අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස පැවසීය.
අමාත්‍යවරයා පෙන්වාදෙන්නේ එම ව්‍යාපෘතිය හරහා රටට විශාල ආදායමක් ලැබුණේ නම් අදාළ පාර්ශව මෙතෙක් නිහඩව සිටීම විශ්වාස කළ නොහැකි බවය.
අද කොළඹ පැවති උත්සවයකින් අනතුරුව මාධ්‍යවේදීන් යොමු කළ ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමින් නලින්ද ජයතිස්ස අමාත්‍යවරයා මෙසේ සඳහන් කළේය.
''ඔබ හිතනවද සුප්‍රීම් සැට් එකෙන් එච්චර ආදායමක් ලංකාවට ආවා නම් රාජපක්ෂලා අවුරුදු දහයක් දහතුනක් විතර නිහඬව ඉඳියි කියලා. ඒගොල්ලෝන්ට පහුගිය අවුරුදු දහතුනේම ඒ චෝදනාව එල්ල වුණා. මේ වගේ ආදායමක් ආවා නම්, රාජපක්ෂලා නිහඬව ඉදී කියලා හිතනව ද? එහෙම රටට වාසියක් ගේන්න මොකක් හරි එකක් රාජපක්ෂලා කරයි කියලා ඔබ හිතනවද? තමන්ට වාසියක් වෙන්නේ නැතුව. පරීක්ෂණ සිද්ධ වෙනවා. පරීක්ෂණ සිද්ධ වුණාට පස්සේ කතා කරන්න පුළුවන්. මොකද වුණේ කියලා.
සුප්‍රීම් සැට් කියලා කියන්නේ තනි ව්‍යාපෘතියක් නෙමෙයි. ඒකේ ව්‍යාපෘති ගණනාවක එකතුවක්. ඒ නිසා ඒ සමාගම තවත් ව්‍යාපෘති කරනවා. මං හිතන්නේ ඇත්ත හෙළිදරව් වේවි ළඟදිම. ඉතින් මේක බලන්න ඕනකම තියෙන්නේ රාජපක්ෂගේ සියලු ව්‍යාපෘති පැත්තක දාලා මේක තනියෙන් අරගෙන නෙවෙයි. ඒගොල්ලන්ගේ සමස්ත මැදිහත් වීම් අතරේ මේ රොකට් ව්‍යාපෘතිය කොතනද ස්ථානගත වෙන්නේ කියන එක.''
SUPREME SAT 1 රටට ගෙනාවේ මොනවාද?
දශකයකට අධික කාලයක් තිස්සේ ''චිචීගෙ රොකට් එක'' නමින් ආන්දෝලනයට ලක්වූ චන්ද්‍රිකාවේ හිමිකාරවය දැරූ 'සුප්‍රීම් සැට් පුද්ගලික සමාගමේ' ප්‍රධානියකු තම සමාගම රටට ගෙනාවේ මොනවාදැයි සඳහන් කරමින් මිට ඉහතදී කරුණු පැහැදිලි කර තිබිණ.
ඒ අනුව,
1. චන්ද්‍රිකා තාක්ෂණයේ පියා ලෙසින් සලකන ශ්‍රීමත් ආතර් සී ක්ලාක් විසූ මේ ශ්‍රී ලංකාවට, එහි පුරවැසියන්ට වඩාත් ආගන්තුක මාතෘකාවක් වූ වාණිජ අභ්‍යවකාශ ව්‍යාපාර ක්ෂේත්‍රය හඳුන්වා දුන්නේ සුප්‍රීම් සැට් සමාගමයි.
2. කාලයක් පුරා සාම්ප්‍රදායික විදෙස් විනිමය උත්පාදන ක්‍රම ඔස්සේම සීමිත විදෙස් විනිමයක් ගෙන එන කර්මාන්ත ක්ෂේත්‍රයන් සමගින් ගතානුගතික ක්‍රම අනුගමනය කළ රජයන් වෙත අනාගතයේ දී දැවැන්තම විදෙස් විනිමය උත්පාදනය කෙරෙන අහසින් එහා වූ ඩොලර් උල්පතක් ගැන කියා දුන්නේ සුප්‍රීම් සැට් සමාගමයි.
අද ලෝකයේ මෙය ඩොලර් බිලියන 316 ක කර්මාන්තයකි. එයින් 1%ක් වත් ශ්‍රී ලංකාවට ලබා ගැනීමට හැකියාව ලබා ගැනීමට සියල්ලන් උපකාර කළා නම් අද ලංකාවට USD බිලියන 3.16 ක් වටිනා විදෙස් විනිමයක් උපයා ගන්නට ඉතා පහසුවෙන්ම අවස්ථාව තිබුණි.
