විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු උපාලි අබේරත්න 2025 මාර්තු මාසයේ දී ඉල්ලා අස්වීමෙන් පසු ශ්‍රී ලංකාවේ තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම පිළිබඳ කොමිෂන් සභා ධූරය පුරප්පාඩු වී ඇත.
2025 ජූලි 9 වන දින වන විටත්, ශ්‍රී ලංකාවේ තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම පිළිබඳ කොමිෂන් සභාවට නිසි පරිදි පත් කරන ලද සභාපතිවරයෙක් නොමැත.
කොමිෂන් සභාවේ පුළුල් බලතල සහ වගකීම්
කොමිෂන් සභාවේ කාර්යක්ෂම ක්‍රියාකාරීත්වය සහ ජනතාවගේ තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම සුරැකීම සඳහා සභාපතිවරයා විසින් ඉටු කරනු ලබන වැදගත් කාර්යභාරය සැලකිල්ලට ගෙන, සිවිල් සමාජය සහ මාධ්‍ය ඇතුළු අදාළ පාර්ශ්වකරුවන් විසින් පත්කිරීමේ ක්‍රියාවලිය කඩිනම් කරන ලෙස ඉල්ලා සිටිය ද, සභාපති පත්කිරීමේ අනවශ්‍ය ප්‍රමාද වීම ගැටලුකාරී තත්වයක් මතු කරයි.
තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම් පනත මගින් නියම කර ඇත්තේ විවිධත්වය සහ විශේෂඥ දැනුම නියෝජනය කරමින් උපරිම කාර්යක්ෂමතාවෙන් කටයුතු කිරීමට කොමිෂන් සභාව සාමාජිකයින් පස් දෙනෙකුගෙන් සමන්විත විය යුතු බවයි. එබැවින්, සභාපතිවරයාගේ වැදගත් භූමිකාව ද ඇතුළුව, කොමිෂන් සභාවට සම්පූර්ණ සාමාජිකත්වය තිබීම අත්‍යවශ්‍ය වේ.
RTI කොමිෂන් සභාව දූෂණ විරෝධී පද්ධතියේ ඇති වැදගත්ම ස්වාධීන මහජන ආයතනවලින් එකක් වන අතර, අභියාචනා පිළිබඳව කරුණු විභාග කිරීම, වැරදි විමර්ශනය සහ නඩු පැවරීම, වාර්තා කළමනාකරණය සහ ප්‍රගාමී හෙළිදරව් කිරීම පිළිබඳ මාර්ගෝපදේශ නිකුත් කිරීම, නීතිය ක්‍රියාත්මක කිරීම අධීක්ෂණය සහ ප්‍රතිසංස්කරණ සඳහා නිර්දේශ ඉදිරිපත් කිරීම, සහ දැනුම්වත් කිරීමේ කටයුතු සිදු කිරීම ඇතුළු පුළුල් බලතල සහ වගකීම් කොමිෂන් සභාව සතු ය.
ව්‍යවස්ථාදායක සභාව විසින් නිර්දේශ කළ යුත්තේ කෙබඳු පුද්ගලයෙක් ද...?
වර්තමාන RTI කොමිෂන් සභාව, නීතිඥ කිෂාලි පින්ටෝ-ජයවර්ධන, නීතිඥ ජගත් ලියනආරච්චි, ඒ. එම්. නහියා සහ 2025 මැයි මාසයේ දී අලුතින් පත් කරන ලද අභියාචනාධිකරණ විශ්‍රාමික විනිසුරු ඩී. එන්. සමරකොන් යන අයගෙන් සමන්විත වේ. මේ අනුව, සාමාජිකයින් පස් දෙනකුගෙන් සිව් දෙනකු මේ වන විට පත් කර ඇත.
වත්මන් ප්‍රමාදයට හේතු මහජනයාට ප්‍රසිද්ධ නොවන අතර, සභාපතිවරයා වශයෙන් පත් කෙරෙන්නේ කොමිෂන් සභාවට පත් කිරීමට නියමිත පස්වන සාමාජිකයා වන්නේ නම්, ව්‍යවස්ථාදායක සභාව විසින් ජනාධිපතිවරයාට නිර්දේශ ඉදිරිපත් කිරීමේ දී පනතේ 12(2) වගන්තිය ප්‍රකාරව, අනෙකුත් කරුණු අතර, පොදු ජීවිතයේ කැපී පෙනෙන විශිෂ්ට අයුරින් කටයුතු කළ පුද්ගලයින් නිර්දේශ කිරීමට කටයුතු කරන ලෙස TISL සංවිධානය ඉල්ලා සිටී.
නීතියේ පරමාර්ථයට අනුගත වන පරිදි, තම ක්‍රියා, දායකත්ව හෝ සේවය තුළින් පුළුල් සමාජය තුළ පිළිගැනීමට ලක් වූ සහ ගෞරවය දිනාගත් බවට පැහැදිලිව පෙනෙන සහ සමාජ කාර්යභාර ඉටු කළ පුද්ගලයින් ව්‍යවස්ථාදායක සභාව විසින් නිර්දේශ කිරීම අත්‍යවශ්‍ය වේ.
කොමිෂන් සභාවේ අඛණ්ඩ ක්‍රියාකාරීත්වය අවශ්‍ය ඇයි...?
