The Leader News
BREAKING
Top Ad
පුවත්

'එක්ස්ප්‍රස් පර්ල් වන්දිය අඩු වුණේ නිසි නීති ක්‍රියාමාර්ග නොගත් නිසයි' - ආචාර්ය ඩෑන් මාලික ගුණසේකර කියයි

T

The Leader Desk

July 25, 2025 • 12:06 PM

'එක්ස්ප්‍රස් පර්ල් වන්දිය අඩු වුණේ නිසි නීති ක්‍රියාමාර්ග නොගත් නිසයි' - ආචාර්ය ඩෑන් මාලික ගුණසේකර කියයි

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • එම හානිය වෙනුවෙන් ඇමෙරිකානු ඩොලර් බිලියන 01ක වන්දියක් ගෙවන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය අදාල නෞකා සමාගමට නියම කළේ ඊයේ දිනයේදීය.
  • ඉතිහාසයේ සිදු වූ දරුණුතම නෞකා අනතුරක් ලෙස වාර්තා වූ එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ ගිනි ගැනීම නිසා සාගරයට බැහැර වූ ප්ලාස්ටික් ඇතුළු අපද්‍රව්‍ය හේතුවෙන් මන්නාරම සිට හම්බන්තොට කිරින්ද දක්වා කිලෝමීටර් 746ක මුහුදු කලාපය සම්පූර්ණයෙන් විනාශයට පත් විය.
  • එම පාරිසරික හානිය මෙන්ම ධීවර ප්‍රජාවට සිදු වූ ආර්ථික හානිය වෙනුවෙන් වන්දි අය කර දෙන්නැයි ඉල්ලා කොළඹ අගරදගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් සහ පරිසර යුක්ති කේන්ද්‍රය, ධීවර ප්‍රජාව ඇතුළු පාර්ශ්ව විසින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සම් ගොනු කරනු ලැබිය.
  • නෞකාව ගිනි ගැනීමෙන් සිදු වූ පාරිසරික මෙන්ම ආර්ථික හානිය වෙනුවෙන් ඇමෙරිකානු ඩොලර් බිලියන 01 ක වන්දියක් ගෙවන ලෙසද ශ්‍රේෂ්ඨාධිකරණය අදාල නෞකා සමාගමට නියම කළේය.
අකුරු ප්‍රමාණය (Font Size):


එම හානිය වෙනුවෙන් ඇමෙරිකානු ඩොලර් බිලියන 01ක වන්දියක් ගෙවන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය අදාල නෞකා සමාගමට නියම කළේ ඊයේ දිනයේදීය.

ඉතිහාසයේ සිදු වූ දරුණුතම නෞකා අනතුරක් ලෙස වාර්තා වූ එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ ගිනි ගැනීම නිසා සාගරයට බැහැර වූ ප්ලාස්ටික් ඇතුළු අපද්‍රව්‍ය හේතුවෙන් මන්නාරම සිට හම්බන්තොට කිරින්ද දක්වා කිලෝමීටර් 746ක මුහුදු කලාපය සම්පූර්ණයෙන් විනාශයට පත් විය.

එම පාරිසරික හානිය මෙන්ම ධීවර ප්‍රජාවට සිදු වූ ආර්ථික හානිය වෙනුවෙන් වන්දි අය කර දෙන්නැයි ඉල්ලා කොළඹ අගරදගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් සහ පරිසර යුක්ති කේන්ද්‍රය, ධීවර ප්‍රජාව ඇතුළු පාර්ශ්ව විසින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සම් ගොනු කරනු ලැබිය.

 

එම මූලික අයිතිවාසිකම් පෙත්සම් විභාගය අවසන් කරමින් අගවිනිසුරු ප්‍රමුඛ පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඊයේ තීන්දු කළේ එක්ස්ප්‍රස් පර්ල් නෞකාව ගිනි ගැනීමේ සිද්ධිය වළක්වා ගැනීමට කටයුතු නොකිරීම සහ ව්‍යවස්ථාපිත වගකීම පැහැර හැරීම සම්බන්ධයෙන් එවක විෂය භාර අමාත්‍ය නාලක ගොඩහේවා, සමුද්‍ර දූෂණ වැළැක්වීමේ අධිකාරියේ හිටපු සභාපති දර්ශනී ලහඳපුර සහ නීතිපතිවරයා මහජනතාවගේ මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය කර ඇති බවයි.