3. එමෙන්ම එහි ආයෝජනය කිරීමට රජයකට ඇති අපහසුතාවය හඳුනාගෙන එම වගකීම පුද්ගලික ව්‍යවසායකත්වයක් මත දරාගෙන ලොව ප්‍රමුඛතම චන්ද්‍රිකා මෙහෙයුම් හා වාණිජ වෙළෙඳ සමාගම් සමගින් එක්ව ශ්‍රී ලංකාවට මෙම ව්‍යාපෘතිය හඳුන්වා දුන්නේ සුප්‍රීම් සැට් සමාගමයි.
4. වසර 13කට පෙර මෙරට දරු දැරියන් ගේ තමාගේ අනාගත වෘත්තීය පිළිබඳව වන හීන වලවත් නොතිබුණු අනාගත වෘත්තීය අභිලාෂ ලැයිස්තුවට අභ්‍යාවකාශ ඉංජිනේරුවරයෙක් වීමට, සන්නිවේදන චන්ද්‍රිකා විද්‍යාඥයකු වීමට, ඉන්දියාවේ, ඇමරිකා එක්සත් ජනපදයේ, යුරෝපයේ, චීනයේ අභ්‍යවකාශ ව්‍යාපෘති හා එක්වීමට කැමති තරුණ පිරිසක් නිර්මාණය කරන්නට පෙරමග තැනුවේ සුප්‍රීම් සැට් සමාගමයි.
5. එපමණක් නොව චන්ද්‍රිකා පාලන භූ මෙහෙයුම් සංකීර්ණයක් හා දකුණු ආසියාවේ වේගයෙන්ම දියුණු වන චන්ද්‍රිකා මෙහෙයුම් මධ්‍යස්ථානය ශ්‍රී ලංකාවේ, පල්ලෙකැලේ ආයෝජන ප්‍රවර්ධන කලාපය තුළ අක්කර 10ක ඉඩකඩක් තුළ ඉදිකර මෙරට අභ්‍යවකාශ හා චන්ද්‍රිකා තාක්ෂණය සම්බන්ධ ක්ෂේත්‍රය හා එක්වන තරුණ පරම්පරාවට වෘත්තීය පුහුණු අවස්ථා හා රැකියා අවස්ථා සලසා දුන්නේ සුප්‍රීම් සැට් සමාගමයි.
6. අද වන විට මෙම මධ්‍යස්ථානයේ ශ්‍රී ලාංකික සිසුන් 30කට අධික ප්‍රමාණයක් සිය පුහුණු මෙහෙයුම් කටයුතු වල නිරත වන අතර මෙම සුප්‍රීම් සැට් ටෙලිපෝර්ට් මධ්‍යස්ථානය හරහා ලෝක රැකියා වෙළෙඳපොල වෙත ගොස් මෙරටට විදෙස් විනිමය උපයන තරුණ තරුණියන් ගණනත් ඉමහත් ය.
7. අද වන විට විදෙස් සමාගම් රැසක් මෙම Supreme Sat teleport මධ්‍යස්ථානයේ සේවාවන් ලබා ගන්නේ එහි ඇති පහසුකම් හා සේවවන් හී අති විශිෂ්ට ප්‍රමිතිය පිළිබඳව ඉමහත් සතුටකිනි.
එදා පුද්ගලික සමාගමක් ලෙසින් විදෙස් සමාගම් සමගින් එක්ව මෙවන් ව්‍යාපෘතියක් ශ්‍රී ලංකාවට ගෙන නොආවා නම් මේ සියළු විදෙස් විනිමය ඇදී යන්නේ මේ කලාපයේම වෙනත් රටකටය. එය එසේ වූවා නම් තව දුරටත් මෙම නූතන ජාත්‍යන්තර වෙළෙඳපොල තුළ දැවැන්තම ව්‍යාපාරික ආයෝජන ජාලය වන වාණිජ අභ්‍යවකාශ හා චන්ද්‍රිකා තාක්ෂණ ආශ්‍රිත ව්‍යාපාර ක්ෂේත්‍රය ශ්‍රී ලංකාවට තවත් වසර ගණනාවක හීනයක් පමණක්මය.
8. මෙරට ඩොලර් සංචිත ඉහළ නංවා ගැනිමට කළ යුත්තේ සාම්ප්‍රදායික ක්‍රම හරහා එන ඩොලර් වැඩි කිරීමට වඩා ලෝකයේ නව ක්ෂේත්‍රයන් මෙරටට රැගෙන විත් අලුතින් ඩොලර් රට තුළට එන මාර් ග සංවර්ධනය කිරීමයි. සුප්‍රීම් සැට් සමාගම ඉටු කළේ එම අනාගතවාදී මෙහෙයුමයි.
ඈවරයි දෑවරයි, චිචිගේ රොකට් චෝදනාවත් තුන් ඈවරයි...| Bulitha Kumara
'අතුරුදන් වූ බව කී' SupremeSAT-1 චන්ද්‍රිකාවෙන් රු. 343,909,000,000ක ආදායමක් ලැබී ඇතැයි අගමැතිනි පිළිගනී
ශ්‍රී ලංකා ධජය අභ්‍යවකාශගත කළ චන්ද්‍රිකාව දැන් තියෙන තැන මෙන්න !