මෑත කාලීන රජයේ අමාත්‍යංශ, පරිපාලන සහ රජය සතු ව්‍යවසායන්වලට කළ පත්කිරීම්වල දේශපාලන පක්ෂපාතිත්වය, මිත්‍රත්වය සහ බාහිර අභිලාෂ මිශ්‍රණයක ප්‍රවණතා රටාවක් පිළිබිඹු කරන අතර, බොහෝ විට මෙයින් සුදුසුකම් මත පදනම් වූ පත්කිරීම්, විනිවිදභාවය සහ මහජන විශ්වාසය යටපත් කරන බවත්, එවැනි බැඳියාවන් අතර ගැටුම් ප්‍රවණතාවලින් පිළිබිඹු වන්නේ, එම බැඳියා ගැටුම් වැළැක්වීමට ශක්තිමත් ආරක්ෂණ සහ යහපාලන සඳහා කැපවීම තහවුරු කිරීම අත්‍යාවශ්‍ය බව TISL සංවිධානය අවධාරණය කරයි.
එවැනි ප්‍රවණතා තුළින්, වගවීම සහ සුපිළිපන්භාවය පිළිබද රජයේ පොරොන්දු ඉටු කිරීමේ හැකියාව පිළිබඳ මහජන විශ්වාසය පළුදු වේ. ඒ අනුව, තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම් කොමිෂන් සභාවට, විශේෂයෙන්ම සභාපති තනතුරට සුදුසු පුද්ගලයෙකු නිර්දේශ කිරීමේදී, මහජන සුභසිද්ධිය, සුපිලිපන්භාවය, විනිවිදභාවය සහ යුක්තිගරුක වීම යන ගුණාංග ඇති බවට සහතික කිරීම අතිශයින් වැදගත් වේ.
සභාපතිවරයෙකු නොමැතිව තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම් කොමිෂන් සභාවේ ධුරාවලිය ඵලදායී ලෙස සහ බාධාවකින් තොරව ඉටු කිරීමට ඇති හැකියාව සැලකිය යුතු ලෙස අඩාල වේ. කොමිෂන් සභාවේ අඛණ්ඩ ක්‍රියාකාරීත්වය ජනතාවගේ ව්‍යවස්ථානුකූලව සහතික කරන ලද තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම ආරක්ෂා කිරීම සඳහා අත්‍යාවශ්‍යය වේ.
TISL සංවිධානයේ විශේෂ අවධාරණය
තවදුරටත් ප්‍රමාදයකින් තොරව කොමිෂන් සභාවේ සභාපතිවරයා පත් කිරීම කඩිනම් කිරීම තුළින් ශ්‍රී ලංකාවේ දූෂණ විරෝධී වැඩසටහනට සැබෑ කැපවීමක් ප්‍රදර්ශනය කරන ලෙස TISL සංවිධානය ජනාධිපතිවරයා සහ ව්‍යවස්ථාදායක සභාවෙන් ඉල්ලා සිටියි.
එම පත්කිරීම තුළින් තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම් පනත ප්‍රකාරව, පොදු ජීවිතයේ කැපී පෙනෙන විශිෂ්ට අයුරින් කටයුතු කළ, ඔප්පු කරන ලද දැනුමක්, අත්දැකීම් සහ අදාළ ක්ෂේත්‍රවල නොසැලෙන කීර්තියක් ඇති පුද්ගලයෙකු පත් කිරීම සහතික කළ යුතුය. මෙම පත්කිරීමේ ගුණාත්මකභාවය සහ සුපිළිපන්භාවය මගින් තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම් නීතිය අර්ථවත් ලෙස ක්‍රියාත්මක කිරීම කෙරෙහි බරපතළ බලපෑම් ඇති කළ හැකි බව TISL සංවිධානය අවධාරණය කරයි.
සබැඳි පුවත් :
තොරතුරු කොමිසමේ සභාපති ධූරයට කඩිනමින් සුදුස්සෙක් පත්කරන්න - පැෆරල්
තොරතුරු කොමිසමේ සභාපති පුටුව මාස 3ක් හිස් ! - සභාපති පත්කිරීම බරපතල අර්බුදයක !
තොරතුරු කොමිසමට මාස තුනක් සභාපති කෙනෙක් නෑ; කොමිසම අඩපණ වෙලා! - මාධ්‍ය සංවිධාන ජනපතිට ලියති
තොරතුරු කොමිසමේ (RTI) සභාපති පත්කිරීමේ ප්‍රමාදය ගැන ට්‍රාන්ස්පේරන්සි ඉන්ටනැෂනල් අප්‍රසාදය
T
The Leader Desk
July 11, 2025 • 4:05 AM

ලිපියට සවන් දෙන්න
පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)
- විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු උපාලි අබේරත්න 2025 මාර්තු මාසයේ දී ඉල්ලා අස්වීමෙන් පසු ශ්‍රී ලංකාවේ තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම පිළිබඳ කොමිෂන් සභා ධූරය පුරප්පාඩු වී ඇත.
- ජූලි 9 වන දින වන විටත්, ශ්‍රී ලංකාවේ තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම පිළිබඳ කොමිෂන් සභාවට නිසි පරිදි පත් කරන ලද සභාපතිවරයෙක් නොමැත.
- එබැවින්, සභාපතිවරයාගේ වැදගත් භූමිකාව ද ඇතුළුව, කොමිෂන් සභාවට සම්පූර්ණ සාමාජිකත්වය තිබීම අත්‍යවශ්‍ය වේ.
- නහියා සහ 2025 මැයි මාසයේ දී අලුතින් පත් කරන ලද අභියාචනාධිකරණ විශ්‍රාමික විනිසුරු ඩී.
අකුරු ප්‍රමාණය (Font Size):
The Leader • WhatsApp නිල සේවාව
අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න
නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.
The Leader • අප ගැන
Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.
Discussion (0)
Join the Conversation
Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.
Loading discussion...


