The Leader News
BREAKING
Top Ad
පුවත්

‘භික්ෂුණී හැඳුනුම්පතට ක්‍රමවේදයක් හදන්න’ - නීතිපති උපදෙස් දෙයි

T

The Leader Desk

July 19, 2025 • 1:02 PM

‘භික්ෂුණී හැඳුනුම්පතට ක්‍රමවේදයක් හදන්න’ - නීතිපති උපදෙස් දෙයි

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • නීතිපති දෙපාර්තමේන්තුව පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවට උපදෙස් ලබා දී ඇතැයි එහි වැඩ බලන කොමසාරිස් ජනරාල් එම්.එස්.පී.
  • ඒ අනුව, වැලිමඩ ධම්මදින්නා භික්ෂුණින් වහන්සේ නියෝජනය කරන රන්ගිරි දඹුල්ල සංඝ සභාව සමග ඉදිරි දිනවලදී මේ ගැන සාකච්ඡා කරන බව ද කොමසාරිස්වරිය පැවැසුවාය.
  • ඇය සඳහන් කළේ, පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව භික්ෂුන් වහන්සේලාගේ හැඳුනුම්පත් නිකුත් කිරීමේදී බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුවෙන් තහවුරු කිරීමක් කරගන්නා බවත් එපරිද්දෙන් ම භික්ෂුණින් වහන්සේලාට ද කිසියම් ක්‍රමවේදයක් සකසා ගැනීම මෙම සාකච්ඡාවේ අරමුණ බවත් ය.
  • ශ්‍රේෂ්ඨාධිකරණ නියෝගය අනුව වැලිමඩ ධම්මදින්නා භික්ෂුණින් වහන්සේට හැඳුනුම්පත නිකුත් කර ඇතැයි ද කොමසාරිස්වරිය වැඩිදුරටත් සඳහන් කළා ය.
අකුරු ප්‍රමාණය (Font Size):

නීතිපති දෙපාර්තමේන්තුව පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවට උපදෙස් ලබා දී ඇතැයි එහි වැඩ බලන කොමසාරිස් ජනරාල් එම්.එස්.පී. සූරියප්පෙරුම පැවසුවාය.

වැලිමඩ ධම්මදින්නා භික්ෂුණින් වහන්සේ විසින් ඉදිරිපත් කරන ලද මූලික අයිතිවාසිකම් පෙත්සම හමුවේ ශ්‍රේෂ්ඨාධිකරණය දුන් නියෝගය අනුව මෙම උපදෙස් ලැබී ඇය කීවාය.

ඒ අනුව, වැලිමඩ ධම්මදින්නා භික්ෂුණින් වහන්සේ නියෝජනය කරන රන්ගිරි දඹුල්ල සංඝ සභාව සමග ඉදිරි දිනවලදී මේ ගැන සාකච්ඡා කරන බව ද කොමසාරිස්වරිය පැවැසුවාය.

ඇය සඳහන් කළේ, පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව භික්ෂුන් වහන්සේලාගේ හැඳුනුම්පත් නිකුත් කිරීමේදී බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුවෙන් තහවුරු කිරීමක් කරගන්නා බවත් එපරිද්දෙන් ම භික්ෂුණින් වහන්සේලාට ද කිසියම් ක්‍රමවේදයක් සකසා ගැනීම මෙම සාකච්ඡාවේ අරමුණ බවත් ය.


ශ්‍රේෂ්ඨාධිකරණ නියෝගය අනුව වැලිමඩ ධම්මදින්නා භික්ෂුණින් වහන්සේට හැඳුනුම්පත නිකුත් කර ඇතැයි ද කොමසාරිස්වරිය වැඩිදුරටත් සඳහන් කළා ය.


රන්ගිරි දඹුල්ල සංඝ සභාවට සම්බන්ධ වැලිමඩ ධම්මදින්නා භික්ෂුණින් වහන්සේ 2013 වසරේදී භික්ෂුණි පදනමින් ජාතික හැඳුනුම්පතක් ලබා ගැනීම සඳහා ඉදිරිපත් කළ අයැදුම්පත පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ කොමසාරිස් ජනරාල්වරයා ප්‍රතික්ෂේප කළේ, භික්ෂුණි අනන්‍යතාව බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුවෙන් තහවුරු නොකිරීම නිසා ය.

පසුව ධම්මදින්නා භික්ෂුණින් වහන්සේ ඊට එරෙහිව මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනුකළ අතර භික්ෂුණි පදනමින් පුද්ගල හැඳුනුම්පත නිකුත් කිරීමට අවසානයේදී ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කළේ ය.

( mawbima.lk | Anjali Withanage )


මෙම පුවතට අදාළ තවත් විස්තර :

ලංකාවේ භික්ෂුණී සාසනයේ අයිතිවාසිකම් නැවත ලබා දෙන ඓතිහාසික තීන්දුවක්\

සුනාමිය නිසා ලියැවුණු භික්ෂුණී කතා වස්තුව | Saroj Pathirana

ශාසනික හා රාජ්‍ය පුරුෂාධිපත්‍යයෙන් යටපත් කළ ලාංකීය භික්ෂුණී අනන්‍යතාව -(ගයත්‍රි නවරත්න)


 

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...