එස්.පී.ඒ.එල් රණවීර මෙන් ම සෞඛ්ය හා ජනමාධ්ය අමාත්යාංශයේ නියෝජ්ය අධ්යක්ෂ ජනරාල්වරුන්, රෝහල් සහ සෞඛ්ය ආයතන නියෝජනය කරමින් අධ්යක්ෂවරුන්, වෛද්ය අධිකාරීවරුන්, පළාත් සෞඛ්ය අධ්යක්ෂවරුන්, ප්රාදේශීය සෞඛ්ය සේවා අධ්යක්ෂවරුන්, ප්රධාන ඖෂධවේදීන්, ප්රධාන ගණකාධිකාරිවරුන්, වෛද්ය සැපයීම් අංශයේ නිලධාරින් ඇතුළු සෞඛ්ය කාර්ය මණ්ඩලයේ පිරිසක් ද එක්ව සිටියහ.
(සටහන | දීප්ති විජේතුංග )

සබැඳි පුවත් :
රෝහල්වල නැති බෙහෙත් නියම කරන හැටි විශේෂඥ වෛද්යවරු ඇමතිගෙන් අසති
ඖෂධ හෝ වෛද්ය උපකරණ පිටතින් ගෙන්වා ගැනීම අපරාධයක් නොවේ - නියෝජ්ය සෞඛ්ය ඇමති කියයි