 

නෞකාව ගිනි ගැනීමෙන් සිදු වූ පාරිසරික මෙන්ම ආර්ථික හානිය වෙනුවෙන් ඇමෙරිකානු ඩොලර් බිලියන 01 ක වන්දියක් ගෙවන ලෙසද ශ්‍රේෂ්ඨාධිකරණය අදාල නෞකා සමාගමට නියම කළේය. එම වන්දි මුදල භාණ්ඩාගාර ලේකම්වරයාට ගෙවිය යුතු බවට තීන්දුවේ සඳහන් වේ.

විනිසුරු මඩුල්ල, නීතිපතිවරයාට නියෝග කළේ අදාළ ඛේදවාචකයට වගකිව යුතු සියලු පුද්ගලයින් සම්බන්ධයෙන් අපරාධ විමර්ශනයක් පවත්වා නඩු පැවරීමටද පියවර ගන්නා ලෙසයි.

සිද්ධිය සම්බන්ධයෙන් නව විමර්ශනයක්....

එමෙන්ම සිද්ධිය සම්බන්ධයෙන් නව විමර්ශනයක් සිදු කරන ලෙස අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසමටද නියෝග කළේය.

පිටු 361 කින් සමන්විත නඩු තීන්දුව ප්‍රකාශයට පත් කරමින් අගවිනිසුරු මුර්දු ප්‍රනාන්දු සඳහන් කළේ අදාල නෞකාවේ කපිතාන්වරයා, එම නෞකාවේ දේශීය නියෝජිත සමාගම වන සී.කොන්සෝටියම් ලංකා සමාගම සහ අදාළ නෞකාවේ හිමිකාර සමාගමද මෙම ව්‍යසනයට වගකිවයුතු බවයි.

මෙම ඛේදවාචකයෙන් අගතියට පත් වූවන්ට සිදු වූ හානිය වෙනුවෙන් වන්දි ගෙවීම සඳහා "එම්.වී. එක්ස්ප්‍රස් පර්ල් වන්දි කොමිසම" ස්ථාපිත කරන ලෙසත් එහි සභාපති ධුරයට විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ගාමිණී අමරසේකර පත් කරන ලෙසත් නඩු තීන්දුවේ සඳහන් වේ.

ඊට අමතරව මෙම ඛේදවාචකය හේතුවෙන් මෙරට වෙරළ ඇතුළු සමුද්‍ර කලාපයට සිදු වූ හානිය නැවත යථා තත්ත්වයට පත්කිරීම සහ සංරක්ෂණය කිරීමේ කටයුතු මෙහෙයවීම සඳහා පරිසර අමාත්‍යංශයේ ලේකම්වරයාගේ ප්‍රධානත්වයෙන් තවත් කමිටුවක් ස්ථාපිත කිරීමටත් එහිදී නියෝග කර ඇත.

 

මේ අතර සිදු වූ හානිය වෙනුවෙන් ගෙවිය යුතු වන්දි මුදල් ලබා ගැනීමේ දී නීතිමය ක්‍රියාමාර්ග නිසි ලෙස ක්‍රියාත්මක නොකිරීම හේතුවෙන් හානිය වෙනුවෙන් නිර්දේශ කර තිබූ, මුදලට වඩා අඩු මුදලක් ලබා ගැනීමට සිදුව ඇති බව නාවික හා මුහුදු නීතිය පිළිබද විශේෂඥ නීතිඥ ආචාර්ය ඩෑන් මාලික ගුණසේකර පවසයි.



සම්පුර්ණ නඩු තීන්දුව මෙන්න 


මෙම පුවතට අදාල තවත් විස්තර

Xpress Pearl නෞකාව ගිනි ගැනීම: රාජ්‍ය සහ පෞද්ගලික පාර්ශව වගකිව යුතු බවට ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කරයි

Xpress Pearl නෞකාව ගිනි ගැනීම: නැව් සමාගම ඩොලර් බිලියනයක වන්දි මුදල නොගෙව්වොත් කළ හැක්කේ කුමක් ද?

X-Press Pearl: ව්‍යසනය වෙනුවෙන් ඩොලර් බිලියනයක් වන්දි ගෙවන මෙන් ශ්‍රේෂ්ඨාධිකරණය නැව් සමාගමට නියෝග කරයි

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...