The Leader News
BREAKING
Top Ad
පුවත්

ලංකාවට හිමි අභ්‍යවකාශ සිමාව ටෙන්ඩර් නැතිව සමාගමකට දීලා ද ?

T

The Leader Desk

August 10, 2025 • 4:21 AM

ලංකාවට හිමි අභ්‍යවකාශ සිමාව ටෙන්ඩර් නැතිව සමාගමකට දීලා ද ?

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ඇමති වසන්ත සමරසිංහ මේ බව පැවසුවේ ඊයේ (09) පැවති ජනහමුවක් අමතමිනි.
  • ලක්ෂ 20 දක්වා වගේ සමහර සීමාවන් තියෙනවා ටෙන්ඩර් නැතිව දෙන්න පුළුවන්.
  • සාමාන්‍යයෙන් ලක්ෂ 50ක එකක් ආවොත් එහෙම ටෙන්ඩර් කරනවා.
  • ඒ නිසා ඔයගොල්ලන්ගෙ අවධානය වැව් බන්ට් එක හදාගන්න ඉස්සෙල්ලා.
අකුරු ප්‍රමාණය (Font Size):


ඇමති වසන්ත සමරසිංහ මේ බව පැවසුවේ ඊයේ (09) පැවති ජනහමුවක් අමතමිනි.

එහිදී ඔහු මෙසේද පැවසිය.

“අපි දැන් ඕගොල්ලන්ට මේ වැව හදන්න බන්ට් එක හදන්න ගොවි සංවිධානවලට දෙන්න බාධාවක් නෑ. වෙන කාටවත් දෙන්න පුළුවන්ද ? දෙනවා නම් කොහොමද දෙන්නෙ ? ටෙන්ඩර් කරන්න ඕනෙ. ලක්ෂ 20 දක්වා වගේ සමහර සීමාවන් තියෙනවා ටෙන්ඩර් නැතිව දෙන්න පුළුවන්. සාමාන්‍යයෙන් ලක්ෂ 50ක එකක් ආවොත් එහෙම ටෙන්ඩර් කරනවා. අපේ ස්පේස් එක, මේ අභ්‍යවකාශයේ තියෙන අපේ අයිතිය මේ සමාගමට දෙන්නෙ ටෙන්ඩර් දාලාද ? ටෙන්ඩර් දාලාත් නෑ. මේ රාජපක්ෂලා දීපු ගේම්, මං මේ කියන්නෙ. දැන් අර රොකට් මෑන් නෑ නේද ? ඉන්නවද ? ලංකාවෙ බිහිවෙච්ච පළවෙනි අභ්‍යවකාශ විද්‍යාඥයා, අභ්‍යවකාශගාමියා හැටියට තමයි මෙයා ඇවිල්ලා රොකට් සයන්ටිස්ට්, රොකට් පිළිබඳ විද්‍යාඥයා හැටියට තමයි කිව්වෙ. ආරංචියක් තියෙනවා මිනිහා කට උත්තරයක් දීලා තියෙනවාලු ගිහිල්ලා ‘මං දන්න රොකට් එකක් නෑ, මට කියන්න කියපුවා මම කිව්වෙ’ කියලා. ඒක හරිනෙ නේද ? මිනිහාත් රොකට් එකේම දාලා යවන්න තිබ්බෙ.

මං කිව්වෙ මේ රටේ ජනතාවට මේ මාතෘකා එන්නෙ නිකම් නෙවෙයි. ආණ්ඩුව රටේ වැඩකරන්න පටන් ගත්තාම ජනතාවගේ අවධානය ආපහු අරන් යනවා වෙන පැතිවලට. ඒ නිසා ඔයගොල්ලන්ගෙ අවධානය වැව් බන්ට් එක හදාගන්න ඉස්සෙල්ලා. වැව සුද්ද කරන්නත් තියෙනවා අපට ඉස්සරහට. අපට ඉස්සරහට තව වැඩ ගොඩක් තියෙනවා කරගෙන යන්න. ගම්වල පාරවල් ටික හදන්න අපි ප්‍රාදේශීය සභාවලට කියලා තියෙනවා. ලබන අවුරුද්දේ ප්‍රාදේශීය සභාවලට වාහන අරන් දෙන්න ආණ්ඩුව අපි සැලසුම් සකස් කරමින් යන්නෙ. අපි යෝජනා කරලා තියෙනවා දැන්”



''චන්ද්‍රිකාව තියන්නේ ශ්‍රී ලංකාවට හිමි කක්ෂීය සිමාවේ නොවේ' -  SupremeSAT කියයි

ආන්දෝලනයට ලක්ව ඇති SupremeSAT-1 චන්ද්‍රිකාව ශ්‍රී ලංකාවට හිමි කක්ෂීය ස්ථානයේ ඇතැයි ඇමති වසන්ත සමරසිංහ සඳහන් කල ද සුප්‍රීම්සැට් ආයතනය පවසන්නේ එය චන්ද්‍රිකාව ස්ථානගත කර ඇත්තේ ශ්‍රී ලංකාවට අයිති අභාවකාෂ සිමාවේ නොවන බවයි.

''ශ්‍රී ලංකාවේ කක්ෂීය ස්ථානය නැගෙනහිරින් අංශක 50 කි. අපි අංශක 87.5 ක් නැගෙනහිරින් සිටිමු.( Sri lanka's orbital slot is 50 Degrees East. we are on 87.5 Degrees East) '' යයි සුප්‍රීම් සැට් ප්‍රකාශයක සඳහන් වේ.

SupremeSAT-1 චන්ද්‍රිකාව 'අතුරුදන් වෙලා' ද?

2012 වසරේදී කක්ෂගත කළ බව කියන මෙම චන්ද්‍රිකාව 'අතුරුදන් වී ඇති' බවට එකල විපක්ෂයේ සිටි එක්සත් ජාතික පක්ෂය හා ජනතා විමුක්ති පෙරමුණ දිගින් දිගට ම චෝදනා කළ අතර, පසුගිය බ්‍රහස්පතින්දා අමාත්‍ය වසන්ත සමරසිංහ යලිත් වරක් පාර්ලිමේන්තුවේදී ඒ බව පැවසීය.

කෙසේ වෙතත්, අදාළ චන්ද්‍රිකාව කක්ෂගත වී ඇත්තේ කොහේ ද යන්න පිළිබඳව සුප්‍රීම්සැට් සමාගමේ සභාපති ආර්.එම්. මනිවන්නන් පසුගියදා මාධ්‍ය නිවේදනයක් නිකුත්කරමින් කියා සිටියේ, SupremeSAT-1 චන්ද්‍රිකාව 'මේ වන විටත් 87.5° නැගෙනහිර කක්ෂයේ නිවැරදිව සක්‍රීය ලෙස පවතින' අතර 'මූලික දියත් කිරීමේ සිට ම චන්ද්‍රිකාව විද්‍යානුකූලව ස්ථානගත කර ඇති බවයි.


මෙම පුවතට අදාල තවත් විස්තර :

SupremeSAT-1:  රොකටුව ගැන ආණ්ඩුවේ අලුත්ම මතය මෙන්න

SupremeSAT-1: අතුරුදන් වූ බව කී චන්ද්‍රිකාව තියෙන තැන සුප්‍රීම්සැට් සමාගම කියයි

'කටකතා වෙනුවට සත්‍යය අනාවරණය වීම අප ලැබූ ජයග්‍රහණයක්' - 'සුප්‍රීම් සැට්' සභාපතිගෙන් විශේෂ නිවේදනයක්

SupremeSAT-1: අගමැතිනියගේ දත්ත වැරදි බව ඇමති වසන්ත කියයි: වැරදුණේ කොතැන ද?

'අතුරුදන් වූ බව කී' SupremeSAT-1 චන්ද්‍රිකාවෙන් රු. 343,909,000,000ක ආදායමක් ලැබී ඇතැයි අගමැතිනි පිළිගනී

ශ්‍රී ලංකාව, චීනයේ DSEL සමඟ අභ්‍යවකාශ ගවේෂණයට පිවිසෙයි
 
චන්ද්‍රිකාවකයි රොකට්ටුවකයි වෙනස නොදන්න දේශපාලන කතාවලට පිළිතුරක්

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...